theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

3 අවම කියවීම
ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථාඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

පියවරුනි , මෙන්න ඔබේ ගර්භණී බිරියන්ට කවදාවත් නොකිය යුතු දේවල් 8ක්:

පියවරුනි , මෙන්න ඔබේ ගැබිනි සමයේ ගැටලු ඇති බිරිඳට කවදාවත් නොකිය යුතු දේවල් 8ක්:

1. ඔයාට දැනෙන දේ මම දන්නවා. ගැබිනි සමයේ ගැටලුවක් වන එය ඔබ දන්නවා කීම හොඳම නෑ.

මාස 9 ක් ගර්භණීවගර්භණීව සිටින විට දැනෙන්නේ කොහොමද කියලා පිරිමි පක්ෂයට කිසි සෙත් දැනගැනීට ක්‍රමයක් නොමැත! ඉතින්, "ඔයාට දැනෙන දේ මම දන්නවා", පැවසීම වෙනුවට, "ඔයාට මෙසේ වේදනා දැනීම මට දුකක්," යැයි පවසන්න. එසේ නැත්තම් "මට ඔබට කළ හැකි දෙයක් තියෙනවාද?" යැයි අසන්න.

ගැබිනි සමයේ ගැටලු

2. ඔයා තාම කෑම කාලා ඉවර නැද්ද?

ගර්භණී කාලය තුළ ඔබේ බිරිඳගේ ආහාර රුචිය ගැන අදහස් දක්වන්න එපා. ඔබේ බිරිද ඇයගේ කුසේ ඉන්න දරු පැටියාට පෝෂණය කරනවා. ඒ නිසා ඇය තවත් වැඩියෙන් කෑම කන්න පටන්ගනිවි.

"ඔයා තාම කෑම කාලා ඉවර නැද්ද?", කියා අසන විට ඔබේ බිරිඳට දුක හිතෙන්න පුළුවන්.  මෙසේ අහනවා වෙනුවට ඔබේ බිරිඳට පෝෂ්‍යදායී කෑමපෝෂ්‍යදායී කෑම වේලක් පිළියෙල කරලා දෙන්න.

3. ඇයි ඔයා අඬන්නේ?

ගැබිනි සමයේ ගැටලු වලින් තවත් එක ගැටලුවක් වන්නේ කාන්තාවන් තමන්ගේ ශරීරයේ හෝර්මෝන නිසා වඩාත් හැඟීම්බර වීම. එයත් සාමාන්‍ය දෙයක් වෙනවා.

ඔබේ බිරිඳට සහයෝගය දක්වන්න, වඩා වැඩි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

ඇය අඬන විට  එක් විඩම හේතු  නොවිමසා ඇයව තුරුල් කර ගන්න. ඕනි දේකට ඔබ සිටින බව හඟවන්න.

4. සන්සුන් වෙන්න පුළුවන්ද?

ගර්භණී  සමය මානසික ආතතියෙන් පිරී පවති. ඇයගේ ගර්භණී සමයේ දී ඉතා හැඟීම්බර වීම ඔබේ බිරිඳගේ වැරැද්දක්  නොවේ. ඇය වෙනුවෙන් සිටින්න. ඉවසිලිමත් වීමටත් ඇයගේ හැගීම් තේරුම් ගැනීමටත් උත්සාහ කරන්න.

ඇය ඉක්මටනට තරහ ගනීවි. දුක සිතාවි. ඇය ගැන සානුකම්පිතව සිතන්න. ඇයට සහය වන්න. ඇයගේ ඇඟට කඩාගෙන පනින්නට එපා.

ගැබිනි සමයේ ගැටලු

5. මට රාත්‍රියේ හොද නින්දක් ලැබුනා! ගැබිනි සමයේ ගැටලු ඇති ඇයට ඔබ ලොකු වරදක් කරන්නේ..

ගැබිනි කාන්තාවන්ට රාත්‍රියට සුවබර  නින්දක් ලබා ගැනීම දුෂ්කරයි. ඔබේ බිරිද ඔබ ගැන තරහක් ඇතිකිරීමට ඔබට අවශ්‍ය නොමැති නම් ඔබ ඊයේ රාත්‍රියේ හොඳින් නිදා ගත් බව ඇයට පුරසාරම් දොඩවන්න එපා.

එයින් ඇයගේ හිත ගොඩක් රිදේවි.

6. අපේ දරුවන් අතර පරතරය අවුරුද්දක් තිබ්බොත් හොදයි නේද කියා ගැබිනි සමයේ ගැටලු වලට තව ගැටලු එක් කරන්න එපා.

ගර්භණීත්වය  ඉතා අපහසුය. තවද, ඊලග දරුවා ලැබෙන්නේ කවදාදැයි තීරණය කිරීමට ඔබේ බිරිදට ඉඩ දිය යුතුය.

විශේෂයෙන්ම ඇය ඔබේ දරුවා කුස දරා සිටින්නිය බැවින් ඇය වෙනුවෙන් තීරණයක් නොගන්න.

7. ගැබිනි සමයේ ගැටලු පසු කර දරු උපතෙන් පසු ඔබට කෙට්ටු  වෙන්න කොපමණ කාලයක් යයිද?

ඔබේ බිරිඳගෙන් මේ ප්‍රශ්නය අහන්න හිතන්න වත් එපා, එපමණයි!!

දරු උපතක් යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ. ශරීරය මාස 9ක් තිස්සේ විව්ධ වෙනස් වීම් වලට ලක් වේ. මාස 9ක වෙනසක් එක රැයකින් වෙනස් වන්නේ නැත. අනික මේ කාලයේ හෝමෝන වෙනස් වීම් නිසා ඔබ එසේ ඇසීමෙන් ඇයට අධික කනස්සල්ලක් ඇති වේවි.

ගැබිනි සමයේ ගැටලු

8. මට කියන්න අමතක වුනා, මම  මගේ දෙමව්පියන්ට ප්‍රසුතිකා ගාරයට ආරාධනා කළා

ඔබ කාට හෝ ප්‍රසුතිකා ගාරයට ආරාධනා කරන්නේ නම් ඔබේ බිරිඳගේ අවසරය විමසන්න.

දරු උපත ඉතා සමීප සහ අවදානම් සහිත අත්දැකීමක් වන බැවින් ඒ අවස්ථාවේදී එහි සිටිය යුත්තේ කවුදැයි තීරණය කරන්නා ඇය විය යුතුයි.

බිරිඳගේ අවසරය නැතුව ප්‍රසූතිකාගාරයට ඔබ ආරාධනා කරනවා නම් ඔබ ඇයගේ පෞද්ගලිකත්වයටද ගරු නොකරන්නෙක්.

ඇයගේ මනසද ඒ අවස්ථාවේ නිරවුල්ව තිබීම ඉතාම වැදගත්.

ඇය අකමැති කෙනෙක්ට  නම් ඔබ ආරාධනා කරන්නේ ඇයව අපහසතුතාවයට පත් වේවි.

අසීරු වූ ගැබිනි සමය ඇය ගෙවන්නේ ඔබේ උරුමය ඔබට ලබා දෙන්නයි.

ඒ නිසා ඇගේ සිත වදනකින් වත් නොරිද වීමට මේ මග පෙන්වීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා
බෙදාගන්න :
  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

    ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

    පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

  • ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

    ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

*theAsianparent Sri Lanka