theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

5 අවම කියවීම
ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

ශක්තිමත් විවාහයකට තිබිය යුතුම කාරණා 8ක්

ශක්තිමත් විවාහයක් අපි හැමෝගේම ප්‍රර්ථනාව නේද? විවාහයක් සදහටම පැවතීමට හේතුව කුමක්ද? එය කිසි විටෙකත් මැකී නොයන ආදරයක්ද?

විවාහය තුල  සර්වසම්පුර්ණ ගැලපීමක් හා සෑම දෙයකටම එකඟ වීමක් තියෙනවාද?

කල් පවත්නා විවාහයන් පාලනය කරනු ලබන්නේ නොවරදින හැඟීම් වලින් නොව, ආදරයේ සහ කැපවීමේ ස්ථිර පදනමක් මත බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

මනෝවිශේෂඥයින් සහ චිකිත්සකයින් විශ්වාස කරන පරිදි විවාහය අසාර්ථක වීමට  හේතු කාරනා කිහිපයක් තියෙනවා.

කාරණා කිහිපයක් ඔබේ විවාහය තුල ‌නොමැති වීම විවාහය බිද වැටීමට ‌හේතුවයි. ‌මොනවද ‌මේච්චර විස්තර කරන කාරණා 8?

ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

1. ශක්තිමත් විවාහයක් සදහා අන්‍යෝන්‍ය ගෞරවය

සම්බන්ධතාවයක් කාලයක් පවත්වා ගැනීමට නම් ඔබ එකිනෙකාට අව්‍යාජ ලෙස ගරු කළ යුතුය.

ඔබ පරීක්ෂාවට ලක්වන අවස්ථා, ඔබ එකිනෙකාට ‘කැමති’ නොවන අවස්ථා ජිවිතය තුල තියෙන්න පුළුවන්.

නමුත්  ඒ සෑමවිටම ගෞරවය තිබේ නම්, අසීරූ කාලවලදී ඔබේ සම්බන්ධතාවය යථා තත්වයට පත් කිරීම ඔබට පහසු වේවි.

ඒ නිසා ඔබ එකිනෙකාට ‌ගෞරව කරන්න.

2.විවෘතව අදහස් හුවමාරු කරගැනීම 

විශේෂඥයින්ට මෙය ප්‍රමාණවත් ලෙස අවධාරණය කරන්න බැහැ. අවංකව හා ඵලදායී ලෙස අදහස් හුවමාරු කරගැනීම ශක්තිමත් විවාහයක වැදගත්ම අංගයකි.

මෙයින් අදහස් කරන්නේ ඔබ 24/7 ම කියන සියල්ලටම  එකඟ වීමට අවශ්‍ය බව නම් නොවෙයි.

නමුත් එකඟ වීමට හෝ නොවීමට ඔබ දෙදෙනාම කතා කිරීමටත්, අව්‍යාජ හොඳ සවන්දෙන්නන් වීමටත් තරම් පරිණත විය යුතුය. 

ඔබට ‌දෙපලට තීරණයක් ගත යුතු සෑම විටම අදහස් හුවමාරු කරගන්න. එහිදි එකග ‌නොවන කාරනා පවා එකිනෙකා ගැටුම් ඇති ‌නොකර ‌ගෙන අවබෝධයක් ගන්න පුළුවන්.

3.විනෝදය හා සිනාහව

 ඔවුන් පවසන්නේ ඔබ විවාහ විය යුත්තේ ඔබව සිනහා ගන්වන්න පුළුවන් අයෙක් සමග බවයි.

මෙහි බොහෝ සත්‍යයක්ද තියෙනවා.

ඔබව ඒ සදහා පෙළඹවීමෙන් එදිනෙදා අත්දැකීම් වල විනෝදය සොයා ගැනීම සහ ජීවිතයේ අභියෝග නොතකා හාස්‍යජනක හැඟීමක් ඇති කරන්නවා.

ඒ තුලින් ඉදිරි ගමන පහසු සහ විනෝදජනක කරාවි.

ඔබව සතුටින් හිනාවෙන් තබන්න පුළුවන් ‌කෙනෙක් එක්ක ඔබට විවාහය තුල දිගු ගමනක් යන්න පුළුවන් ‌වේවි.

4. ශක්තිමත් විවාහයක් සදහා සේවය 

ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

හොඳම යුවලයන් එකිනෙකා ගැන ගැඹුරින් සැලකිලිමත් වෙනවා. ඔවුන් ඔවුන්ගේ යහපත ගැන පමණක් සොයා බලන්නේ නැහැ.

තමන් ගන්නා සෑම තීරණයක්ම තම සහකරුට බලපාන්නේ කෙසේද යන්න ඔවුන් නිතර හිතනවා.

තම සහකරුවා රැකබලා ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් සතුව ඇති බවට සහතික කර ගැනීමට ඕනෑම දෙයක් කරන්න ඔවුන් කැමතියි.

නිරෝගී විවාහයක් නිරතුරුවම පරාර්ථකාමී ක්‍රියා කිරීම  සහ භක්තියෙන් යුක්තව කටයුතු කිරීම මත නිරතුරුව වර්ධනය වෙනවා.

විවාහය තුල කායික පමණක් ‌නොව මානසිකවත් බැදීමක් ඇතිවෙනවා. ඒ තුලින් සහකරු ගැන පරාර්ථකාමීව හිතන්න ‌පෙළඹෙන්නේ හදවතින්මයි.

5. විශ්වාසය

යමෙකු ඔබට පැකිලීමකින් තොරව විශ්වාස නොකර ජීවිත කාලය ගත කරන්න බැහැ.

ඔබේ සහකරු ගැන වැඩි විශ්වාසයක් තැබිය යුතු යැයි ඔබට හැඟේ නම්, එය ඔබේ සම්බන්ධතාවය තුළ වර්ධනය කිරීම සඳහා දිනපතා කටයුතු කරන්න.

විශ්වාසය යනු ඉන්ද්‍රජාලිකව පෙනෙන දෙයක් නම් නොවෙයි. එය කාලයත් සමඟ ගොඩනඟා ගත යුත්තකි.

එබැවින් ඔබට මෙම විශ්වාසය පවත්වා ගැනීම ගැන ගැටලුවක් ඇති බව  හැඟේ නම් කලබල වෙන්න එපා.

එය ගොඩ නගා ගැනීම සදහා ඔබ දෙදෙනාටම එකට ගෙවන්න ජිවිත කාලයක්ම තියෙනවා.

ඒ සදහා කැපවිමෙන් කටයුතු කරන්න. ඔබ සහකරුගේ විශ්වාසය රකින්න . දිනාගන්න. ඒ වගේම සහකරු ‌කෙරෙහිද විශ්වාසයක් ‌ගොඩ නගා ගන්න.

විශ්වාසය ‌නොමැති තැන විවාහය පමණක් ‌නොව කිසිම බැදීමක් නැහැ. ඒ නිසා විශ්වාසය විවාහය තුල ‌කොතරම් වැදගත්ද යන්න ‌තේරූම්  ගන්න.

6.පිළිගැනීම 

යමෙකුට ආදරය කිරීම යනු ඔවුන් කවුරුන්ද යන්න හා ඔවුන් සතු සියල්ල ඔබ සතු කර ගැනීමයි.

අපගෙන් බොහෝ දෙනෙක් අතීත ගැටළු සම්බන්ධතාවලට අරගෙන එනවා. නමුත් ශක්තිමත් යුවළයන් ඒ කිසිවක් වැදගත් නොවන බව දන්නවා.

ඒ ඔවුන් ආදරය හා පිළිගැනීම එකිනෙක හා සම්බන්ධ  බව විශ්වාස කරන නිසයි.

ඔබේ සහකරුට ඔබව අපහසුතාවයට පත් කරන හැසිරීම් හෝ ගුනාංග තියෙන්න පුළුවන්. නමුත් ඔවුන් කෙරෙහි ඇති ඔබේ ආදරය ඒ සියල්ල පසු කර බැලීමට ඔබට උදව් වේවි.

එකිනෙකාට ‌වෙනස් ‌දෙදෙනෙක් එක්ව යන ගමන තුල එකිනෙකාගේ හැසිරීම් ගුණාංග සියල්ල අව‌‌බෝධ කර ගැනිම ටිකක් අසීරු කාරණවක් තමයි.

ඒ අභියෝගය ජය ගෙන ‌පෙරට යන්න නම් ‌එකිනෙකා ‌කෙරෙහි වු තේරූම් ගැනීම වැදගත් ‌වෙනවා.

7.ස්තුතිවන්තභාවය

 ඔබේ සහකරු හෝ සහකාරිය ඔබ වෙනුවෙන් කරන සෑම දෙයක්ම අගය කිරීම වැදගත් වෙනවා.

විවාහය සාර්ථක කර ගැනීමට සිය  සහකරු හෝ සහකාරිය අගය කිරීම අත්‍යවශ්‍ය බව බොහෝ බැඳීම් සහිත යුවළයන් අවබෝධ කරගෙන සිටිනවා.

සෑම දිනකම ඔබේ සහකරුට ‘ස්තූතියි’ හෝ ‘මම ඔබව අගය කරනවා’ යැයි පැවසීමේ පුරුද්දක් ඇති කර ගන්න.

එය අපහසු ‌දෙයක් නම් ‌නෙමෙයි. ඔබ ‌වෙනුවෙන් ඔබේ සහකරු කරන සෑම ‌දෙයකටම ඔබේ ස්තුතිය ප්‍රකාශ කරන්න.

8.පෙළගැස්වූ ප්‍රමුඛතා

ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ ජීවිත සහකරු වෙනවා. එම නිසා මේ එක්ව යන ගමන පහසු සහ අර්ථවත් කිරීම සඳහා ඔබේ දැක්ම සහ ප්‍රමුඛතා ගැලපිය යුතු වෙනවා.

ජීවිතය ඔබට පුදුම සහගත අත්හදා බැලීම් රාශියක් ලබා දේවි. ඒවායින් බොහෝ දේ සිදුවෙන්න පුළුවන්.

නමුත් ඔබේ සිහින හා සාරධර්ම බෙදා හදා ගැනීමට සහාය දෙන සහකරුවෙකු හෝ සහකාරියක සිටීම ඔබට ලැබෙන ඕනෑම දෙයකට මුහුණ දීමට උපකාරී වෙනවා.

ශක්තිමත් විවාහයක් අභියෝගයක් ‌නෙමෙයි ‌නේද?

විවාහයක් ශක්තිමත් කරගන්න කරන්න අවශ්‍ය ‌ ‌මේ ‌දේවල් 8 ගැන ඔබ දැනුවත් ‌වෙන්න ඇති ‌නේද?

‌එසේනම් ‌මේ ගුණාංග ඔ‌බේ විවාහය තුලත් වගා කර ‌ගෙන එය කිසිදා බිදිය ‌නොහැකි බැදීමක් කරගන්න. එවිට ඔබ ‌දෙපලට සතුටෙන් එක්ව ජිවිතයේ ඉදිරි ගමන යන්න පුළුවන්.

ඔබටත් ‌මේ ලිපිය ගැන අදහසක් දැක්වීමට අවශ්‍යද නැතිනම් ‌මේ සම්බන්ධව ගැටලුවක් තිබේද? එහෙනම් පහතින් දැක්වෙන කමෙන්ට් තීරය තුල ඔබගේ අදහස් දක්වන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්
බෙදාගන්න :
  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

    එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

    එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it