theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

5 අවම කියවීම
බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්නබබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

බබාගේ නිසි වර්ධනය හා ‌සෞඛ්‍යය ‌පෙන්වන සලකුණු 8 ක්

හරියට කථා කරන්න බැරි නිසා අපට අලුත උපන් දරුවාගේ සෞඛ්‍යය ගැන දැන ගන්න වෙනත් ක්‍රම අවශ්‍ය වෙනවා.

එය පහසු කටයුත්තක් නෙමෙයිත එහෙත් ඔබේ දරුවා සමීපව නිරීක්ෂණය කළහොත් ඒ සදහා ඉගි ලබාගන්න ඔබටම පුළුවන්.

ඒ සදහා මෙම ලක්ෂණ 8 ගැන ඔබට සැලකිලිමත් වෙන්න පුළුවන්.

බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න

දරුවාගේ සෞඛ්‍යය ගැන කියා පාන ලක්ෂණ 8 ක්

1.ඔබේ කටහඩ හා ස්පර්ශයෙන් දරුවා සංසුන් වෙනවා නම්

ගර්භාෂයේ සිටි කාලයේ සිට ඔබේ දරුවා ඔබේ කටහඩ අදුරනවා. ඒ වගේම ඔබේ උණුසුම දරුවා සංසුන් කරනවා.

ඔබව අවට දැකීම පමණක්  හුරතල් කර , ඔතා හා ඔබේ උණුසුම් සිරුරට සමීපව තබා ගැනීම තරම් දරුවාට සැනසීමක් ලබා දෙන්නේ නැහැ.

එය ඔබ දෙදෙනා අතර ඇති බැඳීම පිළිබඳ ලකුණක්ද වෙනවා.

ඔබේ දරුවා මෙම සලකුණ පෙන්වයි නම් ඔහු හෝ ඇය නිරෝගී බවට සලකුණක් වෙනවා.

2.ඔබේ දරුවාගේ බර වැඩිවන අතර නිතර නිතර ඩයපර් වෙනස් කිරීම අවශ්‍ය වෙනවා නම්

ඔබ මාසික සායන වලට ගිහින් බබාගේ බර මනිනවා නේද? ඒ බර ළදරු වර්ධන සටහනේ නියමිත කලාපයේ සලකුණු වෙන විට බබාාගේ බර වැඩිවීම ඔබගේ සිතට සතුටක් ලබා දෙනවා.

ඔබේ දරුවාට දිනකට අවම වශයෙන් මුත්‍රා වාර  අටක් හෝ දහයක් පිට කල යුතුයි.

එනම් තෙත් ඩයපර් වාර  අටක් හෝ දහයක් මාරු කල යුතුය.

ඔබේ දරුවා නිතර නිතර ආහාර ඉල්ලන විට වර්ධන වේගයෙන් සිදුවෙනවා. එවිට ඔබේ දරුවාට නිතර පෝෂණය කළ යුතුය.

3.ඔබේ දරුවා හොදින් සවන් දෙනවා නම්

දරුවා ඔහුට අලුත් සෑම ශබ්දයකටම හැරී බලනවා නම් ඔහුගේ ශ්‍රවණය වර්ධනය වෙමින් තියෙනවා.

ඒ වගේම ඔහු විවිධ ශබ්ද හඳුනාගෙන වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ කරනවා.

ළදරුවන්ට උපතට පෙර  සිටම ඇහුම්කම් දෙන්න පුළුවන් වුනත් මවගේ ගර්භාෂයෙන් පිටත එදිනෙදා ඇසෙන විවිධ ශබ්ද හඳුනා ගැනීමට ඔවුන්ට කාලය ගතවෙනවා.

සමහර ශබ්ද වලට ඔබේ දරුවා කැමති නැති වෙන්න පුළුවන්. ඔබේ දරුවා ප්‍රිය කරන ශබ්ද තියෙන්නත් පුළුවන්.

කෙසේ වෙතත් ඔබේ දරුවා නව ශබ්දයක් නිකුත් වන ප්‍රභවය දෙස හැරී බලනවා නම් එය සෞඛ්‍ය සම්පන්න ලකුණකි.

4.ඔබේ දරුවා චලනයන්, වර්ණ සහ රටා දෙස බලනවා නම්

ඔබේ දරුවා චලනය වන සෙල්ලම් බඩු, විදුලි පංකා, දීප්තිමත් හා වර්ණවත් වස්තූන් දෙස බලන්නේ නම්, එය ඇස් පෙනීම තියුණු වන බවට ලකුණක් වෙනවා.

ළදරුවන්ට ඇස් පෙනීම 20/100 ක් පමණ වන අතර අඟල් අටක් හා 12 ක් දුරින් තිබෙන දේවල් දකින්න පුළුවන්.

එනම් බබාට ඔබ මව්කිරි දෙන විට ඔබ හා දරුවා ඇති දුර ප්‍රමාණයයි.

ඔබේ දරුවාට මාසයක් පමණ වන විට අඟල් 18 ක් ඈතින්ඇති දේවල් දකින්න පුළුවන්.

දෙවන මාසය වන විට, බොහෝ ළදරුවන්ට දීප්තිමත් වර්ණ, රටා, භ්‍රමණය වන වස්තූන් ආදිය දෙස බලන්න පුළුවන්.

සාමාන්‍යයෙන්, වර්ණ පිළිබඳ අවබෝධය ගැඹුරු වීමට පෙර එකිනෙකට වෙනස් වර්ණ ඔවුන්ගේ අවධානයට ලක් වෙනවා.

මෙලෙස දරුවාගේ පෙනීම හොද තත්වයක ඇත්නම් එය හොද සලකුණකි.

5.ඔබේ දරුවා අවධානයෙන් හා නිශ්ශබ්දව සිටී නම්

එනම් ඔබේ දරුවා වටපිටාව නිරීක්ෂණය කරමින් ඉගෙන ගන්නා බවයි.

දරුවා නිශ්ශබ්ද නම් ඇය නව තොරතුරු එහි වටපිටාවෙන් ලබාගැනීමට උත්සාහ කරනවා.

උපතින් පසු ආරම්භක සතිවලදී, ඔබේ දරුවාට පෙනෙන්නේ  බොඳ වු දසුන්ය.

දරුවාගේ ඇස් ඉලක්කයක් වෙත අවධානය යොමු කිරීමට පෙර අක්ෂි මාංශ පේශි පාලනය කිරීමට ක්‍රමයෙන් පටන් ගන්නවා.

6.ඔබේ දරුවාට නිතිපතා නිදාගැනීමේ රටාවක් තියෙනවා නම්  හැඩීම හා නොසංසුන්වීම අඩු නම්

මේ ලක්ෂණ ඔබේ පුංචි පැටියාගේ ස්නායු පද්ධතිය වර්ධනය වන බව පෙන්වනවා. සිව්වන මාසය වන විට, බොහෝ ළදරුවන්ට නිදාගැනීමේ රටාවක් තියෙනවා.

බාධා කිරීම් අඩුයි. එනම් රාත්‍රී කාල මව්කිරි බීම අතර පැය හතරක් හෝ ඊට වැඩි කාලයක් නිදාගන්නවා.

සමහර ළදරුවන් මෙම නිදාගැනීමේ රටාව අනෙක් ළදරුවන්ට වඩා ඉක්මනින් ඇති කරගන්නවා.

නමුත් ඔබට මෙම රටාව අනුගමනය කිරීමට සැලසුම් කර නොමැති වැඩිහිටි දරුවෙකු සිටී නම්, ඔහු නියමිත රටාවකට සකස් කල යුතුයි.

7.දරුවාගේ සෞඛ්‍යය: ඔබේ දරුවාටතම  සිරුරේ බර දරා ගන්න පුළුවන් නම් 

ඔබේ කුඩා දරුවාට පස්වන මාසය වන විට  කිසිදු සහායක් නොමැතිව හිස ස්ථාවරව තබා ගන්න පුළුවන්.

පළමු හා තෙවන මාස වලදි බබාගේ හිසට සහයක් අවශ්‍ය නැති බව ඔබට දැනුනද එසේ සහයක් නොමැතිව තැබීමෙන් දරුවා අනතුරේ දමන්න එපා.

දරුවා බිම මුනින් අතට සිටින විට ඔහුගේ මාංශ පේශි වර්ධනයට ව්‍යායාම ලැබෙනවා.

8.ඔබේ දරුවා සමාජශිලි නම්

ඔබේ දරුවා මිනිසුන් සමඟ ඇස වලින් සම්බන්ධ වේ නම්, ඔවුන් දෙස බලා  සිනාසෙයි නම් එය ඔබේ දරුවා නිරෝගි සහ සතුටින් ඉන්නා බවට ලක්ෂණයකි.

බබාට පළමු මාසයේදි  අක්ෂි ස ම්බන්ධතාවය සිදුවෙන්න පුළුවන්.

දෙවන මාසය වන විට දරුවා සිනහ වීමට පටන් ගන්නවා.

තුන්වන මාසය වන විට ඇය මෘදු ශබ්ද නිකුත් කරනවා. සිව්වන මාසය වන විට ඇය සිනාසෙනවා.

පස්වන මාසය පමණ වන විට, ඔබ දරුවා දෙස
සිනාසුණහොත් ඇය පෙරළා ඔබ වෙත  සිනාසෙනවා. මේ ඇය නියමිත ලෙස වර්ධනය වෙන බවට සලකුණු වෙනවා.

දරුවා නිරෝගිව නියමිත ලෙස වර්ධනය වෙනවා කියන්නේ හැම අම්මා කෙනෙක්ම අහන්න කැමති දෙයක් නේද?

ඉහත සලකුණු 8 එලෙස ඔබේ දරුවා නිරෝගිව නියමිත ලෙස වැඩෙන බව පෙන්වන සලකුණු 8 කි.

ඔබේ දරුවාගේ වර්ධනයේ සුළු පමාවක් දුටුවහොත් එකවර කලබල වෙන්න එපා.

සෑම දරුවෙකුම තමන්ගේ වේගයෙන් වර්ධනය වෙන අතර ඔවුන් වර්ධන සංධිස්ථාන වලට ලගා වෙන වේලාවන් වෙනස් විය හැකි බව මතක තබා ගන්න. නමුත් ඔබගේ දරුවාගේ වර්ධනයේ කැපී පෙනෙන වරදක් හෝ පමාවක් ඇති නම් වහාම වෛද්‍යවරයා හමුවෙන්න. ‌

මේ ලිපිය ඔබට  වැදගත් ‌වේවි කියා අප හිතනවා.

ඔබගේ දරුවාගේ වර්ධන හා නිරෝගි බව පෙන්වන මෙවන් සලකුණු තවත් තියෙනවාද?

ඒ තොරතුරු හා ඔබගේ අදහස් අප හා බෙදාගන්න පහලින් ඇති තීරය භාවිතා කරන්න.

මුලාශ්‍ර -  www.momjunction.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • බබා නිරෝගිද කියලා මේ ලක්ෂණ 8 බලන්න
බෙදාගන්න :
  • සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

    සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

  • දරුවාගේ වයස සති දෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස සති දෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

    සතියක් වයස ඔබේ දරුවාගේ සංවර්ධන සංධිස්ථාන

  • දරුවාගේ වයස සති දෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස සති දෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it