theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?

7 අවම කියවීම
ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම නිසා ඒ හා සම්බන්ධ වන සෑම කෙනෙකුම පීඩනයට පත්වෙන අතර එය හා කටයුතු කලයුත්තේ මෙහෙමයි.

දරුවා සෙමින් ආහාර ගැනීම

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම පුරුද්දක් කරගෙන සිටිනවා නම්, ඔහුට ආහාර වේලක් අවසන් කිරීමට පැය කිහිපයක් ගත විය හැකිය.

රාත්‍රී ආහාර වේල සදහා  ඔබ ඔබේ වයස අවුරුදු  තුනක් වු  දරුවා කැදවන විට ඔබගේ පීඩනයට පත්වෙනු ඇත.

ඒ ඔහු අවම වශයෙන් පැයක් හෝ දෙකක් (හෝ ඊට වැඩි) ඔහුගේ ආහාර වේල සදහා ගන්නා බව ඔබ දන්නා නිසයි.

විශේෂඥයින්  පවසන පරිදි, තෝරා බේරා ආහාර ගැනීමෙන් පැවත ආ ඔබේ දරුවාගේ සෙමින් ආහාර ගැනීමේ පුරුද්ද සදහා විසදුමක් නොදේ නම් එය ඔහුගේ සමස්ථ පෝෂණය ප්‍රමාණය සදහා ගැටළු මතු කරයි.

නිදසුනක් ලෙස, ඔබේ දරුවා දිවා ආහාරයට සදහා  පැය කීපයක් ගත කළහොත් ආහාර වේල සම්පුර්ණ වීමක් හෝ රාත්‍රී ආහාර සදහා කුසගින්නක් ඇතිවන්නේ නැත. ඒ නිසා සෙමින් ආහාර ගන්නා චක්‍රය නොකඩවා සිදුවේ.

ඔබේ දරුවාගේ සෙමින් ආහාර ගැනීමේ පුරුද්ද නිසා ආහාර ගැනීමේදී මවත් දරුවාත් දෙදෙනාම පීඩනයට පත්විය හැක.

සෙමින්  ආහාර ගන්නා දරුවෙකුගේ  ලක්ෂණ:

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?

- ආහාර වේලක් නිම කිරීමට සඳහා විනාඩි 30-45 කට වඩා වැඩි කාලයක් ගත කිරීම

-  30-45 විනාඩි පසු ඔහුගේ ආහාර ගැනීමෙන්  පසු ආහාර  ඉතිරි  කරනවා (බොහෝ විට අල්ලන්නේ වත් නැතිව)

-  සිය  ආහාර සමඟ සෙල්ලම් කිරීම

- ආහාර හපන්නේ නැතිව බොහෝ  වේලාවක්  කටේ තබා ගැනීම.

- ආහාර ගිලින්නේ නැතුව බොහෝ වේලා සැපීම

- සපන්න හා ගිලින්න නිතර මතක් කිරීමට සිදුවීම.

- සෑම ආහාර කටක් සමගම ජලය හෝ යුෂ පානය කිරීමට අවශ්‍ය වීම

ඔබේ සෙමින්  ආහාර  ගන්නා දරුවා සමඟ ඔබ පහසුවෙන් කෝපයට පත්විය හැකිය.  

කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ එය ඔබේ දරුවාගේ සෙමින් ආහාර ගැනීමේ පුරුද්ද සදහා  හේතු විය හැකි බවයි.

දරුවා සෙමින් ආහාර ගැනීම සදහා හේතු

අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු

- පහසුවෙන් ඔවුන්ගේ අවධානය බිදවැටීම

- ඔවුන් ඔවුන්ගේ ආහාර සමග අත්හදා බැලීමට කැමති වීම

- දවසේ මුළු දවස පුරාම කෙටි ආහාර ගැනීම නිසා ඔවුන්ගේ කුස පිරී තිබීම

එසේම, බොහෝ දරුවන් විශේෂයෙන් ඔවුන් ආහාර ගැනීමට වඩා සෙල්ලම් කිරීම ප්‍රිය කරන වයසට පැමිණි විට සෙමින් ආහාර ගන්නවා.

ඔබේ දරුවාගේ සෙමින් ආහාර ගැනීමේ පුරුද්ද සදහා හේතුව කුමක් වුවත්, අධෛර්යයට පත් නොවන්න.

පෝෂණ වේදියෙකු, සහතික කළ යෝග්‍යතා උපදේශකයෙකු සහ ජීවන රටා පුහුණුකරුවකු වන වෛද්‍ය  කරින් ජී. රයිටර්ට අනුව, අපි අපේ ළමයින් ආහාර ගන්න බලපෑම් කරන විට, ආහාර ගැනීම සම්බන්ධව පොරොන්දු හා දඩුවම්  දෙන විට හා අපි වැඩිවැඩියෙන් කණගාටුවට පත්වෙන විට   දෙමව්පියන් වශයෙන් අපිට අඩු ප්‍රතිඵල ලැබේ.

එබැවින්, මෙම කාරණය සමඟම  ඔබේ දරුවා ආහාර ගැනීම  වේගවත්  කිරීමට උපකාර කිරීමේ මාර්ග හා ඔබට හා ඔබේ දරුවා මෙම අවධිය පසු කිරීමට  උපකාර වන ඉගි මතක තබා ගැනීම සදහා ඉදිරිපත්  කරන්නෙමු.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

1. යථාර්ථවාදී වන්න

ඔබේ දරුවාගේ ආහාර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරන්න.

දරුවාට ආහාර ගන්න යන වේලාව යථාර්ථවාදීව නිගමනය කරන්න .

කුඩා දරුවෙකුට  ආහාරය අවසන් කිරීම සඳහා විනාඩි 30-45 ක කාලයක් ඇත්තටම සාධාරණ කාලයක්  වෙනවා.

ඔබ ඔබේ දරුවා මීට වඩා ඉක්මනින් ආහාරයට ගැනීමට පොළඹවනවා නම්, ඔබේ අපේක්ෂාවන් මේ අනුව සකස් කර ගැනීමෙන් ඔබ දෙදෙනාටම සැහැල්ලුවක් ලැබෙන අතර ආහාර වේලාවේ පීඩනය අඩු වේවි.

ඔබේ දරුවා දවසපුරාම  චොක්ලට්  හා රසකැවිලි වැනි කැලරි සහිත කෙටි ආහාර  ගන්නේ නම්, සාධාරණ කාලයක් තුල ඇයට  ඇයගේ ප්‍රධාන ආහාරය  ගැනීමට  නොහැකි  වනු ඇත.

2. කෙටි ආහාර  අඩු කිරීම

බොහෝ ළමයින් කෙටි ආහාර ප්‍රිය කරන  අතර, ඔවුන්ට අවැසි පරිදි කටයුතු කලහොත් මුළු දවස පුරාම පුංචි ප්‍රමණයන් ගෙන් ආහාර ගන්න ඉඩ තියෙනවා.

එහෙත්, නිතර කෙටි ආහාර ගැනීමෙන්  දරුවාගේ ප්‍රධාන ආහාර වේල සඳහා ආහාර රුචිය නැති කරමින්,එය ගැනීමේ වේගය අඩාල කර දමනවා.

එහෙයින් දිනකට එක් වරක් පමණක් කෙටි ආහාර ලබා දීමටත් ඒවා කුස පිරෙන තුරු ලබා නොදීමටත් වග බලා ගන්න. මේ සදහා පළතුරු යෝග්‍ය මෙන්ම සෞඛ්‍ය සම්පන්න වෙනවා.

එසේම, ප්‍රධාන ආහාර වේල් තුනෙන් පැය තුන හතරකට කලින් වත් කෙටි ආහාර වේලා ස්ථීර රටාවක් තුල සකස් කරන්න.

3. ආහාර ගන්නා වේලාවට  අමතරව ඔබ  ඔබේ දරුවා සමඟ කාලය ගත කරන්න.

සමහර දරුවන් ස්වභාවයෙන්ම සෙමින් ආහාර ගන්නන් වුවත්, අනෙක් දරුවන් ඔබගේ  අවධානය ලබා ගැනීම සඳහා ආහාර ගැනීම සදහා හිතා මතාම කාලය වැය කල හැකිය.

එමනිසා ඔබ ඔබේ දරුවා සමඟ කටයුතු කිරීම සඳහා ආහාර වේලෙන් බැහැර වු කාලයක් වෙන් කරන්න.

4. කාල සීමාවක් ලබාදෙන්න

ඔබේ දරුවා ආහාර ගැනීම ( විනාඩි 30-45 ) සඳහා සාධාරණ කාලසීමාවක් ලබා දෙන්න.

මේ කාලය අවසන් වීමෙන් පසු කිරීමට කොතරම් අසීරු  වුවත් කෑම වේලාව අවසන් බව පවසා ඔහුගේ  ආහාර පිගාන ඉවත් කරන්න.

ඔබේ දරුවාට කාලය ගැන අවබෝධයක් ඇත්නම්, කෑමට පෙර ඔහුට ඇති කාලය කොපමණ දැයි කියන්න.

තවම කාලය ගැන කියන්න බැරි නම්, එග් ටයිමර් එකක් භාවිතා කරන්න

ආහාර වේල නිම කිරීමට ඔබ බලාපොරොත්තු වෙන වේලාව අවසන් වීමට පෙර විනාඩි 5 ක් හෝ 10 ක් පමණ පෙර ඔබේ දුරකථනයේ හෝ ඔරලෝසුවේ වේලාව තැබීමෙන් ආහාර වේල ඉක්මනින්ම නිම කල යුතු   බව ඔහුට  දැන ගැනීමට සලස්වන්න.

5. ඔබේ දරුවා සමඟ ගැටලුව සාකච්ඡා කරන්න

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම ගැන ඔබේ දරුවා සමඟ කථා කරන්න. නමුත් විශේෂයෙන් ඔහු ඉතා වැඩි වේලාවක් ආහාර ගන්නේ නම් ඔබ කෝපයෙන් දැවෙන ඒ ආහාර වේලාව නොව ඒ සදහා වෙනත් වේලාවක් යොදාගන්න.

එය  ආහාරය නැවුම්ව තබා ගැනීම සඳහා යම් නිශ්චිත කාලයක් පසු ආහාරය ඉවත් කිරීමේ අවශ්‍යතාවය  ගැනත්, ආහාර ගැනීම  හැර වෙනත් ක්‍රියාකාරකම්  සදහා ඔහුට  යෑමේ අවශ්‍යතාවය ගැනත් ඔබේ දරුවා සමඟ  සංසුන්ව කතා කරන්න.

ඉක්මනින් ආහාර ගන්නේ නම්, ඔහු කැමති දේ  සමග විනෝද වීමට ඔහුට වැඩි කාලයක් ලැබෙන  බව ඔබේ දරුවාට පැහැදිලි කරන්න.

ආහාර ගැනීමේදී රූපවාහිනිය සහ දුරකථන භාවිතය වැනි සියලුම දුර්වලතා ඉවත්  කර   පවුලක් ලෙස එකට ආහාර ගන්න උත්සාහ කරන්න.

6. අවධානය ලබා ගන්නා දේ ඉවත් කරන්න.

ආහාර වේලාවේදී රූපවාහිනිය නිවා දැමීම සහ ජංගම දුරකථන භාවිතය සහ වෙනත් උපකරණ ඉවත්  කිරීම කරන්න.

තාක්ෂණයට කුඩා දරුවන් අවධානය පහසුවෙන්ම  බැහැර කළ හැකි අතර ආහාර ගැනීමේදී ඔබට රූපවාහිනිය ක්‍රියා කර තිබේ නම්,  ඔබේ දරුවාගේ ආහාර වේලෙන් ඔහුගේ අවධානය බැහැර කරමින් සෙමින් ආහාර ගැනීමේ හැසිරීම සඳහා එය දායක විය හැකිය .

7. ලබා දෙන ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න

කන්දක් තරම් ආහාර පිගානක් ඉක්මනින්ම ආහාර ගන්නෙකු පවා කළකිරීමට පත් කල හැකිය.

එමනිසා ඔබේ දරුවාගේ ආහාර ප්‍රමාණයට ඔහුට සම්පුර්ණයෙන්ම ආහාරයට ගත හැකි වන පරිදි වයසට ගැලපෙන සේ ලබා දීමට  සැලකිලිමත් විය යුතුය.

8. ධනාත්මක ශක්තිමත් කිරීමක් භාවිතා කරන්න

වෙන් කරන ලද කාලය තුළ ඔබේ දරුවා ආහාර වේලක් සම්පූර්ණ කරන විට, ඔබේ  දරුවාට ප්‍රශංසාවට ලක් කරන්න . දිරිමත්  කරන්න.  

ඔබෙන් හොද වැඩක් කල බව අසන්න තරම් පුංචි දරුවෙක් වෙන කිසිම දේකට කැමති නැහැ.

9. ආහාර  නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න.

ආහාර සෙමින් ගන්නා දරුවාට ආහාර වේලාව විනෝදජනක කිරීමට උත්සහ කරන්න.දරුවන් ආහාර වේල විනෝදජනක කිරීමට ඔබට කල හැකි බොහෝ දේවල් තියෙනවා.

නිදසුනක් වශයෙන්,  විවිධ හැඩැති  කුකීස් කටර් , හදවත හැඩැති පෑන්කේක් හෝ බිත්තර,  සැන්විචස් අලංකාර හැඩයන් කපා එළවළු  වර්ණවත් රටාවන්ට සකසා ගත හැකිය.

ඔබේ දරුවාගේ ආහාර සමඟ නිර්මාණශීලී වීමෙන්, ඔහුව ඉක්මනින් ආහාරය ගැනීමට දිරිගැන්විය හැකිය.

කරින් රේටර් ඔබේ දරුවාව ආහාර වලින් ප්‍රමෝදයට  පත් කල  හැකි  මෙම උපදෙස් ලබා දෙනවා.

- එළවළු හා පළතුරු තරු හා හැඩවලට කපන්න.

- ඔවුන්ගේ ආහාර ඔවුන්ගේ ප්‍රියතම නිර්මාණය වලින් සැරසු පිගන් වල පිළිගන්වන්න.

- ආහාර වලට විනෝදාත්මක නම් දෙන්න. උදාහරණ :සිලිං බිලිං බෝංචි, එක්ස් රේ කැරට්

- ඔබේ දරුවන් ආහාර පිළියෙල කිරීමට සහභාගී කරවාගන්න.

ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?

දෙමව්පියෙනි, ඔබේ සෙමින් ආහාර ගන්නා දරුවා  සමඟ කටයුතු කිරීම  (මගේ නිවසේ කෙනෙක් සිටින නිසා මම දන්නවා.) පීඩනයෙන් පිරි වේවි.   ඉවසිලිවන්තව හා උත්සාහයෙන් කටයුතු කිරීම සුදුසු වේවි.

බොහෝ විට  ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම එක් අවධියකදී සිදුවෙන අතර එය කණගාටුවට කරුණක් නොවේ.

එහෙත් ඇතැම් විට වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ, ආහාර ආසාත්මිකතාවයන්, ප්‍රතිවාහය, වාචික චලන  සංවර්ධනයේ ප්‍රමාදයන් හෝ සංවේදක ගැටලු වැනි වෙනත් හේතු නිසා දරුවා සෙමින් ආහාර ගැනීම සිදුවිය හැකි බවයි.

ඔබේ දරුවාගේ මන්දගාමී ආහාර ගැනීමේ පුරුද්ද ඔබව කණගාටුවට පත් කරනවා නම් එය ඔහුගේ ශාරීරික / මානසික සංවර්ධනය අඩු වීමට හේතු වේ යැයි සිතෙනවා නම්,  ඔබේ දරුවාගේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

අම්මලා හැමෝටම දරුවාගේ කෑම වේලාව යුද්ධයක් වගේ. ඒ පුංචි යුද්ධයට නිමා තිත තියන්න මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

දරුවාගේ අහාර ගැනීම හා සම්බන්ධ, ඔබට වැදගත් වන තවත් ලිපියක් මේ: ළදරුවන්ගේ ආහාර වර්ජනය හා කටයුතු කිරීම: දෙමාපියන්ට උපදෙස්

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවා සෙමින් ආහාර ගැනීම හොඳ අතට හරවාගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

    දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

    දරුවාගේ හොඳ හැසිරීම් අගයන්නේ කොහොමද?

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it