දරුවාගේ ඉපදීම ඔබේ විවාහයට බලපෑ හැකි ආකාර සහ ඒවාට විසඳුම් 8ක් 

දරුවාගේ ඉපදීම ඔබේ විවාහයට බලපෑ හැකි ආකාර සහ ඒවාට විසඳුම් 8ක් 

දෙදෙනා තුන්දෙනෙක් වුණු ගමන් පවුලේ ඇති වන උද්‍යෝගයත් සමඟම අභියෝගත් පැමිණෙනවා. එලෙස ඇතිවන පොදු අභියෝග 8කට සාර්ථකව මුහුණ දී විවාහය සාර්ථකව පවත්වාගන්නේ මෙහෙමයි.

මුදල් නැහැ. ලිංගික එක්වීමක් නැහැ. කාලය නැහැ. ඔබේ ප්‍රේමවන්තයා සමඟ ඔබ සිහින මැවූ පවුල් ජීවිතය නෙවෙයි මේ. කලබල වෙන්නට අවශ්‍ය නැහැ.  දරුවන් ලැබීම සහ විවාහය සම්බන්ධයෙන් ඔබේ පවුල් ජීවිතය යථා තත්වයට පත් කරගත හැකි ආකාරයයි මේ.

දෙදෙනෙකුගේ සිට ළදරුවත් සමඟ තුන්දෙනා දක්වා පිම්මක් පැනීම සිත්ගන්නාසුළු, ප්‍රීතිමත් හා අපූරු කාරණාවක් බව ඇත්තකි.

ඒ වාගේම එය වෙහෙසකර, විඩාබර මෙන්ම කනස්සල්ලටද තුඩු දෙන කරුණක් විය හැකිය.

මෙය ඔබව දෙමාපියන් බවට පත් කළ ප්‍රේම සම්බන්ධතාවයේ ආදීනව විය හැකිය.

පළමුවෙන්ම නරක ආරංචිය: දරුවකු ලැබුනු පසුව විවාහය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා විශාල කැපවීමක් හා ශක්තියක් අවශ්‍ය වේ.

දැන් දිරිගන්වනසුළු ආරංචිය: ඔබේ සම්බන්ධතාවය වෙනුවෙන් කැපවීමෙන් ලැබෙන ප්‍රතිඵල වඩාත් දීප්තිමත් වේ.

එකිනෙකා කෙරෙහි අමනාපයක් වර්ධනය කර්න්නට ඒ කැපවීම, කාලය සහ ශක්තිය වැය නොකරන්න.

ඒ වෙනුවට එකිනෙකා භුක්ති විඳීමට ඔබ දෙදෙනා වැඩි කාලයක් ගත කරනු වනු ඇත.

මෙම සංක්‍රාන්තිය මෙතරම් දුෂ්කර වන්නේ ඇයි? සුමට ලෙස එම සංක්‍රාන්තිය ඇති කරගැනීමට ඔබට කළ හැකි දේ පිළිබඳව විශේෂඥයින්ගේ සහ සහකරුවන්ගේ උපදෙස් මේ.

1. දරුවන් ලැබීම සහ විවාහය: ගෘහස්ථ රාජකාරි දෙගුණ වෙලා. දෙදෙනා අතර ගැටුම්ද ඒ වගේමයි.

ඇත්ත වශයෙන්ම, රෙදි සේදීමේ කර්තවය ගතහොත්, දරුවා ලැබීමට පෙරද සිටම ඒ කර්තවය කෙරෙමින් තිබුණා.

පිඟන් බඩු සේදීම සහ අනෙකුත් දහසකුත් ගෙඩහ්‍ර දොරේ වැඩ කලින් සිටම තිබුණු දේවල්.

දරුවන් ලැබීම සහ විවාහය

නමුත් ගෙදරට පොඩ්ඩා ආවට පස්සෙ මේ එකක්වත් කල් දමන්න නම් බැහැ. මෙතරම් ඉක්මණින් දේවල් කළ යුතු යැයි නීතියක් මීටකලින් තිබිලා නැහැ.

ඔබට දරුවෙකු ලැබීමෙන් පසු ගෙදර දොරේ වැඩ කල් දමන්නට බැහැ.  දැන් ඔබට හෝ ඔබේ සහකරුට හෝ සහකාරියට දැනෙන්නේ අනෙකා තමන්ගේ බර අදින්නට දායක නොවන බවයි.

කෙසේවෙතත්, ඔබ මුළු බරම උසුලාගෙන යන බවක් ඔබට දැනේ නම්, කෑ කෝ ගසමින් කෝපාවිශ්ඨ වනවා වෙනුවට, ඔබට අවශ්‍ය උපකාරය කුමක්දැයි පැහැදිළිව ඔබේ සහකරුවගෙන් ඉල්ලා සිටින්න.

කාන්තාවන් බොහෝ විට විශ්වාස කරන්නේ තමන්ට අවශ්‍ය දේ තේරුම් ගෙන උදව් කිරීමට තම සහකරු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වනු ඇති බවයි.

නමුත් පිරිමින් බොහෝ විට සෘජු ඉල්ලීම් වලට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වයි.

ඔබේ කාර්යය සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහුට ස්තූති කරන්න.

ඔබට කවදාවත් ස්තූති නොලැබෙන නිසා එය සාධාරණ නොවන බව සත්‍යයකි. නමුත් මෙය ඔබේ ස්වාමිපුරුෂයාට අනාගත ඉල්ලීම් වලට වැඩි පිළිගැනීමක් ලබා දෙනු ඇත.

තවද කෘතඥපූර්වක බව සාමකාමී වාතාවරණයක් ඇති කරයි. ඔහු ඊට විශේෂ කැමැත්තක්ද දක්වාවි!

2. දරුවන් ලැබීම සහ විවාහය: ඔබේ දෙමාපිය ශෛලීන් එකිනෙකා අවලංගු කරයි.

ඔබ දරුවන් ඇති දැඩි කිරීමේ දර්ශනයන් බෙදා ගනී යැයි සිතීම සතුටක්. නමුත් ඔබේ එක දිගට හතරවන රාත්‍රියත් නිදි මරමින් කාලය ගත කරද්දී. දරුවාගේ නින්ද, ආහාර සහ විනය ගැන ඔබට හැඟෙන්නේ කෙසේදැයි අනාවැකි කීම බොහෝ විට අපහසුය.

ඔබ දරුවාට කාලසටහනකට අනුව නින්ද හුරු කරන්නට උත්සාහ කරන විට ඔබේ සහකරු දරුවාව පොඩ්ඩක්වත් අඬවන්නට අකමැටි වීම ගැන ගවේශණය කරන්නට මෙය කාලය නොවේ.

ඔබගේ මාපියකරණ ශෛලිය දරුවාට සූප්පුව දීම වුවත් ඔබේ සහකරු ඊට විරුද්දව දරුවා කෙරෙහි දැඩි වනවා වන්නට ඇති.

දරුවන් ලැබීම සහ විවාහය

නිදාගැනීම හෝ දරුවාට ආහාර කැවීම ආදී වඩාත් බැරෑරුම් කාරණා සම්බන්ධයෙන්, සම්මුතියක් ඇති කර ගැනීමට ක්‍රම තිබේ. ඝන ද්‍රව්‍ය ආරම්භ කරන්නේ කවදාද වැනි සමහර දේවල් සඳහා ඔබ නියම කළ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

නිර්දේශිත දේ ගැන ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

නින්ද වැනි ගැටළු සඳහා (එනම්, දරුව සමඟ-නිදා ගැනීමට එදිරිව නින්ද පුහුණුව), විවිධ පැතිවලට සහාය වන දෙමාපිය පොත් සහ ලිපි බලන්න. කළ යුතු හොඳම දේ සාකච්ඡා කරන්න.

3. දරුවන් ලැබීම සහ විවාහය: ඔබ බොහෝ විට ලිංගිකව පෙරට වඩා භාගයක් අඩුවෙන් නමුත් එය දෙගුණයක් කරදරකාරී කටයුත්තක්.

නිදහසේ නිරුවත් වීමට තරම් මනෝභාවයක් නැත.මීට පළමු පියවර ලෙස හොඳම ක්‍රමය වන්නේ ලිංගිකව හැසිරීමට කාලය සැලසුම් කිරීමයි. ඇත්ත වශයෙන්ම, මිනිසුන් ලිංගිකත්වය සඳහා දින වේලාවල් සැලසුම් කිරීම ගැන විහිළු කරයි.

නමුත්, ඔබ ආදරය  කරන කාලයේ, ඔබ ලිංගිකව හැසිරීමට යන විට ඔබ සැලසුම් කළා. ඔබ රාත්‍රියක් ගත කිරීමට සූදානම් වූ විට ඒ ගැන කලින් සිතා බැලුවා. එහෙම නේද?

ඔබ විවාහ වූ පමණින් ඔබට රාගයෙන් පිරි උණුසුම් දිනයක් ගත කරන්නට බැරි නැහැ. දරුවන්ව මොහොතකට මිත්තනියන්ට බාර දෙන්න. නැතිනම් ග සේවිකාවකගේ සහය ගන්න.

රාත්‍රී කාලයේ ලිංගිකව එක්වන වාර ගණන වැඩි කිරීම සඳහා, පළපුරුදු දෙමව්පියන් නිර්දේශ කරන්නේ නින්දට යාමේදී ඔබේ නිදන කාමරය ළදරුවන්ගෙන් තොර බවට වග බලා ගන්නා ලෙසයි. "රෑ මැද්දේ එක පාරටම සංගීතවත් වන සෙල්ලම් බඩුකට පුළුවන් මනෝභාවය මොහොතකින් විනාශ කරන්න."

4. සහකරුවන් දෙදෙනා අතර කාලය දැන් පවුලේ කාලයයි

ඔබ සැමවිටම එකට සිටියත් තවදුරටත් තනිවම නොවේ. ඔබ වසර ගණනාවක් යුවළක් වී හෝ මුණගැසී ඉක්මනින් දරුවෙකු ලැබීමට කැමති වුවද, එක්වරම දෙදෙනෙකුගෙන් තිදෙනෙකු බවට පත්වීම අභියෝගයක් වේ.

මෙහි විසඳුමට කොටස් දෙකක් තිබේ. පළමුව, ඔබ දෙදෙනා එකතු වී කාලය උපලේඛනගත කළ යුතුයි.

නමුත් ඊට අමතරව, ඔබ දෙදෙනා කතා කළ යුතු කාරනා කිහිපයක් වන්නේ ඉදිරි දිනක වෛද්‍යවරයකු හමුවීම හෝ මිලදී ගත යුතු ස්ට්‍රෝරලය වැනි ගෘහස්ථ හා ළදරු රැකවරණ ගැටළු ගෙන ඒමට හැකි කෙටි “රැස්වීම්” සැලසුම් කිරීම ගැනයි.

මේ ආකාරයෙන් දරුවා සම්බන්ධ කතා වලින් ඔබේ දිනය අභිබවා යන්නෙ නැති වන්නට ඔබ වෙනදා කතා කල සමාන්‍ය දේවල් කතා බහ කළ හැකියි. අසල්වැසියන් ගැන ඕපාදූප, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන කණ්ඩායම වැනි ඔනෑම දෙයක්.

විසඳුමේ දෙවන කොටස වන්නේ ඔබ වෙනුවෙන් තනිවම කාලය ගත කිරීමයි.

ඔබේ පවුලෙන් ඈත්ව සිටින කාලය නරක දෙයක් ලෙස නොසලකන්න. එය ඔවුන්ට දෙන තෑග්ගක් ලෙස බලන්න. මන්ද ඔබ නැවත ප්‍රබෝධමත් හා සතුටින් සිටින බැවිනි.

ඔහුටද මේ ආකාරයෙන්ම ඔහු කැමති දෙයක නියැලෙන්නට තමන්ටම කියා කාලයක් ලබා දීම වැදගත් වනවා.

5. ඔබට තනිවම ගත කරන්නට කාලයක් නොලැබේ

ළදරුවෙකු රැකබලා ගැනීම මවකගේ සම්පූර්ණ කාලය පරිභෝජනය කරන කාර්යයක් බව අප කවුරුත් දන්නා කාරණාවක්.

ඔබට සුපිරි වෙළඳසලට යන්නට ලැබෙන මොහොතක් වේ නම් එය ඔබේ “නිදහස් කාලය” ලෙස සළකන්නට තරම් ඔබ වාසනාවන්තයි.

ඔබ වෙනුවෙන්ම යමක් කිරීම අතිශයෝක්තියක් සේ දැනිය හැකිය.

නමුත් ඔබ හෝ ඔබේ සහකරු මෙවැනි අවස්ථා ප්‍රතික්ෂේප කළ විට ඔබ එකිනෙකා නුරිස්සීමට හෝ  R & R ප්‍රතික්ෂේප කරන විට, ඔබ එකිනෙකා අමනාප වීමට පටන් ගනී.

දරුවාගේ ඉපදීම ඔබේ විවාහයට බලපෑ හැකි ආකාර සහ ඒවාට විසඳුම් 8ක් 

එබැවින්, ඔබේ සිහිබුද්ධියට හෝ අනන්‍යතාවයට තීරණාත්මක එක් ක්‍රියාකාරකමක් තෝරාගෙන එය සිදු කරන්න.

6. ආච්චිලා සීයලා සමඟ එකට වාසය කරන විට දරුවා සමඟ සම්පූර්ණ කාලය ගත කිරීමට ඔවුන් යුහුසුළු වනවා.

මෙයට විසඳුම මායිම් ස්ථාපිත කිරීමයි. ඔවුන් ඔබට මොන තරම් කාරුණික අය වූවත්, ත්‍යාගශීලී වූවත්, දරුවා සම්බන්ධයෙන් විනය ගොඩනැගීමේදී සීමාවන් පසු කරන දේවල් වලට ‘එපා’ යැයි කීමට ඔබට අයිතියක් ඇත.

කාරුණික වන්න, නමුත් ස්ථිර වන්න: "ඔබ ආච්චිලා සීයලා ලෙස සිටීම එයාට වාසනාවක්. ඒත් අපි හැමෝටම දැන් ටිකක් මහන්සියි නේ. අපිට ටික වෙලාවක් තනියම ඉන්න දෙන්න අම්මා."

වැදගත්ම දෙය නම්, ඔබේ ස්වාමිපුරුෂයාට තම දෙමාපියන් සමඟ කතා කරන ලෙස ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත.

මේ සම්බන්ධ තවත් උපාය මාර්ගයක් නම්, සතියේ ඔබට නිශ්චිත වේලාවන් තෝරා ගැනීම ඔබට වඩාත් සුදුසු වනවා.

ඔබ ඔවුන් වෙනුවෙන් කාලය වෙන් කරනවා කියා ඔබේ දෙමාපියන්ට හැඟේ නම්, ඔවුන් බලහත්කාරයෙන් කාලය ඉල්ලීම අවම වනවා.

7. දරුවන් ලැබීම සහ විවාහය: ඔබ සිතුවාට වඩා මුදල් වැදගත් වනවා.

ලෝරන් නිව්මන් පවසන්නේ “මම නිතරම වැඩ කර මගේ ස්වාමිපුරුෂයාට වඩා වැඩි මුදලක් උපයා ගත්තා. "ඊට පස්සෙ, බබාට පස්සේ, මම ගෙදර ඉඳලා උපාධිය ඉවර කරන්න ටිකක් වෙලාවක් ගත්තා.

අපි ළමාරක්ෂක කටයුතු සඳහා මුදල් ගෙව්වා, මම කිසිම දෙයක් ගෙනාවේ නැහැ. මට වරදකාරි හැඟීමක් ඇති වූ අතර බොහෝ ගෙදර වැඩ භාර ගත යුතුයි කියා සිතුවා ඒ කියන්නේ මම ලියන්නේ නැහැ - ජිම් අමනාප වුණා. ”

අළුත් දෙමව්පියන්ට මුදල් කියන්නේ විශාල ආතතියක් ඇති කරන කාරණාවක් බවට සැකයක් නැහැ.

පවුලක් ඇති දැඩි කිරීමට තරම් මුදලක් ඔවුන් සතුව නොමැති වන්නට පුළුවන්.  නව නිවාස හිමියන් හෝ නිවසක් මිලදී ගැනීම ගැන සලකා බලන නව දෙමව්පියන් බොහෝ විට මූල්‍යමය කටයුතුවලින් හෙම්බත් වී සිටිනවා.

ඇය පවසයි. මෙය විසඳීමට එක් අදහසක් නම් ඔබ දෙදෙනාම වැඩ කරන විට එක් වැටුපකින් මත මාස හයක් ජීවත් වීමට උත්සාහ කිරීමයි. ඔබ ඉතිරි කරන වැටුප සඳහා වෙනම ගිණුමක් විවෘත කරන්න.

අත්හදා බැලීමේ කාලයෙන් පසුව, ඔබට සීමා සහිත අය වැයක් තුළ ජීවත් වීමට හඇති හැකියාව ඔබව මවිතයට පත් කරාවි. හදිසි අවස්ථාවකදී ඔබට හොඳ ඉතිරියක් ද ඇති කිරීමට මෙය සමත් වේ.

ඇත්ත වශයෙන්ම, ඔබේ මුල්‍ය පිළිබඳ සත්‍ය කරුණු ද ඔබ විසින් සලකා බැලිය යුතු අතර ඔබට යම් තේරීම් කිරීමට සිදු විය හැකිය: විශාල නිවසක්ද නැතිනම් අන්තර්ජාතික පාසැලක්ද?

විසිතුරු ස්ට්‍රොලරයක්ද නැතිනම් සති අන්ත නිවාඩුවක්ද? ආදී වශයෙන්.

ඔබගේ තේරීම් කුමක් වුවත්, දෙදෙනා එක්වී එකට තීරණය කරන්න. චිත්‍රපට, ආහාර ගැනීම, ඇඳුම් පැළඳුම් සහ නිවාඩු වැනි සමහර ප්‍රදේශවල ඔබ පෙරට වඩා අඩු මුදලක් වියදම් කළ හැකි බව මතක තබා ගන්න.

8. ඔබ දැන් දෙමව්පියන් වුවත්, ඔබ තවමත් ඔබමයි ... එය අප ආරම්භ කළ ස්ථානයට නැවත ගෙන එයි.

ඇත්ත වශයෙන්ම මෙය විවාදාත්මක කරුණක් මෙන්ම සැනසිල්ලේ මූලාශ්‍රයකි.

ඔබ එකිනෙකා තුළ ආදරය කරන සෑම දෙයකටම සහ ඔබේ අඩුපාඩුද තවමත් පවතී. දැන් ඔබට දරුවෙක් ද සිටී. මෙය පවුලක් ලෙස හැඳින්වේ. මෙය යථාර්තයයි

තර්ක කිරීම ගැන වටිනා ලැයිස්තුවක්

ඔබගේ අභිප්‍රාය යහපත්ව තිබියදීත්, ඔබේ සම්බන්ධතාවය කිසිදා නිම නොවන මතගැටුම් සහිත එකක් බවට පත්වුවහොත් කුමක් කළ යුතුද?

  1. ලොකු චෝදනා එල්ල කරනවාට වඩා හැසිරීමේ නිශ්චිත වෙනස්කම් ඉල්ලා සිටින්න.

නිදසුනක් ලෙස "ඔයා කවදාවත් මේක කරන්නෙ නැහැ" වෙනුවට "ටිෂූ රෝල අඩුවා දැක්ක වෙලාවට අළුත් රෝලක් දෙකක් ගේන්න.” යනුවෙන් පැවසීමට උත්සාහ කරන්න.

  1. බොරු චෝදනාවක් එල්ල කළ වහාම ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න.
  2. හිත කියවන්නට උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට, "ඔබට හිතෙන්නේඑ මොකද්ද?"
  3. ඔබේ සහකරු/සහකාරිය පවසන දේ ඔබට තේරුණු විදියට නැවත පවසන්න. නිදසුනක් ලෙස: “ඔයා හිතනවා මම සති අන්තයේ දරුවා බලාගන්නවා මදි කියලා. ඉතින් ඔයාට තරහයි. එහෙම නේද?"
  4. ඔබේ ප්‍රකාශ වාක්‍ය දෙකකට හෝ තුනකට සීමා කරන්න. ඔබේ සහකරුට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන්න.
  5. ඉකට එක කිරීමෙන් වළකින්න. "ඔයා හිතන්නෙ මම උවමනාවෙන්ම කුස්සිය හැඩි කරල ගියා කියලද? ඔයා ඊයේ කුස්සිය හැඪි කරපු විධිය ඊටත් අන්තයි " වෙනුවට ඔබට ගැටලුව විසඳිය හැකි ආකාරය කෙරෙහි අවධානය යොමු කරන්න.
  6. කොච්චර අපහසුවෙන් වුවත් මත භේදයක් අතරතු එකිනෙකා ගේ ඇස් දෙක දිහා බලන් අත් අල්ලාගන්න.
  7. අතීතයේ එල්ලී ඉන්න එපා. වරකට එක බැගින් ගැටළු විසඳාගන්න.
  8. සටනක් පමණට වඩා උණුසුම් වුනහොත්, මිනිත්තු 20ක විරාමයක් ගන්න.
  9. අවසානයේ "අප සාකච්ඡා කළ යුතු වෙනත් යමක් තිබේද?" කියා අසන්න.

මූලාශ්‍ර:parents.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි