theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

5 අවම කියවීම
වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

මේ සත්කාර 8 න් ඔබේ සමේ වියලි බව නැති කර නිරෝගි කරගන්න.

බොහෝ දෙනා වියළි සම නිසා පීඩාවට පත්වෙනවා. ඒ නිසාම වියළි සමට සත්කාර කිරීම කෙරෙහි ගොඩාක් දෙනා උනන්දුයි.

සමහර වේලාවට සම මෙලෙස වියළීම දරුණු රෝගයක රෝග ලක්ෂණයක් විය හැකි නමුත් බොහෝ විට සම වියළෙන්නේ සමේ තෙතමනය ඉවත්වීම නිසයි.

ඒ සදහා පරිසරයේ විවිධ හේතුන් බලපාන්න පුළුවන්.

ඉහළ පරිසර උෂ්ණත්වය, උණුසුම් වතුරින් නෑම , ජලය අඩුවෙන් පානය කිරීම, උණුසුම් දේශගුණය, ආහාර රටා වගේම සමට වියළීමට ලක්කරන සබන් හා ආලේපන නිසා ඔබේ සමටත් මෙවැනි ඉරණමක් අත්වෙන්න පුළුවන්.

සමේ වියළි බව අපිට අවලස්සන පෙනුමක් දෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ නේද?

ඔබේ සමත් වියළි නම් කණගාටුවෙන්න එපා. අපි මේ පිළියම් 8 උත්සහ කරලා බලමු.

වියළි සමට සත්කාර 8 ක්

1. පොල්තෙල් සත්කාරය කරන්න

වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

පොල්තෙල් වල සම මෘදු කරන සංඝටක අඩංගුයි.  මේවා සමේ සෛල අතර ඇති අවකාශය පුරවමින් සම වඩාත් මෘදු කරනු ලබනවා. 

මෙම පොල්තෙල් වල අඩංගු  ස්වාභාවික සංතෘප්ත මේද අම්ල මගින් සමට තෙතමනය හා මෘදුබවක් ලබා දෙන්නේ මේ නිසායි. 

පොල්තෙල් වල විශේෂත්වය නම් එය ඔබේ ඇස් යට හා තොල් යට වැනි ඔබේ ශරීරයේ වඩාත් සංවේදී ස්ථාන වල පවා ආලේප කිරීමට හැකි වීමයි.

ඒ වගේම එය තවත් දේවල් හා මිශ්‍ර නොකර ඍජුවම භාවිතා කල හැකි අතර එය දිනපතාම වුවත් භාවිතයට සුදුසු වෙනවා.

2. පෙට්‍රෝලියම් ජෙලි මගින් තෙතමනය රැකගන්න

පෙට්‍රෝලියම්  නැතිනම්  ඛනිජ තෙල් අඩංගු ආලේපන භාවිතය එතරම් සුදුසු නැහැ කියලා තමයි කියන්නේ.

නමුත් පෙට්‍රෝලියම් ජෙලි නිෂ්පාදන වලට වැඩිහිටියන්ගේ සම සුවපත් කිරීමේ හැකියාව ඇති බව අධ්‍යයනක් මගින් සොයා ගෙන තියෙනවා .

මෙය ආලේප කිරීමෙන් සම ආරක්ෂිත තට්ටුවකින් ආවරණය කරනවා.

එම ආවරණය සම යට වු තෙතමනය ආරක්ෂා කරනවා. ඒ මගින් සම වියළි යාම වළක්වනවා.

3. ඕට්මීල් මිශ්‍ර ජලය ස්නානය කදිමයි

අපහසුතාවයට පත් වු සමට ජනයා නිතර ඔට්මීල් සත්කාර භාවිතා කරනවා.

ඉතා අතීතයේ සිට භාවිතා වු මෙම සත්කාරය ගැන සැබැ තතු 2015 අධ්‍යයනයකින් හෙළි වුනා.

ඕට්මීල් වල ප්‍රතිඔක්සිකාරක සහ ආසාදන වලට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාවනි සහිතයි. 

ඔබේ සම කසනවා නම් මෙය කදිම පිළියමකි. නිවසේදීම ඔබට ඔට්මීල් මිශ්‍ර ජලය ස්නානය කරන්න පුළුවන්. 

ඔට්මීල් සිහින්ව කුඩුකර උණුසුම් ජලයට දිය කරන්න. ඉන්පසු ඔබට එය ස්නානය කරන්න පුළුවන්.

මෙම ස්නානයෙන් පසු සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමට මොයිස්චර්සර් ආලේපනයක් භාවිතා කරන්න.

4. ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා -3s ආහාරයට එක්කර ගන්න

ඔබේ සම නිතර අලුත් වැඩියාවෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. එය එසේ වෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

නමුත් ඔබේ සම අලුත්වැඩියා වෙනවාට වඩා වැඩියෙන් එය හානිකර දේවල් වලට නිරාවරණය වෙන විට සමට හානි සිදුවෙනවා.

ඔබේ සම වියළි යෑම එහි ප්‍රතිඵලයක් වෙනන් පුළුවන්.

ඔබේ සම සෞඛ්‍ය සම්පන්නව තබාගන්න පරිභොජනය කල යුතු ආහාර වර්ග කිහිපයක් මායෝ සායනය පෙන්වා දෙනවා.

ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර මගින් විෂ වලින් සිදුවන හානිය අවම කර ගත හැකි අතර ඔබේ ශරීරයට නිරෝගී සෛල සෑදීමට උපකාරී වෙනවා. එවන් ආහාර කිහිපයක් පහත දැක්වෙනවා.

  • බ්ලූබෙරීස්
  • තක්කාලි
  • කැරට්
  • බෝංචි
  • ඇට
  • පරිප්පු

සැමන් වැනි ඔමේගා -3 මේද අම්ල බහුල ආහාර සමට දීප්තියක් ලබා දෙනවා.

5. අත්වැසුම් පැළදීන්න

සබන්, රෙදි සෝදන කුඩු වැනි සමහර හානිකර දේවල් අපි ගොඩාක් වේලාවට අත් වලින් අල්ලනවා.

එවන් අවස්ථා වලදි අපි එතරම් නොහිතුවාට අපේ සමට හානි වෙනවා.

ඒ නිසා ඔබ දෑතින් සේදුම් කටයුතු කරන සෑම විටම අත් වලට අත්වැසුම් පැලදීමේ පුරුද්දක් ඇති කරගන්න.

උෂ්ණත්වය ඉතා පහත බැස ඇති විට ඔබ නිවසෙන් බැහැර යන්නේ නම් ඔබේ නිරාවරණ  දෑත්වල සම වියළීමට වැඩි ඉඩක් තියෙනවා.

ඒ නිසා එවන් සීතල දවස් වල ඔබ නිවසින් බැහැර යන්නේ නම් අනිවාර්යයෙන්ම අත්වැසුම් පළදින්න.

ඔබේ සම වියළි යෑම වළක්වාගන්න පුළුවන්.

6. ස්නානය කිරීමේදි මේ දේවල් නොකර ඉන්න

ඔබ ස්නානය කරන ජලය වෙනස් කිරීමෙන් පහසුවෙන් සම වියළීම නැති කරගන්න පුළුවන් බව ඇමරිකානු චර්ම රෝග විද්‍යා ඇකඩමිය සඳහන් කරනවා. 

බොහෝ දෙනා උණුසුම් ජලය ස්නානය කරන්න කැමැත්තක් දැක්කුවත් එයට ඔබේ සම නම් කැමති නැහැ.

ඒ මගින් සම වියළි එයට හානිවෙන්න පුළුවන්.

සම තෙතමනය හා සමේ සෛල අළුත්වැඩියා කරන බව පවසන සමහර සබන් සමට හානිකර වෙන්න පුළුවන්.

ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා සම වියළීම මෙන්ම සම තුනී වීමද පුළුවන්.  

මද උණුසුම් ජලයෙන් ඉදහිට ඉක්මනින් ඇගපත දොවා ගත්තද, තද උණුසුම් ජලයෙන් ඇග සෝදාගන්න එපා.

සුවදින් තොර මෘදු සබන් භාවිතා කරන්න.

7. ආර්ද්‍රතාකාරකයක් භාවිතා කරන්න

වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

ඔබේ නිවසේ උණුසුම නිසා ඇතිවෙන වියළිබව නැති කරන්න ආර්ද්‍රතාකාරකයක් තබා ගන්න.

පරිසරය වියළි වෙන විය ඔබේ සමද වියළි බවට පත් වෙනවා.

8. අසාත්මිකතා ඇතිවීමෙන් වළක්වාගන්න

ඔබ අඳින ඇඳුම් නිසා හෝ ඔබේ සමට නිරාවරණය වෙන දේවල් නිසා,  ගිනි උදුනක් අසල හිඳීම, ක්ලෝරිනීකෘත හෝ රසායනික ද්‍රව්‍ය යෙදු ජලයෙහි කාලය ගත කිරීමෙන් හෝ ලොම් ඇඳුම් ඇඳීමෙන් පවා ඔබේ සමට වියළි බවක් ඇති වෙන්න පුළුවන්.

ඔබ ඔබේ සමට ගැලපෙන මෘදු සත්කාර පමණක් කරන්න.

ඔබට උපතින්ම අසාත්මිකතාවයන් ඇතිවෙන තත්වයක් ඇති නම් වඩාත් සැලකිලිමත් වෙන්න.

වියළි සමට සත්කාර කිරීම නොව සම වියළීම වැළැක්වීමට සිතට ගන්න

වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්

නිරෝගී සමක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඔබේ සම බැක්ටීරියා සහ වෛරස් වලින් ඔබව ආරක්ෂා කරන  පළමු ආරක්ෂක පලිහයි.

ඔබේ සමේ කැසීමෙන් පවා ආසාදනයක් ඇතිවෙන්න පුළුවන්. 

ඔබේ සම නිරෝගී වු විට පවා දිනපතා මොයිස්චරයිසර් එකක් භාවිතා කර එය ආරක්ෂා කරගන්න.

වියළි සමක් ඇතිවීම වළක්වා ගැනීමට නම් ඔබේ සම ආරක්ෂක ස්තරයකින් ආරක්ෂා කරගත යුතු වෙනවා.

සමට හානි වීම හා වියලි බව වළක්වා ගැනීම සඳහා සෑම දිනකම මොයිස්චරයිසින් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න.

ඔබ අධික උෂ්ණත්වය ඇති තැනක සිටින විට  හෝ සම අපහසුතාවයට පත්වන තත්වයන්ට නිරාවරණය වෙන විට සමෙන් දහඩිය ඉවතට ඇද ගන්නා ලිහිල් කපු ඇඳුම් ඇඳීමට වග බලා ගන්න.

වියළි සම සමහර විට වඩාත් බරපතල තත්වයක සලකුණක් වෙන්නත් පුළුවන් බව අමතක නොකරන්න.

මේ පිළියම් වලින් ඔබට සහනයක් නොලැබෙන්නේ නම් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගන්න.

වියළි සම සදහා ඔබත් දන්නා සත්කාර ඇතිනම් අප හා බෙදා ගන්න.

මුලාශ්‍ර - www.healthline.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • වියළි බවින් මැකී යන ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට පිළියම් 8 ක්
බෙදාගන්න :
  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • වියළි සමකට ගෙදර හදාගන්න මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග කිහිපයක්

    වියළි සමකට ගෙදර හදාගන්න මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග කිහිපයක්

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • වියළි සමකට ගෙදර හදාගන්න මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග කිහිපයක්

    වියළි සමකට ගෙදර හදාගන්න මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it