theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

4 අවම කියවීම
දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමුදරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

පාඩම් ක්‍රම රැසක් අතුරින් හොඳම ක්‍රම ඔබේ දරුවාට කියා දෙන්න.

ඔබ දරුවෙක්ට පාඩම් කියලා දෙන්නේ පොතක් බලාගෙන පොතේ තියන දේවල් විතරයි නම් ඒවා මතක තිබීමේ ඉඩ කඩ අවමයි. දරුවෝ ස්වභාවයෙන්ම කැමති පරිසරය ආශ්‍රය කරගෙන කරන ඉගැන්වීම් වලට. පාඩම් ක්‍රම නම් රාශියක් තිබෙනවා.අද අපි බලමු දරුවන්ට මතක හිටින ලෙස උගන්වන්නේ කොහොමද කියලා. මතක හිටින කෙස උගන්වන්නට උපයෝගී කර ගන්නා පාඩම් ක්‍රම මොනවාද කියලා.

1. එළවලු, පලතුරු ගැන මතක හිටින විදියට උගන්වන පාඩම් ක්‍රම මොනවාද?

උදාහරණයක් විදියට ඔබ්ට දරුවෙක්ට එළවලු, පලතුරු ගැන උගන්වන්නට උවමනා යැයි සිතමු.

ඔබ පොතකින් එළවලු, පලතුරු වල පින්තූර දරුවාට පෙන්වා කියලා දෙනවාට වඩා ඇත්තටම ඒ එළවලු, පලතුරු දරුවා අතට දී ඒ ගැන කියා දීමෙන් දරුවා ඒවා ගැන ඉගෙනීම වේගවත් වෙනවා. ඒ වගේම මතක හිටිනවා.

ඒවායේ හැඩය, රූපය සිතුවමට නඟන්නට කියා කියන්නත් පුලුවන්.

ඔබට එයට අමතර වෙහෙසක් දරන්නට උවමනා වෙන්නේත් නෑ. ඔබ උයන ගමන්, දරුවාට කෑම කවන ගමන් උනත් කියලා දෙන්නට හැකියි. මේ වගේමයි වර්ණ ගැන කියලා දෙද්දිත්. පරිසරය ආශ්‍රය කරගෙන දරුවාට ඉගැන්විය හැකියි. එතකොට අමතක වෙන්නෙත් නෑ.

2. ඉලක්කම් උගන්වන්නට පාඩම් ක්‍රම

දරුවාට ඉලක්කම් ගැන කියලා දෙන්නට උවමනා නම් ගල් කැට, ගිනි කූරු, මදටිය ඇට වගේ දේවල් වලින් කියලා දෙන්නට පුලුවන්. දරුවෝ ඒවාට ආස නිසා ඉබේටම මතකයේ රැඳෙනවා.

පාඩම් ක්‍රම

3. ගණිත ගැටලු මතයේ රැඳෙන ඉගෙනුම් ක්‍රම

එකතු කිරීම, අඩු කිරීම ගැන උගන්වන්නට හොඳම ක්‍රමය දරුවාට මුදල් ගණුදෙනු ගැන කියා දීමයි. ඔබ වෙළඳසැලට යන විට දරුවාව රැගෙන යන්න.

දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

මුදල් ගණු දෙනු කෙරෙනා සැටි බලන්නට දෙන්න. භාණ්ඩ මිලට ගැනීමෙදී භාණ්ඩයේ මිලත්, ඔබ ගෙවන මිලත්, ලැබෙන ඉතුරු මුදලත් ගැන කියලා දෙන්න.

දරුවාටත් තනිව ගණුදෙනු කරන්න අවස්ථාව ලබා දෙන්න. එවිට පහසුවෙන් ගණිත ක්‍රම මතක තබා ගනීවි.

4. හැඩතල මතකයේ රැඳෙන ලෙස උගන්වන්නට නම්

ලේසියෙන්ම පරිසරයේ චාරිකාවක් ගිහින් හැඩතල හඳුනා ගන්නට පුලුවන්. ගල් කැට, ලී කැබලි, වීදුරු කැබලි, ගෙදර තිබෙන බාජන වගේ නොයෙක් දේ වලින් හැඩතල ගැන හොඳ අවබෝධයක් දරුවෙක්ට ගන්නට පුලුවන්.

5. කවි ලෙස මතක තබා ගැනීමේ පාඩම් ක්‍රම

ඔබටත් මතක ඇති පුංචි කාලයේදී දිශා 8 ඉගන ගන්න අපි කවියක් පවා මතකයේ තියා ගත්තා. එය කොපමණ පහසුවක් වූවාද නේද?

උපුල් ඊළඟ නැවේ ගිහින් දම්මි නිදිද බලා වරෙන්.

උපුල් - උතුරු දිශාව
ඊළඟ - ඊසාන දිශාව
නැවේ - නැගෙනහිර දිශාව
ගිහින් - ගිණිකොන දිශාව
දම්මි - දකුණු දිශාව
නිදිද - නිරිත දිශාව
බලා - බස්නාහිර පලාත
වරෙන් - වයඹ දිශාව

ලස්සනට කවියෙන් වගේ කිව්වාම මතකයේ රැඳෙනවා. හරිම ලෙහෙසියි. අමතර මහන්සියක් දරන්න උවමනා නෑ එතකොට.

සාර්ක් සංවිධානයේ රටවල් ටික මතක තියා ගන්නත් අපූරු පදයක් තියෙනවා.

"මා ලඟ පාවෙන භූතයෙක් ඉන්නවා නේ බං"

මොකද්ද මේකෙන් කියවෙන්නෙ?

මා - මාලදිවයින
ලඟ -ලංකාව
පාවෙන - පාකිස්තානය
භූතයෙක් - භූතානය
ඉන්නවා - ඉන්දියාව
නේ - නේපාලය
බං - බංග්ලාදේශය

දැන් නම් මේ රටවල් වලට ඇෆ්ගනිස්තානයත් එකතු වෙලා. නමුත් විහිළුවෙන් රටවල් ටිකත් මතකයේ රැඳෙනවා.

6. කතන්දර වලින් පාඩම් කියා දීම

පොඩ්ඩන්ට මතක හිතෙන විදියට පාඩම් කියලා දෙන්න අපිට උපයෝගී කර ගන්න පුලුවන් තවත් දෙයක් තමයි කතන්දර. දරුවන්ට කතන්දර මතකයේ හිටිනවා.

ඉතින් පාඩමට අදාලව රසවත් කතන්දරයක් ගොතලා කිව්වොත් පාඩම හොඳින් මතකයේ රැඳේවි. විශේෂයෙන්ම් රජ කාලේ කතා එහෙම චිත්ත රූප මවාගෙන පොඩ්ඩන් මතක තියා ගනීවි.

7. ප්‍රායෝගික පුහුණුව

තවත් සාර්ථක පාඩම් මතකයේ රැඳෙන විදියට උගන්වන්න පුලුවන් පාඩම් ක්‍රම වලින් එකක් තමයි ප්‍රායෝගික පුහුණුව කියලා කියන්නේ.

දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

උදාහරණයක් විදියට මලක කොටස් ඉගන ගන්න උවමනා නම් වද මලක් වගේ මලක් ගෙන එය කොටස් වලට වෙන් කරමින් ඒ ගැන කියා දෙන්නට හැකියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එවිට පොතේ තියෙන රූප සටහන බලා මතකයේ රඳවා ගන්නවාට වඩා හොඳ පැහැදිලි මතකයක් දරුවාට හිමි වෙනවා.

සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගිහින් ප්‍රායෝගික දේවල් වලින් උගන්වන එක හරිම සාර්ථකයි. දරුවාට හොඳින් පාඩම් කරුණු මතකයේ රැඳෙනවා.

එවිට ලොකු වෙහෙසක් නොගෙනම සියල්ල මතකයේ තිබෙන නිසා විභාගයක් ආසන්න වෙද්දි උනත් නිදිවරාගෙන පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නෑ.

සැර වැර දමලා, ගුටි පූජා දීලා දරුවන්ට පාඩම් උගන්වනවාට වඩා 100%ක් සාර්ථක මේ ක්‍රම වලින් හොඳ ප්‍රතිපල ලබා ගත හැකිය.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර: https://www.youtube.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු
බෙදාගන්න :
  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it