theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්

3 අවම කියවීම
පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්

දියණියන ගැන ඔබ කිසිදා අසන්නට නැති මේ දේවල් ඔබ මවිත කරනවා නියතයි.

පුංචි දියණිය සුරංගනාවියක් වගේ සුන්දරයි. ඇදුම් ආයිත්තම් ඇන්දවීම බෝනික්කියක් අන්දවනවා වගේ සොඳුරුයි. මිට අමතරව  පුංචි දියණියන් කොලු පැටවුන්ට වඩා ගොඩක් වෙනස්.

පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්

පුංචි දියණිය ගැන ඔබව මවිත කරවන කාරණා 9ක් මෙන්න

1. පුංචි දියණිය ප්‍රසුත කිරීම පුංචි පුතෙක් ප්‍රසුත කරනවාට වඩා පහසුයි.

පුංචි දූවරුන්ගේ කාලය පුතුන් ප්‍රසුත කරන කාලයට වඩා කෙටියි. ටිකක් නෙවෙයි විනාඩි 24කින් පමණ කෙටියි. ප්‍රසූතියෙන් පසු මවට වේදනා නාශක ගැනීමේ උවමනාව පුතෙකු ප්‍රසුත කලාට වඩා අඩුයි. ඒ දුවරු පුතුන්ට වඩා ප්‍රමාණයෙන් මදක් කුඩා නිසා කියා හිතනවා.

එමෙන්ම, සංක්‍යලේඛන අනුව ගැහැණු දරුවකු කුස දරා සිටින මවකගේ ගර්භනී සමය පුතකු කුසදරා සිටිනා මවකගේ ගර්භණි සමයට වඩා පහසු එකක් බව පැවසෙනවා. පුතකු දරණ මව්වරුනට ගැබිණි සමයේ අධි රුධිර පීඩනය, වදාමැහැ ව්‍යාකුලතා ආදිය ඇති වීමේ වැඩි අවධානමක් ඇති බව සඳහන් වනවා.

2. පුංචි දියණිය සාමාන්‍යයෙන් උපදින්නේ නියමිත  දින පසු වූ පසුවයි.

චුටි පුතුන් සාමාන්‍යයෙන් නියමිත දිනට කලින් උපදින අතර දුවරුන් උපදින්නේ නියමිත දිනට වඩා ටිකක් වැඩිපුර කල් ගෙන කියා මතයක් පතිනවා.

infant masturbation

3. පුංචි දුවරුන් උපදින විට පුතුන්ට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩායි.

පුංචි දුවරුන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන්, බරින් හා උසින් නොහොත් දිගින් පුතුන්ට වඩා තරමක් කුඩායි. සමස්තයක් වශයෙන් පිරිමි දරුවන්ගේ උපත් බර සාමාන්‍යයෙන් පවුම් 7කුත් අවුන්ස දහයකුත් වන අතර පුංචි දුවරුන්ගේ උපත් බර පවුම් දහයකුත් අවුන්ස දෙදකුත් වනවා.

4. පුංචි දියණියට අර්තාවය ඇති වන්න පුළුවන්.

අලුත් උපන් පුංචි දූට අර්තාවය ඇති වන්න පුළුවන්. අලුත උපන් බිලිඳාගේ යෝනි ප්‍රදේශයෙන් ඝන සුදු පැහැති ශ්‍රාවයක් හෝ පැම්පර් එකේ රුධිර වහනයක් දුටුවහොත් බිය වන්නට එපා.  මක් නිසාද යත් ගර්භණි සමය තුළ ඊස්ට්‍රජන් හොර්මොනයේ ක්‍රියාකාරිත්වය නිසා මේ විපර්යාස සිදුවිය හැකි බැවිනි.

5. පුංචි දෝණිට කිරි උනන්නට පුළුවන්

ඔබ පුදුම වුනා නේද? ඔව්, ඇත්තෙන්ම අලුත උපන් චූටි දූට කිරි උනන්න පුළුවන්. දූවරුන් මෙන්ම පුතණුවන්ටද මවගේ කුස තුල සිදු වූ නොයෙකුන් හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිපලයක් ලෙස තනපුඩු වලින් කිරි ශ්‍රාවය වන්නට පුළුවන්. ඉතින් මෙවැනි සිදුවීමකින් ඔබ කලබල වීමට අවශ්‍ය නැහැ. නමුත් බිලිඳාට සති දෙකක් පමණ වයසේදී මේ තත්වය හෙමින් මග හැරෙනවා.

6. චූටි දුවගේ පියයුරු වල වැඩීමක් තිබෙන්නට පුළුවන්

චූටි දුවරුන්ගේ මෙන්ම පුතුන්ගේත් යන්තම් වැඩුණු පියුයුරු ඇතිවිය හැකි අතර එය සාමාන්‍ය තත්වයකි. දරුවා ඉපදී දින කිහිපයකින් පසු මෙය සාමාන්‍ය තත්වයට පත් වනු ඇත. ඇතැම් විට පියයුරු වල ඉදිමුමක් ඇති විය හැක යන්තම් මිරිකීමෙන් පිටතට මව්කිරි ශ්‍රාවය විය හැක. මේ තත්වයද හෝර්මෝන විපර්යාස නිසා සිදුවන්නකි.

පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්

7. චූටි දූවරු පුතුනට වඩා කලින් කතා කරනන්ට පටන් ගනී.

සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ට වඩා ඉක්මනින් කතා කිරීමේ හා කියන දේ තේරුම් ගැනීමේ ශක්තියක් දුවරුනට ඇති වනවා. දුවරුන් වයස අවුරුදු වසරක් පිරීමට මත්තෙන්ම වචන උච්චාරණය හා කතා කිරීම ආරම්භ කරන අතර පිරිමි දරුවන් සාමාන්‍යයෙන් කතා කිරීම අරඹන්නේ වයස මාස 13 හෝ 14 පමණ සිට.

ලන්ඩන්  නුවර වෛද්‍ය ජෝයි ලෝන් කිවේ ගැහැණු දරුවන් පිරිමි දරුවන්ට කලින්ම කතාව, ඇවිදීම හා වර්ධනය සිදුවන බවයි. ඔවුන් පිරිමි දරුවනට කලින් සංඝා මෙන්ම පුංචි ක්‍රීඩා වර්ග ඉගෙන ගන්න බවද පෙනෙනවා.

8. පුංචි දැරියන් හොඳ විමසිලිවන්තියන්

පුංචි දූවරු පුතුට වඩා විමසිලිමත්. ඔවුන් ඉක්මනින් අනෙක් පුද්ගලියින් අඳුරගෙන ඔවුන් හා කුළුපග වන අතර පාට, ස්වභාවයන් ගැන ඉක්මනින් අවබෝධ වනවා. මනුත් පිරිමි දරුවන් බොහෝ විට චලනය වන සෙල්ලම් වාහන ආදී වස්තුන් කෙරෙහි ඇදෙනවා.

පුංචි දියණියන් පොත්පත් වල දැක්වෙන රුප රාමු වල මුහුණු වටා ගෙතුණු හැඟීම් පිරිමි දරුවනට වැඩ මහත් ඉක්මනින් තෙරවබෝධ කරගෙන යනවා. පිරිමි දරුවනට මෙම අවබෝධය ලබා ගැනීමට ටික කාලයක් ගත වනවා.

9. පුංචි දියණියන් සංවේදී ශ්‍රාවකයින්

සමීක්ෂණ වලින් පෙන්වා දෙන්නේ ගැහැණු දරුවන් කටහඬ වලට ඉතා සංවේදී වන අතර මිනිස් කටහඬට වෙනත් හඬවල් වලට වඩා ඇලුම් කරන බවයි. එම නිසා පිරිමි දරුවකුට වඩා ඔබේ කතා බහ ගැහැණු දරුවකු රස විඳිනවා නොඅනුමානයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පුංචි දියණිය ගැන ඔබට විශ්වාස කළ නොහැකි කරුණු 9ක්
බෙදාගන්න :
  • ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

    ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

  • Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

    Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

  • ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

    ගැහැණු ළමයෙක්ද - පිරිමි ළමයෙක්ද?

  • Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

    Your Baby Girl Is Not Having A Seizure. She's Just Masturbating. Here's Why

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it