theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ

5 අවම කියවීම
බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේබබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ

මේ පලා වර්ග 9 හි ගුණ ඔබත් දන්නවාද?

අපේ මේ මහ පොලොවේ පලා වර්ග ඇති තරම් වැවෙනවා. ඉස්සර අපේ ගෙවල් වල බතට ව්‍යාංජන එක්ක අනිවාර්යයෙන්ම පලා වර්ගයක් එකතු කරන්න ගෘහණියන් කටයුතු කරනවා.

එයට හේතුව ඒ තරම් පෝෂණයක් මේ පලා වර්ග අපිට ලබා දීමයි. අපිට වැඩි වියදමකින් තොරව පහසුවෙන් සොයා ගන්න පුළුවන් පලාවර්ග මොනවාද?

ඒවා සකස් කරගන්නේ කොහොමද? ඒවායේ ගුණ මොනවාද?

පලා වර්ග වල ගුණ

1.ගොටුකොළ 

බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ

 

පහසුවෙන් සොයාගත හැකි ගොටුකොළ වල  ගුණ පහත පරිදි වෙනවා.

  • ධාරණ ශක්තිය ඇති කරයි.
  •  අලස බව දුරු කරයි. 
  • කුඩා ළමුන්ගේ මොළය වර්ධනය කරයි. 
  •  සිරුර සිසිල් කරයි. 
  •  ඇස් පෙනීමේ දුර්වලතාවය නැති කරයි. 
  • ප්‍රතිශක්තිකරණය වැඩි කරයි. 
  • හිසකෙස් වඩයි. හිසකෙස් දීප්තිමත් කරයි. 
  •  රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කරයි. 
  •  කුෂ්ට රෝග සඳහා ද හිතකරයි. 
  • ආයුෂ වැඩි කරයි.

2. මුකුණුවැන්න

මුකුණුවැන්න යනු අපි නිතර භාවිතා කරන පලාවර්ගයකි. 

එහි ගුණ පහතින් දැක්වෙනවා.

  • මතක ශක්තිය වැඩි කරයි. 
  • පිත සමනය කරයි.
  • කුසගිනි වඩවයි. ආහාර රුචිය වැඩි කරයි. 
  • ඇස්‍ රෝග, පීනස, මුත්‍රා සමඟ ලේ පිටවීම මෙන්ම දියවැඩියාව රෝගය සුවකිරීමේ ගුණ සහිතයි.
  • කුෂ්ට නසයි.
  •  ඇස්‌වල පෙනීම වර්ධනය කරයි.
  •  ශරීරයේ විෂ පහ කරයි.
  • සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
  •  ප්‍රතිශක්තිය වැඩි කරයි. 
  • පටකවල ගෙවි යාම අඩු කරයි. 
  • මල පිටවීම හොඳින් සිදු කරයි. මල බද්ධයට වළක්වයි. 
  • අක්මා රෝගවලට ගුණයි.
  •  පීනසට හිතකරයි.
  •  හිසරදය දුරු කරයි.
  •  රුධිරය පිරිසිදු කරයි.
  •  සිරුර සිසිල් කරයි. 
  • හොඳින් මුත්‍රා පිටවෙයි. 
  • අකලට හිසකෙස් පැසීම නවතාලයි. 
  • සම පැහැපත් කරයි.

3. කතුරුමුරුංගා

ගෙවත්තෙන් පහසුවෙන් ‌සොයාගන්න පුළුවන් කතුරුමුරුංගා වල ගුණ ‌මෙහෙමයි.

  • කතුරුමුරුංගා කොළ ඇස්‌ පෙනීමේ දුර්වලකම නැති කරයි.
  • පීනසට ගුණදායක ය.
  • කිරි පණුවන් නැති කර ශරීරයේ විෂ නසයි.
  • මළ බද්ධය නැති කරයි.
  • හිස කෙස්‌ වර්ධනය කරයි.
  • පිළිකා ඇති වීම මර්දනය කිරීමටත් ඇති වූ පිළිකා මර්දනය කිරීමටත් කතුරු මුරුංගාවලට හැකියාවක්‌ ඇත.
  • මුඛය දෙපස පැලුණු විට හා දිවේ ඇති වන වේදනාකාරී උෂ්ණ ගෙඩිවලට ද කතුරුමුරුංගාවලින් ගුණ ලැබෙයි.

4. සාරණ

සාරණද රසවත් පලා වර්ගයකි. එහි ගුණ පහත පරිදි ‌වෙනවා.

  • ඉතා හොඳ මුත්‍රා කාරකයකි.
  • වකුගඩු පිරිසිදු කිරීමේ හැකියාවක්‌ ඇත.
  • ගර්භාෂයේ හා ඩිම්බ කෝෂවල ආබාධ ඇති ස්ත්‍රීනට ගුණදායකයි,.
  • ඉදිමුම්, පාණ්ඩු, හෘද රෝග නසයි.
  • කැස්ස සුව කරයි.
  • උණ බැසීමට උපකාරී වේ.
  • ඉදිමුම නසයි.
  • ශ‍රීරයේ විෂ පහ කරයි.

5.තම්පලා

තම්පලා ගුණ ‌දෙන පලා වර්ගයකි.

  • මල මුත්‍ර පිරිසිඳු කර පහසුවෙන් පහකිරීමට සලස්වයි.
  • පැහැපත් සමක් වඩවයි.
  • රත්තයා හා පිත් රෝග සමනය කරයි.
  • ශරීරයේ දාහය සමනය කරයි.

6. කංකුං

බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ

අපි නිතර ‌ගෙදර හදන පලා වර්ගයකි

  • මල බුරුල් කරයි.
  • මූත්‍ර ශෝධනය කරයි.
  • දිර වීමට මඳක් අපහසුයි.
  • තන කිරි හා ශුක්‍ර වඩයි,.

7. කිරි අගුණ

ගම් වල නම් නිතර ආහාරයට ගන්නා කිරි අගුණ වල ගුණ පහත පරිදි ‌වෙනවා.

  •  ඇදුම රෝගයේ දීත් ශ්වාසනාළිකා ප්‍රදාහයේ දීත් ඖෂධයක්‌ ලෙස යොදා ගත හැකි ආහාරයකි.
  • දේශීය වෛද්‍ය විද්‍යාවේ දීත්, ආයුර්වේදයේ දීත් කිරිඅඟුණ මුල් සර්ප විෂ නැසීම සඳහා භාවිතා කරයි.
  • ත්‍රීන් ගේ හිසරදය නිවාරණය කරයි.
  •  අධිරුධිර පීඩනය සමනය වෙයි.

8. වැල් ‌පෙනෙල

වැල් පෙනෙලද පහසුවෙන් සොයා ගත හැකිය. එහි ගුණ පහත පරිදි වෙනවා.

  •  ආහාර මාර්ගයේ රෝගවලට සුදුසුයි.
  • දියවැඩියා රෝගී්න්ටද සුදුසුයි.
  •  ශරීරයේ වේදනාව පහ කරයි. 
  • ස්නායු ශක්තිමත් කරයි.
  •  පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි. සරු භාවය ඇති කරයි. 
  •  ලේ පිරිසිදු කරයි. 
  •  අරුචිය නැති කරයි.

9. හාතවාරිය

රසයෙන්, ගුණයෙන් හා සුවදින් යුත් පලා වර්ගයකි. මෙහි ගුණ පහත පරිදි වෙනවා.

  • බුද්ධිය වඩවයි.
  •  සිරුර සිසිල් කරයි. 
  • මුත්‍රා හොඳින් පිට කරයි. 
  • වාතය නසයි.  
  • සිරුර පෘෂ්ඨිමත් කරයි. 
  • අකලට හිසකෙස් පැසීම නතර කරයි. 
  • සරු බව ඇති කරයි. 
  • චර්ම රෝග නැති කරයි. 
  • හෘදයට හිතයි. 
  • කුෂ්ට රෝග දුරු කරයි. 
  • සන්ධි රෝගවලට සුදුසුයි. 
  • මව්කිරි වඩවයි. 
  • ඇස් පෙනීම වැඩි කරයි. 
  • අර්ශස් රෝගයට සුදුසුයි. 
  • ආමාශයේ තුවාලවලට හොඳයි.
  • කාන්තා රෝගවලට සුදුසුයි. 
  • කුසගිනි වඩවයි. ශුක්‍ර ධාතු වර්ධනය කරයි.

තවත් ‌මෙවැනි ගුණ ‌දෙන පලා වර්ග ‌බොහොමයක් තියෙනවා.

ඔබ දන්නා ‌වෙනත් පලා වර්ග වල ගුණත් ‌මෙයට එකතු කරන්න.

පලා වර්ග සකස් කර ගැනීම 

1.මැල්ලුම්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ

අවශ්‍ය ද්‍රව්‍ය -

  • පලා වර්ගයක්
  • ගා ගත් පොල් මිටක්
  • ලුණු
  • අවශ්‍ය නම් දෙහි බිංදුවක්

සකස් කරන ආකාරය -

  • කොළ ටික හොදින් පිරිසිදු කර සෝදා හීනියට ලියා ගන්න.
  • දැන් එයට පොල් සහ රස අනුව ලුණු එකතු කරන්න.
  • දැන් ලිප තබා කොළ පැහැය වෙනස් වීමට පෙර බා ගන්න.
  • අවශ්‍ය නම් දෙහි බිංදුවක් එකතු කරන්න පුළුවන්.
  • මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං, කතුරුමුරුංගා වැනි පලා වර්ග මැල්ලුම් ලෙස සකස් කල හැකි පලා වර්ග සදහා උදාහරණයි.

2.සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය -

  • පලා වර්ගයක්
  • ලුණු ගෙඩියක්
  • ගා ගත් පොල් මිටක්
  • ලුණු
  • දෙහි
  • අවශ්‍ය නම් උම්බලකඩ ටිකක්

සකස් කරන ආකාරය -

  • කොළ ටික හොදින් පිරිසිදු කර සෝදා හීනියට ලියා ගන්න.
  • දැන් එයට පොල් සහ රස අනුව ලුණු එකතු කරන්න.
  • අවශ්‍ය නම් උම්බලකඩ කුඩුද එක්කර දෙහි යොදා කලවම් කරන්න.
  • ගොටුකොළ, පැෂන් කොළ, කිරි අගුණ කොළ සම්බොල ලෙස කදිමයි

3.කොළකැද

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කොළ වර්ගයක් හෝ කිහිපයක්
  • සහල්
  • ගාගත් පොල්
  • සුදුළූණු
  • ඉගුරු
  • රතුලූනු 
  • ලුණු

සකස් කරන ආකාරය -

  • කොළ ටික පිරිසිදු කර හොදින් සෝදා ගන්න.
  • ඉන්පසු ඒවා කොටා යුෂ මිරිකා ගන්න. මෙහිදි අද කාලයේ බහුලව බෙන්ඩරය යොදා ගත්තද වංගෙඩියේ කොටා ගන්න හැකි නම් මෙහි අඩංගු පෝෂ්‍ය කොටස් වලට සිදුවෙන හානිය අඩුය.
  • පොල් ටික මිරිකා උකු කිරි ලබාගන්න.
  • සහල් ටිකක් සෝදා ගරා වතුර යොදා තැම්නේන ලිපෙන් තබන්න. මේ සදහා රතු කැකුළු, සුවදැල් හෝ හීනටි සහල් යොදාගන්න.
  • සහල් තැම්බි ගෙන එන විට සුදුළූණු , ඉඟුරු හා රතුලූනු ස්වල්පය බැගින් එක්කරන්න
  • බත හොඳින් තැම්බුණු පසු, හැන්දෙන් පොඩිකරන්න
  •  පළමුව පොල්කිරි එකතු කර නටවන්න
  • ඉන්පසු කොල යුෂ එක්කර නටන විටම ලුණු එක්කර ලිපෙන් බාගන්න.
  • මේ සදහා ගොටුකොළ, මුකුණුවැන්න, වැල්පෙනෙල සුදුසුයි.

4.තෙල් දාලා

අවශ්‍ය ද්‍රව්‍ය -

  • පලා වර්ගයක්
  • ලොකු ලූණු ගෙඩි කිහිපයක්
  • අවශ්‍ය නම් ඉගුරු හා සුදු ළුණු
  • කෑලි මිරිස්
  • ලුණු
  • පොල් තෙල
  • අවශ්‍ය නම් උම්බලකඩ

සකස් කරන ආකාරය -

  • පලා වර්ගය හොදින් පිරිසිදු කර ලියාගන්න.
  • ලුණු ටිකත් සුද්ද කර සෝදා ලියා ගන්න
  • කංකු වගේ නම් ඉගුරු සුදු ලූණු එකතු කර රසවත් කරන්න පුළුවන්
  • පොල් තෙල් ලිප තබා රත් වෙන විට එයට ලූණු, ලුණු හා මිරිස් කුඩු එකතු කර බැදෙන්න දෙන්න.
  • ලූණු හොදින් බැදී ගෙන එන විට එයට ලියා ගත් පලා ටික එකතු කර කොල පාට යන්න කලින් බා ගන්න
  • මුකුණු වැන්න, කංකුං, කොහිල මේ සදහා සුදුසුයි.
  1. කිරට උයලා

අවශ්‍ය ද්‍රව්‍ය -

  • පලා වර්ගය
  • ලූණු ගෙඩියක් ලියා
  • පොල් කිරි
  • ලුණු
  • සුදු ළුණු ලියා
  • අවශ්‍ය නම් උම්බලකඩ

සකස් කරන ආකාරය -

  • පලා වර්ගය හොදින් පිරිසිදු කර ලියාගන්න.
  • එයට ඉහත සියලු කලමනා ටික එකතු කර ලිප තබන්න.
  • කිරි ඉදිගෙන එන විට ලිපෙන් බාන්න
  • ගොටු කොල, සාරණ නම් පරිප්පු එක්ක, තම්පලා කොස් ඇට එක්ක රසයි.

මුලාශ්‍ර-  ‌කොළකැද, Hela arana

Featured image

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාලාට ගුණ දෙන පලා වර්ග 9 ක් ගැනයි මේ
බෙදාගන්න :
  • ගර්භණි මව්වරුන්ට හා දරුවන්ට කංකුන් වලින් ඇති ප්‍රයෝජන

    ගර්භණි මව්වරුන්ට හා දරුවන්ට කංකුන් වලින් ඇති ප්‍රයෝජන

  • පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

    පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

  • ගර්භණි මව්වරුන්ට හා දරුවන්ට කංකුන් වලින් ඇති ප්‍රයෝජන

    ගර්භණි මව්වරුන්ට හා දරුවන්ට කංකුන් වලින් ඇති ප්‍රයෝජන

  • පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

    පෝෂණීය මුං ඇට වලින් බබාට රසවත් රෙසපි 7 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it