theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?

4 අවම කියවීම
Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?

පැටියා චූ දමන්නට හොරද? චූ දමද්දී හඬනවාද? පැටියාට මුත්‍රා ආසාදනයක් විය හැකි බැවින් මේ කරුණු ගැන විමසිලිමත් වන්න.

දරුවන්ගේ මෙන්ම මවුවරුන්ගේද සෞඛ්‍ය ගැටළු, විශේෂයෙන් දරුවාගේ මුත්‍රා ආසාදන පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා.

අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන්. වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?

ළමා කාලය තුළ මුත්‍රා ආසාදන (UTIs) බහුලව දක්නට ලැබේ. සියලුම UTI වලට ආසන්න වශයෙන් මුත්‍රා විවෘත වීමට ඇතුළු වන බැක්ටීරියා (මුත්රාශයේ සිට මුත්‍රා ශරීරයෙන් ඉවතට පිට කරන නළය) සහ මුත්රාශයට සහ සමහර විට වකුගඩු වලට ඉහළට ගමන් කරයි.

කලාතුරකින්, දරුණු ආසාදනවලදී, බැක්ටීරියා වකුගඩු වලින් රුධිරයට ඇතුළු වී රුධිර ප්‍රවාහයට (සෙප්සිස්) හෝ වෙනත් අවයව වලට ආසාදනය වීමට හේතු වේ.

කෙසේ වෙතත් ළදරුවන් තුළ ඇතිවන මුත්‍රා ආසාදන හඳුනාගැනීම අසීරු වන්නේ ළදරුවාට තම අපහසුතා සන්නිවේදනය කිරීම අපහසු නිසායි.

ඒ ගැන දෙමාපිය අපි දත යුතු වැදගත් කරුණු රැස වෛද්‍ය දිනූ මහත්මිය සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වනවා.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.

Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය.

ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

ඉතින් මේ විශේෂාංගය ඔස්සේ අද ඔබ වෙත ගෙන එන්නේ පුංචි දරුවන්ගේ මුත්‍රා අසාදන සම්බන්ධයෙන් මව්වරුන් දැනුවත් කිරීමේ අරමුණින් වෛද්‍යතුමිය Sri Lankan Moms Facebook සමුහය වෙත ලියූ ලිපියකි.

දරුවාගේ මුත්‍රා ආසාදන ඇති වෙන්නේ මුත්‍රා මාර්ගය තුලට අහිතකර බැක්ටීරියා ඇතුල්වීමෙන්.

දරුවාගේ මුත්‍රා ආසාදන

වයස අවුරුද්දට අඩු දරුවන් විශේෂයෙන් මුත්‍රා ආසාදන ඇතිවීමෙන් ප්‍රවේසම් කරගත යුත්තේ එම අසාදනය මගින් වකුගඩු වලට හානි විය හැකි නිසයි.

දරුවාට මුත්‍රා ආසාදනයක් ඇති බව හඳුනාගන්නේ කෙසේද?

1. මුත්‍රා  කිරීමේදී හැඬීම (පොඩි දරුවන් මෙන් මුත්‍රා  කිරීමට කලින් නෙවයි)
2. කඩින් කඩ ටිකෙන් ටික වේදනාවෙන් මුත්‍රා කිරීම
3. පැය ගානක් මුත්‍රා නොකර සිටීම (වේදනාව නිසා)
4. තද උණ
5. වමනය
6. උණ සමග උන වලිප්පුව සෑදීම
7. දරුවා අහේතුකව හැඬීම
8. මුත්‍රා කරන වාර ගණන වැඩිවීම (වැස්ස දවසට නෙමෙයි)

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබිය හැක. මෙවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

දරුවාගේ මුත්‍රා ආසාදන

මුත්‍රා ආසාදන වළක්වාගන්නේ කෙසේද?

1. දරුවාගේ මුත්‍රාශය අවට ප්‍රදේශය සැමවිටම පිරිසිදුව තබාගන්න
2. ගැහැණු දරුවෙක් නම් මුත්‍රා  ප්‍රදේශය සේදීමේදී පහල සිට ඉහලට (එනම් මුත්‍රා  ප්‍රදේශයෙන් ආරම්භ කර ගුද ප්‍රදේශයෙන් අවසන් වන ආකාරයට) එම ප්‍රදේශ පිරිසිදු කරන්න. ලොකු දරුවෙක් නම් එසේ කරන්න උගන්වන්න.
3. පිරිමි දරුවෙක් නම් පෙර සම ඇඟිලි තුඩු 2කින් සියුම්ව රෝල් කිරීමෙන් පිරිසිදු කරගන්න. චර්මච්ඡේදනය සිදු නොකෙරු බිළිඳුන්ගේ අවුරුදු 1.5-2ක් යනතුරු බලෙන් පෙරසම පිටුපසට දමා පිරිසිදු නොකළ යුතුයි.
4. කපු රෙදි වලින් මැසූ යට ඇඳුම් භාවිතා කරන්න.
5. දරුවාට වැඩිපුර දියර වර්ග ලබාදෙන්න
6. තේරෙන වයසේ දරුවෙක් නම් සැමවිටම මුත්‍රා කරන්නට මතක් කරන්න.
7. මලබද්ධය මුත්‍රා ආසාදන ඇතිකිරීමට හේතු විය හැකි බැවින් දරුවාට හොඳින් පලතුරු, පලා වර්ග ලබාදී දිනකට වතාවක් හෝ මල පහ කිරීමට හුරු කරවන්න.
8. පැම්පර්ස් භාවිතා කරන්නේ නම් අඩුම ගානේ පැය 3කට වරක් වත් තෙත නොවී තිබුනත් මාරු කරන්න. (overnight diapers කියා හඳුන්වාදී තිබෙන ඒවා හැර)

මුත්‍රා ආසාදනයක් ඇතිවූ විට වෛද්යවරයා ලබාදෙන බෙහෙත් වට්ටෝරුව සම්පූර්ණයෙන් දරුවාට ලබාදිය යුතුයි. රෝග ලක්ෂණ පහව ගියත් බැක්ටීරියා සියල්ලම විනාශ කිරීමට මෙය උපකාරී වනු ඇත.

මුත්‍රා ආසාදනය සම්පූර්ණයෙන් සුව නොවුනොත් නැවත නැවත ඇතිවිය හැකි බව මතක තබාගත යුතුයි. එබැවින් වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න.

දරුවන්ට ඇති විය හැකි මුත්‍රා ආසාදන හඳුනාගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • Dr. Dinu අපට කියයි: චූටි පැටියා මුත්‍රා පහ කරන්නේ වේදනාවෙන්ද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it