තම 9 හැවිරිදි දියණිය දෙවරක්ම බැල්කනියෙන් පිටතට තල්ලු කල මවක්

මවක් මේ තත්වයට පත් වන්නේ කුමක් නිසා විය හැකිද?

එදින ඉරිදා දවසක්. හසව 3.30ට පමණ ඉන්දියාවේ බෙංගාලු නුවර ජේ පී නගර් වල ජෙගගාලහාල්ලි පදිංචිකරුවන්ට එක් වරම දෙදරන සුළු ශබ්ධයක් ඇසුනා.

ඔවුන්ගේ නිවෙස් වලින් ශබ්ධය ඇසුණු දෙසට හනික දිව ආවේ කුමක් කඩා වැටී ඇත්දැයි දැක බලාගැනීමට. ඔවුන් මවිතයට  හා කම්පනට පත් කරමින් නව හැවිරිදි දියණියක් ලේ විලක් මැද ඔවුන් අභියස බිමට පතිත වී සිටියා. ඇයට යන්තම් සිහිය තිබූ සෙයක් දිස් වූ අතර ඔවුන් මදක් ලං වූ විට දුටුවේ දැරිය ඔවුන්ගේ අසල්වැසි නිවැසියෙකුගේ දියණියක් බවයි.

මිනිත්තු කිහිපයක් ඇතුළත දැරියගේ මව වන 36 හැවිරිදි ස්වාතී සාර්කර් සිය සිව් මහල් ගොඩනැඟිල්ලේ සිට මෙදෙසට දිව ආවා. දැරියව හනික රෝහල්ගත කරනවා වෙනුවට ස්වාතී යළිත් දැරියව උඩුමහලට ගෙන ගොස් කලින් වැටුණු ස්ථානයටම තල්ලු කළා. මෙහිදී දැරිය ක්ෂණයකින් ජීවිතක්ෂයට පත් වුනා.

අවාසනාවකට මෙය චිත්‍රපට ජවනිකාවක් නොවේ, බෙංගාලු නුවර අසල්වාසීන් කිහිපදෙනෙකු ඉදිරියේ පසුගිය අගෝස්තු මස 27වනදා සිදු වූ සත්‍ය සිදුවීමක්.

කෝපයට පත් ගම්වැසියන් සිදුවීමෙන් පසු ස්වාතී සාර්කර්ව කණුවක බැඳ තබා ඇති අතර ඉන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබූනා.

මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූයේ ඇයි?

පොලිසියේ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව ස්වාතී සාර්කර් පොලිසියට පැවසුයේ ඇගේ නව හැවිරිදි දියණිය අශිකා අකා ශ්‍රියා මානසිකව අස්ථාවර බවත් මේ නිසා දියණිය මරා ඇයද දිවිනසගන්නට තීරණය කල බවත්ය.

ස්වාති පසුගිය වසර දෙක තුළ ගුරුවරියක් ලෙස සේවය කර ඇති බවත් ඇය ඇගේ ස්වාමිපුරුශයාගෙන්වෙන් වී සිටි බවත් වාර්තා වනවා. ස්වාති බෙංගාලු නුවරට පැමිණියේ වසර 10කට පමණ පෙර. වසරකට පමණ ඉහතදී ඇය ඇගේ සැමියා වන  කාන්චන් සාර්කර්ගෙන් වෙන්වී තිබු අතර කාන්චන්  ඇයටත් ඇගේ දියණියටත් මුල්‍යමය ආධාර සපයා තිබෙනවා. 

මානසික අවපීඩනය හා මානසික අබාධ දරුවෙකු ස්වාතිව මේ දෙසට යොමු කලාද?

“ස්වාති මහත් ලෙස මානසික අස්ථායී බවක් පෙන්නුම් කර ඇති බව පොලීසිය විසින් පවසා තිබුනු අතර අසල්වාසීන් පැවසුවේ කථන දෝෂ තිබූ දියණිය කතා කරවීමට ස්වාති අසාමාන්‍ය උත්සාහයක යෙදුනු බවයි. අපි තවමත් උත්සාහ කරන්නේ මේ තත්වයට මෙම මව පත්වීමට තුඩු දුන් කාරණා මොනවද කියායි.” ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන එස්.ඩී. ශර්නප්පා NDTV සේවයට ප්‍රකාශ කර තිබුණා.

ඇයගේ ස්වාමි පුරුෂයා කියා සිටියේ දුවගේ තත්වය නිසා මේ මව නිතරම දුවට හිරිහැර කල බවයි.  දැන් ඉතිරිව ඇත්තේමෙම අම්මාට දඬුවම් දීමද, ඇයට උදව් කිරීමද කියා බලා සිටීමයි කුමක්ද යත් මෙය මවගේ මානසික ආතතිය නිසා සිදුවූවක් බැවිනි.

මානසික අවපාතය යනු නිහඬ මරුවෙකි

තමන්ට මානසික අවපාතයක් තිබේදැයි තමන්ම නොදන්නා තත්වයක් බහුලව පවතින නිසා මානසික අවපාතය සහිත පුද්ගලයින් මේ තත්වය නිහඬව වින්ද දරා ගන්නා මුත්, අනාගතයේ මෙවන් භයානක සහ කුරිරු දේවල් සිදු වන්නේ මේවා නොසලකා හැරීම නිසායි.

අප දිල්ලියේ ෆෝටිසී හෙල්ත්කෙයාර්හි  මානසික රෝග හා මානසික සෞඛ්ය හා චර්යා විද්යාව පිළිබඳ අධ්යක්ෂක වෛද්ය සමීර් පරික් සමඟ කතා කලේ මානසික අවපාත තත්වයක මුල් ලක්ෂණ කෙබඳුද කියා සොයා බැලීමටයි.

වෛද්‍ය පාරික් පැවසුවේ “වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රැකියාව හෝ තරාතිරමකින් තොරව ඕනෑම පුද්ගලයෙකු ජිවිතයේ විවිධ අවස්ථා වලදී මානසික ආතතියට හෝ මානසික අවපීඩනයකට ලක් විය හැකි බවයි. එබැවින් වැදගත් වන්නේ මෙම රෝග ලක්ෂණ දිගු කාලීනව හෝ අඛණ්ඩව පැවත එන්නේදැයි සොයා බැලීමයි. එය හඳුනාගැනීම ඉතා වැදගත්."

මානසික අවපීඩනයේ ප්‍රධානතම රෝග ලක්ෂණ කිහිපයක් වෛද්‍ය පාරික් විසින් ලැයිස්තුගත කර ඇත්තේ මෙලෙසයි

* මානසික අවපීඩනයේ එක් පරිච්ඡේදයක් ලෙස කොටස් කල හැක්කේ  සති 2ක කාලයක් තුළ පවතින මානසික අවපීඩනය, උනන්දුව අඩු වීම හා සාමාන්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි ඇති බෙලහීනතාව ආදී ව්‍යාකුලතාවන්ය.

* මෙම ව්යාකුලතා සමගම බර අඩු වීම, අසාමාන්‍ය අහාර රුචිය හෝ අරුචිය, නින්ද නොයාම, අඩු ක්‍රියාශීලිත්වය හා තෙහෙට්ටුව වැනි දැය.

* මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකුට තමන් ගැන කලකිරීම,  නුසුදුසු හෝ වරදකාරි හැඟීම්, අවධානය යොමු කර නොහැකි වීම, තීරණ ගැනීමේ නොකියාව සහ නිතර මරණය ගැන සිතීම වැනි හැඟීම් ඇති වන්නට පුළුවන්.

මානසිය අවපාතයෙන් පෙලෙන කෙනෙකුට උදව් කල හැක්කේ කෙසේද?

* ඔවුන් කෙරෙහි සංවේදී වීම, තේරුම් ගැනීම, ඔවුනට කන් දීම.

* එම පුද්ගලයාට කතා කිරීමට අවස්ථාවක් ලබා දීම.

* එම පුද්ගලයා සමඟ සංවාදයේ යෙදීම හා ඔහුගේ හෝ ඇයගේ හැඟීම් තේරුම් ගන්නට උත්සාහ කිරීම. ප්‍රශ්න කිරීම් හෝ විනිශ්චයන් වලට නොඑළඹීම. අවංක ලැදි කම සහ උදව් කිරීමට ඇති උවමනාව පෙන්වා දීම.

* පුද්ගලයාට වෘත්තීය මානසික සෞඛ්ය විශේෂඥයෙකුගේ උපකාරය වෙත යොමු වන්නට උපකාර කරන්න.

* සුපරීක්ෂාකාරී වන්න. දරුණු මානසික අවපීඩනයෙන් පෙළෙන විට රෝගියාගේ පවුලේ අය , මිතුරන් හෝ රැකබලා ගන්නන්, සියදිවි නසාගැනීමේ සලකුනු හා සංඥා පිළිබඳව විමසිලිමත්ව සිටීම අත්‍යවශ්‍ය වනවා.

* තියුණු වස්තූන්, පෙති සහ විෂ සහිත ද්‍රව්‍ය ඇතුළු අනිවාර්යයෙන්ම අනතුරුදායක වන සියලුම ද්‍රව්‍ය අවපාතයෙන් පෙළෙන්නා වෙසෙන ස්ථානයෙන් ඉවත් කිරීම ඉතාමත්ම වැදගත්.

* රෝගියාට මානසික සෞඛ්ය විශේෂඥයකුගේ සහාය ලබා ගැනීම සඳහා හැකි ලෙස මැදිහත් වී ඊට දිරිමත්  කරන්න.

* "කතා කරන්න": බලපෑමට ලක්වූ පුද්ගලයා සමඟ සංවාදය ආරම්භ කිරීමට අප පසුබට නොවිය යුතුයි. ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ හැඟීම් මුදා හැරීම වැදගත් වන අතර ඔවුන්ගේ වටිනාකම, ඔවුන්ට අදරැති ය ගැන නිතර මතක් කර දීමත් අපගේ යුතුකමක් වනවා.

සමාජයේ සිතින් අනේක පීඩා විඳින වැඩිහිටියන් මෙන්ම දරුවන්ද එමටයි. සිතේ සිර කරන් කුරිරු ක්‍රියාවකින් මතු පිටට පැන නගින්නේ එහි වේදනාව වන්නට පුළුවන්. සමාජයට හා වටපිටාව කෙරෙහි වඩාත් සංවේදී වීමෙන් දරුවන්ට සුපරක්ෂාකාරී හෙට දිනක් හදන්නටත් ජිවිතයක් බේරාගන්නට වුවත් පුළුවන.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා