ඇඳිරි නීති සමයේ ගෙදරට වෙලා අමතර මුදලක් උපයාගන්නට අපූරු ක්‍රම 8ක්

ඇඳිරි නීති සමයේ ගෙදරට වෙලා අමතර මුදලක් උපයාගන්නට අපූරු ක්‍රම 8ක්

ඔබගේම පළපුරුද්ද, දක්ෂතා, නිර්මාණශීලිත්වය සහ කුසලතා තුළින් පහසුවෙන්ම ගෙදර ඉන්ඳන්ම මුදල් උපන්නට පුළුවන් බව ඔබ දැන සිටියාද?

අප හැමෝවම නිවාස අඩස්සියට යට කරලා  හැමෝගෙම ජීවිත අළුත්ම මානයකට ගෙන යන කොරෝනා වයිරසයෙන් ගැළවීමට මේ වන විට ජනතාව මහත් සහයෝගයක් දෙමින් සිටිනවා. නිවසේ සිට මුදල් ඉපයීම

මේ සටනින් අපි අනිවාර්‍යයෙන්ම ජය ගනීවි. ඒ ජය සමරනවාත් සමඟම එහි ප්‍රතිඵල මෙන්ම ආදීනවද භුක්ති විඳින්නටත් අපට හැකි වනවා නියතයි.

නිවාස අඩස්සියේ ප්‍රතිඵල බොහොමයක් අප නිවෙස් වල අත්දකින්නේ ඉවරයක් නැතිව දුවමින් සිටි තරඟකාරී ලෝකයේ පොඩි නිවාඩුවක් ලැබීමට සිහින දකිමින් සිටි අපට ඒ සිහිනය සැබෑ කර දෙමින්.

මෙම අනපේක්ෂිත නිවාඩුවෙන් ජීවිත හිර වෙලා වගේ තමා අපි බොහෝ දෙනෙක්ට දැනුනේ.  ඒත්, ඇත්තෙන්ම අපට ලැබී ඇත්තේ වෙනම මනයක නිදහසක් නේද? දරු මල්ලන් එක්ක ගත කරන්නට කාලයක්, ජීවිතයේ හිතන්නට මොහොතක් ලැබුණා කියා දැන් දැන් අපට පෙනී යනවා.

ඉතින් මෙවැනි දේවල් රැසක් මෙම කාලයේ අප ජීවිත තුළට ළං වී තිබුණත්, මේ කතා කරන්නට යන්නේ කොරෝනා නිවාස අඩස්සිය නිසා අපට අත්පත් වී ඇති ආදීනව වලින් මූලිකම එකක් ගැනයි.

මේ වන විටත් අප අතරින් බොහොමයක් දෙනාගේ ආදායම් වලට විශාල බලපෑම් ඇති වෙලා තියෙනවා. බොහෝ අයට දැනටමත් රැකියා අහිමි වෙලා.

ලංකාවේ එම අගය සංක්‍යාත්මක ලෙස තවම නොදන්නා මුත් ඇමරිකාවේ මිලියනයකට අධික පිරිසකට කොවිඩ්-19 නිසා රැකියා අහිමි වෙලා තියෙනවා.

ඒ වගේම තමා කුලී පදනමට රැකියා කළ අයවළුන්. බොහෝ විට දෛනික ආදායම මත පවුල් පිටින් යැපුනු තත්වයක් ඒ අයගේ නිවෙස් වල තිබුණේ.

එවැනි ජනතාවත් මේවන විට මහත් මූල්‍යමය පීඩනයකට පත්වී තිබෙනවා.

මේ වන විට මෙය කියවන ඔබත් මහත් ආර්ථික පීඩාවකට මුහුණ දෙනවා නියතයි. එළියට යාගන්න බැරිව ගෙඩහ්‍රදීම මුදල් හොයන්න ක්‍රමයක් ඇත්දැයි ඔබ කල්පනා කරනවා විය හැකියි.

නමුත් ලංකාවේ ඉපදුනු අපට බිය නොවන්නට කාරණාවකුත් තිබෙනවා. ඒ තමා තම තව කෙනෙකුට කුසගින්නේ මියැදෙන්නට නොදී ගෙදර තිබෙන වෙරළු ගෙඩිය පවා දෙකට බෙදාගෙන කන මිනිසුන් සිටින පුන්‍ය භූමියක් වීම.

ලොව අන් කිසිඳු රටකට වඩා අති මහත් මනුශ්‍ය කමක් මේ ලක් පොළවේ ඔබ මා අත්දකිමින් සිටිනවා.

මෙය අප හැමෝම මුහුණ දෙමින් සිටින මේ ආර්ථික අර්බුදය ජයගන්නට විශාල බලාපොරොත්තුවක් දෙනවා.

මෙම අත්දැකීම මුළු මහත් ලංකාවම පරිණාමනයකට ලක් කළා කියා ඔබ එකඟ වේවි.

ආර්ථික වැටීමක් සමඟම සිදුවූ මහත් පරිණාමනයක් වූයේ දවසෙන් දෙකෙන් ලක්වැසි  සියළු දෙනා වෙනස්ම ජීවන රටාවකට පහසුවෙන් වෙනස් වීමයි.

අකණ්ඩ ඇඳිරි නීතිය හමුවේ ලක්වැසියන් ක්ණිකව ප්‍රදර්ශණය කළ යහපත් වෙනස්කම්

  • පෝළිම් වල ඉවසීමෙන් සහ හික්මීමෙන් තම වාරය එන තුරු සිටීමට හුරු වුණා
  • ගෙදරටම පැමිණෙන බඩුභාණ්ඩ වලින් අවශ්‍ය දේ මිළදී ගන්නට හුරු වුණා. මේ නිසා සුපිරිවෙළඳසල් පමණක් නොව ගමේ පුංචි වෙළෙන්දාටද වැඩි ඉල්ලුමක් ලැබී තිබෙනවා
  • ඔන්ලයින් ක්‍රම භාවිතා කර නොයෙක් ගනුදෙනු වලට, බිල්පත් ගෙවීමට ආදිය හුරු වුණා
  • තමා සතු දේ අසල්වැසියන් සමඟ බෙදා හදා ගැනීමට යුහුසුළු වුණා
  • පිටින් ආහාර නොගෙන තම නිවසේම පවුලේ සැමට පෝෂ්‍යදායී ආහාර වේලක් පිළිගන්නවනට පුළුවන් බව සැම මවකටම පසක් වී තිබෙනවා.
  • ආහාර පිසීම, ගෙවතු වගාව, භාණ්ඩ නිපදවීම ඇතුළු වෙනත් කුසළතා අවදි කිරීමට බොහෝ අය නැඹුරු වී තිබෙනවා
  • තම අසල්වැසියන් සමඟ මානුෂික සබඳතාව වැඩිදියුණු වුනා
  • ඈත ගම්දනව් වල පවා දුක්විඳින්නන් වේ නම් සොයා බලා උදව් පද කිරීමට උනන්දුව වැඩි වී තිබෙනවා

මෙවැනි තවත් බොහොමයක් දේවල් ඉහත ලයිස්තුවට ඇතුළත් කිරීමට පුළුවන්.

මින් කියන්නට උත්සාහ ගන්නේ හැම දේම වෙනස් මානයකට හරවා ඇති මේ කොරෝනා අර්බුදය නිසා අප මුදල් උපයන මාර්ගද වෙනදාට වඩා වෙනස් කරන්නට සිදුවිය හැකි බවයි.

කොවිඩ්-19 සමයේ අළුතින් මුදල් උපයාගැනීමට යොමුවීමට කලින්, මේ අර්බුදය තුළ ඔබට ඇතිවී තිබෙන ඉතිරිය ලැයිස්තුගත කරන්න.

මෙසේ කිරීමෙන් ඔබට මුදල් උපයන්නට අවශ්‍ය මානසික පිබිදීමට එය රුකුලක් වනවා.

නිවසේ සිට මුදල් ඉපයීම සඳහා මානසික සූදානමට අදහස් කිහිපයක්.

  • සිල්ලර බඩු සඳහා මෙතුවක් කළ මාසික වියදම සැළකිය යුතු ලෙස අඩු වී තිබීම
  • ප්‍රවාහණ ගාස්තු (පොදු ප්‍රවාහණ, කුලී රථ, ඉන්දන ගාස්තු ආදිය) ඉතිරි වීම
  • පිටතින්, අවහන්වලින් ආහාර ගැනීමට යන වියදම් ඉතිරි විම
  • වෙනත් ඇඳුම් ආයිත්තම් වලට වැය කරන මුදල් ඉතිරි වීම
  • අනවශ්‍ය ගමන් බිමන් වලට වැය වන කාලය සහ මුදල් ඉතිරි වීම
  • ගෙවතු වගාවෙන් ලැබෙන එළවළු පළතුරු වලින් සිදු වන ඉතිරිය

ඔබේ ලැයුස්තුවට සරිලන පරිඩි මෙම ලැයිස්තුව අඩුවැඩි කරගන්න.

මේවාට අගයක් නියම කර ඒවා ගණනය කිරීමෙන් ඔබේ මූල්‍යමය ඉතිරිය කොපමණද යන්න ඔබට ගණනය කරගන්න පුළුවන්.

මෙය ඔබට ඔබේ ආත්ම විශ්වාසය තවත් ඵලගන්වනු ඇත.

දැන් ඉතින් නිවසේ සිටම ඔබට මුදල් උපයාගත හැකි ආකාර මෙන්ම, කොරෝනා අර්බුදය ජයගත් පසු එළඹෙන ජීව්තයට සූදානම් විය හැකි ආකාරය කෙසේ ද යන්න ඔබ සැලසුම් කරගත යුතු අවස්ථවයි.

උපයාගත හැකි මාර්ග කිහිපයක් පහත දක්වන අතර සිහිතබාගත යුත්තේ මානව දයාව කේන්ද්‍ර කරගෙන ඔබේ ආදායම් මාර්ගය ස්තාපිත කරගැනීමෙන් ඔබේ සාර්ථකත්වය තහවුරු කළ හැකි බවයි.

කොවිඩ් – 19 තුළ අපගේ ආර්ථික හා මානුෂික පිබිදීම හා නිවසේ සිට මුදල් ඉපයීම වෙනුවෙන් අපට කළ හැකි දේවල්

කොළයක් සහ පෑනක් අතට ගන්න. මූලික පියවර ලෙස මොහොතක් ගෙන මේ ගැන සිතන්න. ඔබට ඇති වන අදහස් සියල්ල සටහන් කරගන්න.

ඔබගේ කුසලතා මොනවාද? ඔබ නිර්මාණය කරන්නට දක්ෂ යමක් තිබේද? ඔබගේ විනෝදාශ මොනවාද?

මේ දේවල් අතුරින්, ඔබට අලෙවි කළ හැකි හෝ අන් අයගෙන් ඉල්ලුමක් තිබිය හැකි දේවල් තිබේද?

1. ඉවුම් පිහුම් වලින් නිවසේ සිට මුදල් ඉපයීම

බොහෝ මව්වරුන්ගෙන් තම කුසලතා මොනවාදැයි විමසූ විට “ඇනේ මට එහෙමෙ විශේෂ කුසලතා නැහැ. දවස පුරාම උයනවා විතරයි.” දැන් මෙ ඔබේ අවස්ථාවයි.

ඉවුම් පිහුම් වලට මනා පළපුරුද්දක් ඇති ඔබට දැන් තව පියවරක් ඉදිරියට තබා නිර්මාණශීලී විය යුතු වනවා.

අවුරුදු රස කැවිලි, වෙනත් පැනි රස ආහාර, ශෝට් ඊට් වර්ග, උදෑසන, දහවල්, දිවා රාත්‍රී ආහාර, වෙනත් කේක්, කප් කේක්, පීසා, පුඩිං වර්ග වැනි වෙනස් ආකාරයේ ආහාර වර්ගද පිළියෙල කරගත හැකිය.

නිවසේ සිට මුදල් ඉපයීම

ඡායාරූප: lankaeshop

ඔබ පිසින ආහාර කොවිඩ්-19 යෙන් ආරක්ෂා වීමට රජයෙන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නියාමනය කර ඇති රෙගුලාසි වලට අනුව ආරක්ෂාකාරී ලෙස පිළියෙල කර ඇසුරුම් කරන්න.

ඔබ ප්‍රදේශයේ ඇඳිරි නීති බලපත්‍ර ලත් ප්‍රවාහන සේවයක් හා සම්බන්ධ වී ඔබ දන්නා කියන අය අතරේ මෙම ආහාර අලෙවි කරන්නට මේ අවස්ථාවයි.

මේ තුළින් ඔබ දිනාගන්නා විශ්වාසය සහ ඉල්ලුම මත, ඇඳිරිනීතිය ඉවත් කළ පසුත් ඔබේ විනෝදාශය සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කරගැනීමේ අවස්ථාව මින් උදා වනවා.

2. අත්කම් භාණ්ඩ නිරමාණය සහ අලෙවියෙන් නිවසේ සිට මුදල් ඉපයීම

ඔබත් සෑම උපන්දිනයක් හෝ විශේෂ සැමරුමක් සඳහා ඔබේ අතින්ම සාදන ලද කාඩ්පතක් නිර්මාණය කිරීමට උද්‍යෝගයක් දක්වන්නෙක්ද?

මේ ඔබේ විනෝදාංශය මුදල් බවට හරවාගැනීමේ අවස්ථාවයි. ඔබේ ෆේස්බුක් පිටුව හරහා හෝ ලංකාවේ නොයෙක් අන්තර්ජාල අලෙවිකරණ වෙබ් අඩවි හරහා ඔබේ නිර්මාණ ඔබට අලෙවිකරගන්නට පුළුවන්. (https://ikman.lk, https://daraz.lk) මින් කිහිපයක්.

නිවසේ සිට මුදල් ඉපයීම

ඔබ් සෑදූ කාර්පත් පමණක් නොව වෙනත් ඕනෑම අත්කම් භාණ්ඩයක් (පින්තාරු කළ සාරි, හැට්ට, නිමි ඇඳුම්, ළදරු භාණ්ඩ, දිය සායම් චිත්‍ර, ස්වර්ණාභරණ හෝ එම්බ්‍රොයිඩර් ස්කාෆ් ආදී මෙකී නොකී ඔනෑම දෙයක්) ඔබට පහසුවෙන්ම නිවසේ සිටම අලෙවි කළ හැකි වනවා.

සියල්ල යථා තත්වයට පත්වීමෙන් පසුව, ඔබට අන්තර්ජාතික www.ebay.com වැනි වෙබ් අඩවි හරහා පිටර්ටවල් වලටද අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා.

3. ග්‍රැෆික් නිර්මාණය

ඔබ ග්‍රැෆික් නිර්මාණ සඳහා නිපුණත්වයක් අති කෙනෙක් නම් සහ වෙහෙසකාරී නිර්මාණ ව්‍යාපෘති පහසුවෙන් මෙහෙයවිය හැකි නම්, ඔබ ඔබේ සේවාවන්ද අන්තර්ජාලය හරහා අලෙවි කළ  හැකියි. නොයෙක් ෆේස්බුක් සමූහ හරහා ආයතන මගින් ග්‍රැෆික් නිර්මාණය කරුවන් ඉල්ලුම් කරන අතර UpWork වැනි වෙබඩවි හරහා පිටරටවල් වලටද වඔබේ සේවා අලෙවි කළ හැකියි.

4. ගෙවතු වගාව

ලංකාවේ කුඩාම හෝ මිදුලක් ඇති සියළුම දෙනා පාහේ ගෙවතු වගාවට යොමු වී ඇති බවක් පෙනෙනවා. මෙය දේශයක් හැටියට අප හැමෝටම ආඩම්බර විය හැකි කරුණක්.

ආහාර, එළවළු පළතුරු යනු කිසි දවසක ඉල්ලුම අඩු නොවන ව්‍යාපාර කිහිපයක්, මනුෂ්‍ය බඩගින්න සදහට ඇති වන දෙයක් නිසා.

නුදුරු අනාගතයේ අනිවාර්‍යයෙන් අපට අත්දකින්නට සිදුවන ආර්ථික අර්බුධයත් සමඟ වෙනත් රටවල නිෂ්පාදන කටයුතු ඇණ හිට ඇති බැවින්,. අපනයනය සඳහාද එළවළු පළතුරු වගා කළහැකිය.

ඇඳිරි නීති සමයේ ගෙදරට වෙලා අමතර මුදලක් උපයාගන්නට අපූරු ක්‍රම 8ක්

මේ නිසා දුර දක්නා නුවණින් ඔබ වගා කළ යුතු පැළ වර්ග තීරණය කොට නිවැරදි ලෙස වගාවට අවතීර්ණ වන්න.

ගෙවතු වගාව තුළින් තම පවුල තුළ මුදල් ඉතිරියක් ඇතිකරගත හැකි අතරම, පැල විකිණීම, විසිතුරු මල් ආදියද අලෙවි කිරීමෙන් හොඳ සාර්ථකත්වයක් ලබාගත හැකිය.

5. නිවසේ සිටම ඔබට මුදල් සෙවීමට නිවසේ සිටම ඔබේ වෘත්තියේ යෙදෙන්න

මේ මොකද්ද මේ කතාව? ඔව්! බොහෝ වෘත්තීන් ඔබට ව්‍යාපාරයකට කරවාගන්නට පුළුවන්.

කැමති නම් දිගටම ගෙදර ඉඳන්ම රාජකාරී කරන්නත් පුළුවන්.

විශේෂයෙන්ම ඔබත් මේ අනපේක්ෂිත කැළඹිල්ල නිසා රැකියා අහිමි වූවෙක් නම්, ඔබ මෙතුවක් ලබා ඇති වෘත්තීමය අත්දැකීම් ගැන මොහොතක් සිතන්න.

නව ව්‍යාපාර, කුඩා පරිමාණයේ වෙළඳාම් ආදිය උත්පාදනය වෙමින් පවතින මෙම සමයේ ඔබට කුඩා පරිමාණයෙන් හෝ ඔවුන්ගේ ව්‍යාපාරයට දායක වන්නට පුළුවන්.

ඔබගේ වෘත්තිය අනුව (ගණකාධිකරන, වෙළඳ හා ප්‍රවර්ධන හෝ මෙවන් කුමන ක්ෂේත්‍රයක) සේවය කළද ඔබට නව ව්‍යාපාර වලට. මුළුමනින් දායක වීමෙ හෝ නව්‍ය ව්‍යාපාර වලට උපදේෂකයෙකු ලෙස හෝ කටයුතු කරන්නට පටන් ගන්නට පුළුවන්.

මුළදී ඔබ මේ ගැන පූර්ණ අත්දැකීමක් ලබාගන්නා තෙක් ඔබේ සේවාව නොමිළයේ සැපයිය හැකියි.

මෙමගින් ඔබේ ආත්ම විශ්වාසය මෙන්ම අන් අයද ඔබගේ සේවාව කෙරෙහි විශ්වාසය අතිකරගැනීමට අවස්ථාවක් සළසයි. ඒඑතුළින් මෙය අමතර ආදායම් මාර්ග වලට ඉඩ සළසයි.

6. නිවසේ සිටම ඔබට මුදල් නිවෙස් වලට ගොස් සේවා සැපයීම

ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීමට හුරු වුණු මේ කාලයේ දැන් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවත්. ඔබේ සේවාව නිවසටම ගොස් අලෙවි කිරීමේ ක්‍රමවේදයක් කල්තියාම නිර්මාණය කරගන්නටත්, සැලසුම් කරගන්නටත් මේ ඔබේ අවස්තාවයි.

හෙද සේවාව, වෛද්‍ය සේවාව, රූපලාවන්‍ය සේවා, උපදේශණ සේවා ආදී විවිධ සරිලන සේවාවන් උසස් ප්‍රමිතියෙන් සැපයීමට ඔබට අවශ්‍ය දැනුමෙන් සහ අනෙකුත් දේ වලින් සවිබල ගැන්වෙන්න.

7. ගුරු සේවා සහ වෙනත් විශය උපදේශ්ණ සේවා

පාසල් පාඩම් කටයුතු පමණක් නොව, යෝගා සහ වෙනත් ශාරීරික ව්‍යායාම පවා වීඩියෝ හරහා ඉගැන්වෙන බව ඔබත් මේ වන විට අත්දැක ඇති.

මේ නිසා ඔබ ලබා ඇති කුමන හෝ ආකාරයේ දැනුමක් වීඩියෝ හරහා බෙදා දෙන්නට ඔබට පුළුවන්.

කේක් සෑදීම, ඉවුම් පිහුම්, පල් සහ විසිතුරු භාණ්ඩ වැනි තවත් බොහොමයක් දෑ ඉගෙන්ගන්නට කැමනි බාල මහලු බොහෝ අය සිටී.

ඇඳිරි නීති සමයේ ගෙදරට වෙලා අමතර මුදලක් උපයාගන්නට අපූරු ක්‍රම 8ක්

මේ අය වෙනුවෙන් පාඨමාලා සැලසුම් කර වීඩියෝ තාක්ෂණය හරහා ඉගැන්වීමට ඔබ මේ දැන් වුවත් පුළුවන්.

මේ සම්බන්ධයෙන් ඔබට අතදෙන්නට සූදානම් බොහොමයක් ආයතන හා සමූහද ඔබට පහසුවෙන් ගවේශණය කොට සොයාගන්නට පුළුවන්.

8. හැකියාවන් සහ නිර්මාණ කුසලතා ව්‍යාපාරයකට හැරවීම නිවසේ සිටම ඔබට මුදල් 

ඔබට සංගීත හැකියාවක් තිබේ නම් හෝ ඔබ ලිපි, නවකතා කවි නිසඳැස් ලිවීමට හැකියාවක් තිබේ නම් මේවා තුළින් ඔබට මුදල් ඉපයිය හැකියි.

ලංකාවේ පුවත්පත්, විද්‍යුත් පුවත් අඩවි, රැකියා බැංකු ආදියට සෘජුවම යොමු වී වැඩි විස්තර ලබා ගත හැකියි.

මේ අතරම තවත් වෙබ් අඩවි හරහා ඔබට www.topjobs.lk, xpress.jobs, ikman.lk වැනි නොයෙක් වෙබ් අඩවි ගවේශණය කිරීමෙන් ඔබේ සේවා සපයන්නට පුළුවන්.

මෙහිදී ඔබ මූලිකවම කළ යුත්තේ ඔබේ කුසලතා මෙන්ම ඔබ මෙතෙක් කර ඇති ලිපි සහ/හෝ නිර්මාණ සාම්පල කිහිපයක් හෝ නියැඳියක් ඉතා ආකර්ශමත් ලෙස සකසාගැනීමයි.

මන්ද ඔබේ කුසලතාව ක්ෂණිකව කෙනෙකුට ඉදිරිපත් කර ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට සුදුසුම ක්‍රමය එය වන බැවිනි.

ඉතින් ඔබට නිවසේ සිටම ආදායම් මාර්ගයක් සකස ගන්නට මෙම ලිපිය ඉවහල් වූවා යැයි විශ්වාස කරමු.

මෙම කාලය තුළ පිළිපැදිය යුතු තවත් වටිනා ක්‍රමවේදයක් වන්නේ තමන් සතු දේ හෝ අතිරික්තය අන් අය හා බෙදාගැනීමයි.

ඔබේ කුසලතා හරහා ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වෙනත් උපදේශණ සහය අවශ්‍ය නම් ග්‍රේට් ඉම්ප්රේෂන්ස් ආයතනය තුලින් එවන් සේවා සැපයෙනවා.

හැම කෙනෙක්ම එකිනෙකා හා බෙදාගැනීම තුළින් භාණ්ඩ සේවා හුවමාරුවක්ද විය හැකි අතර මෙයද ඉතිරි කිරීමටකට හෝ මුදල් ඉපයීමකට සම කළ හැකියි.

මෙයට සරල නිදසුනක් වන්නේ ඔබ සමඟ කොස් ගෙඩියක් බෙදාගන්නා කෙනා. සමඟ ඔබ වෙනස් ආකාරයෙන් පිළියෙල කරගත් කොස් බැදුමකින් ටිකක් බෙදාගන්නට පුළුවන්.

ඔබ සමඟ එළවළු ටිකක් බෙදාගනා කෙනා සමඟ ඔබේ ගෙවත්තේ සෑදුනු පළතුරක් බෙදාගන්නට පුළුවන්.

මේවා අප කොහොමටත් දෛනිකව කරන දේවල්. නමුත් එළඹෙන නුදුරු අනාගතය තුළ මෙම ක්‍රමවේදය මත අපට යැපෙන්නට සිදුවන්නට බැරි නැත.

ලාංකේය ලෙංගතු කම තුළ මෙම අභියෝගය සාර්ථකව ජයගන්නටත් අපගේ බෙදාහදා ගැනීමේ ගුණාංගය තුළින් මුදලින් මෙන්ම හදවත් වලින්ද පොහොසත් වී ලොවටම ආදර්ශයක් වන්නටත් අපට හැකි වනු ඇති.

මේ ලිපිය ඔබ වෙත ගෙන ආ මා, වාග්-නියුරෝන උපදේශිකාවක් වන අතර (NLP Practitioner) ලිපි ලිවීමට අමතරව.ග්‍රේට් ඉම්ප්‍රෙෂන්ස් ආයතනයේ නිර්මාතෘවරිය ලෙස ස්වාධීන උපදේශිකාවක් ලෙසද කටයුතු කරනවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera

කතන්දර ලිපි