theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

5 අවම කියවීම
ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

ඔබ සරු කාන්තාවක්ද? ‌දැනගන්න කියවන්න ‌මෙන්න ලකුණු 8 ක්

අපේ සරු බව වැඩි ද නැද්ද යන්න මෙන්න ගොඩාක් දේවල් අපේ සිරුර දිහා දැඩි අවධානයකින් බැලුවහොත් කියන්න පුළුවන්.

සිරුර කියන්නේ ස්වභාව දහමේ අපූර්ව වු නිර්මාණයක්.

එය තුලින් මතුවෙන යම් ‌‌පෙරනිමිති අපිට ඉදිරි ජිවිතය ගැන ‌හෝ සිරුරේ තත්වය ගැන ඉගි සපයනවා.

එම ඉගි සුපරීක්ෂාකාරිව නිරීක්ෂණය කිරීම තුලින් ඔබට ‌බොහෝ නිගමන වලට එන්න පුළුවන්.

එය වර්ධනය වෙන රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.  නැතිනම් අපිට විවේකය අවශ්‍ය බවට සලකුණක් වෙන්න පුළුවන්.

නැතිනම් දවස පුරා වැඩිපුර ජලය පානය කරන්න මතක් කිරීමක් වෙන්න පුළුවන්.

අප සමීපව නිරීක්ෂණය කලහොත් කිසිදු පරීක්ෂණයකට භාජනය නොවී අපගේ සරු බව ගැන සලකුණු දකින්න පුළුවන්.

ඔබේ ඉහළ සරු බව ඔබේ ශරීරය ඔබට පවසන ක්‍රම කිහිපයක් අපි අද ඉදිරිපත් කරනවා.

ඔබටත් ‌මේ සලකුණු ඇතිදැයි නිරීක්ෂණය කරන්න.

1. ඔබේ සරු බව වැඩි ‌වෙන විට ඔබගේ ඔසප් චක්‍රය ක්‍රමාන්‍රකූලයි

ඔබට ඉහල සරු බවක් ඇතිනම්, ඔබේ ඔසප් වෙන දිනය හරියටම කියන්න පුළුවන්.

ඔබ කිසිදු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකරන්නේ යැයි සිතුවහොත්  ඔබේ ඔසප් චක්‍රය දින 25 සිට 35 දක්වා කාලයකින් අඛණ්ඩව සිදුවෙනවා.

එපමණක්ද නොව, දීර්ඝ ඔසප් චක්‍රයක් මඟින් ඔබට “ශක්තිමත් ඩිම්බ සංචිතයක්” නැතිනම් ඩිම්බ විශාල ප්‍රමාණයක් ගබඩා කර ඇති බවක් පෙන්නුම් කරනවා.

ඔසප් වීමට පෙර සෑදෙන ලක්ෂණ කරදරකාරී විය හැකි නමුත් එය හොඳ දෙයක්ද වෙන්න පුළුවන්.

පියයුරු මුදු මොළොක් වීම සහ සැහැල්ලු මස් පිඩු පෙරලීම් වැනි රෝග ලක්ෂණ වලින් අදහස් වන්නේ ඔබ එක් සාරවත් මවක් බවයි.

2.පැහැදිලි ස්‍රාව පිට වීමක් වෙනවා 

ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

ඔබේ ඔසප්  චක්‍රයෙන් අඩක්, පැහැදිලි, ගන්ධ රහිත ස්‍රාව විශාල ප්‍රමාණයක් පිටවෙනවා ඔබට දකින්න පුළුවන්.

ඔබ වඩාත් සාරවත් වන විට මෙය සිදුවෙනවා.

ඒ මගින් ගැබ්ගෙල ග්‍රන්ථි තත්ත්වය සහ සෞඛ්‍ය සම්පන්න ඊස්ට්‍රජන් නිෂ්පාදනය ද පෙන්නුම් කරනවා.

3. ඔබට අධික ලෙස රුධිරය පිටවීමක් සිදුවන්නේ නැහැ

පිටවෙන ප්‍රමාණය හා කාලසීමාව යන දෙකෙන්ම සෑම කාන්තාවකගේම ඔසප්වීම වෙනස් වෙනවා. 

බොහෝ දෙනෙක් දින කිහිපයක් එකදිගට අධික රුධිර පිටවීමක් අත්විඳින අතර අනෙක් පිරිස සතියකට ආසන්න කාලයක් තිස්සේ රුධිරය කුඩා ප්‍රමාණ වලින් පිටවීම අත්විදිනවා.

ඔබ ගැබ් ගැනීම සඳහා, ඔබේ ගර්භාෂ පටලය ඝනකම් සහ ප්‍රමාණවත් විය යුතුය.

ඔබ කැටි සහිත හෝ අධික රුධිර වහනයක් අත්විඳින්නේ නම්, එය ඔබේ ශරීරය හා ඔබේ ගර්භාෂය, විශේෂයෙන් ක්ෂය කරනවා.

ඉහළ සාරවත් කාන්තාවන්ට බොහෝ විට ඉහළ රුධිර වහනයක් සිදු නොවී ක්‍රමාණුකූල රුධිර වහනයක් සිදුවෙනවා.

4.වෙනත් කාන්තා ඔසප් චක්‍ර කෙරෙහි ඔබට බලපෑම් කරන්න පුළුවන්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

සුපිරි සාරවත් කාන්තාවන්ට වෙනත් කාන්තා චක්‍ර සමඟ එකම වේලාවක හෝ අනුපාතයකින් සිදුවීමට හෝ ක්‍රියාත්මක වීමට හැකි ඉන්ද්‍රජාලික බලයක් තියෙනවා. 

මෙය සිදුවන්නේ ෆෙරමෝන් නිසා වෙන අතර ඔබ සමග නිතර කාලය ගත කරන කාන්තාවන්ට මෙය සිදුවෙනවා.

මෙවන් සුපිරි ශක්තිමත් ෆෙරමෝන් ලබා දීම සුපිරි සාරවත්බව පිළිබඳ තවත් සහතික වන ලකුණකි.

5. ඔබේ සරු බව වැඩි විට ඔබට හොඳින් සකස් වු පියයුරු තියෙනවා

පියයුරු වල  ප්‍රමාණය හා හැඩය ඔබේ හෝමෝනවල තත්වයට බෙහෙවින් බලපානවා.

එබැවින් හොඳින් වර්ධනය වූ පියයුරු තිබීමෙන් ඔබේ හෝමෝන හොඳින් ක්‍රියා කරන බව  පෙන්නුම් කරනවා.

හොදින් ක්‍රියාකරන හෝමෝන යනු ඔබ සැබවින්ම සාරවත් බවයි.

කෙසේ වෙතත්, ඔබ පියයුරු කුඩා වු පමණින් ඔබට ගැබ් ගත නොහැකි යැයි පැවසිය නොහැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් වෙනවා.

6.දරුණු ශ්‍රෝණි වේදනාවක් දැනෙන්නේ නැහැ

සමහර කැක්කුම සහ ඔසප් වීමට පෙර වේදනාවන් සාරවත්බව පිළිබඳ හොඳ සලකුණක් වුවද, ඔබේ ශ්‍රෝණි ප්‍රදේශය තුළ දරුණු ආකාරයේ වේදනාවක් අත්විඳීමෙන් අදහස් වන්නේ ඔබ එතරම් සාරවත් නොවන බවයි.

එපමණක්ද නොව, දිගටම දැනෙන ශ්‍රෝණි වේදනාව ද ඩිම්බකෝෂ ගෙඩි හෝ එන්ඩොමෙට්‍රියෝසිස් වැනි සැගවී පවතින වෙනත් ගැටළු පෙන්නුම් කරනවා.

7.ඔබ උත්සාහ නොකරම ගැබ්ගන්නවා

ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

ලූප් හා පෙති වැනි උපත් පාලන ක්‍රම  අනුගමනය කරන අතරතුරේදී පවා ඔබ ගැබ් ගැනීමෙන් අදහස් වන්නේ ඔබේ ශරීරය ඉහළ සාරවත් බවයි.

නිදසුනක් වශයෙන්, මුඛයෙන් ගන්නා උපත්පාලක පෙති සාමාන්‍යයෙන් 91% ක් ඵලදායි වෙනවා. 

ඒ කියන්නේ උපත් පාලන පෙති පානය කරන අතරතුර කාන්තාවන් ගැබ් ගත් අවස්ථා තියෙනවා..

8.ඔබේ සරු බව වැඩි විට ඔබේ සෞඛ්‍ය ඉතිහාසය පැහැදිලියි.

ඔබ අතීතයේ දී මුත්‍රා ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග සඳහා පවා ප්‍රතිකාර ලබා ඇත්නම්, ඔබට සුපිරි සාරවත් වීමට වැඩි අවස්ථාවක් තියෙනවා.

ඔබ ප්‍රථම වරට ලිංගිකව එක් වු දා සිට ඔබේ නාරිවේද වෛද්‍යවරයා හමුවෙනවා නම්, පිළිසිඳ ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ඔබේ ගැබ්ගෙල සහ පැලෝපීය නාල බොහෝ විට ටිප්ටොප් හැඩයෙන් යුක්ත වෙනවා.

ඔබේ ආහාර වේල සහ වැඩ කාලසටහන වැනි ඔබේ වර්තමාන ජීවන රටාවද ඔබ සකස් කර ගත යුතුය.

ඒවා ඉහළ සාරවත්බව කරා යන ගමනටද බෙහෙවින් බලපානවා.

අද බොහොමයක් දෙනා මද සරු බව නිසා බොහෝ සුසුම් හෙලනවා නැතිනම් කිරි සිහිනය බොද වීම ගැන හූල්ලනවා.

දරුවන් පිළිසිද ගැනීම මෙලෙස වර්තමාන පරපුරෙන් දුරස් වෙන්නට වර්තමාන ජිවන රටාව ගොඩාක් බලපෑම් කරන බව අපි දන්නවා.

ක්ෂණික ආහාර, කාර්ය බහුල දිවි පෙවෙත , මානසික ආතතිය වගේ තවත් ගොඩාක් කාරණා ඒ සදහා බලපෑම් කරනවා.

මේ සියලු කාරණා යථා තත්වයට පත් කරගෙන ඔබේ සාරවත් බව ඉහළ නංවන්න නිවැරදි දිවි පෙවෙතකට පුළුවන්.

ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්

මෙයට අමතරව ඔබට වෛද්‍යමය ගැටළු ඇතිනම් සොයා බලා නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමද වැදගත් වෙනවා.

ඔබේ සාරවත් කම ගැන සොයා බලන්න මොහොතක් හිතුවාද?

එසේම ඔබේ දිවිමග නිවැරදි කරගෙන ඔබේ කිරි සිහිනයට පා ඔසවන්න හිතුවාද?

ඔබේ සරු බව හැදින ගෙන විශ්වාසයෙන් පෙරට යන්න. ඔබේ කිරි හීනය සැබෑවෙන්න අපෙන් සුභ පැතුම්!

ඔබටත් මේ සම්බන්ධව අදහස් දක්වන්න අවශ්‍ය නම් පහලින් ඇති කමෙන්ට් තීරය භාවිතා කරන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඔබේ ඉහළ සරුබව පෙන්වන සලකුණු 8 ක්
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

    දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

  • කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

    කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

  • දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

    දරු ප්‍රසූතියට සම්බන්ධ ඔබ මීට පෙර අසා නැති ඉන්දියානු පිළිවෙත් 10

  • කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

    කළු කූඹී කරදරයෙන් බේරෙන්න ස්වාභාවික විසදුම් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it