theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?

6 අවම කියවීම
ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?

අනාරක්ෂිත ලිංගික ඇසුරින් ප්‍රවේශම් වී මේ රෝග 8 න් ආරක්ෂා වෙමු.

ලිංගික රෝග ලිංගික සම්බන්ධතා මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන තත්වයකි.

ලිංගාශ්‍රිත රෝග ඇති අයෙකු සමඟ අනාරක්ෂිත යෝනි, ගුද හෝ මුඛ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමෙන් ඔබත් මෙම රෝග තත්වයට ගොදුරු වෙන්න පුළුවන්.

මෙම රෝග බෝවෙන එකම ක්‍රමය ලිංගික ඇසුරක් පැවැත්වීම පමණක් නොවේ.

එකම එන්නත් කටු භාවිතය, රුධිර පාරවිලයනය පවා මේ සදහා හේතු වෙන්න පුළුවන්.

ලිංගික උද්‍යෝගය විනාශ වීම

ලිංගික රෝග වල රෝග ලක්ෂණ : පිරිමි

රෝග ලක්ෂණ නොපෙන්නුවද සමහර අය තුල රෝගය වැළදි තිබෙන්න පුළුවන්. ලිංගික රෝග සමග පෙන්නුම් කරන රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා.

  • ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව 
  • ශිෂේණය, වෘෂණ කෝෂ, ගුදය, තට්ටම්, කලවා හෝ මුඛය මත හෝ අවට තුවාල, ගැටිති හෝ රූෂ් ඇතිවීම
  • ශිෂේණයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම
  • වේදනාකාරී හෝ ඉදිමුණු වෘෂණ කෝෂ ඇතිවීම

මෙම ලක්ෂණ ලිංගාශ්‍රිත රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්.

ලිංගික රෝග වල රෝග ලක්ෂණ : ගැහැණු

රෝග ලක්ෂණ නොපෙන්නුවද සමහර අය තුල රෝගය වැළදි තිබෙන්න පුළුවන්. ලිංගික රෝග සමග පෙන්නුම් කරන රෝග ලක්ෂණ පහත පරිදි වෙනවා.

  • ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව
  • ගුදය, යෝනි මාර්ගය, තට්ටම්, කලවා හෝ මුඛය මත තුවාල, ගැටිති හෝ රූෂ් ඇතිවීම
  • යෝනි මාර්ගයෙන් ස්‍රාව හෝ ලේ අසාමාන්‍ය ලෙස පිටවීම
  • යෝනි මාර්ගය තුළ හෝ අවට කැසීම

මෙම ලක්ෂණ ලිංගාශ්‍රිත රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන්.

ලිංගාශ්‍රිත රෝග වර්ග

විවිධ ආකාරයේ ආසාදන ලිංගිකව සම්ප්රේෂණය වෙන්න පුළුවන්. එවැනි රෝග 8 ක් ගැන අපි අද බලමු.

1. ක්ලැමීඩියා

මේ රෝගය බැක්ටිරියාවක් නිසා ඇති වෙනවා. ක්ලැමීඩියා රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට සැලකිය යුතු රෝග ලක්ෂණ නැහැ. 

  • නමුත් පහත රෝග ලක්ෂණ පෙන්විය හැකිය
  • ලිංගික හැසිරීමකදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව
  • ශිෂේණයෙන් හෝ යෝනි මාර්ගයෙන් කොළ හෝ කහ ස්‍රාව පිට වීම

යටි බඩේ වේදනාව 

ප්‍රතිකාර නොලැබුනොත් පහත රෝග ලක්ෂණද වර්ධනය වෙන්න පුළුවන්.

  • මුත්‍රාශය, පුරස්ථි ග්‍රන්ථි හෝ වෘෂණ කෝෂ ආසාදන
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝග
  • වඳභාවය

ගර්භනී කාන්තාවකට ක්ලැමීඩියා ප්‍රතිකාර නොකළහොත් උපතේදී දරුවාට එය වැළදිය හැකිය. 

එහිදි දරුවා තුල වර්ධනය විය හැකි තත්වයන්

  • නියුමෝනියාව
  • අක්ෂි ආසාදන
  • අන්ධභාවය

ක්ලැමීඩියා  වලට ප්‍රතිකාර කිරීමේදි ප්‍රතිජීවක ලබා දෙනු ලබනවා.

2. HPV (මානව පැපිලෝමා වෛරසය)

මෙම රෝගය  එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සමට සම ස්පර්ශයෙන් හෝ ලිංගික සම්බන්ධතා මගින්  සම්ප්‍රේෂණය වෙනවා.

වෛරසයේ විවිධ ප්‍රභේද තියෙනවා. ඉන් සමහරක් භයානකයි.

රෝග ලක්ෂණ

  • ලිංගේන්ද්‍රිය, මුඛය හෝ උගුර මත ඉන්නන් ඇතිවීම
  • HPV ආසාදනයේ සමහර  ප්‍රභේද නිසා මුඛ, ගැබි ගෙල, ශිෂ්ණයේ හා ගුද මාර්ග පිළිකා ඇති වීම

HPV රෝගය සඳහා ප්‍රතිකාරයක් නැහැ. මෙම රෝගය ආසාදන වු බොහෝ විට එය ඉබේම සුවවෙනවා. 

මෙම රෝගයෙන් ආරක්ෂා වීමට එන්නතක් තියෙනවා.

මෙම රෝගයෙන් ඇති විය හැකි සංකූලතාවයන් ගෙන් ආරක්ෂා වීමට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

3. සිෆිලිස්

මෙය  බැක්ටීරියා ආසාදනයකි. එම රෝගය වැළදුන මුල් අවදියේදි හදුනාගන්න අසීරුයි.

මුල් රෝග ලක්ෂණ

  • ලිංගේන්ද්‍රිය, ගුදය හෝ මුඛය මත තුවාලයක් ඇතිවීම (මෙය වේදනා රහිත වෙන අතර ඉක්මනින් බෝවෙනවා.)

පසු රෝග ලක්ෂණ 

  • කැසීම
  • තෙහෙට්ටුව
  • උණ
  • හිසරදය
  • හන්දිපත් රුදාව
  • බර අඩුවීම
  • හිසකෙස් හැලීම

ප්‍රතිකාර නොකල හොත්, මේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්

  • පෙනීම නැතිවීම
  • ශ්‍රවණාබාධ
  • මතකය නැතිවීම
  • මානසික රෝග
  • මොළයේ හෝ සුසුම්නාවේ ආසාදන
  • හදවත් රෝග
  • මරණය

මෙම වේලාසන හදුනා ගැනීමට ලැබීමෙන්  ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර වලින් සුව කල හැකිය.

ඒ වගේම අලුත උපන් බිළිඳකුට සිෆිලිස් ආසාදනය මාරාන්තික විය හැකි බැවින් සියලුම ගර්භනී කාන්තාවන්ට සිෆිලිස් පරීක්ෂාවට ලක් කිරීම වැදගත් වෙනවා.

4. HIV

HIV මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරයි. 

ඒ නිසා වෙනත් වෛරස් හෝ බැක්ටීරියා සහ ඇතැම් පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරනවා. 

මේ සදහා ප්‍රතිකාර නොකල හොත් එය 3 මට්ටම වෙන ඒඩ්ස් තත්වයට පත්වෙනවා. 

මුලික ලක්ෂණ

  • උණ
  • කැක්කුම සහ වේදනාව
  • ඉදිමුණු වසා ගැටිති
  • සෙම් ගෙඩි
  • හිසරදය
  • ඔක්කාරය
  • රෑෂ්

මෙම ආරම්භක රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මාසයක් හෝ ඊට වැඩි කාලයක් තුළ පෙන්නුම් කරනවා.

එතැන් සිට පුද්ගලයෙකුට වසර ගණනාවක් තිස්සේ බරපතල රෝග ලක්ෂණ වර්ධනය නොවී සිටිය හැකිය.

වර්ධනය වු රෝග ලක්ෂණ

  • නැවත නැවත ඇතිවෙන තෙහෙට්ටුව
  • උණ
  • හිසරදය
  • උදරාබාධ

HIV සඳහාද තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ.

නමුත් එය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර තියෙනවා. 

ඔබ එක් විශ්වාසනීය සහකරුවෙකු සමග ඇසුරක් පැවැත්වීම හෝ ලිංගිකව එක් වීමේදි ආරක්ෂක ක්‍රම වේද භාවිතා කිරීම සුදුසු වෙනවා.

5. ගොනෝරියා

මෙයත්  පොදු බැක්ටීරියා රෝගයකි. 

ගොනෝරියා රෝගයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ.

මුලික රෝග ලක්ෂණ

  • ශිෂේණය හෝ යෝනි මාර්ගයෙන් සුදු, කහ, ලා දුඹුරු හෝ කොළ පැහැති ස්‍රාව පිටවීම
  • ලිංගික හැසිරීමේදි හෝ මුත්‍රා කිරීමේදී වේදනාව 
  • වෙනදාට වඩා නිතර නිතර මුත්‍රා කිරීම
  • ලිංගික අවයව වටා කැසීම
  • සෙම් ගෙඩි

ප්‍රතිකාර නොකලහොත් මෙම ලක්ෂණ ඇති විය හැකිය.

  • මුත්‍රා, පුරස්ථි ග්‍රන්ථිය හෝ වෘෂණ කෝෂ ආසාදන
  • ශ්‍රෝණි ප්‍රදාහ  රෝග
  • වඳභාවය

දරු ප්‍රසූතියේදී මවක ගෙන්  අලුත උපන් බිළිඳකුට ගොනෝරියා රෝගය වැළඳිය හැකිය.

එහිදි ගොනෝරියා රෝගය නිසා දරුවා තුළ බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා ගර්භණි මව්වරුන්  ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂාවන් කර ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වෙනවා.

මෙම රෝගයට  ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනු ලබයි.

ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?

අනාරක්ෂිත ලිංගික ඇසුර නිසා ඔබත් මෙම ලිංගික රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්.

6. Pubic lice – රහස්‍ය ප්‍රදේශයේ රෝම වල හැදෙන උකුණන්

ඔබගේ රහස්‍ය ප්‍රදේශයේ රෝම අතර ජිවත් වෙන උකුණන් වැනි ජිවින් වර්ගයකි. ඔවුන් ඔබේ රුධිරයෙන් යැපේ.

මෙම රෝගයේ පොදු රෝග ලක්ෂණ 

  • ලිංගික අවයව හෝ ගුදය වටා කැසීම
  • ලිංගේන්ද්‍රිය හෝ ගුදය වටා කුඩා රෝස හෝ රතු ගැටිති ඇතිවීම
  • මද උණ
  • ශක්තිය නොමැතිකම
  • නුරුස්නා බව

ඔබේ රහස්‍ය ප්‍ර‌ේශය අතර සිටින උකුණන් හා සුදු පැහැති බිත්තර ඔබට සමහර විට දකින්න පුළුවන්.

ප්‍රතිකාර නොකලහොත්, සමේ සිට සමට ස්පර්ශ වීමෙන්  හෝ හවුලේ ඇඳුම් ඇදීම , ඇඳ ඇතිරිලි හෝ තුවා මගින් මෙම උකුණන් වෙනත් පුද්ගලයින්ට පැතිර යන්න පුළුවන්.

මෙම උකුණන්ගේ දෂ්ට කිරීම් ද ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මන් ප්‍රතිකාර ලබාගන්න.

මෙම රෝගය සදහා ප්‍රතිකාර ගැනීම මෙන්ම රෝම ඉවත් කිරීමද සුදුසු වෙනවා. 

ඔබේ ඇඳුම්, ඇඳ ඇතිරිලි, තුවා සහ නිවස පිරිසිදු කිරීම ද වැදගත් වෙනවා.

7. ට්‍රයිකොමෝනියාසිස්

මෙම රෝගය  ලිංගික සම්බන්ධතා මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය කරන්නේ  ඉතා කුඩා ප්‍රෝටෝසෝවන් ජීවියෙකු විසිනි.

රෝග ලක්ෂණ

  • යෝනි මාර්ගයෙන් හෝ ශිෂේණයෙන් ස්‍රාව පිටවීම ( මෙහිදි කාන්තාවන්ගේ ස්‍රාව වල අප්‍රසන්න හෝ “මාළු” සුවඳක් තිබීම)
  • යෝනි මාර්ගය හෝ ශිෂේණය වටා දැවීල්ල හෝ කැසීම ඇතිවීම
  • මුත්‍රා කිරීමේදී හෝ ලිංගිකව එක්වීමේදී වේදනාව දැනීම
  • නිතර නිතර මූත්‍රා කිරීම

ප්‍රතිකාර නොකලහොත් පහත රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

  • මුත්‍රා ආසාදන
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝග
  • වඳභාවය

මේ රෝගය සදහා ප්‍රතිජිවක ඖෂධ ලබා දිය හැකිය

8. හර්පීස්

මෙම රෝගය  හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය (HSV) මගින් බෝවේ.

එහි HSV-1 සහ HSV-2 ලෙස ප්‍රශේද දෙකක් ඇත. මෙම ප්‍රශේද දෙකම ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

රෝග ලක්ෂණ

  • HSV-1  මගින් නම් උගුරේ තුවාල ඇතිවීම
  • මුඛයේ හෝ ලිංගික අවයව වටා බිබිලි තුවාල ඇතිවීම

හර්පීස් තුවාල සාමාන්‍යයෙන් සති කිහිපයක් ඇතුළත සුව වී සුව වෙනවා.

මෙම බිබිලි මුලින්ම පිපිරි යෑම වේදනාකාරි වෙන අතර කාලයත් සමග මෙම පිපිරීම් වල වේදනාව අඩු වෙනවා.

ගර්භනී කාන්තාවකට හර්පීස් තිබේ නම්, ඒ මගින් කලලයට හෝ බිහිවෙන දරුවාට ආසාදනය වෙන්න පුළුවන්.

මෙම හර්පීස් අලුත උපන් දරුවන්ට ඉතා භයානක වෙන්න පුළුවන්.

ඒ නිසා ගර්භණි මව්වරුන් මෙම රෝගයෙන් ආරක්ෂා වීම වැදගත් වෙනවා.

තවමත් හර්පීස් සඳහා ප්‍රතිකාරයක් සොයා ගෙන නැහැ.

නමුත්  රෝග පාලනය කිරීමට සහ උගුරේ වේදනාව සමනය කිරීමට ඖෂධ ලබා ගන්න පුළුවන්. 

ලිංගික ජීවිතයේ වැදගත්කම

මේ ලිංගික රෝග 8 ගැන ඔබ දැන් දැනුවත් ඇති නේද?

ඵලදායී ප්‍රතිකාර හා ආරක්ෂිත ලිංගික ක්‍රමවේදයන් භාවිතයන් ඔබට මෙම ලිංගික රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්.

ලිංගිකව බෝවෙන තවත් රෝග කිහිපයක් තියෙනවා. මෙම රෝග වලට ගොදුරු වී ප්‍රතිකාර සොයා යාමට වඩා ඉන් ආරක්ෂා වීම වැදගත් බව මතක තබා ගන්න.

මුලාශ්‍ර – www.healthline.com

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ලිංගිකව සම්ප්‍රේශණය වෙන මේ රෝග 8 ගැන ඔබ දැනුවත්ද?
බෙදාගන්න :
  • ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

    ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

  • ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

    ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

  • ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

    ඩෙංගු රෝගය ලිංගිකව බෝවෙන බවට  ස්පාඤ්ඤයෙන් නිකුත් වු පළමු අඬහැරය

  • ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

    ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it