theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

5 අවම කියවීම
ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

කාට වුවත් නිසි තැන නිසි ගෞරවය දිව යුතුයි. සැමියා මෙන්ම බිරිඳත් ගෞරව ලැබිය යුතුයි. ඔබගේ බිරිඳට නිසි ගෞරවය ඔබ දෙනවාද?

බිරිඳට ගරු කිරීම විවාහය තුල අවශ්‍යම අංගයකි.

නමුත් අද සමාජය තුල බිරිඳට නිසි ගෞරවය ලැබෙනවාද?  ඒක බොහොමයක් පවුල් වල අද තියෙන බැරෑරුම් ප්‍රශ්නයක්. 

සැමියා කියන්නේ නිවසේ මුදුන් ලීය නම් බිරිඳ කියන්නේ එය දරාගෙන ඉන්න බිත්තියි.

පවුල කියන නිවස ඇතුලේ ගැහැනියක් ඔබ නමින් බිරිඳ ලෙස කිරුළු පළදිනවා.

ඔබ නමින් මාතෘත්වය ලබනවා. මේ පුංචි වගකීමක් නම් නොවෙයි. ඇත්තටම වගකීම් ගොන්නක්.

ඔබ ඔබේ බිරිඳට ආදරෙයි නේද? ඒත් ඇයට අවශ්‍ය ඔබේ ආදරය විතරක් නෙමෙයි . ඇයට ඔබේ ගෞරවයත් අවශ්‍යයි. ඔබ ඔබේ බිරිඳට නැතිනම් ඔබේ දරුවන්ගේ අම්මාට නිසි ගෞරවය ලබාදෙන්නේ කොහොමද?

ඒ සදහා ඔබට පුංචි නමුුුුත් වැදගත් මගපෙන්වීමක් කරන්නයි අපගේ ‌මේ සුදානම

ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

  1. බිරිඳට ගරු කිරීම සදහා ඇය දෙස පමණක් බලන්න

ඇය ඔබේ සොඳුරියයි. අද බිරිඳක ලෙස ඔබ හා ඔබේ පවුලේ බර අදින ඇය බොහෝ විට පෙර දවස ඔබේ ආදරියයි. එසේ නොමැති නම් ඔබේ සිත්ගත් ලඳයි.

ඇය සුන්දරතම කාන්තාව බව ඔබේ ඇස්, හදවත ඔබට කියනවා  නේද ? අන් ලඳුන් දෙස ඇය දෙස බලන ලෙස බලන්න එපා.

කිසිම විටෙක් ඇයව අන් ළදක් හා සසඳමින් ඒ හිත රිදවන්න එපා.  ඔබේ ඇස් ඇය වෙතම පමණක් නම් ඇයට ආදරය ,සුරක්ෂිතතාවය හා ගෞරවය දැනෙනවා.

"ඔයා බැන්ද දවස් වල වගේම ලස්සනයි ", "ඔයාගේ හිනාව හරිම ලස්සනයි" වගේ දෙයක් නිතර කියන්න. ඒ විදියට ඇයගේ පුංචි හෝ සුන්දරත්වයක් අගය කරන්න ඔබට පුළුවන් නේද?

  1. ඇගේ සිහින වලට යන්න අවශ්‍ය  සහයෝගය සහ ධෛර්යය ලබාදෙන්න

1

ඔබ ඔබේ බිරිඳගේ සිහින සොයා බලන්න. බොහෝ විට ඒවා පවුල දරුවන් නිසා යටපත්ව ගිහින් තියෙන්න පුළුවන්.  සමහර විට ඇය එම හීන පවුල වෙනුවෙන් කැප කරලා පවුල වෙනුවෙන් හුස්ම ගන්නවා වෙන්නත් පුළුවන්.

ඒ නිසා ඇයගේ ආසාවන්, හීනයන් සොයා බලන්න. ඒවා යටපත් වු තැන් වලින් ගොඩ ගෙන ඔබගේ ප්‍රමුඛතා ලේඛනයට එකතු කරන්න .

ඇයගේ හීන වලට යන පාර කැපිය යුත්තේ ඔබයි. ඒ නිසා ඔබගේ සහයෝගය ඇයට දෙන්න.  ඇයගේ ධෛර්ය ඔබ වෙන්න.

"ඔයා ඔයාගේ හීන ඉටු කරගන්න එක තමයි මට වැදගත්ම " වගේ දේවල් කියමින් ඇයව උනන්දු කරවන්න ඔබට පුළුවන් නේද?

  1. පවුල වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න

ඔබ ඔබේ පවුල වෙනුවෙන් මහන්සියෙන් කැපවීමෙන් කටයුතු කරන්න. ඔබ කම්මැලි නොවී කඩිසර වෙන්න. 

මිනිසෙකු වෙහෙස මහන්සි වී වැඩ කරන විට,  ඒක තමන්ට කරන ගෞරවයක් විදියට තමයි බිරිඳක් දකින්නේ. නිකමෙකුට වඩා මහන්සියෙන් වැඩ කරන සැමියෙක් ලැබීම ඇයට ඇත්තටම ආඩම්බරයක් වේවි.

"ඔන්න මම ඕටීත් කලා. මේ මාසේ වැඩිපුර ගානක් හම්බවේවි. බබාටයි, ඔයාටයි අලුත් ඇදුම් ගනිමු නේද?

වගේ දෙයක් ඔබට කියලා ඔබේ අමතර කැපවීම ඇයට පෙන්වා දෙන්න. ඇය අනිවාර්යයෙන්ම සතුටු වේවි.

  1. බිරිඳට ගරු කිරීම සදහා නිවසේ කටයුතු වලට  උදව් කරන්න

නිවස කියන්නේ ඔබේ බිරිඳගේ රාජධානිය තමයි. සමහර විට ඒ අත් දෙකෙන් ඔබේ නිවෙසට ජිවි බවක් එක් කරන්නේ ඇය වෙන්න පුළුවන්. ඒ වගේ ඇය දවස පුරාම නිවසේ වැඩත් එක්ක ඔට්ටු වෙලා මහන්සි වෙනවා නේද?

ඔන්න එහෙනම් ඔබේ බිරිඳට ගෞරවය පෙන්වන්න පුළුවන් සරල ක්‍රමයක් ඔබට තියෙනවා.

කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්, ඔබ ඔබේ නිවසේ වැඩ වලට ස්වේච්ඡාවෙන්ම දායක වෙන්න. ඇය උදව් ඉල්ලන තුරු නොසිට ඔබට කල හැකි සෑම දෙයක්ම කර ඇයගේ දවස පහසු කරන්න.

" කෝ දෙන්න මම බබාව බලාගන්නම් ඔයා ගිහින් පොඩ්ඩක් ඉදගෙන ඉන්න. උදේ ඉදන් හිටගෙන නේද"

කියලා ඔබට ඇයගේ රාජකාරි භාරගෙන ඇයට මොහොතක විවේකයක් ලබාදෙන්න ඔබට පුළුවන් නේද?

  1. බිරිඳට ගරු කිරීම සදහා ඇය සමඟ කතා කරන්න. ඇයට සවන් දෙන්න

කාන්තාවන් සාමාන්‍යයෙන් තමන්ගේ හැඟීම් සැමියා එක්ක බෙදා ගනිමින් කතා කරන්න කැමතියි.

ඔබ නිවසේ සිටින වේලාවට දුරකථනයේ හෝ රූපවාහිනියේ එල්ලී සිටිනවා නම් එය ඔබේ බිරිඳට කරණ අසාධාරණයක්.  ඇයට ඔබත් එක්ක බෙදාගන්න යමක් තියෙනවා. ඒ නිසා ඇය හා කතා කරන්න . ඇයගේ අදහස් විමසන්න.

ඇයට ඇහුම්කන් දෙන්න. එය ඔබ ඔබේ බිරිඳට දෙන ගෞරවයයි.

"අද දවසේ මොකද වුනේ"

වගේ යමක් අසමින් ඔබේ බිරිඳට කතා කරන්න අවස්ථාව දෙන්න ඔබට පුළුවන් නේද?

  1. ඔබේ බිරිඳ සමඟ ගත කරන කාලයට මුල් තැන දෙන්න

ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

සැමියාගේ ජීවිතයේ ඉහලම ඉඩ බිරිඳටත්, බිරිඳකගේ ජීවිතයේ ඉහලම ඉඩ සැමියාටත් වෙන්විය යුතුයි. එය එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවයයි.

රූපවාහිනිය , දුරකථනය , පත්තර නිවසේ සිටින වේලාවට සීමිතව භාවිතා කරන්න. ඒවාට ඇබ්බැහි වෙන කාලය ඔබේ බිරිඳ සමග ආදරයෙන් ගත කරන්න. එය ඇයට කරන ඉහලම ගෞරවයක්.

ඇයත් එක්ක හවස ටී එක බොන්න, ඩිනර් අවුට් එකක් යන්න. ඇය ලඟම ගැවසෙන්න . ඔබට ඇයට මෙසේ සැනසීම ලබාදෙන්න කරන්න තියෙන්නේ පහසු දේවල් ටිකක් විතරයි නේද?

  1. බිරිඳට ගරු කිරීම සදහා දිගින් දිගටම ඇය පසුපස යන්න

ආදරය කරන කාලේ වෙලි වෙලි තිබ්බ ආලේ බැන්දට පස්සේ ඇත්තටම යන්නේ කොහේද? 

 බිරිද ඔබ වෙනුවෙන් හැම කැප කිරීමක් කරද්දී ඔබට චුට්ටක් ප්‍රේමණිය වීම මහ ලොකු දෙයක් නෙමෙයි නේද?

නිතර ඇය අසල ගැවසෙමින් ප්‍රේමණිය වන්න එය ඇයට කරන ඉහලම ගෞරවයක් වේවි.

  1. බිරිඳට ගරු කිරීම සදහා කිසි විටෙකත් ඇයව අත් නොහරින්න

ආදරයේදි  ඔබ ඔබට වඩා අනෙක් පාර්ශ්වය   විශ්වාස කල යුතුයි. ඔබ ඔබේ බිරිඳ වෙනුවෙන් මෙය කරන්න. 

ඔබේ වචන, ක්‍රියාව සහ ගෞරවය තුළින් ඇයව ගොඩනඟන්න. ඇය කෙරෙහි ඔබ දක්වන කැපවීම සහ ඇය කෙරෙහි ඇති ඔබේ ආදරය වෙනස් නොවන බව ඔබගේ ආදරණීය බිරිඳට දැනෙන්න දෙන්න.

ඇයව කිසිම විටෙක අත් හරින්න එපා. සැපේදි මෙන්ම දුකේදීද ඔබ ඇයගේ සෙවනැල්ල වෙන්න. එය ඔබ ඇයට දෙන ගෞරවයයි.

බිරිඳ කියන්නේ ස්වභාව දහමේ අපූරු නිර්මාණයක්. ඒ ව‌ගේම ඔබේ ආදරය ‌නේද?  බිරිඳට නිසි ‌ගෞරවය ලබා ‌‌දෙන එක අසීරු කටයුත්තතක් ‌නෙවෙයි. එය ඔබ ඔබේ බිරිඳට ලබා‌ෙදෙන ආදරයේම ‌කොටසක් කරගන්න.

ඉහත ක්‍රම 8 උත්සහ කර බලන්න. ඔබත් ඔබේ බිරිඳට ගෞරව දක්වන වෙනත් ආකාර තිබේද? එහෙනම් එය අප හා බෙදාගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්
බෙදාගන්න :
  • ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

    ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

  • මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

    මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

  • ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

    ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

  • මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

    මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it