theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

4 අවම කියවීම
ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්

ලංකාව කුඩාම රටක් වුවත් අඟලෙන් අඟලට බලන්නට දෑ අතිශයින්ම බොහෝමයක්ය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ක්‍රමික සංවර්ධනයක් දකින්න ලැබෙන අතර විවිධ අභියෝග මධ්‍යයේ වුවත්, එය මේ වන විට ජාතික ආර්ථිකයට අගය එකතු කිරීම අතින් තෙවන ස්ථානය ලබාගෙන තියෙනවා. එහි ලංකාවේ නැරඹිය යුතු ස්ථාන පළමු හා දෙවන ස්ථානය පිළිවෙලින් විදේශ සේවා හා ඇඟලුම් ලබාගෙන තිබෙනවා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසුව යම් පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, යළි මේ වන විට ක්‍රමික තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

2019 වසරේ සංචාරකයන් සඳහා හොඳම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝන්ග්ලි ප්ලැනට් ආයතනය (lonely planet) කටයුතු කර තිබෙන අතර, මේ ලිපියෙන් අපි ඒ පිළිබඳව විමසා බලමු.

එම ආයතනය විසින් සංචාරකයෙකු ලෙස ලංකාවේ ස්ථාන 8ක් නැරඹිය යුතු බවත්, තවත් අත්දැකීම් 20ක් විඳගත යුතු බවත් සඳහන් කර තිබෙනවා. ඒවා මොනවා ද යන්න මේ ලිපියේ අන්තර්ගත වෙනවා.

දේශීය සංචාරකයෙකු ලෙස ඔබ මෙම ස්ථාන අට නරඹා තිබෙනවා ද? මේ අත්දැකීම් 20 ලබාගෙන තිබෙනවා ද?

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන නැරඹිය යුතු ස්ථාන අටක් 

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්
ආරුගම්බේ (deepa.com)

පොළොන්නරුවේ පිහිටා ඇති ගල් විහාරය ලෝන්ලි ප්ලැනට් විසින් නැරඹිය යුතු ස්ථානයක් ලෙස නම් කර තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති පොළොන්නරුව පැරණි රාජධානි නගරයට අයත් ගල් විහාරයේ සුප්‍රසිද්ධ හිඳි පිළිමයකින්, සැතපෙන පිළිමයකින් හා හිටි පිළිමයකින් සමන්විත වෙනවා.

තවත් නැරඹිය යුතු ස්ථානයක් ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ අභයගිරි දාගැබ යි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අනුරාධපුර පැරණි රාජධානි නගරයේ මෙම දාගැබ පිහිටා ඇති අතර වළගම්බා රජු විසින් මෙය නිමවා තිබෙනවා. තවත් ස්ථානයක් ලෙස පොළොන්නරුව වටදාගෙය නම් කර තිබෙනවා.

චෛත්‍යයක ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද ගෘහයක්, වටදාගෙයක් ලෙස නම් කරන අතර වටදාගෙය පවුර හා අධාරක කුලුනු ද අදටත් නිරුපද්‍රිතව දැකිය හැකි යි.

ඊට අමතරව හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති ලෝකාන්තය ද සංචාරකයන් නැරඹිය යුතු ස්ථානයක් ලෙස සඳහන් කර තිබෙනවා.

වැල්ලවායේ බුදුරුවගල ද නැරඹිය යුතු ස්ථානයක් ලෙස නම් කර තිබෙන අතර, එහි දී පිහිටි ගලේම නෙලා තිබෙන බුද්ධ ප්‍රතිමා ගණනාවක් ඔබට දැකගන්න පුළුවන්.

තංගල්ලේ පිහිටා තිබෙන මුල්කිරිගල විහාරය ද මෙම ස්ථාන අටට ඇතුළත් වී තිබෙනවා. ප්‍රධාන මළු පහකින් සමන්විත මුල්කිරිගල විහාරය ද, ඊට අමතරව මෙරට මහනුවර සිතුවම් සම්ප්‍රදායේ විශේෂ ස්ථානයක් ලබාගන්නා බිතු සිතුවම් රාශියකින් ද මුල්කිරිගල සමන්විත වෙනවා.

ඊට අමතරව ත්‍රිකුණාමලයේ කන්දසාමි කෝවිල හා උඩවලව ජාතික උද්‍යානය ද නැරඹිය යුතු ස්ථාන ලෙස එම ආයතනය විසින් නම් කර තිබෙනවා.

'ලෝන්ලි ප්ලැනට්' පවසන පරිදි ලංකාවේ නැරඹිය යුතු ස්ථාන හා විඳගත යුතු අත්දැකීම් විස්ස 

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්
ඇල්ල දුම්රිය ගමන් මාර්ගය (pcdn.co)

ඉහත දක්වා ඇති ස්ථාන අට ඔබ විසින් නැරඹිය යුතු ස්ථාන ලෙස නම් කර ඇති අතර, ඊට අමතරව එම ආයතනය විසින් සංචාරකයෙකු ලබාගත යුතු අත්දැකීම් 20ක් ද සඳහන් කර තිබෙනවා.

අතිශය අලංකෘත තංගල්ල අවට වෙරළ තීරයේ සුන්දරත්වය විඳීම මෙන්ම, නැගෙනහිර නිලාවේලි වෙරළ තීරයේ සුන්දරත්වය අත්විඳීම ද අත්දැකීම් 20ට ඇතුළත් වෙනවා.

මනරම් පරිසර පද්ධතියකින් හෙබි ඇල්ල දුම්රිය ගමන ද විදගත යුතුම අත්දැකීම් ගොන්නට එකතු කර තිබෙනවා.

උඩවලව ජාතික උද්‍යානය හා බුන්දල ජාතික උද්‍යානය නැරඹීම තවත් අත්දැකීම් දෙකක් ලෙස සඳහන් කළ හැකි යි.

ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ජේතවනය හා අනෙකුත් සංස්කෘතික ස්ථානවලින් පිරි ගිය පෞරාණික අනුරාධපුර නගරය නැරඹීම ද මෙම අත්දැකීම්වලට ඇතුළත් වෙනවා.

ඉපැරණි ජල තාක්ෂණය හා බිතු සිතුවම්වල සුන්දරත්වය නැරඹීම සඳහා සිගිරිය පර්වතය මුදුනට නැගීම ද මේ අතරට ඇතුළත්.

ශ්‍රී පාද වන්දනාව සඳහා සමනල කන්ද තරණය කිරීම යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කර ඇති මහනුවර සංස්කෘතික නගරය හා ගාලු කොටුව නැරඹීම මඟහැරිය නොහැකි අත්දැකීම් ලෙස සටහන් කර තිබෙනවා.

ආරුගම්බේ Surfing ක්‍රීඩාව මෙන්ම මිරිස්සේ වෙරළ තිරයේ තල්මසුන් නැරඹීමේ අත්දැකීම ද මේ සඳහා ඇතුළත් වෙනවා.

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්
කෞතුකාගාරය (staticflickr.com)

ශ්‍රී ලාංකිකයන්ට පමණක් ආවේණික වූ රසවත් ආහාර භුක්ති විඳීම හා ආයුර්වේදයේ දේශීය ප්‍රතිකර්ම ලබාගැනීම ද මේ සඳහා ඇතුළත් වී තිබෙනවා.

හපුතලේ හා මධ්‍යම කඳුකරය ආශ්‍රිත තේ වගාව නැරඹීම මෙන්ම ලෝකයේම නමක් දිනාගත් සිලෝන් ටී රස විඳීම ද එක් අත්දැකීමක් ලෙස සඳහන් වෙනවා.

යාපනය හා යාපනය ආශ්‍රිත දූපත් නැරඹීම ද කොළඹ නගරයේ පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයට අයත් ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පය හා එම යුගයට අයත් වෙනත් ඉදිකිරීම් නැරඹීම, කොළඹ කෞතුකාගාරය නැරඹීම තවත් අත්දැකීමක් ලෙස සඳහන් කළ හැකි යි.

කොළඹ කොටුවේ ඇවිදිමින් භාණ්ඩ මිලට ගැනීම හා කොළඹ නගරයේ අනෙකුත් ස්ථානවල ඇති වෙළඳ සංකීර්ණවල ඇවිදිමින් භාණ්ඩ මිල දී ගැනීම මෙන්ම, කුරුඳුවත්ත ප්‍රදේශයේ මනරම් පරිසරයේ ඇවිදීම ද අවසන් අත්දැකීම ලෙස සඳහන් කළ හැකි යි.

ලංකාවේ නැරඹිය යුතු ස්ථාන
කොළඹ කොටුවේ ඇවිදිමින් භාණ්ඩ මිල දී ගැනීම (omentra.com)

මේ ලෝන්ලි ප්ලැනට් ආයතනයේ විසින් විදේශිකයන් සඳහා නැරඹිය යුතු ස්ථාන හා විඳගත යුතු අත්දැකීම් ලෙස සඳහන් කර ඇති ඒවා යි. ලාංකිකයෙක් ලෙස ඔබ මේවායෙන් කොපමණ ප්‍රමාණයක් අත්විඳගෙන තිබේ ද?

කවරයේ පින්තූරය- dailyReporter

මූලාශ්‍රය- Lonelyplanet.com

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවේකය සහ සංචාරය
  • /
  • ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්
බෙදාගන්න :
  • ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

    ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

  • මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

    මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

  • ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

    ගිනි ජාලාවක් වන්නට ගිය උපන් දින සැමරුම!

  • මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

    මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it