theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

5 අවම කියවීම
ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්නඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

ඔ‌බේ සැමියාගේ ලිංගික ආශාව පිරිහිලාද? ‌මේ ‌හේතු 10 කියවන්න.

ලිංගික හැසිරීම සැමියාට එපා වෙන්න පුළුවන්ද?

ඔව් විවිධ ‌හේතුන් නිසා ඇත්තටම ඔබේ සැමියාට ලිංගික ජිවිතය නීරස ‌වෙන්න පුළුවන්.

විවාහ වු අලුත රාගයේ ගිනි සිළු වලින් ඇවිලි ගිය යුගල යහන මත දගකාරකම් කල ඔහුටම විවාහයෙන් දශකයකට දෙකකට පසු ලිංගික ජිවිතය එපා වෙලා වගේ ඔබට දැනෙන්න පුළුවන්.

පිරිමින්ගේ වයසට යන විට, ඔවුන්ගේ ලිංගික ජිවිතයේ වේගවත් බව තරමක් අඩුවෙනවා. 

මෙලෙස ලිංගික ජිවිතයේ ජවය බිදවැටෙන්නට බොහෝ කාරණා හේතු වෙනවා.

වයස සමග සෞඛ්‍ය තත්වය පිරිහිම, හෝමෝන ක්‍රියා අඩාල වීම, කාර්යබහුලත්වය, ආකර්ෂණය අඩුවීම වැනි බොහෝ කාරණා මෙයට හේතු වෙනවා.

ඔබේ සැමියාගේ ලිංගික ආශාව ගිලිහි යන්නට හේතු වෙන කාරණා 10 ක් අපි අද මේ ලිපිය මගින් ඔබ වෙත ගෙන එනවා.

එවන් කාරණා ඔබ දැනුවත් වීම හා ඒවා හදුනාගෙන ඒ සදහා පිළියම් කිරීම ඔබේ යුග දිවි යහන යලි ජිවයෙන් පුරවන්න පුළුවන් වේවි.

1.සැමියාගේ ලිංගික හැසිරීම : ඔහුට රැකියාවේ වැඩ රාජකාරි අධික වීම

වැඩ රාජකාරී අධික විට සමහර විට ඔහු නිවසට ඒවා ගෙනවිත් රෑ එළිවෙන තුරු ඒවා කරනවා වෙන්න පුළුවන්.

නැතිනම් ඒවා ඔලුවේ පුරෝගෙන ඇවිත් කල්පනා කරමින් රාත්‍රිය ගෙවනවා වෙන්න පුළුවන්.

නැතිනම් ඒවා නිසා ඇති වු මානසික ආතතියෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. නැතිනම් ඔහු දවස පුරා දහඩිය හෙළා ඇවිත් හති හලනවා වෙන්න පුළුවන්.

ඔහු සියල්ල කරන්නේ පවුලේ යහපත වෙනුවෙන් මුදල් සෙවීමට වුවත් මෙලෙස රැකියාව හෝ එහි වෙහෙස ඔහු සමග නිදන කාමරය ඇතුලට ගන්න එපා.

ඒ සියල්ල නිදන කාමරයේ දොර අසල තබා නිදහස් මිනිසෙකු ලෙස නිදි යහනට ගොඩ වීමට ඔහුට මග පෙන්වන්න.

2.සැමියාගේ ලිංගික හැසිරීම : ඔහුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවීම

වයස අවුරුදු 30 ට පසු පිරිමි හෝමෝන වන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වාර්ෂිකව සියයට 0.4 සිට 2 දක්වා වේගයෙන් පහත වැටෙනවා.

තවද  පිරිමි ජනගහනයෙන් සියයට 13 ක් පමණ ප්‍රමාණයක් ප්‍රමාණවත් තරම් ටෙස්ටොස්ටෙරෝන් නිපදවීමට අපොහොසත් බවත් සොයා ගෙන තියෙනවා. 

ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහල වැටීම ලිංගික ආශාව පහළ දමනවා පමණක් නොව ශක්තිය අඩුවීම, හැගීම් අඩුවීම, තෙහෙට්ටුව ඇතිවීම මෙන්ම ශිෂ්ණය ඍජු වීමටද බලපානවා.

මෙම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම කළමණාකරනය කිරීමට ප්‍රතිකාර ඇති බැවින් ඒ සදහා යොමු වීම සුදුසු වෙනවා.

ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න3.සැමියාගේ ලිංගික හැසිරීම : ඔහු පිරිමින්ට අදාල ප්‍රජනන ක්‍රියාවලිය අක්‍රීය වීම අත්විදීම

කාන්තාවන්ට ආර්තවහරණය සිදුවෙනවා මෙන්ම පිරිමින්ටද ඔහුගේ ප්‍රජනන ක්‍රියාවලිය අඩාල වෙන්ට පුළුවන්.

එය සිරුර එක්තරා කාලයක අත්විදින තාවකාලික තත්වයක් නිසා කණගාටු නොවන්න.

මෙහිදි ඔහුගේ ලිංගික හැඟීම් සහ අවශ්‍යතා ගැන සහ ඔබේ අදහස් ගැන ඔහු සමඟ කතා කරන්න.

4.ඔහු ලිංගික තෘප්තිය සඳහා කාමුක දර්ශන නැරඹීම

අද දින එන්න එන්නම ඩිජිටල්කරණය වී ඇති ලෝකය තුළ අසභ්‍ය අන්තර්ජාල අන්තර්ගතයන් බහුල පවතින අතර පිරිමින් වැඩි ප්‍රමාණයක් ඒ කෙරෙහි ඇබ්බැහි වෙන බවක් දක්නට ලැබෙනවා.

ඒවාට ඇබ්බැහි වු පිරිමින් තම සහකාරිය ගෙන් සෑහිමට පත් නොවී උත්තේජනය සදහා ඒවාම සොයන බව සොයා ගෙන තියෙනවා.

මේවා යුග දිවිය දෙදරා යාමට තරම් විශාල ගැටලු බවට වර්ධනය වෙන්න පුළුවන්.

තම සහකරු මේවායින් සැනසෙනු දකින්න කිසිම ආදරණිය සහකාරියක් කැමති නොවේවි.

ඔබේ සැමියා කාමුක දර්ශන නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලබා ගනී යැයි ඔබ සැක කරන්නේ නම්, ගැටලුව පිළිගැනීමෙන්, එය කතා කිරීමෙන් සහ උපදේශනය සඳහා යොමු වීමෙන් විසදුමක් සොයන්න පුළුවන්.

5.ඔහු තම ලිංගික ජවය අඩුවීම ගැන කනස්සල්ලෙන් සිටීම

නොමේරූ ශුක්‍රාණු පිටවීම සහ ප්‍රමාද වී ශුක්‍රාණු පිටවීම හා ලිංගික බෙලහීනතාවය පිරිමින්ට පොදු ගැටළු විය හැකි අතර ඒවා ඔහුගේ විශ්වාසයට අනිවාර්යයෙන්ම බලපානවා.

මෙම තත්වයන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ඇති අතර මෙලෙස කනස්සල්ලට පත්වීම සම්බන්ධයෙන් මනෝ විද්‍යා ප්‍රතිකාර සදහාද යොමු වෙන්න පුළුවන්

6.ඔහුට සෞඛ්‍ය ගැටළු තිබීම

පුරුෂයෙකුගේ ලිංගික ජිවිතය පිරිහි යන්නට ලිංගිකත්වයට අදාල කරුණු කාරණා වලට අමතරව වෙනත් රෝගාබාධද හේතුවෙන්න පුළුවන්.

එනම්  මෙම ලිංගික ආශාවන් පහළ යෑම දියවැඩියාව, පුරස්ථි පිළිකා හෝ හෘද රෝග වැනි විශාල සෞඛ්‍ය ගැටළු වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ සැමියාගේ ලිංගික ආශාව අඩු නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔහුගේ සෞඛ්‍යය පරීක්ෂා කරගන්න.

ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න7.සැමියාගේ ලිංගික හැසිරීම : ඔහුගේ බර අධික ලෙස වැඩිවීම

තරබාරුකම හා ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම කාන්තාවන්ගෙන් සියයට 43 ක් සහ පිරිමින්ගෙන් සියයට 31 ක් තුළ ලිංගික දුර්වලතා වැඩි කිරීමට හේතු වූ බව සොයාගෙන තියෙනවා.

නිසි ආහාර වේලක් ගැනීම හා ව්‍යායාම කිරීම තුලින් නිරෝගී බරක් පවත්වා ගන්න කටයුතු කරන්න

8.ආතතියට ඇතිවීම

රැකියාව නිසා හෝ මුල්‍ය ප්‍රශ්න නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ මනසේ ඇතිවෙන ආතතිය ලිංගික ආශාවට බාධා කරනවා.

ඒ නිසා එවන් ගැටළු ඇති නම් ඒවාට විසදුම් සොයා ගැනීමට කටයුතු කරන්න.

ඒ වගේම මනස සංසුන් වෙන ක්‍රියාකාරකම් වල යෙදීම, ජිවන රටාවේ පුංචි පුංචි වෙනස්කම් කිරීම හෝ ආතතිය උග්‍ර නම් උපදේශන සේවාවකට යොමුවීම සුදුසු වෙනවා.

ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න

9.ස්වයං වින්දනයට යොමුවීම

ඔහු ස්වයංවින්දනයෙන් ඉහළ, වඩාත් තීව්‍ර ලිංගික උත්තේජනයකට හුරු වෙන්න පුළුවන්.

එය ඔහුට යෝනි මාර්ගයෙන් ලබා ගත හැකි  උත්තේජනයට වඩා වැඩිය .

ඒ නිසා ඔහු ඔබ සමඟ ලිංගිකව විනෝද වීමට අපහසු වෙන්න පුළුවන්.

ඔබ දෙදෙනාගේ ලිංගික ජිවිතය වඩාත් විනෝදජනක කිරීම සඳහා ඔබ දෙදෙනාට කල හැකි දේවල් ගැන කතා කරන්න.

10.ඔහුට ඔබෙන් ප්‍රමාණවත් ස්පර්ශික ආදරයක් නොලැබීම

ස්පර්ශය හැගීම මෙන්ම බැදීමකට වැදගත් වෙනවා. එය ලිංගික ජිවිතයට එන විට ස්පර්ශය මහත් කාර්යයක් කරනවා.

ඔබේ සහකරුට ආදරණිය ස්පර්ශයක් නොලැබී යාමෙන් ඔහුගේ ලිංගික ජිවිතය නිරස වෙන්න පුළුවන්.

ඒ නිසා නිතර ඔබේ සහකරු වැළදගන්න. හාදුවක් දෙන්න.

ඔබගේ සැමියාට ලිංගික හැසිරීම එපා වී ඇත්නම් මේ කරුණු වලින් එකක් නිසා වෙන්න පුළුවන්.

ඒ නිසා ඒ සම්බන්ධව සොයා බලා නිසි පියවර ගන්න.

ඔබටත් ‌මේ පිළිබද අදහස් දක්වන්න අවශ්‍ය නම් පහත කමෙන්ට් තීරය භාවිතා කරන්න.

මුලාශ්‍ර - www.womansday.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ සැමියාට ලිංගික ජිවිතය තිත්ත වෙන ඇත්ත හේතු 10 ක් මෙන්න
බෙදාගන්න :
  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it