theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්

4 අවම කියවීම
ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්

ඔබේ හීන කුමාරයත් මේ වගේද බලන්න

හොඳම සැමියා  හා හොඳම පියා ලෙස ඔබේ ආත්මීය සහකරුවා හදුන්වන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද?

හිතේ ඇදුන හීන කුමාරයා නැතිනම් අපි හීන දකින අපේ දරුවන්ගේ පියා මොන වගේ වෙන්න අවශ්‍යද කියලා හරියටම අදහසක් ඔබට තියෙනවාද?

ආදරය තරම් සංකීර්ණයි . ආදරය අන්ධයි කියලාත් කියනවා.

ගොඩක් වේලාවට ඔබ ඔබේ හිතේ ඇදුන හීන කුමාරයාගේ ලක්ෂණ දක්නවාට වඩා ඔබේ සැමියාගේ වැරදි ඔබට පේන්න පුළුවන්. 

ඒ කඩවසම් සිනහව, සුවිසල් හා ආකර්ෂණිය සිරුර  සහ එම ආරක්ෂිත දෑත් ඔබව මන්මත් කරන්න පුළුවන් අතර, ඔබට ඒ සියල්ලෙන් ඔබ්බට බැලීමට අවශ්‍ය නම් එක් අයෙකු සොයාගන්න අවශ්‍ය වෙනවා. 

ඉතින් ඔබට ඒ සදහා මග ‌පෙන්වීමක් කරන්නයි අපේ ‌මේ සුදානම.

සිහින කුමාරයාගේ ගති ලක්ෂණ තිබීම එතරම් සොයා නොබැලුවද  ඔබ සැමියා තුල සොයා බැලිය යුතු ගති ලක්ෂණ අටක් මෙහි පෙන්වා දෙනවා.

ඔබේ සැමියාට මේ ලක්ෂණ තියෙනවාද බලන්න

හැම කාන්තාවකගේම හිතේ ඇදුන ‌කෙනෙක් ඉන්නවා. ඒත් මුණගැහුන සහකරුවා ඒ හිතේ ඉන්න සහකරුවාම ‌නොවෙන්න පුලුවන්.

ඒ වුනාට ඔබ හොඳම සැමි‌‌යෙක් ලබන්න කැමති ඇති. අපි අද ‌හොදම සැමියෙකු තුල දකින්න පුළුවන් ලක්ෂණ 8 ක් ඉදිරිපත් කරනවා.

මින් කීයක් ඔබේ සැමියාට තියෙනවාද බලන්න.

  1. හොඳම සැමියා විවෘත හා අවංකයි

ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්

 ඔහු සිය ශක්තීන් හා දුර්වලතා වැලඳ ගන්නවාද? ඔහු අවංක ජීවිතයක් ගත කරනවාද? නියත වශයෙන්ම ඔබට අවශ්‍ය වන්නේ ඔහු ජිවත්වෙන ආකාරය ගැන විවෘත මිනිසෙකි.

සමහර පිරිමින් විවෘත කරගැනීමට ටිකක් මහන්සි වෙන්න සිදුවෙනවා.

නමුත් ඔහු දැන් ජීවත්වන ආකාරය ඔහු ඔබ සමඟ ජීවත් වන විට ඔහු කෙසේ වනු ඇත්ද යන්න පිළිබඳ හොඳ දර්ශකයකි.

ඔහු ඔබට නිවැරදිව සලකන බවට ඔබට සහතිකයක් අවශ්‍ය වෙනවා.

අවංක හා විවෘත සැමියෙකු ඔබට සුරක්ෂිත අනාගතයක් විවෘත කරාවි.

  1. හොඳම සැමියා විශ්වාසවන්තයි

ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්

කිසිම කෙනෙක්  වංචාකාරයෙකු සමඟ සිටීමට කැමති නැහැ නේද? සබඳතා තුළ විශ්වාසය හා විශ්වාසවන්තභාවය ඉතා වැදගත් වන්නේ මේ නිසයි.

ඔබට අවශ්‍ය වන්නේ ඔබට ආදරය කිරීම, ලබාදීම  සහ සහාය දීම පමණක් නොවේ. ඕනෑම කාන්තාවක්ගෙන් අහන්න.

ඇයට ඔහුගෙන් විශ්වාසවන්ත වීමද බලාපොරොත්තු වෙන බව කියාවි.

වංචාකාරයෙකුට හසු වි ඔබේ ජිවිතය විනාශ කරගන්න ඔබත් කැමති නැහැ කියලා අපි දන්නවා.

  1. හොඳම සැමියා මත ඔබට යැපෙන්න හැකිවීම

ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්

 ඔබට අවශ්‍ය වන්නේ තත්වයන් පාලනය කළ හැකි සහ සන්සුන්ව සිටියදී දේවල් හැසිරවිය හැකි සහ දේවල් ඔහුට අවශ්‍ය පරිදි කෝප නොගන්නා අයෙක් නේද?

ඉතින් ඔබේ සිහින කුමරාගේ  ගුණාංග ලැයිස්තුවේ තිබිය යුතු තවත් වැදගත් එකක් නම් ඔබට ඔහු මත යැපීමට හැකි පුරුෂයෙක් වීමයි.

ලොකු බබෙක් වගේ නොවන දේවල් හැසිරවිය හැකි සහකරුවෙකු සොයා ගන්න.

ඔහු පරිණත බවක් නොපෙන්වන්නේ නම් ඔහුට ජීවිතයේ අනෙක් ගැටළු හැසිරවිය නොහැකි වේවි.

ඔබට ඔහු මත යැපීමට හැකි බව ඔබ තහවරු කරගන්න. ඔහුගේ මව වීමට උත්සහ නොකරන්න.

ඉන් සිදුවෙන්නේ ඔහු ඔබ මත යැපීම මිස ඔබට ඔහු මත යැපීමට හැකිවීම ‌නොවේ.

  1. හොඳම සැමියා අරමුණු සහිත වීම

හොඳම සැමියා

අරමුණු සහිත මිනිසුන් වෙත ආකර්ෂණය නොවන්නේ කවුද?

පිරිමින් අරමුණු සහිත වන විට, ඔවුන් මූල්‍යමය වශයෙන් ස්ථාවර පදනමක් ගොඩනඟා සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඉඩ තියෙනවා.

ශ්‍රේෂ්ඨ මිනිසෙක් ශ්‍රේෂ්ඨ  දේ අත්කර ගැනීමට පෙළඹෙන අයෙක් වෙනවා. අරමුණු සහිත වු විට අපව වඩා හොඳ කර ගැනීමට එය අපව පොළඹවනවා.

අරමුණු සහිත සහකරුවෙක් ඔබට ‌හොද සාර්ථක අනාගතයක් ‌ගොඩනගා ‌දේවි.

  1. හොඳම සැමියා මහත්මා ගතිගුණ සහිත වීම 

හොඳම සැමියා

 සෑම කෙනෙකුටම සහ විශේෂයෙන් ඔහු ගැන සැලකිලිමත් වන අයට ඔහු සැබෑ මහත්මා ගුණ පෙන්වයි.

ඔහු තම මවට සලකන්නේ කෙසේද? ඔහු ත්‍යාගශීලී හා කාරුණිකද?

සැබෑ මිනිසෙකු අන් අයගේ සමාජ තත්වය නොසලකා සෑම කෙනෙකුටම ගෞරවයෙන් සලකයි.

ඒ නිසා අනිවාර්යයෙන් ඔහු ඔබටත් ඔබේ සැමටත් නිසි ‌‌ගෞරවය ලබා ‌දේවි.

  1. හොඳම සැමියා ඔබට ආරක්ෂිත බවක් දැනීම

හොඳම සැමියා

ඔහු අසල සිටින විට ඔබට  සන්සුන් බව ආරක්ෂිත බව දැනෙනවාද?

ඔබට ආරක්ෂාවක් දැනෙනවාද?

ඔහු නිතරම ඔබ ගැන සොයා බලනවා නම්, ඔබ සැමවිටම ඔහුගේ අසල ඔබ සුරක්ෂිත බව ඔබට සහතික විය හැකිය. 

ඔබේ සැමියා ලග ආරක්ෂාව හා සුරක්ෂිතභාවය ‌‌සොයන්න ඔබ පසුබට ‌වෙන්න එපා.

  1. හොඳම සැමියා සැබවින්ම ඔබට ආදරය කිරීම

හොඳම සැමියා

 සෑම කාන්තාවක්ම තමා වඩාත්ම ආදරය කරන පිරිමියාගේ ආදරය ලබන්න කැමතියි.

සැබෑ ආදරය යනු අනෙකාගේ සතුට හා යහපැවැත්ම ඔබේම දේට වඩා වැදගත් වීමයි.

එය  ඔබ සම්පුර්ණ බව දැනෙන ඔබට සෑම මොහොතක්ම ගත කිරීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සිටීමයි.

එය කළ නොහැක්කක් ලෙස හෝ චිත්‍රපට වල පමණක් සත්‍ය වන්නක් යැයි ඔබට සිතෙන්න පුළුවන්. 

නමුත් යමෙකු සැමවිටම ඔවුන්ගේ හීන කුමාරයා තුළ මෙම ගුණාංග බලාපොරොත්තු වෙන්න පුළුවන්.

  1. හොදම සැමියා පිරිමි කම සහිත වීම

වෙනත් පිරිමි මිතුරන් ඔහු දෙස බලා ඔහුට ගරු කරනවාද? බොහෝ අය ඔහුගේ මතය අගය කරනවාද? 

ඔහු අන් අයට හොඳ ආදර්ශයක් නම්, ඔහු ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් වේවි. අවසානයේදී, අපි හැමෝටම අවැසි පවුලක් වෙන්නයි.

තම පවුලට මුල් තැන දෙන පුද්ගලයා සොයා ගන්න. තම පවුලට ආදරය කරන පුරුෂයෙකු අනාගතයේදී ඔවුන් රැකබලා ගැනීමට බැඳී සිටිනවා. 

නියම පිරිමියෙකු තම පවුල තම හදවත මත තියාගෙන රකිනවා. ඔහු පවුලට අවැසි පුර්ණ ආරක්ෂාව සපයා ‌දෙනවා.

මේ ලක්ෂණ එකක් ‌දෙකක් ‌නොතිබු පමණින් ඔබේ සැමියා අයහපත් කියලා අපට කියන්න බැහැ.

ඒ නිසා ‌මේ ලක්ෂණ මත පදනම්ව පමණක් ඔබේ සැමියා ගැන තීරණ ගන්න එපා.

නමුත් ‌මෙහි තිබෙන ලක්ෂණ සියල්ලම ඔබේ සැමියාට ඇත්නම් ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි.

ඔයාගේ සැමියාට ඔයාගේ හීන කුමාරයාගේ ලකුණු කීයක් දෙන්න පුළුවන්ද? ඔබගේ අදහස් අපිත් සමග බෙදගන්න අමතක කරන්න එපා.

ඒ සදහා පහලින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න.

theAsianparent  හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ආදරණිය සැමියෙක්, පියෙක් හා ආදරවන්තයෙක් වෙන්න අගනා ඉගි 8 ක්
බෙදාගන්න :
  • ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

    ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

    ඔබ දැක ඇති ලජ්ජාශීලී ලිංගික සිහින 6ක් හා ඒවාට හේතු

  • දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

    දෙමාපිය පදවිය තුළ ඇති දැවෙන පීඩනය

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it