ඔබත් දකින දකින තැන නිදි කිරා වැටෙනවාද? එසේ නම් ප්‍රවේශමෙන්

ඔබත් දකින දකින තැන නිදි කිරා වැටෙනවාද? එසේ නම් ප්‍රවේශමෙන්

ඔබට නිතර දැනෙන නිදිමත සුළුකොට තකන්න එපා කියන්නේ ‌මේ නිසයි.

දවසේ දරුවෝ එක්ක ඔට්ටු වෙද්දි නැතිනම් රැකියාවේ නිරත වෙද්දි ඔබට අධික නිදිමත දැනෙනවාද?

එසේනම් එය නොසලකා හරින්න එපා යැයි අපි ඔබට මතක් කරනවා.

එය සීලීප් අප්නියා (sleep apnea) නම් රෝගි තත්වයේ හෝ වෙනත් රෝගි තත්වයක සලකුණක් වෙන්න පුළුවන්.

කවදාවත්ම ඔබට එහෙම අදහසක් කවදාවත්ම තිබුනේ නැහැ ‌නේද?

එසේනම් ඔබේ ‌සෞඛ්‍යයට බලපෑම් කරන නින්ද හා නිදිමත ගැන අපි අද දැනුවත් ‌වෙමු.

දවල්ට දැනෙන අධික නිදිමත

ඇත්තටම නිදිමත ඇතිවෙන්නේ ඇයි? එය රෝගී තත්වයක්ද ? එයට ප්‍රතිකාර මොනවාද?

මේ සියල්ලටම පිළිතුරු රැගත් වටිනා මගපෙන්වීමක් මෙන්න ඔබට,

අධික නිදිමත ගැන සැලකිලිමත් විය යුත්තේ කුමන අවස්ථාවේදිද?

  • උදේ අවදි වීමේ අපහසුතාවයක් ඇතිනම්
  • දවස පුරා ඔබට බොහෝ විට නිදිමත දැනේ නම්
  • දවල් ලබන කෙටි නින්ද ඔබේ නිදිමත නැති කරන්නේ නැතිනම්

 ඉහත ලක්ෂණ සමග පහත සලකුණු ගැනද සැලකිලිමත් වෙන්න

  • ආහාර රුචිය නැතිවීම
  • කල්පනා හෝ මතකය පිළිබද ගැටළු ඇතිවීම
  • නුරුස්නා බවක් හෝ කාංසාවක් දැනීම

අධික නිදිමත දැනිය හැකි තත්වයන්

ලිංගික එක්වීම

මෙහි ප්‍රධානම හේතුව ප්‍රමාණවත් නින්දක් නොලැබීමයි.

රාත්‍රියේ වැඩ කිරීමට සිදු වීම හෝ දරුවන් රැකබලා ගැනීමට සිදුවීම වැනි නිසා ඔබට අහිමි වෙන නින්ද ඊලගට පිටතට පැමිණෙන්නේ අධික නිදිමත ලෙසයි.

මත්ද්‍රව්‍ය/ මත්පැන්/ සිගරට් භාවිතය, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම, තරබාරුකම සහ ඇතැම් ඖෂධ භාවිතයද මෙම අධික නිදිමත සදහා හේතු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ වැදගත් කරුණක් මතක තබාගන්න. ඔබට මෙලෙස නිදිමත දැනෙනුයේ වෙනත් රෝගි තත්වයක් නිසා වෙන්නත් පුළුවන්.

මානසික අවපීඩනය , සීලීප් අප්නියා (sleep apnea), Restless Legs Syndrome හා Narcolepsy  රෝග තත්වයන් වල ලක්ෂණයක් ලෙසද නිතර දැනෙන නිදිමත පෙන්වා දෙන්න පුළුවන්.

Restless Legs Syndrome හා නිතර දැනෙන නිදිමත

  • මෙහිදි පාදවල වේදනාවක් ඇති වෙන අතර පාද ඒවා නිතර චලනය කිරීමට සිතෙනවා.
  • ඔබ විවේකයෙන් හෝ නිදා සිටියදී මෙහි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.
  • රාත්‍රියට මෙහි රෝග ලක්ෂණ උග්‍ර වෙන අතර  ඔබේ නින්දට බාධා ඇතිවෙනවා.
  • ඔබේ වෛද්‍යවරයා හමු වී මේ සදහා ප්‍රතිකාර ලබාගන්න.
  • නිකෝටීන්, ඇල්කොහොල්, කැපේන් වලින් ඈත්වෙන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. නිතිපතා ව්‍යායාම කරන්න. උණුසුම් ස්නාන හා සම්බාහනය වැනි සැහැල්ලු වීමේ ක්‍රම අත්හදා බලන්න.

Sleep Apnea හා අධික නිදිමත

ඔබත් දකින දකින තැන නිදි කිරා වැටෙනවාද? එසේ නම් ප්‍රවේශමෙන්

  • වැඩිහිටියන් හා දරුවන්ට නින්ද නොමැති වීමට ප්‍රධාන හේතුවක් ලෙස මේ රෝගී තත්වය පෙන්වා දෙන්න පුලුවන්.
  • නින්දේදි ඉහල ශ්වසන මාර්ගය තත්පර 10 කට බිද හෙලීමෙන් මෙම තත්වය ඇතිවෙනවා.
  • මෙය නින්දේදි බොහෝ වාර ගණනක් සිදුවෙන අතර ඉන් නින්ද අඩාල වෙනවා.
  • එසේ අඩාල වෙන නින්ද නිසා  ඔබට තැන නොතැන නොතකා නිතර නින්ද යන තත්වයක් ඇතිවෙනවා.
  • ඔබ මේ තත්වයෙන් පෙළෙනවා නම් රිය පැදවීමේදි අතිශයින්ම සැලකිලිමත් විය යුතුයි.
  • Sleep Apnea නිසා හෘද ස්පන්දන වේගය පුළුල් ලෙස වෙනස් වීම මෙන්ම ඔක්සිජන් මට්ටම අඩුවීම ඇතිවෙන්න පුළුවන්.
  • ඒ  වගේම පහත වෛද්‍ය තත්වයන් සමගද එය සම්බන්ධ ‌වෙන්න පුළුවන්.
  • අධි රුධිර පීඩනය
  • හදවත් රෝග
  • දියවැඩියාව
  • මානසික අවපීඩනය
  • ලේ ඝනවීම
  • තෙහෙට්ටුව
  • මේ සදහා නිසි ‌වෛද්‍ය ප්‍රතිකාර සදහා ‌යොමුවෙන්න.

Narcolepsy හා අධික නිදිමත

ඔබත් දකින දකින තැන නිදි කිරා වැටෙනවාද? එසේ නම් ප්‍රවේශමෙන්

  • මෙයද  නින්ද සම්බන්ධ රෝගයකි. එය දිවා කාලයේ නිදිමත සහ වෙනත් රෝග ලක්ෂණ අක්‍රීය කරනු ලබනවා.
  • මෙය  REM (වේගවත් අක්ෂි චලනය) නින්ද ලෙස හැඳින්වෙන නින්දේ සිහින කාලයට සම්බන්ධ වෙනවා.
  • මෙහිදි REM කාල පරිච්ඡේදයන් දවස පුරා පවතින්න පුළුවන්. වැඩි නොවන නිදිබර ගතියට අමතරව, නොදැනී නින්ද යන්න පුළුවන්න්.
  • තවද දිවා කාලයේ හදිසියේ මාංශ පේශි පාලනය නැතිවීම මෙහිදි සිදුවෙන්න පුළුවන්.
  • තත්පර ගානක අඝාතය තත්වයක් ඇතිවීම හා බියකරු සිහින දැකීම සිදුවෙන්න පුළුවන්.
  • මෙහිදි ඔබට මානසික අවපීඩනය හෝ දුර්වල  අවධානය හෝ මතකය වැනි වෙනත් රෝග ලක්ෂණ අත්විඳින්න පුළුවන්.
  • මේ සදහා නිසි ‌වෛද්‍ය ප්‍රතිකාර සදහා ‌යොමුවෙන්න.

මානසික අවපීඩනය සහ අධික නිදිමත

  • දුක, කාංසාව සහ බලාපොරොත්තු රහිත බව යන හැඟීම් මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ වෙනවා.
  • ඒ වගේම අමතකවීම හා අවධානය පිළිබඳ ගැටළු මෙන්ම ශක්තිය නැතිවීමද වෙන්න පුළුවන්.
  • කලක් ආසාවෙන් කල ක්‍රියාකාරකම් තවදුරටත් එසේ වන්නේ නැහැ.
  • මානසික අවපීඩනය නිසා  කොන්දේ කැක්කුම හෝ බඩේ කැක්කුම ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.
  • මේ නිසා නින්දේ ගැටලු සහ නිදිමත ඇතිවීමට වැඩි ඉඩකඩක් තියෙනවා. 
  • මානසික අවපීඩනය නිසා නින්දේ ගැටලු ඇතිවෙනවාද නැතිනම් ඒක අනිත් පැත්තට සිදුවෙනවාද කියලා කියන්න අමාරුයි. 
  • සමහර විට මේ දෙකම සිදුවෙන්න පුළුවන්. 
  • මේ සදහා නිසි ‌වෛද්‍ය ප්‍රතිකාර සදහා ‌යොමුවෙන්න.
  • මානසික ප්‍රතිකාර, ඖෂධ හා ආහාර හා ව්‍යායාම ‌වෙනස් කිරීමෙන් ඔබේ මානසික අවපීඩනය අවම කරගන්න පුළුවන්.

නින්ද සදහා මගපෙන්වීමක්

  • නිදාගැනීමට නියමිත වේලාවක් තබාගන්න.
  • නින්දට යාමට පෙර  සැහැල්ලු වෙන දේවල් කරන්න.
  • ඔබේ නිදන කාමරය නින්ද සහ ලිංගික හැසිරීම් සඳහා පමණක් භාවිතා කරන්න.

දෙමව්පියන් වශයෙන් ඔබ දවස පුරාම කාර්ය බහුල වෙනවා වෙන්න පුළුවන්. දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ මෙන්ම රැකියාවේ වැඩ කටයුතුත් එක්ක ඔබට හුස්මක් ගන්නවත් නොහැකි තත්වයක් ඇතිවෙනවා වෙන්න පුළුවන්.

අවසානයේදි දරුවන්ගේ වැඩත් එක්ක රාත්‍රියත් වෙහෙසබරව ගෙවි යද්දි මෙලෙස ටික කලක් යන විට ඔබට අධික මහන්සිය නිසා දවල්ට වැටුන වැටුන තැන නින්ද යන්න ඉඩ තියෙනවා.

ඔබ වැඩ කරන අතරතුර නිසි විවේකයක් ලබා ගැනීමටත් රාත්‍රියේ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට කටයුතු කිරීමත් වැදගත් වෙනවා.

ඉහත කථා කල නින්දේ රෝග 4 ට අමතරව නිතර නිදිමත ඇතිවීම තයිරොක්සින් ගැටළු නිසා වෙන්නත් පුළුවන්.

ඒ නිසා ඔබට දවල්ට නිතර වැඩිපුර නිදිමත දැනෙනවා නම් ඒ මෙවන් රෝගාබාධයක් නිසා විය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.

මේ ‌තොරතුරු සහිත ලිපිය ඔබට වැදගත් ‌වේවි යැයි අපි හිතනවා.

ඔබේ නින්ද කෙසේද? ඔබටත් දවල්ට නිදිමත දැනෙනවාද? ඔබේ අත්දැකීම අපි හා බෙදාගන්න. 

මුලාශ්‍ර - www.webmd.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය