theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

4 අවම කියවීම
පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

සිසුන් උඩින් පල්ලෙන් පොත් කියවීම, නැවත නැවත කියවා මතක තබා ගැනීම වැනි උපක්‍රම කරුණු මතක තබා ගැනීමට යොදා ගන්නා උපක්‍රම අතර වෙනවා. නමුත් විශේෂඥයන් ඒවා එතරම් ප්‍රතිඵල දායක නොවන බව පවසනවා

වර්තමාන සමීක්ෂණ මගින් දරුවන් පාඩම් කරන ආකාරය එතරම් ප්‍රතිඵලදායක නොවන බව සොයාගෙන තියෙනවා. සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම පිළිබඳ වොෂින්ටන් සෙන්ට් ලුයිස් හි සරසවියේ මාක් මැක් ඩැනියෙල්, හෙන්රි රොජර් විසින් කරන ලද නිගමනයන් වලින් එය සනාථ කර තියෙනවා.

සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම

වසර 80 කට වැඩි අත්දැකීම් ඇති මේ විශේෂඥයන් විසින් The Science of Successful Learning යන පොතෙහි ඒ  ගැන සඳහන් කරනවා.

සිසුන් උඩින් පල්ලෙන් පොත් කියවීම, නැවත නැවත කියවා මතක තබා ගැනීම වැනි උපක්‍රම කරුණු මතක තබා ගැනීමට යොදා ගන්නා උපක්‍රම අතර වෙනවා. නමුත් මේ විශේෂඥයන් ඒවා එතරම් ප්‍රතිඵල දායක නොවන බව පවසනවා. ඊට අමතරව ඔවුන් එයින් වඩාත් සාර්ථක වන සංකල්ප 8ක් දක්වනවා.

සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම : නැවත නැවත සටහන් කියවීම කරන්න එපා

විශේෂඥ මතය - හුඟක් දරුවන් සටහන් නැවත නැවත කියවීම කරනවා. හුඟක් සිසුන් කරන අනවශ්‍ය ක්‍රියාවලිය එයයි. හොඳ මතකයක් ලබාගන්න එය එතරම් සාර්ථක ක්‍රමයක් නොවෙයි. වොෂින්ටන් සරසවියේ සිසුන් ඇසුරින් කළ පර්යේෂණ අනුව ඔවුන් ක්ෂේත්‍ර පොත් කියවීමෙන් මතකය ලබාගැනීම අඩු බව පවසනවා.

පළමු වර පොතක් කියවීම සාර්ථක වුනත් දෙවන තෙවන වර කියවීමේදී එය ඔබ දන්නවා යන පණිවිඩය මනසට යාම නිසා බොහෝ තැන් අතපසු කර කියවීම කරනවා.

ඔබ ගෙන්ම ප්‍රශ්න නගාගන්න

සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම

විශේෂඥ මතය - කියවීම සමග ඔබ විසින් ඔබෙන් ප්‍රශ්න ඇසීම වැදගත්. ඔබ විසින් අසන ප්‍රශ්න වැරදුනොත් ඔබ එය නැවත නැවත නිවැරදි කරගන්න. එය හැදෑරීමට නිසි මග පෙන්වීමක් ලබාදෙනවා. ඒ වගේම ඉන් ගැඹුරින් කරුණු වටහා ගන්න උදවු වෙනවා. ඇයි?, කොහොමද?, කුමක්ද? යන ප්‍රශ්න නිතර නගාගන්න. ඒ සමග ඔබ මනස තුළින් එය පැහැදිළි කරනවා. ඒ මගින් අවසරය ලබාගන්නවා. ඒ නිසා වටහා ගනිමින් ප්‍රශ්න නගමින් මතකය අලුත් කරගන්න.

දන්න දැනුමට අලුත් දැනුම එකතු කර ගන්න

විශේෂඥ මතය - දෙවන වර කියවන විට ඔබ දන්නා දේ සමග කරුණු මුසු කරන්න. විද්‍යාත්මක න්‍යායකට ප්‍රයෝගික උදාහරණ මතකයේ තබාගන්න.

සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම : නව සංකල්ප මවාගන්න

විශේෂඥ මතය - තමන් ආසා කරන දෙයකට රූප, ප්‍රස්ථාර , ජ්‍යාමිතික හැඩ ඇඳ ගැනීමෙන් මතක තබා ගන්න. පාඩම් හැමවිටම තමන්ට ආවේනික ලෙස කරුණු හදාගෙන මතක තබාගැනීම ප්‍රතිඵල  දායකයි. සරලව කියතොත් ඉගෙන ගන්න පුද්ගලයා වැඩිපුර කරුණු ප්‍රශ්න කර ගැනීමට වඩා ගැඹුරින් සිතා තමන්ම ප්‍රශ්න කරන්න හැකි ක්‍රමයක් නිර්මාණය කරගත යුතුය.

ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්න

 

ෆ්ලෑෂ් කාඩ්ස් flash cards යනු විශේෂ විස්තර, මූල පද සහ වචන ඉගෙන ගැනීමට සහ සංශෝධනය කිරීමට භාවිතා කරන කුඩා කාඩ්පත් සමූහයකි. තොරතුරු කොටස් දෙකක් අතර සම්බන්ධතාවය ඉගෙන ගැනීමට ඒවා ප්‍රයෝජනවත් වේ ඔබ ඉදිරිපසින් ප්‍රශ්නයක් හෝ ප්‍රධාන යෙදුමක් ලියන අතර පිටුපස පිළිතුර හෝ අර්ථ දැක්වීම ලියන්න.

විශේෂඥ මතය - එය නැවත ඔබව පරික්ෂා කිරීමක්. ෆ්ලෑෂ් කාඩ් මගින් ඔබට කරුණු මතකයේ තබාගන්න පුළුවන්. එය කටපාඩම් කිරීමට වඩා මතකය දියුණු කිරීමත් කරනවා.

කට පාඩම් කරන්න එපා

විශේෂඥ මතය - එය ඉතා තාවකාලිකයි. හැම දිනයකම එය මතක තිබීම වැදගත්. ඔබ අවසන් වසරට යන විටත් ඒ දැනුම වැදගත් වුවත් ඔබ කටපාඩම් කළ දෙය මතකයේ නොතිබෙන්න පුළුවන්. බොහෝ විට ඊළඟ වසරට එළඹෙන විට සිසුන්ට බොහෝ අධ්‍යන කරුණු අමතකව තිබෙන්නේ ඒ නිසයි.

සාර්ථක විභාග ප්‍රතිඵල ගැනීම : ඒකාකාරීව යනවට වඩා මිශ්‍ර ව ඉගෙනීම

පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්

එකම කරුණු හා මාතෘකාවෙන් මාතෘකාව පසු කරගෙන යනවට වඩා ඒවා නැවත ආවර්ජනය කිරීම අතර මැදදී සිදුවීම වැදගත්. ගුරුවරුන් මාතෘකාව පසු කරගෙන ගියත් ඒ අතර ඇති අන්තර් සබඳතා අමතක කර දැමිය යුතු නැති බව සිසුන්ට වටහා දීම වැදගත්.

මීට ගුරුවරුන්ට සති කිහිපයකට පසුව ඒ ගැන විමසීම කළ හැකියි. මෙය ගෙදරදී කරන වැදගත් අංගයක් වන්නට පුළුවන්. එක් පටිපාටියකට වැඩකරගෙන යාම නිසා නැවත ආවර්ජනය වැදගත්. උදාහරණයක් ලෙස ගැටළුවකට පිළිතුරු සෙවීමට ඊට අදාල තවත් තොරතුරු එක්රැස් කිරීම වැදගත්. මතකය සහ ආවර්ජනයත්  එහෙමමයි. අධ්‍යනයකදී කරුණු මතක තබා ගැනීමටත් එය වැදගත්.

මට පුළුවන් මේ විෂය විතරයි.. මෙහෙම හිතන්න එපා!

බොහෝ සිසුන් මේ ලෙසින් සමහර විශයන් කෙරෙහි නැඹුරු වීමට මැළි කමක් දක්වනවා. මට පුළුවන් ගණිතය විතරයි. නැතිනම් ජ්‍යාමිතිය විතරයි. නමුත් එහෙම දෙයක් නැහැ. මට විද්‍යාව බැහැ යැයි සිතීම වැරදියි.

විශේෂඥ මතය - කෑරල් ස්ටෙක් විසින් රචිත පොතක මෙය ඉතා ආකර්ෂණීය ලෙස සටහන් වෙනවා. කළ යුත්තේ නිසි ධනාත්මක සංකල්පය යොදා ගැනීමයි. තමන්ට යමක් බැරි බවට හිත තුළ මුල් බැසීම ඉතා අහිතකර වන නිසා ගුරුවරුන් එය දරුවන්ට කියා දීමෙන් එක උපායක් අසාර්ථක නම් වෙනත් උපායක් උත්සාහ කර බැලීමට යොමු කරවීම වැදගත්.

දරුවනුත්, දෙමාපියන් වගේම ඉතා විඩාබර ගමනක යෙදි ඉන්නේ අධ්‍යාපනයේ තරඟකාරීත්වය නිසයි. ඊට පාඩම් වැඩ මතකයේ තබා ගැනීම වැදගත්ම කාරණයක් නිසා theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඔබට ගෙන ආවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • පර්යේෂණ වලින් සනාථ කළ පාඩම් වැඩ ප්‍රතිඵලදායක ලෙස ඉටු කර ගත හැකි උපක්‍රම 8ක්
බෙදාගන්න :
  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

  • යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

    යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

  • ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

    ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

  • යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

    යුගදිවියේ ගැටළු විසඳා ගන්න උපක්‍රම 7 ක්

  • ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

    ආදරණිය දියණියට ලස්සන නම් 293ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it