ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

දරුවන්ගේ උත්සාහය හා ඔහුගේ ක්‍රියාවන් වර්ණනා කිරීමෙන් ඔහුගේ උනන්දුව සහ දක්ෂතාවයේ පැහැදිළි වෙනසක් ඇති වෙනවා.

දරුවන්ට වැඩිහිටියන්ගේ අවධානය හා සහ සම්බන්ධය හරිම වැදගත්. දරුවන්ට වර්ණනා කරනකොට, දරුවන්ගේ උත්සාහය හා ඔහුගේ ක්‍රියාවන් වර්ණනා කිරීමෙන් ඔහුගේ උනන්දුව සහ දක්ෂතාවයේ පැහැදිළි වෙනසක් ඇති වෙන බව ඔහු කියනවා. ඒ වගේ දරුවාව වර්ණනා වට ලක් කළ හැකි ආකාරයන් 8 ක් ගැන අපි දැන් හිතල බලමු.

1. මම ඔයාව හුඟක් විශ්වාස කරනවා

තමන් සාර්ථක වුවත් නැතත් ඒ ගැන දෙමාපියන්ට බලාපොරොත්තුවක් හා විශ්වාසයක් ඇති බව පෙන්වීම හරිම වැදගත්. දරුවාට එය අමාරු කාර්යයක් වුවත් ඔහු එය ඉටුකර දෙයි යන විශ්වාසය ඔබ ළඟ ඇති බව ඔහු දැනගැනීම වටිනවා.

ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

2. ඔයාගේ ඒ තේරීම ගැන මට හරි අඩම්බරයි

දරුවන්ගේ සමහර තේරීම් ඇත්තටම හොඳ නැති වුනත් හොඳ තේරීමක් කළ විට එය අගයන්න. ඒ නිසා ඔහු හොඳ තේරීම් කරන්න තවත් උත්සාහයන ගන්නවා.

3. ඔයා ගෙ හැකියාව මම හුඟක් අගය කරනවා

දරුවන්ට ඔවුන්ගේ හැකියාව හඳුනාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ එය හඳුනාගත් බව ඔහු දැනගැනීම ඔහුට  වටිනවා. ඉන් ඔවුන් තුළ ඔවුන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා.

උදාහරණයක් ලෙස දරුවා යමකට හුඟක් මහන්සි වෙලා වැඩ කලොත් “ෂා....පුතා හුඟක් මහන්සි වෙලා මේක කරලනේ...” එතකොට දරුවට ශක්තියක් ලැබෙනවා. ඊටත් වඩා උත්සාහ කරන්න ඔහු කල්පනා කරනවා.

දරුවන් සමඟ සබඳතා

4. ඔයා අපේ පවුලේ ඉන්න එක ගැන මම ස්තූතිවන්ත වෙනවා

දරුවන්ව අපි බලාගන්නවා යන්න ඔවුන්ව අපිට අයිතියි කියන දේ දැනීම වැදගත්. එහෙම නොවුනොත් ඔවුන් පාසලේ හෝ වෙනත් තැනක සම කණ්ඩායම් ඔවුන්ට ළඟම අය බව හිතන්න පුළුවන්. නමුත් දරුවා ඔවුන්ව විශ්වාස කළත් ඔවුන් ඔහුට නරකක් කිරීමට ඉඩ ඇති බව කියාදෙන්න.

5. ඔයා අවංකයි. මට ඔයාව විශ්වාසයි

දරුවාගේ චරිත ලක්ෂණ වර්ණනා කිරීමෙන් ඔවුන් ඊටත් වඩා හොඳ දරුවෙක් වෙන්න පුළුවන්. ඔහු අවංක වෙන තරමට ඔබ ඔහුව හුඟක් විශ්වාස කරන බව කියන්න.

ඔබේ දරුවන් ඔබෙන් අහන්න ආසම වර්ණනාවන් 8 ක්

6. ඔයා හොඳ තේරීමක් කරලා

ඔහුගේ තේරීම ඇගයීම ඔහුට ආත්ම විශ්වාසය ගොඩනගාගන්න පහසුයි. දරුවන්ට කියා දිය යුත්තේ හොඳ තීරණ නිසා ප්‍රසංශාවත් නරක තීරණ වලින් නරක ප්‍රතිඵලත්  ඔවුන්ට ලැබෙන බව සෙමින් ඔවුන්ට කියා දෙන්න.

7. මම දන්නවා ඔයා ඔයාගේ උපරිමය කළා කියලා

ඔබේ දරුවා යමකට හොඳ උත්සහයක් දරා ඇති විට එය අගය කරන්න. ධනාත්මක හැසිරීම් අගය කිරීමෙන් යමකින් පසුබට නොවන විට උත්සාහ කිරීමට ඔහුට එය ශක්තියක් වේවි.

8. මම ඔයාට හුඟක් ආදරෙයි

මෙය වර්ණනාවක් ලෙස හැඳින්විය නොහැකි වුනත් මේ ලෝකේ ඔබට දරුවට කියන්න පුළුවන් ලස්සනම වචන කිහිපය තමයි මේක, Candace කියනවා.

ඔබේ ආදරය නිතරම ඔවුන්ට දැනෙනවා නම් උත්සාහයන් වල සීමාවක් දකින්න බැරි තරම්. ඔබ ආදරය පෙන්වන තරමට දරුවා ඔබව විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි මම හුඟක් ආදරෙයි කියන එකින් හොර්මෝනමය වශයෙන් ඇති වන උද්දීපනය දරුවා තුළ ප්‍රබෝධයක් ඇති කරනවා. එක දරුවාගේ සාර්ථකත්වයට වගේම අනාගතයටත් පාඩමක් වේවි.

 දරුවන්ට ආදරය කරන්න අපි හුඟක් කැමති වුනත් ඔවුන්ව අගයන්න ආදරය පෙන්වන්න සමහර වෙලාවට අපිට අමතක වෙනවා. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ සටහන තැබුවේ ඒ ආදරය වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලිය

කතන්දර ලිපි