මේ වැරදි 8 නිසා ඇගේ හිත කැඩී, ආත්මාභිමානය විනාශ වනවා

මේ වැරදි 8 නිසා ඇගේ හිත කැඩී, ආත්මාභිමානය විනාශ වනවා

ඔබ කිසිඳු තැකීමකින් තොරව මේ ආකාරයෙන් බිරිඳගේ හිත රිදවීම, ඇගේ ආත්මාභිමානය විනාශ කරයි!

කාන්තාවන් බොහෝ විට විවාහයකට ඇතුළු වන්නේ තමන්ට කිසි දිනෙක තමන් අනවශ්‍යයි කියා හෝ  තමන් අවලස්සන යැයි හැඟීමක් නොදැනෙන්නේ යැයි විශ්වාස කරමිනි. කෙසේ වෙතත්, යථාර්ථය නම්, ඔවුන්ට කිසිසේත් ආකර්ශනීය නොවෙ යැයි සිතෙන දවස්ද උදා වනු ඇත.  කනගාටුවට කරුණක් නම්, ඔවුන්ට එම එපා වුණු හැඟීම ඇතිවන්නේ බිරිඳට දුක දීමගැන තැකීමක් නැති ඔවුන්ගේම ස්වාමිපුරුෂයන් කළ හෝ නොකළ දෙයක් නිසා විය හැකි වීමයි.

ඔබේ බිරිඳටද ඇගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීම වැදගත් වුවද, ස්වාමිපුරුෂයන්ද තම භාර්යාවන්ගේ හැඟීම් නොදැනුවත්ව හෝ නොරිදවීමට වගබලා ගත යුතුය.

ZenParent සහ Roasted වලින් සම්පාදනය කර ඇති පරිදි ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ඉතා සෘණාත්මක හැඟීමක් ඇති කිරීම සඳහා කරන විවිධ දේවල් මේ.

ස්වාමිපුරුෂයන් තම බිරිඳට දුක දීමසඳහා ඔවුන් අවලස්සනයි, ඵලකට නැතැයි කියා ඔවුනට දැනෙන්නට සලස්වන විට කරන දේවල්

1. ඇයට ඇහුම්කන් නොදීම

ඔබේ බිරිඳ ඔබ සමඟ කතා කරන විට, සවන් දෙන්න. ඔබ සවන් දෙන බව ඇය දන්නා බවට වග බලා ගන්න.

අක්ෂි සම්බන්ධතා ඇති කර ගන්න. ඔබේ දුරකථනය දෙස බැලීමට ඇති ආශාවට මැඩපවත්වාගන්න.

ඔබේ ඊමේල් වලට වඩා ඇය වැදගත් බව හෝ ඔබේ සමාජ මාධ්‍ය සංග්‍රහවල සිදුවන ඕනෑම දෙයකට වඩා ඇය වැදගත් බව මතක තබා ගන්න.

2. ඇය ගන්නා උත්සාහයන් කෙරෙහි අවධානය යොමු නොකිරීම

ඔබේ බිරිඳ ඔබේ මතය අගය කරන අතර, ඇය නව ඇඳුමක් මිලට ගන්නා විට හෝ ඇගේ කොණ්ඩය වෙනස් කරන විට, ඔබ එයට ප්‍රතිචාර දක්වන ආකාරය ඇයට අතිශයින් වැදගත් වේ.

පිරිමින්ට මෙම කුඩා දේවල් වැඩිපුර නොදැනිය හැකි අතර ඒවාට සුළු හෝ අවධානයක් දෙන්නට උත්සාහ කරන්න. ඔබ ඇය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කළ යුතුයි.

ඔබ වෙනස් දෙයක් දුටුවහොත් ඇයට ප්‍රශංසා කරන්න. වෙනස ඔබ දුටු නිසා ඇය සතුටු වනු ඇත.

3. වෙනත් කාන්තාවකට ඕනෑවට වඩා ප්‍රශංසා කිරීම

වෙනත් කාන්තාවකගේ ශක්තීන් පිළිගැනීමේ කිසිදු වරදක් නැත.

නමුත් ඔබ එය පමණට වඩා ඉක්මවා ගියහොත්, ඔබ ඇයව අනෙක් කාන්තාව සමඟ සංසන්දනය කර ඇතැයි ඔබේ බිරිඳ සිතනු ඇත.

4. කාමුක දර්ශන දෙස බැලීම

කාමුක දර්ශන නැරඹීම හෝ බැලීම මගින් ඔබ ඔබේ බිරිඳට හඟවන්නේ ඇය ප්‍රමාණවත් නොවන බව පැවසීම විය හැකියි.

සමහර කාන්තාවන් තම හවුල්කරුවන් වැඩිහිටි හා අසභ්‍ය දේ නැරඹීම ගැන ඔවුනට ගැටළුවක් නැතැයි පවසනවා.

එනමුත් සුවද,. තම ස්වාමිපුරුෂයන් පමණට වඩා හා දිගින් දිගටම කාමුක දර්ශන නරඹන බව දැන ගැනීමෙන් බොහෝ වේදනාවක් හා පාවාදීමක් දැනෙනු ඇත.

ඇය ඔබේ අසන්හ්‍ය දර්ෂන නැරඹීමේ පුරුදු ගැන නොදැන සිටියද, කාමුක දර්ශන ඔබේ සම්බන්ධතාවයට බලපායි.

Fight the New Drug අධ්‍යයනයට අනුව, කාමුක දර්ශන නැරඹූ පිරිමින්ට තම සහකාරිය සමඟ අඩු ආදරයක් දැනෙන බවත් පැවසෙනවා.

ඔවුන්ගේ සහකාරියන්ගේ පෙනුම සහ ලිංගික ක්‍රියාකාරිත්වය පිළිබඳව වඩාත් විවේචනයට ලක් කරන බවත් පර්යේෂණයකින් සොයාගෙන ඇත.

5. වෙනත් කාන්තාවන් දෙස බලා සිටීම

වෙනත් කාන්තාවන්ගේ අලංකාරය හා ලස්සන දැකීම වැළැක්විය නොහැකි විය හැකියි.

නමුත්, ඔබේ බිරිඳ වෙනුවෙන්, නිතරම අනෙක් කාන්තාවන් දෙස ඇස් කොනින්  නොබලන්නට ඔබේ උපරිමයෙන් උත්සාහ කරන්න.

ඔබ කෙතරම් සියුම් යැයි සිතුවත්, ඔබ වෙනත් කාන්තාවක් පරීක්ෂා කරන්නේ නම් ඔබේ බිරිඳ  එය දකිනු ඇත.

6. පළමු පියවර නොගැනීම බිරිඳට දුක දීම 

ඔබේ බිරිඳ සැමවිටම ලිංගිකත්වය ආරම්භ කරන්නේ නම්, ඇයට වැඩි කල් නොගොස් ඇයව අනවශ්‍ය බවත් ඇය ආකර්ශනීය නොවන බවත් දැනෙන්නට පටන් ගැනීමට වැඩි කලක් ගත නොවනු ඇත.

බිරිඳට දුක දීම

ඔබට හැකි සෑම විටම පළමු පියවර ගන්නට හැකි අවස්ථා වල උත්සාහ කරන්න.

7. ඔබට ලිංගිකව හැසිරීමට අවශ්‍ය විට පමණක් ශාරීරික සම්බන්ධතා පැවැත්වීම

ආදරණීය වැළඳගැනීමක් හෝ නළලත හාදුවක් ලිංගිකත්වයට වඩා සමීප බවක් ඇති කරන්නට සමත්.

ඔබ ඇයව අගය කරන්නේ ලිංගිකත්වය සඳහා පමණක් නොවන බව ඇයට දැනෙන්නට සලස්වන්න.

ඔබ “ලිංගික මනෝභාවයෙන්” නොසිටින විට පවා ඇය ආකර්ෂණීය බවත් ඔබේ බිරිඳට දන්වන්න.

8. වචන වලින් ඇයව තහවුරු නොකිරීම බිරිඳට දුක දීම 

ඔබේ බිරිඳ ලස්සනයි කියා ඔබ සිතන්නේ නම්, ඇයට එය පවසන්න. ඇය පවුල වෙනුවෙන් කරන දේ ඔබ අගය කරනවා නම් ඇයට එය කියන්න.

බිරිඳට දුක දීම

ඔබ සිතන්නේ කුමක්දැයි ඇය දන්නා බව උපකල්පනය කරන්නට එපා. ඇයව නිතරම අවංකව පැසසුමට ලක් කරන්න.

එවිට ඇයට  සැමවිටම ඔබගේ ආදරය දැනෙනු ඇත.

විවිධ ක්‍රම වලින් සැමියන් තම බිරින්දෑවරුන්ගේ මානසික ආතතියට දායක වනවා. ඇතැම් විට බිරිඳට ගේදොර වැඩ වලට උදව් වීමේදී මුළු වටපිටාවම හැඩි කිරීමෙන් මානසික ආතතියට ලක් කරනවා.

තවත් විටක බිරිඳගෙන් ප්‍රයෝගික නොවන හෝ පමණට වඩා යම් යම් දේ බලාපොරොත්තු වීමෙන් මානසික පීඩනය වැඩි කරනවා.

වඩා ආන්තික වන්නේ අවශය වෙලාවට සැමියාගේ ඔහු පෙනී නොසිටීමත්, මානසික සහය, චපල බව සහ අරමුණු විරහිත වීමයි.

එමෙන්ම  සහයෝගයක් නොමැති කම හා උවමනාවට වඩා තම රැකියාවට පමණක් යොමු වී සිටීම ආදියයි.

නමුත් මෙම අධ්යයනය මගින් ස්වාමිපුරුෂයන් විසින් බිරිඳට ඇති කරන තවත් ආකාරයේ මානසික ආතතිය පෙන්වා දෙනවා.

එනම් දරුවන් ලොකු මහත් කිරීමෙහි ලා ක්‍රියාශීලීව සහභාගි නොවීමෙන් ස්වාමිපුරුෂයන් විසින් ඇති කරන පීඩනයයි!

ඔව්, නූතන සමාජයේ සම අයිතිය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා බලය ආදිය කෙරෙහි සටන් කෙරෙන යුගයක, මව් පිය වගකීම් සම සමව බෙදිය යුතු යැයි ඔබ සිතනවා ඇති.

අලුත් අම්මාගේ හිත

නැහැ. මෙය මෙසේ සිදුවන්නේ නැහැ. මොනවා කලත් බහුතරයක් නිවෙස් වල දරුවන් සම්බන්ධ වගකීම් වැඩිපුර ඇත්තේ බිරිඳගේ කර පිටයි. මෙය බිරිඳ තුල අසීමිත මානසික ආතතියක් ඇති කරනවා.

මව්වරුනි තාත්තලාගෙන් අපරික්ෂාකාරී ස්වභාවයක් හෝ වගකීම් පහර හරින සෙයක් දිස්වන්නට පුළුවන්. නමුත් මේ බොහෝ පිරිමින්ගේ ස්වභාවයයි.

මෙය නිදහසට කාරනාවක් නූවත් ඔබේ අවශ්‍යතාව අටුවා ටීකා නැතිව පැහැදිලිව කියා සිටීමෙන් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ මාතෘක මානසික ආතතියට විශාල සහනයක් ලබාගන්න පුළුවන්.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

Written by

Niloufer Perera

කතන්දර ලිපි