theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

5 අවම කියවීම
ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

දෙමාපියන් වු දා පටන්ම ගෙවන හැම තත්පරයක ම ඔබ දෙදෙනා විඳි අප්‍රමාණ සතුට, දුක තුළ ඔබේ බිරිඳට ඔබව කෙතරම් අවැසි දැයි කතා කරන්නට මේ විවෘත ලිපිය ලියන්නට සිතුවෙමු.

දෙමාපියන් වු දා පටන්ම ගෙවන හැම තත්පරයක ම ඔබ දෙදෙනා විඳි අප්‍රමාණ සතුට, දුක තුළ ඔබේ බිරිඳ ට ඔබව කෙතරම් අවැසි දැයි කතා කරන්නට මේ විවෘත ලිපිය ලියන්නට සිතුවෙමු.

ලිංගික ජීවිතය

ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි. ආදරණීය තාත්තලාට සෙනෙහසින්...

ආදරණිය පියවරුණි,

ඔබේ බිරිඳ රැකියාවක් නොකර ගෙදර දොර බලාකියා ගන්නා  කාන්තාවක් නම් ඇයට තත්පරයක ඉස්පාසුවක් වත් නොලැබෙන බව කිව යුතුමයි. ඇයට රැය දවාල වෙනසක් නැතුව වැඩ කන්දරාවක් ඇති බව නොරහසක්.

දවස පුර ඔබේ සුරතල් පැටවු එක්ක ඔට්ටු වෙන එක ඔවුන්ගේ සුරතලය තරම් සුන්දර නැති බව බොහෝ විට ඔබට අමතක වෙන්නත් පුළුවන්. ඇය ජිවිතයේ ඇති අභියෝගත්මක ම පදවියේ වගකිම් සියල්ල ඇය මත දරාගෙන සිනහවෙන් කල් ගෙවන්නට වෙර දරන ආදරණිය මවක් බව ඔබට අමතක වෙන්න පුළුවන්.

හිමිදිරි පාන්දර, රෑ මැදියම ඇයට එකසේ නිදි නැතුව ගෙවන්නට සිදුවීම ඇගේ දින චර්යාව වෙන්නේ ඔබේ පැටවුන් මෙලොව එළිය දුටු දා ඉඳන්මයි.

ඇය මවක්, ගෘහණියක්, කෝකියෙක්, රියදුරෙක්, ගුරුවරියක්, පිරිසිදු කරන්නියක්, හෙදියක්, ආරක්ෂකයෙක්, වැනි තවත් මෙකී නොකී බොහෝ වගකීම් රැසක් පැය 24 පුරාම දරමින්, ඔබේ උවමනා එපාකම් පිරිමසමින් ලෝකය ඉදිරියේ තම කුටුම්බය ආරක්ෂා කරන්නට නිරන්තර වෙහෙසක් දරනවා.

මේ සියලු වගකීම් මැද ඇයට ම හිමි ඇගේ ලෝකයක්, ඇයට ම  කියා අතට යමක් ලැබෙන රැකියාවක් කරන්න ඇයට ශක්තිය ඇතත් ඇයට ඊට ඉඩක් කොහෙන්ද? ඔබේ දරුවන්, නිවස, ඔබට විය යුතු යුතුකම්  පැහැර හැරෙතැයි ඇය ඇගේ අපේක්ෂාවන් ඇය තුළම නැවත සිර කර ගන්නවා.

ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්

සමහර විටෙක ඇය ඇයට ම වෛර කරන අවස්ථාවන් පවා එළබෙන්නට පුළුවන්. ඔබ රැකියාවට ගොස් මදකට හරි යහළු මිතුරන් ඇසුරු කරයි. සමහර විටෙක රැකියාවෙන් පසු වුවත් ඔබට මිතුරු මිතුරියන් සමග කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුනත් ඇයට තම දරුවන් නිසා ඒ අවස්ථාවන් මග හැරගන්නවා.

දිනක් ගෙවෙද්දී ඔබ ඔබේ දහවල් ආහාරය ගනිද්දී ඇය තවමත් පෙරදා නින්දට ගිය ඇඳුමින්, ගෙදර දොර වැඩ කරමින් ඇගේ උදේ ආහාරය ගන්නට සුදානම් වෙනවා වෙන්න පුළුවන්. අතිශය අත්‍යවශ්‍ය වැසිකිලියට යාම වැනි කරණයක් වුවත් ඇයට අත දරුවන් සමග මග හැරෙන බව ඔබට මතක් කරන්න කැමතියි.

ඔබේ බිරිඳ මොකද කරන්නේ? අපේ රටේ ගොඩක් වෙලාවට කෙනෙක් ඔබෙන් ඇසුවොත් ලැබෙන පිළිතුර තමයි  "ආ... එයා ගෙදර නිකන් ඉන්නේ" කියලයි.

නමුත් ගෙදර ඉන්නවා කියන්නේ බිරිඳට ඇත්තටම නිවාඩු නිකේතනයක ගෙවන දවසක් නම් නෙමෙයි. ඔබේ බිරිඳ රැකියාවක් කරන කෙනෙක් වුවත් එය එතරම් වෙනසක් නැති තරම්. ඇගේ පැය 24 ත් ඔබේ දරුවන් හා ඇගේ රැකියාව සමග එකිනෙක බැඳී තියෙනවා.

ඇය රැකියාව අවසන්ව ගෙදරට ආවා කියලා ඇගේ දවස නිම වෙන්නේ නෑ. ඇගේ දවස යලි අරබෙන්නේ එතැන් සිටයි. ඇය බැහැරව සිටි කාලය තුළ ඇගෙන් ඉටු නොවූ සියල්ල ඇයට යලි අරඹන්නට සිදුවෙනවා. ඇය මොන තරාතිරමක උසස් රැකියාවක් කලත් ගෙදරදී ඇගේ මවගේ භූමිකාව වෙනස් වන්නේ නැහැ.

රැකියාවක් කරමින් ඔබේ පුවුල හා දරුවන් රැකබලාගැනීම සමබර කර ගැනීමේ නිරන්තර අරගලයක නිතරම යෙදෙනවා.ඊට දුක, සතුට ,වේදනා,හැඟීම් සියල්ල මුසු කර ඇය ලෝකය සමග සිනාසෙන්නේ සියලු බර දරාගෙනයි. නමුත් කිසිදාක ඇය මේ ගැන ඔබට නොපවසන්න පුළුවන්.

ඇය ගෙදර සිටියත් රැකියාවට ගියත් ඇය ඔබෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඇය තනියෙන් හඬන විට ඔබේ උරහිස ඇයට  ශක්තියක් වෙන්න පුළුවන්. දිවියේ බර ඇයට තනියෙන් දරන්නට බැරි විට ඔබට ඇයට විඩා නිවන්නට ඉඩක් අරන් දෙන්න පුළුවන්. මිල මුදලට වඩා ඇයට එය විශාල ශක්තියක් වෙනවා.

ඇගේ දවස අසහනකාරී වෙද්දී ඇයව අගයන්න පුංචි ආදරණිය වදනකින් ඇගේ හිත අස්වසන්න පුළුවන්. වෙලාවකට පුංචි පැටවු එක්ක ඔට්ටු වෙනකොට ඇය පිස්සියක් වගේ හැසිරෙනවා කියල ඇයටම දැනෙන්න පුළුවන්. දෙන්නෙක්, තුන්දෙනෙක් පැටවු ඉන්න පවුලක දරුවන්ගේ ඉල්ලීම් එක විට එක වගේ නෑ.

එක්කෙනෙක්ට නිදිමතයි හොඳට අඬනවා, දුවට බඩගිනියි, පොඩ්ඩා කෑම පිඟාන හැමතැනම හලාගෙන. ඉතින් ඇය අසරණයි. සිමාවන් ඉක්මවා යනවා. නිරන්තරයෙන් මෙය වෙද්දී ඇය කේන්ති ගන්නවා.

අන්තිමට කෑගහලා අඬනවා. එතකොටවත් ඔබට ඒ බව දැනුනොත්, ඇහුනොත් ඇය තරමක් හරි සැනසේවි. දරුවන්ට සැර වුන වරදට ඇය ඇයටම ශාප කරගන්නවා. ලෝකෙම ඉන්න නරකම අම්මා තමන් කියල හිතනවා. රැකියාවක් කරන අම්මෙකුට නම් ඇය රැකියාවට යා යුතු වෙලාව, සාකච්ඡාවකට වෙන් කළ වෙලාව ඇයට සිහියට එනවා.

මව් සෙනෙහස

මේ කොතරම් පීඩනයක් මැද වුවද ලොව කොතරම් අය සිටියත් ඔබේ දරුවන්ට 'අම්මා' විය හැක්කේ ඔබේ බිරිඳට විතරමයි. සමහරවිට මේ වටිනාකම ඇයටවත් නොසිතෙන කරුණක්.

දවස අවසානයේ ඔබ දවසේ තොරතුරු ඇය සමග බෙදා ගන්න සුදානම් වුවත් ඊට ඇය සුදානම් නැති බව ඔබට වැටහෙනවා. ඇත්තටම ඔබ හරි. ඇය දවස පුරාම ඔට්ටු වෙලා ඔබේ පුංචි දූ පැටියව නින්දට යැව්වා විතරයි.

ඇය ඇහැ ඇරියොත් ඇයට කල යුතුව ඇති ඉතිරි වැඩ කන්ද ගැන ඇයට සිහි වෙනවා. නැතිව ඇය ඔබව මග හැරියා නොවෙයි. සියල්ලන් නින්දට ගියත් නිදි නැති ඇය ඔබ ළඟට ගන්නට ඇයට ළං වුනත් 'හරි මහන්සියි' ඇය කියාවි.

නොසන්සුන් වෙන්න එපා. ඇය ඇත්තටම මහන්සියෙන් ඉන්න බව වටහා ගන්න. මෙය සාමාන්‍ය දිනයක පුද්ගලයෙකුට දැනෙන විඩාවට වඩා එහා ගිය පීඩාකාරී එකක් බව ඔබ තේරුම් ගන්න.

අවස්ථාව ලද සැනින් දෙනෙත් පියා ගනිමින් අස්වසිල්ලක් ලබන්න ඇය මග බලමින් ඉන්නවා. ඇය ඔබට ආදරය සෙනෙහස එදා වගේම දැක්වුවත් මේ මොහොත ඇයට විවේකයක් අවශ්‍යම මොහොතයි.

ඔබ ඇයව අහනවා නම්....  ඇය හුඟක් සතුටුයි.

මුළු දවස පුරාම කතා කරන්න ලැබෙන එකම පුද්ගලයා ඔබ වෙන්න පුළුවන්. පුංචි පැටවුන් කළ සුරතල් වැඩ, හැමදේම ඔවුන් කියපු කතා, ඔහු මින් පෙර නොදැකපු දුවගේ ලස්සන චිත්‍රයක වර්ණානාවේ සිට හදිස්සියේ සුපර් මාකට් එකට ගිය වෙලාවේ පුතා සැවොම ඉදිරියේ යමක් ඉල්ලා කෑගසමින් ඇගේ හිත නරක් කරපු හැටි, මේ හැමදේම වැල්වටාරම් වගේ ඔබට ඇහුනත්.

ඇයව අහන්න.

ඇයට උදවු කරමින් හැකි අයුරින් ඇයට ළං වෙන්න. ඔබ ඇයට ඇහුන්කන් දීම පමණක්ම ඇයට රටක් රාජ්‍යක් මෙන් දැනේවි. ඇයට ලැබෙන ඒ ශක්තිය ඔබේ දරුවන් රැකබලා ගන්න ඇයට යෝධ ශක්තියක් වේවි.

ඇයව අවබෝධ කර ගන්න. ඇයව රැක ගන්න මේ ගැනත් සිතන්න.

  • ඇයට ඔබේ ආදරය අවශ්‍යයි.
  • මේ ලෝකේ හැම දෙයකටම වඩා ඔබ ඇයට ආදරය කරන බව ඇයට පෙන්වන්න.
  • ලෝකයේ ලස්සනම කාන්තාව ඔබට ලැබී ඇති බව ඇයට කියන්න.
  • දරුවන් ලැබුණු පසු වෙනස් වු ඇගේ ලස්සන රුව ගැන ඇයට දුක හිතෙනවා. ඇයට ඇයව ම එපා වෙනවා. නමුත් එදා වගේම ලස්සනට ඉන්න ඇයට උදවු කරන්න.
  • ඇය දැන් ඉස්සර වගේ ලස්සන නැති  නිසා ඔබේ අවධානය වෙනත් අයෙකුට යා හැකියැයි ඇය කරන ඇනුම් පද ගැන කේන්ති ගන්න එපා. ඔබට එය පිස්සුවක් යැයි සිතුනත් ඇයට එය මානසික වදයක්.
  • ඇයට ඇති සිත් තැවුල් මකාලන්න උදවු වෙන්න. ඇය හැමදාමත් ඔබ එක ලෙස දකින බව ඇයට ඒත්තු ගන්වන්න.
  • එදා මෙන් ඇගේ ලස්සන දකින්න.
  • දරුවන් ලැබුණු පසු එදාටත් වඩා ඔබේ බිරිඳට සෙනෙහස ආදරය අවශ්‍ය බව අමතක නොකරන්න.

ඔබේ ආදරණිය බව ඔබේ බිරිඳට ශක්තියක් වන නිසා ඒ ශක්තියෙන් ඔබේ නිවසම ආදරයෙන් පුරවන්න ඇයට පුළුවන්. එවිට ඔබේ දරුවන් සතුටින් සුවෙන් වැඩෙන හැටි ඔබ නිතැතින් අත්දකිවී.

Read this article in English: Your Wife Needs You: An Open Letter To Sri Lankan Dads

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ බිරිඳ සොයන්නේ ඔබේ උරහිසයි: ආදරණීය තාත්තලාට සෙනෙහසින්
බෙදාගන්න :
  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • To my children, when you don't need me anymore

    To my children, when you don't need me anymore

  • “Your wife needs you”: An open letter to all dads

    “Your wife needs you”: An open letter to all dads

  • To my children, when you don't need me anymore

    To my children, when you don't need me anymore

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it