theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

3 අවම කියවීම
කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයිකියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

ඉලෙක්ට්‍රොනික උපාංග පිරි ලෝකයක අද දරුවන් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් දෙමාපියන් ලෙස අපට කළ හැකි දේවල් මොනවාදැයි බලමු.

කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියන කියමන අපිට අහලා පුරුදුයි. ඒත් ඉලෙක්ට්‍රොනික උපාංග පිරි ලෝකයක අද දරුවන් කියවීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඒවාට නොසැලී දෙමාපියන් ලෙස එක්ව අපගේ දරුවන්ව කියවීමට හුරු කරමු.

ඉතා ඉහළ බුද්ධිය

දෙමාපියන් ලෙස මේ දේවල් කර දරුවන්ව කියවීමට හුරු කරමු

1. දරුවන්ට කුඩා කළ සිටම පොත් මිලදී ගෙන දී දරුවන්ව කියවීමට හුරු කරමු 

දරුවන් පොත් මිලදී ගැනීමට ගෙන යනවාට වඩා අහඹු සිදුවීමක් ලෙස එය ඔබට අරඹන්න පුළුවන්. අහඹු ලෙස ඉතා රසවත් කතන්දර පොතක් ඔබට දරුවාට තෝරා දෙන්න පුළුවන්. නිතර මෙසේ කිරීමෙන් ගෙදර ළමා කතා පොත් එකතුවක් ඔබ නොදැනුවත්වම එක්රැස් වෙනවා.

2. කතා පොත් කියවන්න අහඹු අවස්ථාවක් තෝරාගෙන දරුවන්ව කියවීමට හුරු කරමු

දෙමාපියන්ට දරුවන්ට සරල කතා පොතක් දරුවන්ට ඇහෙන්න අහඹු ලෙස කියවන්න තෝරාගන්න පුළුවන්. නැතිනම් නින්දට යන විටත් එලෙස කරන්න පුළුවන්. ඉන් කෑම වේල පෙරැත්ත නොකර ගන්නත්, ඉක්මනින් නින්දටත් දරුවන්ට රසාස්වාදයකුත් නිරායාසයෙන් ලැබෙනවා.

කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි

3. දරුවන්ට පොත් කියවීමට බල කරන්න එපා. ඔබ ඊට පළමු ආදර්ශය දෙන්න

විවේකයක් ලැබෙන විට ඔබ රූපවාහිනිය හෝ දුරකථනය භාවිත කරන අයෙක් නම් ඒ වෙනුවට පොතක් අරගෙන කියවීමට හුරුවීමෙන් ඉබේම දරුවන් ඔබව අනුගමනය කරනවා.

4. ආකර්ෂණීය පොත් තෝරා ගන්න

පුංචි දරුවන් වර්ණ, විශාල අකුරු හා රූප ඇති පොත්වලට කැමති නිසා එවැනි පින්තූර කතා පොත් මුල්කාලයේ අරගෙන දෙන්න. ඉන් දරුවන් මුලින් පින්තූර පමණක් බැලුවත් ක්‍රමයෙන් ඔහුට කතාව ගැන උනන්දුවක් ඇතිවෙනවා.

5. දරුවන්ගේ කුතුහලයට පොත් හොඳ පිළිතුරක් කරගන්න

දරුවන්ට කුතුහලය ඇති විවිධ මාතෘකා තිබෙනවා. මුලින් ඔබ ඔවුන්ගේ රුචිකත්වය දක්වන විෂයන්ට අදාල පොත් මිලදීගෙන දෙන්න.

සමහර දරුවන් විශ්වය ගැනත්, සමහර දරුවන් ඩයිනෝසරයන් ගැනත්, සමහර දරුවන් ගිනි කඳු, අයිස් කඳු ගැන ඉගෙන ගන්න ආසයි. ඉතින් නිතර ඔවුන් එවැනි මාතෘකා ගැන ප්‍රශ්න කරන විට ඔබට එවැනි මාතෘකා සහිතව ලියවුණු පොත් දරුවාට අරගෙන දෙන්න පුළුවන්. ඉතින් කුතුහලය නිසා ඔවුන් කියවීමට නැඹුරුවක් දක්වන්න පටන් ගන්නවා.

6. තෑගි වලට පොතක් තෑගි කරන්න

දරුවන්ගේ හොඳ වැඩක් අගය කිරීමට, ජයග්‍රහණයකට පොතක් මිලදීගෙන තෑග්ගක් ලෙස දෙන්න. එය දරුවා නිරායාසයෙන් පොත් වලට නැඹුරු වීමට පාර කපනවා.

කිසි විටකත් දරුවා බලෙන් පොත් කියවීමට යොමු කිරීම සාර්ථක නොවන අතර ඊට දරුවා නොදැනුවත්වම හුරු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වෙනවා.

දරුවන්ට පොත් කියවීම

 

7. ඉඳහිට පුස්තකාලයකට යන්න

පුස්තකාලයක දරුවන් වැඩිහිටියන් පොත් පරිශීලනය කරන ආකාරය දරුවන්ට ආදර්ශයක් සපයනවා.

එහිදී නිරන්තරයෙන් ඔවුන්ට පොත්පත් ගැන ආශාවක් ඇතිවෙනවා. 

8. පොත් සාප්පුවක ඇවිදින්න යන්න දරුවන්ව කියවීමට හුරු කරමු

ඔබට කාලය ඇති වෙලාවක වෙළඳසැලක ඇවිදිනවා වගේ පොත් සප්පුවකත් ඇවිදින්න කාලය යොදාගන්න.

ඉන් දරුවාට පොත් පිළිබඳ ආකර්ශනයක් ලැබෙන අතර ඊට  ආශාවක් ඇති වෙනවා.

ආරම්භයක් ලෙස දරුවන්ට මේ වටිනා ළමා කතා පොත් තෝරා දෙන්න ඔබට පුළුවන්.

  1. හත්පණ - කුමාරතුංග මුනිදාසයන්
  2. මඩොල් දූව - මාටින් වික්‍රමසිංහයන්
  3. මඟුල් කෑම - කුමාරතුංග මුනිදාසයන්
  4. අඹ යාලුවෝ - ටී.බී.ඉලංගරත්නයන්
  5. ලස්සන වසිලිස්සා සහ සුරංගනා කතා - දැදිගම වී.රොද්‍රිගෝ මහතා
  6. කුඩා හොරා - සිබිල් වෙත්තසිංහ මහත්මිය
  7. හත්පෙති මල - දැදිගම වී.රොද්‍රිගෝ
  8. සූත්තර පුංචා - සිබිල් වෙත්තසිංහ මහත්මිය
  9. හීන්සැරය - කුමාරතුංග මුනිදාසයන්
  10. කෙස් ගස් උඩ පිදුරු ගසක් - කුසුම් දිසානායක මහත්මිය

අතීතයේ පටන් අදටත් අපිට මතකයට නැගෙන සොඳුරු කතන්දර අපේ දරුවන්ටත් රසවිඳින්න යොමු කරන්න.

අර්ථය තරමක් අසීරු වුනත් ක්‍රමයෙන් හා සංයමයෙන් දෙමාපියන් ලෙස ඔබට දරුවා පොත් වලට ආසා කරන දරුවෙකු කරන්න පුළුවන්.

ඒ වෙනුවෙන් theAsianParent Sri Lanka මේ ලිපිය සකස් කළා.

Image credit: Sunday Times Sri Lanka

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • කියවීමට කම්මැලි පුංචි දරුවන් ඊට හුරු කරන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it