theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා ඔබව අප්‍රිය නොකරන ලෙස ඔහුට විනයගරුක වන හැටි කියා දෙන්නේ කොහොමද?

3 අවම කියවීම
ඔබේ දරුවා ඔබව අප්‍රිය නොකරන ලෙස ඔහුට විනයගරුක වන හැටි කියා දෙන්නේ කොහොමද?ඔබේ දරුවා ඔබව අප්‍රිය නොකරන ලෙස ඔහුට විනයගරුක වන හැටි කියා දෙන්නේ කොහොමද?

දරුවා විනයගරුක කරන්නේ කොහොමද? ඒත් ඔහු ඔබව ඒ නිසා අප්‍රිය කරයිද? මේ ඉඟි ගැන සිතා බලන්න.

දරුවා විනයගරුක කිරීම අත්‍යවශ්‍යයි. එහෙත් කෑගැසීම මගින් විනය පාලනය කිරීම කිසි විටකත් සාර්ථක උපායක් වන්නේ නැහැ. නමුත් මේ පියවර ඉදිරියට තැබිමම දෙමාපියන්ට ඇත්තේ චකිතයක්. නමුත් ඔබව අප්‍රිය නොවන ලෙස ඔවුන්ට විනය ගැන කියාදෙන හැටි අපි සොයා බලමු.

දරුවා විනයගරුක කිරීම

 

ආදර්ශමත් වීමේ වැදගත්කම

ඔබට මතකද ඔබ කියවපු  නවකතාවක නැතිනම් චිත්‍රපටයක ඔබ කිසිදින කැමති නොවන හෝ අනුගමනය නොකරන හැසිරීමකින් එය අවසන් කර තිබීමට ඔබ එකඟ නොවූ හැටි.

ඉතින් ඔබේ දරුවන්ටත් එහෙමයි. ඔබ ඔවුන්ට කෙතරම් හොඳ දේ කිවුවත් අනාගතයේ එය ඔබ අතින් සිදු නොවන්නේ නම් දරුවන්ට කුමක් සිතෙයිද? ඔබ නිසි ලෙස කටයුතු නොකර දරුවන් නිසි මගට ගන්නට පුළුවන්ද?

නමුත් මේ දෙය හුඟක් දෙමාපියන් බයෙන් ඉන්න කාරණයක්. නමුත් මේ නිසා ඔබේ දරුවන් ඔබව පිළිකුල් කරන්න ඉඩ තිබෙනවා. විනය හා න්‍යායන් හැම විටම අපහසු අමාරු කාරණයක් නොවෙයි. ඔබ මේ සියල්ල කරන්නේ ඔවුන්ගේ යහපතටම බව ඔවුන්ට වැටහීමෙන් දරුවන් ඔබව අප්‍රිය කරන එකක් නැහැ. ඒ නිසා විනය ගරුක වීමේ වැදගත්කම අරුත ඔවුන්ට කියා දෙන්න. ඒ වගේම ඔබ ඊට ආදර්ශමත් ලෙස කටයුතු කරන්න. ඒ වගේම නිතරම ආදරෙන් සුරතල් කරමින් ඔවුන්ට ඒ ගැන කියා දෙන්න.

ඔබේ දරුවා අසුන්ගැන්වීම 

දරුවන් නිතර බරපතල කතාවක් කතා කරන්න කැමැතියි. ඉතින් ඔබත් වැඩිය ව්‍යාකූල නැති වෙලාවක ටිකක් ඉඳගෙන ඔහුත් එක්ක කතා කරන්න. එකට ඉඳගෙන සුවපහසුවෙන් කතා කළ හැකි තැනක් තෝරා ගන්න. මීට ඇතිවිය හැකි අනෙකුත් බාධක ජංගම දුරකථනය, සෙල්ලම් බඩු පසෙක තබන්න අමතක කරන්න එපා.

හේතු නිස්කලංකව තේරුම් කරන්න

ඔබ යම් විධානයක්, විනය පිළිබඳ දුන් විට තව දුරටත් ඒ ගැන කියමින් සිටීම ඵලක් නැති බව වටහා ගන්න. ඒ නිසා දැන් හොඳින් සන්සුන් වී ඔබ එලෙස ක්‍රියා කිරීමට හේතුව ඔහුට කියාදෙන්න.

ඔබේ දරුවාට එය පැහැදිළි වූ බවට ස්ථිර කරගන්න

සමහර විටෙක දරුවන් නිතර නිතර එකම දෙය කියන විට අවධානය නොදී ඉන්න කටයුතු කරනවා. සමහර විටෙක ඔවුන් එය ධාරණය කරගන්නෙත් නැහැ. ඒ නිසා නිතර එකම දෙය කියනවාට වඩා එය වැටහුණු බව දැන ගැනීමට ඔහුට අප්‍රිය නොවන ආකාරයෙන් ප්‍රශ්න කිහිපයක් අහන්න.

ඔබේ දරුවා ගැන විශ්වාස කරන්න

ඔබට දැනෙන හැටි හිතන්න. ඔහුට දැන් හුඟක් අලස බවක්, කම්මැලි ලෙසක් පෙන්වන්න පුළුවන්. නිතර නිතර ඔහුට මේ ගැන පැවසීම නිසා ඔබ ඔහුව විශ්වාස නොකර බව සිතෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ඔබ ඔහුට හුඟක් ආදරය කරන බවත් ඒ නිසා මේ දේවල් ඔහුට කියන බවත් කියා දෙන්න.

ඔහුට යම් ආකර්ශනයක් පෙන්වන්න

දරුවා විනයගරුක කිරීම

ඉහත පියවර අනුගමනය කරන අතරතුරම ඔහුට ඔබේ ශාරීරිකව දැනෙන හැඟීම් පෙන්වීමට ඔහුව සිප ගැනීම, වැළඳ ගැනීම, කම්මුල් සිඹිම, තුරුලට ගැනීම වැනි දේවල් වලින් ඔහුට ඔබ ගැන දැනෙන දේ වැඩියි. දරුවා විනයගරුක කිරීම ඔහුගේම යහපත වෙනුවෙන් කරන දෙයක් කියා එවිට ඔහු තේරුම් ගනීවි.

හිතට දැනෙන දේවල් කතා කරන්න

මේ දවස් වල ගෙදර හැමෝම ටිකක් පීඩනයෙන් ඉන්න කාල වකවානුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කනස්සල්ලෙන් කේන්තියෙන් ඉන්නවට වඩා සිතට දැනෙන සුන්දර, සැහැල්ලු දෙයක් ඔහුත් එක්ක කතා කරන්න.

හේතුවක් නැතිව කරුණු ඉස්මතු කරන්න එපා

දරුවා විනයගරුක කිරීම

දෙමාපියන් ලෙස කළහැකි හොඳම දේ අමතක කිරීමත්, සමාව දීමත් යන දෙකයි. කළහැකි දේ කළනොහැකි බව තේරුම් ගැනීමත් ඔබ එය ඔහුට පහදා දී ඇති බවත් සිතන්න.

යමක් පැහැදිළි කර දුන් පසු නැවත නැවත ඔහුගේ වැරදි හා ඔහුට එය එල්ල කිරීම කරන්න එපා. එය ඔහුට ඔබේ ඔවදන් අප්‍රිය වන කාරණයක් වන්නට පුළුවන්. ඒ වගේම ඒ මාර්ගයෙන් ඔබ ඔහුට ඔබව හඳුනාගන්න අවස්ථාවක් දෙනවා වගේම අවසානයේ ඔබව පීඩනයට පත් වන්නේත් නැහැ.

දරුවන් ගුණ ගරුකව හා ශිෂ්ට ලෙස හැදී වැඩෙනු දකින්න දෙමාපියන් හරිම කැමතියි. ඒ බලාපොරොත්තුව වෙනුවෙන්  Asianparent Sri Lanka මේ කරුණු ඔබට ගෙන ආවා.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • හැසිරීම් රටාව
  • /
  • ඔබේ දරුවා ඔබව අප්‍රිය නොකරන ලෙස ඔහුට විනයගරුක වන හැටි කියා දෙන්නේ කොහොමද?
බෙදාගන්න :
  • දරුවන්ට ගුටිබැට නොදී ශීලාචාර කරන්නේ කොහොමද? පරික්ෂා කළ ක්‍රම 5 ක්

    දරුවන්ට ගුටිබැට නොදී ශීලාචාර කරන්නේ කොහොමද? පරික්ෂා කළ ක්‍රම 5 ක්

  • පොදු ස්ථාන වල හැසිරෙන ආකාරය පොඩ්ඩාට කියලා දෙමුද?

    පොදු ස්ථාන වල හැසිරෙන ආකාරය පොඩ්ඩාට කියලා දෙමුද?

  • දරුවන්ට ගුටිබැට නොදී ශීලාචාර කරන්නේ කොහොමද? පරික්ෂා කළ ක්‍රම 5 ක්

    දරුවන්ට ගුටිබැට නොදී ශීලාචාර කරන්නේ කොහොමද? පරික්ෂා කළ ක්‍රම 5 ක්

  • පොදු ස්ථාන වල හැසිරෙන ආකාරය පොඩ්ඩාට කියලා දෙමුද?

    පොදු ස්ථාන වල හැසිරෙන ආකාරය පොඩ්ඩාට කියලා දෙමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it