theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

6 අවම කියවීම
පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

හැමදාම එකම විදියට කන බිත්තර වලට විරාමයක් තියමුද?

බිත්තර කියන්නේ අපි නිතර දෙවේලේ ආහාරය එකතු කරගන්න ආහාරයක්. හැමදාම බිත්තර වලින් කෑම සකස් කරන ක්‍රම වලින් ඔබ්බට ගිහින් වෙනස් විදියේ කෑම ටිකක් හදලා බලමුද?

අපි හැමදාම කන බිත්තර තම්බලා, බැදලා , ඔම්ලට් දාලා , සැන්විච් හදලා හා උයලා කියන ක්‍රම දැන් ඔබට ඒකකාරි බවක් ලබා දෙනවා ඇති.

ඒත් ලෝකයේ බිත්තර වෙනස් විදියට කන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා.

අපි අද ඔබට ගෙන එන්නේ ඒ අතරින් ආහාර වට්ටෝරු කිහිපයක් පමණයි.

මේ කෑම වලට පොඩ්ඩෝ වගේම ලොක්කොත් කැමති වේවි.

පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

බිත්තර වලින් කෑම වර්ග සකස් කරමු

1. බිත්තර පෑන් කේක්

අවශ්‍ය දුව්‍ය 

  • බිත්තර 2 ක්
  • අල ගෙඩියක්
  • සැමන් කැබැල්ලක් 
  • ලූණු ගෙඩියක්
  • ගම්බිරිස්
  • ලුනු
  • තෙල්

සාදන ආකාරය

  • මුලින්ම පේස්ට් එක හදමු. තාච්චියක් ලිපේ තියා එයට ලියා ගත් ලූනු ගෙඩිය එකතු කරන්න.
  • එය රන්වන් පාට වෙන විට පොඩි කරගත් සැමන් කෑල්ල හා අල ගෙඩිය එකතු කරන්න
  • දැන් රස අනුව ලුණු හා ගම්බිරිස් එකතු කරන්න.
  • බිත්තර දෙක කඩා භාජනයකට දමා රස අනුව ලුණු හා ගම්බිරිස් එකතු කරන්න.
  • දැන් එය හොදින් ගසාගන්න.
  • ඉන්පසු සෝස් පැන් එකකට තෙල් ටිකක් දමා රත් කර එයට බිත්තර මිශ්‍රණය දමා රොටියක ආකාරයට තැටිය මත විසුරුවා ගන්න.
  • දෙපැත්ත රන්වන් පාට වෙන තුරු පිළිස්සුන පසු උඩ පැත්තට කලින් සකස් කල පේස්ට් එක දමා රෝල්ස් එකක් ආකාරයට රෝල් කරගන්න.
  • ගම්මිරිස් එක්නොකර සකස් කලොත් බබාට දෙන්න පුළුවන් රසවත් වගේම පෝෂණිය ආහාරයක්

2. ‌බේක් කල ෆෙන්ච් ටොස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පෙති කිහිපයක්
  • බටර්
  • සිහින්ව ගාගත් මොසරැල්ලා චීස් 
  • කිරි 
  • බිත්තර 4
  • සිහින්ව ලියා ගත් ලූනු 
  • සිහින්ව ලියා ගත් එළවළු ( කැරට්, ලීක්ස්, බෝංචි)
  • ලුනු
  • ගම්මිරිස්

සාදන ආකාරය

  • බිත්තර 4 හොදින් ගසා එයට රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කරන්න.
  • එයට සිහින්ව ලියාගත් ලූනු හා එළවළු එකතු කර හොදින් මිශ්‍ර කර පසෙකින් තබන්න.
  • මේ අතර අවන් එක සෙල්සියස් 180ට රත්වෙන්න තබන්න.
  • දැන් වටේ වාටිය ඉවත් කල පාන්පෙති කිරි වල පොගවා ගන්න
  • දැන් ඒවා බටර් ආලේප කල තැටියක් මත අතුරන්න.
  • පාන් පෙති උඩින් කලින් සකස් මිශ්‍රණය යොදන්න.
  • එයට උඩින් සිහින්ව ගාගත් චීස් ඉසින්න
  • දැන් නැවත කිරිවල පොගවා ගත් පාන් පෙති වලින් මෙම මිශ්‍රණය වසා දමන්න.
  • දැන් තැටිය රත් වු අවන් එකට දමා විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.

3. බිත්තර වලින් කෑම : කුකුල් පැටව්

පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

ඡායාරූපය සදහා ස්තුතිය www.goodhousekeeping.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • විශාල බිත්තර 12 ක්
  • මෙයොනීස් සෝස් කෝප්ප 1/2
  • සිහින් ව ගාන ලද පර්මේසන් චීස් කෝප්ප 1/4 
  • අබ ක්‍රීම් තේ හැඳි 2
  • කැරට් තුනී පෙති
  • සැරසීමට අවශ්‍ය ද්‍රව්‍ය ඔබට කැමති පරිදි

සාදන ආකාරය

  • බිත්තර හොදින් තම්මා කටු ඉවත්කර ගන්න
  • බිත්තර කෙලින් අතට අසුරා බිත්තර තුනෙන් එකක් උසින්  සුදු මදය කපා ඉවත් කරන්න. 
  • දැන් කහ මදය පරිස්සමට ඉවත් කරගන්න.
  •  වෙනම බදුනකට බිත්තර කහ මද, මෙයොනීස් සෝස්, පර්මේසන් චීස් සහ අබ හොදින් මිශ්‍ර කරන්න. 
  • දැන් අග සිදුරක් ඇති ප්ලාස්ටික් බෑගටකට මිශ්‍රණය පුරවා කලින් තබා ගත් කහමදය රහිත බිත්තර සුදුමද වල දාරයට අගලක් ඉහලින් සිටින සේ එහි සිදුරට මෙම මිශ්‍රණය වත් කරන්න.
  • කැරට් වලින් පුංචි හොටක් හා ඇස් සකස් කර සුදු මදයේ ඉවත් කල කොටස තොප්පියක ආකාරයට රදවා ශීතරකරණයේ තබන්න.
  •  අවම වශයෙන් පැය 1 ක් සිට දින 1 ක් දක්වා ශීතකර ආහාරයට ගන්න පුළුවන්.

4. ස්කොච් බිත්තරර

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කටු අයින් කර අඹරා ගත් කුකුල් මස්
  • ලුණු ගම්මිරිම්
  • බිත්තර 
  • බිස්කට් කුඩු
  • තෙල්

සාදන ආකාරය

  • අඹරාගත් මස් බදුනකට දමා එය ලුනු හා ගම්මිරිස් එකතු කර රොටි හැදිය හැකි පදම එන තෙක් මිශ්‍ර කරන්න.
  • ලෑල්ලක් මත රොටියක් වගේ  තුනී කරගන්න. 
  • එම මස් රොටියෙන් බිත්තරය ඔතා ෆ්‍රීසර් එකේ පැයක් තියන්න
  • ඉන්පසු එළියට අරගෙන අයිස් මදක් යන්න ඇරලා  බිත්තර සාරු ගා  බිස්කට් කුඩුවල දවටගන්න
  • ඉන්පසු ගැඹුරු තෙලේ වල දමා බදින්න.

5. බිත්තර හා අල මිශ්‍ර කැසරෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර
  •  කිරි
  • සොසේජස්
  • හැෂ් බ්‍රවුන්  – තීරු කපා වියලා බැදගත් සිහින්
  • චීස්
  •  ලුණු
  •  ගම්මිරිස්

සාදන ආකාරය 

  • චීස් වලින් කොටසක් ගෙන එයට බිත්තර, කිරි, සොසේජස්, හැෂ් බ්‍රවුන්, ලුණු හා ගම්මිරිස් මිශ්‍ර කරන්න. 
  • මිශ්‍රණය ඝන වෙනතෙක් මිශ්‍ර කර බටර් තවරා රත් කර ගත් තැටියකට වත් කරන්න.
  • මෙය 350 ක උෂ්ණත්වයක  විනාඩි 20-35 පුළුස්සන්න. 
  • බදුන ඉවතට ගෙන ඉතිරි චීස් ටික උඩින් ඉස තවත්  විනාඩි 5-7 ක් පුළුස්සන්න. 
  • ඉන්පසු අවන් එකෙන් එළියට ගෙන විනාඩි කිහිපයක් තබා ආහාරයට ගන්න.

6. පාස්මින් එග් ඉන් අ හෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙයොනීස් කෝප්ප 1/3
  • ගාන ලද පර්මේසන් චීස් කෝප්ප 1/4
  • පාන් පෙති 6 
  • විශාල බිත්තර 6 ක්
  • ලුණු 
  • ගම්මිරිස් කුඩු
  • සෝස්

සාදන ආකාරය

  • බඳුනකට මෙයොනීස් සහ චීස් දමා බීට් කරන්න. 
  • සෑම පාන් පෙත්තකම දෙපස එය තවරන්න. 
  • එක් එක් පාන් පෙත්තක මැද අඟල් 3 ක රවුමක් කපන්න.
  • සාමාන්‍ය තාපය සපයමින් පෑන් එකක් රත්කර පාන් පෙති වල එක පැත්තක් විනාඩි 1ක් 2 ක් රන්වන් පැහැ වන තුරු  ටොස් කරගන්න.
  • අනෙක් පැත්ත හැර වු වහාම පාන් පෙති වල සිදුරට  බිත්තරය බැගින් කඩා දමන්න.
  • එයටම  ලුණු හා ගම්මිරිස් එකතු කරන්න. 
  • ලිපේ රස්නය අඩු කර භාගෙට ආවරණය කර බිත්තරය පිසෙන තුරු  විනාඩි 3 සිට 4 දක්වා පිසගන්න

7. බිත්තර මිශ්‍ර නුල්ඩ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • විශාල බිත්තර 3 ක්
  • ලුණු තේ හැදි 1/2
  • චයිනිස් නූඩ්ල්ස් පැකට් 1
  • චිකන් තැම්බු වතුර
  • ඉඟුරු
  • කුඩු කරන ලද කරාබුනැටි 
  • තලාගත් සුදුළූණු
  • සෝයා සෝස් තේ හැදි 1 
  • සිහින්ව ලියාගත් කැරට් හා ලීක්ස්
  • තල තෙල් තේ හැදි 1

සකස් කරන ආකාරය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • නුල්ඩස් ටික පිස පැත්තකින් තබන්න
  • භාජනයක් සාමාන්‍ය ලිප මත තබා එයට චිකන් වතුර, ඉඟුරු, සුදුළූණු සහ සෝයා සෝස් එක් කර නටන තුරු රත්කරන්න.
  • එයට එළවළු ටික එකතු කර එය තැම්බෙන්න හරින්න. හැන්දකින් ඉගුරු හා සුදුලූනු ඉවත්කරන්න.
  • වෙනම බදුනකට  බිත්තර, තල තෙල් සහ ලුණු එකතු කර මිශ්‍ර කරන්න. 
  • දැන් එය ලිප මත ඇති පළමුව පිසගත් බදුනට එකතු කර මිශ්‍ර කරන්න. බිත්තර පිසෙන තුරු හැන්දකින් මිශ්‍ර කරමින් තම්බන්න.
  • ඉන්පසු නූඩ්ල්ස් නැවත බඳුනට එකතු කර විනාඩියක් පිසින්න

8. බිත්තර වලින් කෑම : බිත්තර සලාද පිරවු බිලිනි

පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්

ඡායාරූපය සදහා ස්තුතිය www.goodhousekeeping.com

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර සලාදය සදහා

  • විශාල බිත්තර 6 ක්
  • මෙයොනීස් කෝප්ප 1/4 
  • දෙහි ගෙඩියක යුෂ
  • ලුණු
  • ගම්මිරිස්
  • සිහින් ව ලියා ගත් රතු ළූණු ගෙඩියක  1/2 
  • සිහින්ව ලියාගත් පාස්ලි

බ්ලිනි සදහා

  • සම්පුර්ණ පිටි කෝප්ප 1
  • කිරි කෝප්ප 1
  • ලුණු රහික බටර් තේ හැදි 4
  • ලුණු තේ හැදි 1/4

සාදන ආකාරය

  • පිටි, කිරි, ලුණු රහිත බටර් සහ ලුණු  එකට මිශ්‍ර කරන්න. 
  • තැටියක් රත් කර ඒ මතට හැන්දකින් රවුමට මිශ්‍රණය වක් කරමින් විනාඩියක් පමණ රන්වන් පාටවෙන තුරු පිස ගන්න . අනෙක් පැත්ත හරවා විනාඩි ½ ක් නැවත පිසගන්න.
  • බ්ලිනි සුදානම්
  • බිත්තර සලාදය සදහා බිත්තර විනාඩි 11 ක් පමණ හොදින් තම්බා කටු ඉවත් කරන්න. ඉන්පසු බිත්තර කපා පසෙකින් තබන්න
  • මෙයොනීස්, ලෙමන් යුෂ වලට  ලුණු හා ගම්මිරිස් තේ හැදි 1/4  බැගින් එකතු කරන්න.
  • එයට බිත්තර එකතු කර මිශ්‍ර කරන්න. සිහින්ව ලියා ගත් ළූණු, පාස්ලි එකතු කරන්න.
  • දැන් එය බ්ලිනි එක මත හැන්දකින් තවරන්න 

9. බිත්තර චීස් සැන්ඩ්විච්

බිත්තර වලින් කෑම

ඡායාරූපය සදහා ස්තුතිය www.goodhousekeeping.com

අවශ්‍ය ද්‍රව්‍ය

  • විශාල බිත්තර 4 
  • ලුණු 
  •  ගම්මිරිස්
  • ඔලිව් තෙල් තේ හැදි 1 
  • ගාගන්නා ලද චෙඩාර් චීස් අවුන්ස 2
  • ටොස්ට් කරන ලද මෆින් 4
  • නොමේරු නිවිති

සකස් කරන ආකාරය

  • භාජනයකට බිත්තර දමා එයමට ලුණු හා ගම්මිරිස් දමා ගසාගන්න. 
  • තෙල් ටිකක් බදුනකට දමා රත කරගන්න
  • එයට බිත්තර එකතු කර පිසගන්න
  • එම බිත්තරය කූරු ගාමින් මිනිත්තු 2 සිට 3 දක්වා පිසගන්න
  • එක් එක් මෆින් එකේ පතුලට මෙම බිත්තර මිශ්‍රණයේ හැන්දක් දමන්න. එය මතට  චීස්, නිවිති දමන්න.

මුලාශ්‍ර – www.goodhousekeeping.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • පෝෂණයෙන් ඉහළ බිත්තර වලින් වෙනස් විදිහේ කෑම වර්ග 9ක්
බෙදාගන්න :
  • බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

    බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

  • බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

    බිත්තර සැන්විච් වෙනස් විදියකට හදලා දෙමුද?

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it