theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භය

6 අවම කියවීම
ගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භයගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භය

දරු ප්‍රසුතිය ගැන ඇති අනියත බිය දුරු කර ගනිමුද?

දරු උපත ගැන බය ‌වෙන ඔබ ‌වෙනුවෙන් ‌ගෙන එන තවත් වැදගත් ‌තොරතුරු කිහිපයක් අපි අද කතා කරමු.

ඔබ දරුවෙකු පිළිසිද ගත් මොහොතේ සිට දරු ප්‍රසුතිය දක්වා යන ගමන පහසු කටයුතක් නම් නොවෙයි.

ඒ ගමනේදි ඔබට කියන්න කරන්න හා හිතන්න දහසකුත් දේවල් තියෙනවා. දිනෙන් දින ප්‍රසුතිය ලංවෙන කොට ඔබ නොසංසුන්.

ඔබ දරු ප්‍රසුතිය ගැන අන් අයගෙන් අහනවා. අන්තර්ජාලය පීරනවා ඒ විතරක්ද පොත පත කියවනවා. ඒ ඇත්තටම ඔබ ඒ පිළිබද උපාධියක් ගන්න අදහසක් ඇතුව නෙමෙයිනේ . 

ඔබට ඇත්තටම දැනගන්න අවැසි කුමක්ද?  

දරු ප්‍රසුතිය සම්බන්ධ බියජනක ප්‍රශ්න ගොඩාක් ‌‌දේවල් ඔබේ හිතේ තියෙනවා. ඔබ මේ පීඩිතව හොයන්නේ ඒවාට උත්තර නේද? ඔන්න එහෙනම් ඔබේ හිතේ තියෙන ඒ වගේ ප්‍රශ්න 8 කට උත්තර අද අපි අරගෙන එනවා.

1

  1. දරු උපත ගැන බය: මට ප්‍රසුතිය වේලාවේදි මළපහ පිට වෙයිද?

දරු ප්‍රසූතියේ දෙවන අදියරේදී ගැබ්ගෙල සම්පූර්ණයෙන් විවර වු විට මළපහ පිටවීම සාමාන්‍යයි. මළපහ පිට වීම සිදුවන්නේ ඔබ හොදින් තල්ලු කරන විට බැවින් වෛද්‍යවරු එය හොද සලකුණක් විදියට සලකනවා.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

 ප්‍රසුතිය වේලාවේදි ඔබට මළපහ පිටවෙනවාද යන්න ඔබට හිතන්න අවස්ථාවක් නැහැ.

කිමෙද ඔබ ප්‍රසුතිය සමග කාර්යබහුලයි. ඔබට එසේ වුවද හෙදියන් එය පිරිසිදු කරනු ඇති. එය සාමාන්‍ය දෙයක් බව පමණක් වටහා ගන්න.

2.දරු උපත ගැන බය: මගේ නිර්වින්දනය හරියට ක්‍රියාත්මක වේවිද?

නිර්වින්දනය ගැන කාන්තාවන්ට  තියෙන්නේ අනියත බයක්. දෙන මාත්‍රාව ප්‍රමාණවත්ද? හරියට හිරි වැටේවිද?

නිර්විදනය කලත් මට වේදනාව දැනේවිද? ඔය වගේ ප්‍රශ්න රාශියක් ගැබිනි මවට තියෙනවා. මෙහි ඇති මුලික දේ නම් වේදනාවට ඇති බියයි.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

සාමාන්‍යයයෙන් නිර්වින්දන එන්නත් ක්‍රියාත්මක නොවී තිබීමේ හැකියාව 12% ක් පමණලු.

කෙසේ වෙතත්  ඔබට වේදනාවක් දැනේ නම් නැතිනම් හිරි වැටී නැත්නම්  ඔබට ඒ බව සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට පවසන්න පුළුවන්. එවිට ඔවුන් නිසි පියවර ගන්නවා. බියවන්න එපා.

3.දරු උපත ගැන බය: මට වේදනාව දරා ගන්න පුළුවන් වෙයිද?

ගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භය

දරු ප්‍රසුතිය ගැන ඔබට නොයෙක් දෙනා නොයෙක් කතා කියා ඇති. බොහෝ දෙනා ඔබේ සිතේ මේ ගැන අදිනු ලබන්නේ බියකරු සිතුවිල්ලක් විය යුතුයත මම කොහොමද ඒ තරම් වේදනා දරාගන්නේ ඔබ එහෙම කල්පනා කරනවා වෙන්න පුළුවන්. 

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

එහෙත් යකා ඔබ සිතන තරම් කළු නැත. දරු ප්‍රසූතියේ වේදනාව ඔබ අත්විඳිය හැකි අනෙක් වේදනා වගේ නොවෙයි. එම වේදනාව අවසානය සුඛාන්තයකි.

දරු ප්‍රසුතියේ වේදනාව දිගින් දිගටම දැනෙන්නේ නැහැ. එය වරින් වර වෙනස් වෙනවා.

ඔබ තේරූම් ගත යුත්තේ එම වේදනාව සියල්ලන්ම දරා ගන්නවා නම් ඔබටද එය දරා පුළුවන් විය යුතුය. මීට අමතරව වේදනා නාශක ක්‍රම අවශ්‍ය තරම් ඇත. ඔබේ වෛද්‍යවරයා හා මේ ගැන කතා කරන්න.

බොරුවට බිය විමෙන් සිදුවන්නේ ඔබ මානසිකව වැටීම පමණි.

  1. දරු උපත ගැන බය: සී සේරියන් තුවාල හොදවෙන්න කල් ගනීවිද?

සීසේරියෙන් සැත්කම හා ඒ සම්බන්ධ තුවා ගැන බොහෝ කාන්තාවන් අතර ඇත්තේ බියකි.

මෙම සීසේරියන් සැත්කමේ තුවාල සුව වීමට කලගන්නා බවත් එහි නරක ප්‍රතිඵල ඇති බවත් ඔවුන් සිතති.  බොහෝ කාන්තාවන්ට මෙම සැත්කම බියකරු සිහිනයකි.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

යෝනි සහ සිසේරියන් සැත්කම්  මගින් කෙරෙන දරු උපත් වලින් පසු  යථා තත්ත්වයට පත්වීමට සති හයක් පමණ ගත වෙනවා.

සමහර විට සීසේරියන් සැත්කමේ යම් යම් වේදනා ටිකක් වැඩි කාලයක් තියෙන්න පුළුවන් අතර එයින් හිතන තරම් බරපතල හානියක් සිදුනොවේ.

හොදම දේ දරුවා රැකබලා ගැනීම ගැන අවධානය යොමු කිරීමයි. ඔබට දරු ප්‍රසුතිය සදහා සුදුසු ක්‍රමය ලෙස වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ නම් බය නැතුව එයට මුහුණ දෙන්න.

ඒ වගේම මේ සදහා ඔබේ විශ්වාසය දිනාගත් වෛද්‍යවරයෙකු වෙත යන්න. සීසේරියන් සැත්කමකට මුහුණ දීමෙන් පසු සති 6 ක් පමණ යන තෙක් බර ඉසිලීම නුසුදුසු අතර එවැනි කටයුතුවල නොයෙදීමට පමණක් වගබලා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  1. දරු උපත ගැන බය: මම දරු ප්‍රසුතියෙන් පසු පෙර ලෙස නොසිටිවිද?

දරුවා විශාල වේවිද? මගේ යෝනිය ඉරි යාවිද වැනි දහසකුත් දේවල් හිතමින් කල් ගත කරමින් ඉන්න අම්මලා විශාල ප්‍රමාණයක් ඉන්නවා.

දරුවා බිහිවීමට ඔබේ යෝනිය ප්‍රමාණවත් නොමැති නම් පුංචි කැපුමක් යෙදීම සාමාන්‍යයයි.  එහෙත් එය බිය වීමට තරම් දෙයක් නොවේ.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

සමහර කාන්තාවන් බරින් වැඩි විශාලල දරුවන් පවා කැපුමකින් තොරව බිහි කරනු ලබයි.  ඒ වගේම මිනිස් සිරුර පුදුමාකාරයි. එය සතුව අපූරු  ප්‍රත්‍යාස්ථ තාවයක් තියෙනවා.

ගර්භණී සමයේදී සමහර හොමෝන දරු උපත සදහා  ඔබේ ශ්‍රෝණි තට්ටුවේ ඇති සන්ධි සහ පටක සකස් කරනවා.

ඒක සොබා දහමේ අපූරු ක්‍රියාවලියක් බව අවිවාදයෙන්ම පිළිගන්න ඔනී. ඒ නිසාම දරු උපතේදි ඉරි යන ඔබේ යෝනි මාර්ගය සහ පෙරිනියම් ඉක්මනින්ම සුව වෙනවා.

මෙම ඉරිම් සදහා සාමන්‍යයයෙන් මැහුම් යොදන අතර එය සති කිහිපයකින් සුව වෙනවා. ඉන්පසු ඔබේ පෞද්ගලික අවයව පෙරසේම තියේවි.

  1. දරු උපත ගැන බය: මට වේලාවට රෝහලට යන්න බැරි වේවිද?

අනේ එයාට පාරේදි බබා ලැබිලා. එයාට බබා ලැබුනේ කාර් එකේදියි. ඔය වගේ දේවල් ඇහෙද්දි ඔබ බිය වෙන එක සාධාරණයි.

නමුත් හදිසි අවස්ථා වල සිදුවන එවැනි සිදුවීම් සෑම විටම සිදුනොවේ. තවද දරුවා ලැබෙන වේලාව නිශ්චිතවම කියන්න බැරි නිසා ඔබට වේලාවට රෝහලට ලැබෙන්න නොහැකි වේයැයි ඔබ පීඩනයෙන් ඉන්නවා වෙන්න පුළුවන්.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

දරු ප්‍රසුතිය ආසන්න වෙද්දි ඒ හා සම්බන්ධ සලකුණු තියෙනවා. ඒවා ගැන දැනුවත් වෙන්න. ඒ වගේම එය වෙිදනාව දැනුන සැනින් එකවරම සිදුවන්නක් නොවේ. එය පැය කිහිපයක් ගතවන ක්‍රියාවලියකි.

ඔබ කල යුත්තේ මුලික ලක්ෂණ දැනුන වහාම රෝහල වෙත යෑමයි. ඒ සදහා ප්‍රවාහන ක්‍රමයක් සුදානම් කර තබාගන්න.

  1. දරු උපත ගැන බය: මගේ සැමියා ප්‍රසුතිය වේලාවේදි ලග නොසිටිවිද?

ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල නම් දරු ප්‍රසුතියේදි බිරිද ලග ඉන්න සැමියාට පහසුකම් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහු අවම තරමින් තමන් දරුවා ප්‍රසුත කරද්දි රෝහලේ ගේට්ටුව ගාවවත් සිටියයි කාන්තාවන් බලාපොරොත්තු වෙනවා.

පෞද්ගලික රෝහල් වල නම් එය සැමියාට ලැබෙන වරප්‍රසාදයක්. කොයි කොහොම නමුත් සමහර පිරිමින් අපි හිතනවාට වඩා සංවේදියි.

සමහර විට බිරිද ඒ තරම් වේදනාවක් විදිනවා ඔහුට දරාගන්න බැරි වෙන්න පුළුවන්. එ නිසාම බොහෝ අම්මලා තම සැමියා ඒ මොහොතේදි තමන් ලග නොසිටිවී කියා බියවෙනවා.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

නමුත් දැන් ඒ සංවේදි දසුන් ඔබේ සැමියාට නොපෙනෙන ලෙස තිරයක් අදිනු ලබන අතර සැමියා රදවන්නේ ඔබේ හිස ආසන්නයේයි.

ඒ නිසා සංවේදි සැමියෙකුට වුවද ලේ තුවාල නොලබා සිය දරුවා උපදින තුරු බිරිද ලගින් ඇයට සවියක් වී ඉන්න පුළුවන්.

  1. දරු උපත ගැන බය: මගේ පෞද්ගලික ජිවිතය නැති  වේවිද?

ගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භය

බබා ලැබුනට පස්සේ මගේ ජිවිතය වෙනස් වේවිද? මම විනෝදයෙන් ගෙවපු දවස්, උත්සව, මිතුරු හමුවීම් සියල්ලම මට අහිමි වී දරුවා සමග මම නිවසට කොටු වේවිද? ඔය වගේ දහසක් දේ සිතමින් ඔබ දුක් වෙන්න පුළුවන්.

ඔබ කණගාටු නොවිය යුත්තේ ඇයි?

සන්සුන් වන්න. බොහෝවිට ඔබ පෙර ගෙවු ජිවිතය මදක් වෙනස් වේවි. එහෙත් ඔබට ඔබේ පෞද්ගලික ජිවිතය අහිමි වෙන්නේ නැහැ.

ඔබට විනෝදගමන් හා සාද වලට දරුවා රැගෙන යන්න පුළුවන්. නැතිනම් දරුවා රැකබලා ගන්නෙකුගේ භාරයේ තබා ඔබට ඒ ගමන් යන්න පුළුවන්.

ගර්භණිත්වය යනු මානසික සුවයෙන් සිටිය යුතු සමයකි. ඒනිසා අනියත බිය හිතේ තියා ගනිමින් පීඩා විදින්න එපා.

ඒ වගේම ඔබට ගැටළුවක් ඇත්නම් ඔබේ සැමියා , මිතුරියක හෝ වෛද්‍යවරයා සමග කතා කරන්න. නැතිනම් ඔබට අන්තර්ජාලයේ ඇති මෙවැනි ලිපි කියවන්න පුළුවන්.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • ගැබිනි මව්වරුන්ගේ සිතෙහි දරු ප්‍රසුතිය ගැන ඇතිවෙන අෂ්ට මහ භය
බෙදාගන්න :
  • ඔබට සිසේරියන් සැත්කමක් නිර්දේෂ කිරීමට තුඩු දිය හැකි හේතු 10ක්

    ඔබට සිසේරියන් සැත්කමක් නිර්දේෂ කිරීමට තුඩු දිය හැකි හේතු 10ක්

  • දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

    දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

  • ඔබට සිසේරියන් සැත්කමක් නිර්දේෂ කිරීමට තුඩු දිය හැකි හේතු 10ක්

    ඔබට සිසේරියන් සැත්කමක් නිර්දේෂ කිරීමට තුඩු දිය හැකි හේතු 10ක්

  • දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

    දරු ප්‍රසූතියේ අදියර තුන: ගර්භනී මව්වරුනට අගනා මගපෙන්වීමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it