අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

අලුතින් දෙමව්පියන් වුනාට පස්සේ ලිංගිකජිවිතයත් වෙනස් විදියට පටන් ගන්න

අලුත් විවාහපත් වෙන යුවලක් කොතරම් ප්‍රේමයෙන් රාගයෙන් ඇලී සිටියද දෙමව්පියන් වු පසු සියල්ල වෙනස් වෙනවා. අන්න ඒ නිසාම ඔබේ සම්බන්ධතාවය ඉහළින්ම භුක්ති විදිය හැකි වෙන පරිදි මේ දෙමාපියන්ට ලිංගික රහස් ඔබ වෙත අපි ගෙන එනු ලබනවා.

අම්මලා කිහිප දෙනෙක් සිය අත්දැකීම් පදනම් කරමින් මෙලෙස මේ රහස් ඔබ වෙත හෙලි කල සිටිනවා.

පාඨක මව්වරුන් ඔබට කියා දෙන දෙමාපියන්ට ලිංගික රහස් 8 ක්

අලුතින් දෙමව්පියන් වු අයට පළපුරුදු මව්වරුන් ගෙන් රසබර ලිංගික රහස් 8 ක්

  1. ඔබ නිදන කාමරයට පමණක් සීමා නොවන්න

දරුවන් ලැබීමට පෙර බොහොමයක් දෙමව්පියන් නිදි යහන මතම රතී සුවය විදින්න පුරුදු වෙලා ඉන්නවා. 

නමුත් දරුවන් නිදන කාමරයේ නිදන විට දෙමව්පියන්ට  පෙර තරම් නිදහසක් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා සෝපා එක, කාර්යාල කාමරය හෝ නාන කාමරය ඔබේ සරාගයට ඇවිලයන්න දෙන තෝතැන්නක් කරගන්න.

ඒ මගින් ඔබේ ලිංගික ජිවිතය තුල තෘප්තිය හඹා යන විට දරුවන් ගෙන් එයට බාධාවක් වීමත් ඔබ නිසා දරුවන්ගේ නින්දට බාධා විමත් වළකිනවා.

  1. ලිංගිකත්වය වෙනස් කෝණයකින් දකින්න

දෙමව්පියන් වීමෙන් පසු නිතර නිතර ලිංගිකව එකතුවෙන්න කාලය නැති වෙන්න පුළුවන්.

සංසර්ග ක්‍රම

ලිංගිකත්වය යනු ස්ත්‍රිය හා පුරුෂයා එක් වීම පමණක්ද? නැහැ එය නව මානයකට ගෙන යන්න පුළුවන්.

යුවලක් විදියට සෙනෙහස අපට ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නිතර එකිනෙකා සිපගන්න.

තට්ටුවක් දමන්න. එය ඔබ දෙපලට දෙමව්පියන් වීමට එහා ගිය ඔබේ සම්බන්ධතාවය මතක් කර දෙනවා.

ඒ වගේම තමයි නිදියහනයේදි සිප ගැනීමෙන් එහා යන්නට තරම් සිතක් නොමැති විට සහකරුගේ තෘප්තිය දෙස බලන්න.

ඔබේ පැමිණිම ඔහු ප්‍රමුදිත කරන ආකාරය නැරඹීමෙන් පමණක්ම ඔබට ඔහු හා එක්වීමට සිතුවිල්ලක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

  1. දහවල් කෙටි නින්ද වේලාවට ප්‍රයෝජන ගන්න

උදෑසන ලිංගිකව එක්වීම

දවල්ට බබා නිදාගන්න වේලාවට සාමාන්‍යයෙන් කාන්තාවන් නිවසේ වැඩ කිරීම හෝ ටිකක් නිදා ගැනීම කරනවා.

නමුත්  සති අන්තවලදී ඔබට ඒ වේලාව  සහකරු සමඟ සමීපව පෞද්ගලික කාලයක් ගෙවන්න පුළුවන්.

රාත්‍රියට නින්දට යන විට නිවසේ වැඩ හෝ රැකියාවේ වැඩ නිසා නිසා හෙම්බත්ව ඉන්න දෙමව්පියන්ට සති අන්තයේ හෝ මෙලෙස ලැබෙන කෙටි කාලයන් තුල ලිංගික තෘප්තිය ලබා ගන්න පුළුවන්.

එය අලුත් දෙමව්පියන්ට රසවත් අත්දැකමක් වේවි.

  1. ලිංගික කාරණා ගැන කතා කරන්න

දරුවන් ලැබෙන්නට පෙර ලිංගික ජිවිතය ගෙවුන ආකාරය ගැන ඔබේ සහකරු සමග කතා කරන්න.

ඒ දවස් වල හදිස්සියේ වගේ ලිංගිකව එක් වුන අවස්ථා ඔබ තෘප්තිමත් වු ආකාරය මතක් කිරීමෙන් ඔබ දෙපල තවත් සමීප වේවි.

 

දවස පුරා කරන දේවල් කථා කරන සාමාන්‍ය දේවල් වලට වඩා මෙලෙස කරන සෙක්ස් චැට් කිරීම හෝ අතීතයේ දෙදෙනා සමීපව කල දේවල් කතා කිරීමෙන් ඔබ දෙපළ අතර සෙනෙහස තවත් දළු දා වැඩිය හැකිය.

මුලාශ්‍ර - www.babycentre.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

nimnadhi

කතන්දර ලිපි