theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතුටින් ඉන්න අම්මලා හැමදාම කරන දේවල් 8ක්

3 අවම කියවීම
සතුටින් ඉන්න අම්මලා හැමදාම කරන දේවල් 8ක්සතුටින් ඉන්න අම්මලා හැමදාම කරන දේවල් 8ක්

සතුටින් නොකරන කරණා කිහිපයක් ගැන අපි බලමු.

Candy House blog හි ගෘහස්ත හිංසනය පිලිබඳ ස්වේච්ඡාවෙන් සේවය කරන අයෙකු විසින් සඳහන් කරන පරිදි විශේෂ රැකවරණ ලබන කාන්තාවන් හා ඇය දන්නා කාන්තාවන් අතරින් ඇයට දැනගන්නට ලැබුණු හා අධ්‍යනය කළ කරුණු බෙදා ගත්තා. ඇගේ අන්තර්ජාලයේ සංවාද මණ්ඩපයක (blog) ඇය විසින් සතුටින් ඉන්න අම්මලා හා තරහෙන් ඉන්න අම්මලාගේ වෙනස්කම් සාකච්ඡා කර තිබුණා.

සතුටින් ඉන්න අම්මලාගේ විශේෂත්ව කිහිපයක් තියෙනවා.

1. මොවුන් කිසි විටෙකත් සම්පුර්ණත්වය අපේක්ෂා නොකරයි

සතුටෙන් ඉන්න අම්මලා දරුවෙකුගේ සහ ඉහළම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ අසාධාරණ ආකාරයට නෙමෙයි. සතුටෙන් ඉන්න අම්මලා මෙය අවබෝධ කර ගන්නවා. සතුටෙන් ඉන්න අම්මලා නිතරම වැරදීම් තුළින් අත්දැකීම් ලබාගෙන ජිවිතයේ සාර්ථකත්වය ලබනවා.

2. සතුටින් ඉන්න අම්මලා තුළින් ප්‍රබෝධය හා සතුට විහිදෙනවා

සතුටෙන් ඉන්න අම්මලා තුළ නිතර ප්‍රීතිය දකින්න ලැබෙනවා. ඔවුන් ඉන්න තැනත් සතුටින් පිරෙනවා. ඒ නිසා හැමදෙනාම ආදරෙන්, ආරක්ෂාවෙන් පිරෙනවා. වෙනත් ආකාරයකට කියනවා නම් ඇගේ ආදරය හැමෝටම දැනෙනවා. එය පැතිරෙනවා.

 3. ඔවුන්ගේ ජිවිතයේ අරගලයන් නුවණින් තෝරාගන්නවා

සතුටෙන් ඉන්න අම්මලා දරුවන්ගේ ඉතා සුළු දේවල් පවා ලොකුවට අරගෙන ඒවාට රණ්ඩු වෙන්නේ නැහැ. සතුටෙන් ඉන්න අම්මලා නිහඬ විය යුතු අවස්ථාවන් සහ කලබල විය යුතු, තීරණ ගත යුතු අවස්ථා හරි හැටි තෝරාගන්නවා. ඒ වගේම දරුවන්ට ගරු කල යුතු අවස්ථාවන්ද ඇය දන්නවා. දරුවන්ට හැදෙන්න, වැඩෙන්න ඉඩක් දිය යුතු බව ඇය දන්නවා. ඒ නිසා අවශ්‍ය වූ විටෙක සීමාවන් පනවමින් ඇය දරුවන්ට අවශ්‍ය නිදහස දෙනවා.

 4. සතුටින් ඉන්න අම්මලා අවංකයි

වචනයක් දුන්නොත් එය රන් වගේ විය යුතුයි. මෙය අම්මලාට වගේම හැම කෙනෙකුටම පොදුයි. සතුටින්ඉන්න අම්මා කෙනෙක් පොරොන්දුවක් වුනොත් ඇය එම පොරොන්දුව නිසි වෙලාවට ඉටු කිරීම වටින බව දන්නවා. ඇය ඇගේ පවුලටත් ඒ වගේම අවංකයි.

5. මෙම අම්මලා හරිම ක්‍රියාශීලියි

ක්‍රියාශීලි දෙමාපියන් තමන්ගේ දරුවන් සමග ක්‍රීඩාවන් වල යෙදුන විට ඔවුන් හා දරුවන් අතර ඇති බැඳීම තවත් වැඩි වෙනවා.ඒ මගින් ඉතා සම්පුර්ණ බැඳීමක් හා දරුවන් රැක බලා ගැනීම ගැන හොඳ අත්දැකීම් රැසක් ලැබෙනවා. සතුටින් ඉන්න අම්මලා නිතරම තමන්ගේ දරුවන් සමග පාක් එකක නැත්නම් ගෙදරදී වුනත් සෙල්ලම් කරන්න හරිම කැමතියි.

6. සතුටෙන් ඉන්න අම්මලා හොඳින් ඇහුම්කන් දෙනවා

සතුටින් ඉන්න අම්මලාට දරුවන්ව හොඳින් තේරුම් ගන්න හැකියාව ඇති නිසා ඔවුන්ට උදවු කරන්න ලේසියි. ඔවුන් මෙය කරන්නේ කොහොමද? ඔවුන් නිතරම තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙනවා. ඔවුන්ට ඇති පුදුම සහගත ඇහුම්කන් දීමේ ගුණය නිසා ඔවුන් දරුවන්ට කරුණාව, දයාව හා අනුකම්පාව දක්වන්න යොමු වෙනවා.

 7. මේ අම්මලා නුවණක්කාරයි

සතුටින් ඉන්න අම්මලා තමන්ගේ දරුවන්ගේ දැනුම පුළුල් කරගන්න උදවු වෙනවා. ඔවුන් මේ දේවල් ඉගෙන ගන්නේ ඔවුන්ගේ දරුවන් සමග කාලය ගත කරමින් හා ඔවුනට දැනුම ලබාදෙමිනුයි.  සතුටින් ඉන්න අම්මලා ඔවුන් සතු දැනුම බෙදාගන්න හරිම කැමැතියි.

 8. සතුටින් ඉන්න අම්මලාට සතුටින් හිඳිම සතුටක්

මම කියන්න හදන්නේ සතුටින් අම්මලාගේ ආකල්ප නිතරම හරිම ශුභවාදී බවයි. දවසක අවසානයේ ගෙදර සාමාජිකයන්ටත් ඒ සතුට ළඟා කර දෙන්න ඒ නිසා ඇයට පුළුවන් වෙනවා. ඒ හින්දයි සතුටින් ඉන්න අම්මලා සතුටින්ම හිඳිම වටින්නේ. දරුවෝ ඔවුන්ව නිහඬවම අනුකරණය කරනවා.

සතුටින් හිඳිම ගැන අපට කතා කරන්න ලේසි වුවත් එහෙම ඉන්න එක ඇත්තටම එතරම්ම පහසු නැහැ. එත් theAsianparent Sri Lanka අපි ඔබ සමග රැඳෙන්නේ ඔබට හැමදාම සතුටින් ඉන්න උදවු කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • සතුටින් ඉන්න අම්මලා හැමදාම කරන දේවල් 8ක්
බෙදාගන්න :
  • පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

    පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

  • පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

    පිරිමි දරුවන් අම්මලාගෙන් සොයන කාරණා 10 ක්

  • A tribute to my Mum-in-law: Happy Mother’s Day!

    A tribute to my Mum-in-law: Happy Mother’s Day!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it