theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

5 අවම කියවීම
සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමුසැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

සැමන් රසවව කන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා.

කොවිඩ් 19 ඇවිත් අපිව නිවාස තුලට කොටු වීමත් සමග සැමන් හා පරිප්පු මිල අඩු වුනේ සැමට සහනයක් සලසමින්.

බොහෝ දෙනෙක්ට ප්‍රශ්නය වුනේ මේ දෙක විතරක් කන්න පුළුවන්ද කියලා.

කල් තියා ගන්න පුළුවන් ආහාරයක් විදියට සැමන් නැත්නම් අපේ වහරින් සාඩින් , ටින්මාළු වලට තියෙන්නේ ඉහල තැනක්.

ඇයි අපි හාමදාම සැමන් එකම විදියට කන්නේ? සැමන් විවිධ විදියට උත්සහ කර බලන්න පුළුවන් රෙසපි 8 ක් මෙන්න.

1.සැමන් කිරට

සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

අවශ්‍ය ද්‍රව්‍ය 

  •  ටින් මාළු 1
  • ලූණු ගෙඩි 1/2
  • ‌ගොරකා කැබැල්ලක්
  • කරපිංචා ඉත්තක්
  • තලා ගත් සුදුලූණු බික් 2 ක්
  • තලා ගත් ඉගුරු කැබැල්ලක්
  • අමුමිරිස් කරල් 2
  • බැදපු තුනපහ 
  • මිරිස් කුඩු 
  • කහ
  • ලුනු 
  • පොල් තෙල් 
  • මිටිකිරි

සාදන ක්‍රමය

  1. භාජනයක් ලිප තබා එයට පොල්තෙල් දමා තෙල්ටික රත් කරගන්න.
  2. එයට හීනියට ලියාගත් ලූණු , කරපිංචා, අමුමිරිස් දමා රන්වන් පැහැවෙන තුරු බැදගන්න.
  3. ඉන්පසු එයටම සුදුලූණු හා ඉගුරු එකතු කරන්න.
  4. එයටම මිරිස් , බැදපු තුනපහ, කහ, ගොරකා කැබැල්ල හා ලුනු එකතු කරන්න.
  5. මිශ්‍රණය හොදින් බැදුනු පසු එයට මිටිකිරි ටික දමා නටන්න හරින්න.
  6. දැන්  එයට ටින් මාළු ටික දමා අඩු ගින්දරේ මද වේලාවක් පිසගන්න.

2.සැමන් මිරිසට

සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සාඩින් ටින් 1
  • ගම්මිරිස් 
  • ලුණු
  • ලියා ගත් ලූණූ 
  • සුදුලූණු
  • ගොරකා
  • කරපිංචා 
  • මිරිස් කුඩු
  • කහ
  • තුනපහ
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  1. භාජනයක් ලිප තබා එයට පොල්තෙල් දමා තෙල්ටික රත් කරගන්න.
  2. එයට හීනියට ලියාගත් ලූණු , කරපිංචා, සුදුළුණු දමා රන්වන් පැහැවෙන තුරු බැදගන්න.
  3. එයටම මිරිස් , බැදපු තුනපහ, කහ, ගොරකා කැබැල්ල, ගම්මිරිස් හා ලුනු එකතු කරන්න.
  4. ඉන්පසු සාඩින්  එකතු කර මද වේලාවක් බැදෙන්න හරින්න.
  5. එයට ජලය එකතු කර පිසගන්න.

3.සැමන් කිරි හොදි

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ටින් මාළු 1
  • ලියා ගත් ලූණු
  • ලුනු
  • කරපිංචා
  • කහ
  • තුනපහ
  • මිටිකිරි
  • උලුහාල් ඇට කිහිපයක්

සාදන ක්‍රමය

  1. ඇතිලියකට ලියා ගත් ලූණු, කරපිංචා, උලුහාල් දමා ගන්න.
  2. එයටම මිටිකිරි , කහ හා තුනපහ එකතු කර ලිප තබන්න
  3. හොද්ද කැටි ගැහෙන්න නැතිව හැදි ගාගන්න.
  4. රස අනුව ලුනු ‌යොදන්න.
  5.  එයට කැබලි කරගත් ටින් මාළු එකතු කර ‌හොද්ද මදක් නටන්න ‌දෙන්න.

ඉදිආපප හා නුල්ඩස් කන්න සැමන් කිරි ‌හොදි කදිමයි.

4.සැමන් තෙල් දාලා

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ලියා ගත් ලූණු
  • මාලු මිරිස් ලියා ගත් 
  • ලියා ගත් ලික්ස්
  • කරපිංචා
  • සැමන් ටින් 1 ක්
  • කෑලිමිරිස්
  • ලුනු
  • ගම්මිරිස්
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  1. තාච්චිය ලිප තබා පොල්තෙල් ටික රත් කරගන්න.
  2. තෙල් හොදින් රත් වු පසු එයට  කැබලි කරගත් ටින් මාළු ටික දමන්න.
  3. ටින් මාළු බැදෙන විට කෑලි මිරිස් හා  ගම්මිරිස් එකතු කරන්න.
  4. එයට කරපිංචා, ලුණු , මාලු මිරිස් හා ලික්ස් එකතු කර කරන්න.
  5. එයට රස අනුව ලුණු එකතු කරන්න.

5.සැමන් සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැමන් ටින් එකක්
  • හීනියට ලියා ගත් ලූණු
  • හීනියට ලියාගත් අමුමිරිස් කරලක්
  • ලුනු
  • ගම්මිරිස්
  • දෙහි

සාදන ක්‍රමය

  1. ලුණු, අමුමිරිස් එකට දමා ‌‌එයට ලුණු හා ගම්මිරිස් එකතු කර මිශ්‍ර කරන්න
  2. දැන් ‌මේ ලුණු සම්බෝලයට රස අනුව ‌දෙහිද එකතු කරන්න.
  3. එයට තරමක කැබලි වලට කඩා ගත් සැමන් කැබලි වැඩිපුර ‌ පොඩි ‌නොවන ‌සේ එකතු කරන්න
  4. දැන් රස අනුව ලුනු, ගම්මිරිස් හා ‌දෙහි වල අඩුපාඩු සකසන්න.

දවල් බතට ටින් මාළු සම්බෝලය රසවත්

6.සැමන් කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පොඩි සැමන් ටින් 1
  • තම්බපු අල ගෙඩි 3
  • තලා ගත්  සුදු ලුණු බික්
  • හීනියට ලියා ගත් කරපිංචා
  • තලා ගත් ඉගුරැ කැල්ලක් 
  • හීනියට ලියා ගත් ලුණු ගෙඩි 1
  • හීනියට ලියා ගත් අමුමිරිස් කරල් 3
  • කුඩු කර ගත් කරාබුනැටි නැටි 3ක් 
  • කුඩු කර ගත් කරදමුංගු ඇට 2ක් 
  • කුරුදුපොත්තක්
  • මිරිස් කැලි 
  • ගම්බිරිස් කුඩු 
  • ලුනු
  • පොල්තෙල්
  • බිස්කට් කුඩු
  • පාන්පිටි
  • බිත්තර 1

සාදන ක්‍රමය

  1. අල තම්බා පොඩි කරගන්න
  2. සැමන් එක පොඩි කරගන්න
  3. බදුනක් ලිප තබා එයට  තෙල් දලා රත්වෙන කොට සුදු ලුණු, ඉගුරු ,කරපිංචා, කරදමුංගු, කරාබුනැටි, කුරුදු පොතු දලා  බැදෙන්න හරින්න.
  4. එයටම ලූණු  ටිකත් එක්කර බැදෙන්න දෙන්න. 
  5. ඉන්පසු කැලිමිරිස් ගම්මිරිස් අමුමිරිස් හා  පොඩි කරගත් සැමන් ටිකත් දලා ටික වෙලාවක් බදින්න. 
  6. සැමන් තෙලෙන් තෙම්පරාදු උනාම රස අනුව ලුණු ටිකක් එකතු කරන්න. 
  7. එයට පොඩි කරගත් අල එකතු කර මද වේලාවක් බදින්න.
  8. මිශුණය නිවුන පසු බෝල සකස් කර ගන්න.
  9. භාජනයකට  බිත්තරයක් කඩලා දලා හොදින් ගසා ගන්න. එයට  පාන්පිටි ටිකක් හා වතුර ටිකක් එකතු කර උකු බැටර් එකක් හදාගන්න. 
  10. මෙම බැටරයේ ගිල්වු කට්ලට් ‌බෝල ඊලගට බිස්කුඩු වල දවටා ගන්න.
  11. තාච්චියකට පොල් තෙල් දමා හොදින් රත් වු පසු කට්ලට් ටික රන්වන් පාට වෙනතුරු බැදගන්න.

7.සැමන් ඔම්ලට්

සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු

 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සැමන් ටින් එකක්
  • බිත්තර 2 ක්
  • හීනියට ලියා ගත් ලූණු
  • හීනියට ලියාගත් අමුමිරිස් කරලක්
  • ලුනු
  • ගම්මිරිස්
  • පොල්තෙල්

සාදන ක්‍රමය

  1. බිත්තර ‌දෙක  බිද එයට ලුනු හා ගම්මිරිස් එකතු කර ‌ හොදින් ගසා ගන්න.
  2. එයටම ලුණු හා අමුමිරිස් එකතු කර  මිශ්‍ර කරන්න.
  3. දැන්  තැටියකට ‌පොල් ‌තෙල් දමා රත් කරගන්න.
  4. එයට බිත්තර මිශ්‍රණය දමන්න.
  5. එය උඩට ‌පොඩිකර ගත් සැමන් දමා එයටත් ලුනු හා ගම්මිරිස් ස්වල්පයක් එකතු කරන්න.

8.සැමන් රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

රෝල්ස් රෙසපි: පිරවුම සඳහා (රෝල්ස් 15)

  • තම්බලා පොඩි කරගත් අල ⁣ගෙඩි 3
  • ලොකු ටින් මාළු ටින් 1/2
  • පොඩි කැරට් එකක් ග්‍රේට් කරලා
  • ලූණු බාගයක් පොඩියට කාගන්න
  • පොඩියට කපගත් කරපිංචා
  • සුදුලුනු ඉඟුරු ටිකක් තලලා
  • අමුමිරිස් පොඩියට කපාගන්න
  • ලුනුකුඩු ගම්මිරිස් අවශ්‍ය පදමට
  • කරපිංචා 
  • කුරැඳු කෑල්ලක්
  • කරදමුංගු 2/3
  • කරාබුනැටි 3/4 මේ ටික කුඩු කරගන්න

සාදන ක්‍රමය

  1. මුලින්ම භාජනයට තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සේ ඉඟුරු සුදුලුනු ටික දාලා කරපිංචා ටිකත් දාලා ටිකක් තෙම්පරාදු වේගන එනකොට ලූණු ටික දාලා හොඳට තෙම්පරාදු කරන්න.
  2. අමුමිරිස් කුඩු, කරගත් කුරැඳු කරාබුනැටි ටික දාලා කලවම් කර කැරට් ටික දාලා විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරන්න . 
  3. දැන් පොඩි කරගත් අල සහ පොඩි කරගත් සැමන් එක දාලා අඩු ගින්දරේ තෙම්පරාදු වෙන්න දෙන්න.
  4. ඉන්පසු  ලුනුකුඩු ගම්මිරිස් දාලා කලවම් කරලා මිශ්‍රණය  හදාගන්න.
  5. බබාට හදද්දී පිරවුම මිරිස් යොදන්නේ නැතුව අයින් කරගන්න.

රෝල්ස් රෙසපි: බැටර් එක සඳහා

  • පාන්පිට් කප් දෙකාමාරක්
  • පොල්කිරි කප් 1 
  • වතුර කප් 1
  • අවශ්‍ය පදමට ලුනුකුඩු
  • තැවරිමට පාන්කුඩු
  • බිත්තර 2
  • බැදගන්න තෙල්
  1. පාන්පිට් කප් දෙකාමාරක්, පොල්කිරි කප් 1, වතුර කප් 1, අවශ්‍ය පදමට ලුනුකුඩු   භාජනයකට දාලා කලවම් කරන්න.
  2. බැටර් එක උකුයි නම් වතුර දාලා හදාගන්න. දැන් පෑන් එකට තෙල් ලාවට දාලා රත් වෙන කොට අපි තෝසේ හදන විදියට හදාලා පැත්තකින් තියමු.
  3. දැන් හදාගත් තෝසේට  එකට සැමන් මිශ්‍රනය ටිකක් තියලා ඔතලා අන්තිමට බාජනයේ ලාටව ඉතුරු  වෙලා තියන බැටර් එකෙන් අලවගන්න.
  4. දැන් බිත්තර වල තවරලා පාන්කුඩු වල තවරලා ගැඹුරු තෙලෙන් රන්වන් පාටවෙනකන් බැදගන්න.

අපගේ ‌පෙර ලිපි ඇසුරින් වට්ටෝරු කිහිපයක් ලබා ‌ගෙන ඇත. කල් තබා ගත හැකිි ආහාර වට්‌ටෝරු දැන ගන්න ‌මෙතැනින් පිවිසෙන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • සැමන් recipes 8 ක් එක්ක කොරොන්ටයින් සමය ගත කරමු
බෙදාගන්න :
  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

  • පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

    පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

  • මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

    මන්දිරාට සිහින් සෞඛ්‍ය සම්පන්න පෙනුමක් දුන් සරල ආහාරය

  • පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

    පැගිරි රසට යසට හැපෙන දොඩම් කේක් එකක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it