theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

5 අවම කියවීම
සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

ඔ‌බේ සම රුලි වැටීමෙන් ආරක්ෂා කරගන්නේ ‌මෙන්න ‌මෙහෙමයි.

සම රැලි ගැසීම සැබවින්ම භයානක නැහැ. මුහුණේ තියෙන සමහර සිහින් රේඛා මුහුණට එක්කරන්නේ අමුතු ලස්සනක්. 

නමුත් මෙම රැළි ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් දක්වා නොයමින් මේ රැළි ඉවත් කරගන්න අපි කොයිකවුරුත් කැමතියි.

නමුත් ඔබේ ජිවන රටාවේ සමහර වෙනස්කම් තුලින් ඔබට මෙම රැළි ඉවත් කරන්න පුළුවන්. 

මෙන්න ඒ සදහා කුම 8 ක්.

සම රැලිගැසීම සදහා හේතු මොනවාද?

අපේ සම අපිත් සමගම වයසට යනවා. සාමාන්‍යයෙන් අපේ සමට ඇදෙන සුල බවක් ලබදෙන්නේ කොලජන් මගිනි 

අපි වයස් ගත. වන විට මේ කොලජන් නිෂ්පාදනය අඩු වී සමේ රැලි ඇතිවීමක් සිදුවෙනවා.

තවද මේ සදහා  හිරු එළියට නිරාවරණය වීම, පරිසර දූෂණය වැනි දේවල්ද හේතු වෙන්න පුළුවන්.

ඔබ වයසට යන විට ඔබේ ඔබේ සම තුනී සහ වියලි බවට පත්වෙනවා.

 ඔබේ සමේ තෙතමනය හා ඝනත්වය අඩු වෙන විටද එය සමේ රැළි ඇති වීමට හේතුවෙන්න පුළ්වන්.

සම රැලි ගැසීම වළක්වාගන්න කළ හැකි දේවල්

සමේ වයස්ගත වීම තීරණය කරන්නේ ඔබේ ජානයි. නමුත් ඔබේ පරම්පරාව තුල ඉක්මනින් වයසට යන සමක් තිබුනත් හොද පාලනයකින් යුතුව ඔබ ඔබේ සම රැක බලා ගන්නවා නම් ඔබටත් නිරෝගී ලස්සන සමක් පවත්වා ගන්න පුළුවන්.

සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

1. සම රැලි ගැසීම වළක්වන්න හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරගන්න

හිරු එළිය නිසා සමට හානි වෙන බව අපි කොයි කවුරුත් දන්නවා. 

විශේෂයෙන් එහි ඇති පාරජම්බුල කිරණ සමට හානිකරයි.

කළ හැකි දේවල්

  • SPF 30 ත් 50 ත් අතර අව් ආවරක ආලේපනයක් භාවිතා කරන්න.
  • තොප්පියක් පළදින්න
  • අව් ආවරක කණ්නාඩි පළදින්න.
  • කුඩයක් භාවිතා නරන්න
  • හිරු කිරණ පරාවර්තනය වෙන ලා පැහැ ඇදුම් අදින්න.

සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

2. සම රුලි ගැසීම වැළැක්වීම සදහා රෙටිනොයිඩ භාවිතා කරන්න

රෙටිනොයිඩ්ස්, විටමින් A වලින් ලබාගන්නවා. අධ්‍යනයකින් හෙළි වු පරිදි රෙටිනොයිඩ මගින්  වයස්ගත වීම වළක්වනවා.  

මේවාට සමට ඇදෙන සුළු බවක් ලබා දෙන කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව තියෙනවා.  

තවද අලුත් සම නිෂ්පාදනයද මේවා මගින් දිරි ගන්වනවා.

කළ හැකි දේවල්

  • විටමින් A අඩංගු ආහාර ලබා ගැනීම
  • අවශ්‍ය නම් වෛද්‍යවරයෙකු හමු වී ඔබට ගැලපෙන විසදුමක් ලබා ගැනීම
  • විටමින් A අඩංගු ආලේපනයක් භාවිතා කිරීම

3. සම රැලි ගැසීම වැළැක්වීමට සම තෙත්ව තබා ගැනීම

ඔබේ සම තෙත්ව තබා ගැනීමෙන් සම වියළීම වළක්වා ගන්න පුළුවන්. 

එවිට සම වියළීම නිසා ඇතිවෙන රැලි වැටීම්ද වළක්වා ගන්ව ඔබට පුළුවන්

කල හැකි දේවල්

  • හයුලූරොනික් අම්ලය සහ විටමින් සී අඩංගු මොයිස්චරයිසර් භාවිතා කිරීම 
  • රැළි ඇතිවීම වැළැක්වීමට වෛද්‍යවරයා හමුවීම

4. සම රැලි ගැසීම වැළැක්වීමට  සජලීයව සිටීම

හොදින් ජලය පානය කිරීමෙන් නීරෝගීව ඉන්න පුළුවන්. 

ඔබේ සිරුරේ විෂ පිටකිරීම, ආහාර ජීරණය, සිරුරේ උෂ්ණත්වය පාලනය හා සම සජලීයව තබා ගැනීම සදහා සිරුරට ජලය අවශ්‍ය වෙනවා.

කල හැකි දේවල්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • හොදින් ජලය පානය කරන්න
  • ග්‍රීන් ටී පානය කරන්න
  • වෙනත් දියරවර්ග පානය කරන්න.

5. විටමින් බහුල ආහාර ලබා ගන්න

ඔබ ලබාගන්නා පෝෂණයෙන් හීන ආහාර ඔබේ සමේ රුලි ඇතිවීමට හේතුවෙනවා.

අධික ප්‍රතිඔක්සිකාරක ගුණ  අඩංගු ආහාර මගින් සමේ ඇදෙනසුළු බව වැඩි වන අතර සම හානිවලින් හා වයසට යාමෙන් ආරක්ෂා වෙනවා.

කල හැකි දේවල්

පහත ආහාර පාන ලබා ගන්න.

  • ග්‍රීන් ටී
  • ඔලිව් තෙල්
  • සැමන්
  • අලිගැට පේර
  • දෙළුම්
  • එළවළු, විශේෂයෙන් කැරට්, වට්ටක්කා, පලා වර්ග, බෙල් පෙපර් සහ බ්‍රොකොලි

6. සම රැලි ගැසීම වැළැක්වීමට උඩුකුරුව නිදාගන්න

ඔබ යටිකුරුව හෝ පැත්තට නිදාගන්නා විට මුහුණේ සම පීඩනයට ලක්වෙනවා.

 එහිදි සම අනවශ්‍ය විදියට සම රැලි වැටීමටද හේතු වෙන්න පුළුවන්.

කල හැකි දේවල්

  • සමේ ඝර්ෂණය අඩු කරන සහ සමට උරාගැනීම් කිරීමට පහසු උඩුකුරු ඉරියව්වෙන් නිදාගන්න.

සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්

7. සම රැලි ගැසීම වැළැක්වීමට දුම්පානය කරන්න එපා

දුම්කොළ දුම මගින් ඔබේ සමට  ඇදෙනසුලු බවක් හා ශක්තිය ලබා දෙන තන්තු වන කොලජන් හා ඉලාස්ටින් වලට හානි කරනවා. 

ඒ වගේම, සිගරට් වල ඇති නිකොටින් ඔබේ රුධිර නාල අවහිර කරමින් සමට රුධිරය ගලා යෑම අඩුකරයි. 

එහිදි නිරෝගී සමක් පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් සම වෙත නොලැබී යනවා.

 ඒ වගේම දුම්පානයේදි නිකුත්වෙන තාපය නිසාත් කට වටේ සම රැලිවැටීමට ලක්වෙන්න පුළුවන්.

කල හැකි දේවල්

  • දුම්පානය නතර කරන්න.
  • ඔබට එය කල නොහැකි නම් වෛද්‍යවරයෙකු හමුවෙන්න.
  • දුම්පානය නතර කිරීම හා සම්බන්ධ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න.

8. ඔබේ මුහුණේ සම සැහැල්ලුවෙන් තබාගන්න

හිනාවෙනවාට වඩා වැඩි පේශි ගණනක් රවන කොට භාවිතා වෙනවාලු. 

ඒක අහලා තියෙනවා නේද? 

ඔබේ මුහුණ වැඩිපුර වෙහෙසට පත්වීම නිසා සමේ රුලි ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා මානසික පීඩාව අවම කොට සැහැල්ලුවෙන් ජිවත් වෙන්න.

කල හැකි දේවල්

  • නිතර ව්‍යයාම කිරීම
  • ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම කිරීම
  • යෝග කිරීම
  • භාවනා කිරීම
  • සිහියෙන් සිටීම

සම රැලි ගැසීම

ඉහත උපදෙස් අනුව යමින් ඔබත් නිරෝගී ලස්සන සමක් හිමිකර ගන්න.  

ඔබේ සම වයසට යෑමෙන් වළක්වා සම රුලි වැටීම අවම කරගන්න නම් ඔබට සමට ආ ලේප ගැල්වීමෙන්ම පමණක් කරන්න බැහැ.

ඔබ ඔබේ සම හිරු එළියේ ඇති අහිතකර පාරජම්බුල කිරණින් ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා.

ඒ වගේම සමට පෝෂණය ලබා දෙන විටමින් A පවුලේ ආහාර හොදින් ලබා ගන්න අවශ්‍යයි. 

ඔබේ සමේ තෙතමනය රදවා ගැනීම විතරක් ප්‍රමාණවත් නැහැ ඔබේ සිරුරේ හොදින් ජලය පවත්වා ගන්නද අවශ්‍ය වෙනවා.

ඒ වගේ සිරුරට අහිත කර දුම්පානය වැනි පුරුදු වළක්වා ගැනීමද වැදගත්. නිතර තරහින් සිටීම මුහුණේ ලස්සන අඩු කරනවා වගේම එහි පේශින් වෙහෙසට පත් කරනවා.

නිතර ව්‍යයාම කරමින්, භාවනා කරමින් මනස සැහැල්ලු කරගන්න අමතක කරන්න එපා. හොදින් ජලය පානය කරන්න.

සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න. ඔබේ සිරුර වගේම සමත් නිරෝගී කරගන්න.

ඔබට මේ සම්බන්ධව ගැටළු ඇතිනම් අප වෙත එවන්න.

මුලාශ්‍ර: healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • සම රැලි වැටීම වළවක්වන්න සහතික කල ක්‍රම 8ක්
බෙදාගන්න :
  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

  • කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

    කොරල සම නැතහොත් වියළි සමට ප්‍රතිකාර

  • දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

    දරුවන්ට හැදෙන මේ සමේ ලෙඩේ ගැන දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it