theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න

5 අවම කියවීම
ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්නඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න

හිස් ‌හොරි හැදිලාද? දුක් ‌වෙන්න එපා. ‌මෙන්න පිළියම් 9 ක්

ඉස්හොරි යනු  හිස්කබලට බලපාන සමේ තත්වයක් ‌වෙන අතර එය කැසීම, සම ගැලවී යෑම සිදුවෙනවා.

ඔබ තද පාට ඇදුමක් ඇදන් යනකොට ඒකේ උර හිස් පුරා සුදු පුල්ලි වැටුනොත් මොකද වෙන්නේ?

ඔබට ඉස්හොරි කියන එක හැමෝම දැන ගන්නවා.

ඉතින් ඔබේ හිසකෙස් රෝගි කරන අන් අයට ඔබ ගැන අප්‍රසන්න හැගීම් දෙන මේ තත්වය මොකද කරන්න පුළුවන් කියලා බලමු.

හිස්හොරි හැදෙන්නේ ඇයි?

ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න

මෙය මිනිසුන් අතර බහුල තත්වයක් අතර  ප්‍රතිකාර කිරීමට අපහසු වෙන්න පුළුවන්.

සනීපාරක්ෂාව මෙයට අදාල නැහැ. නමුත් හිසකෙස් සේදීම සහ පීරීම මගින් හිසේ  පැරණි සම ඉවත් වෙනවා. 

නුසුදුසු හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීම නිසාද මේ තත්වය ඇති වෙන්න පුළුවන්.

මෙහි ඒ සදහා අත්බෙහෙත් කිහිපයක් සදහන් කෙරුවද ඔබට යම් අසාත්මිකතාවයන් ඇත්නම් හෝ ඔබට ඇත්තේ බරපතළ ඉස්හොරි තත්වයක් නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඒ සදහා ‌හේතු විය හැකි කාරණා කිහිපයක් ‌මෙන්න

  • ඔබගේ හිස් කබල අපිරිසිදු වීම
  • හිස මත දීලීර ඇතිවීම  (බෝවෙන්න හැකියි)
  • හිසේ ආලේප කරන සමහර ආලේප වර්ග හේතුවෙන්
  • නිතර උණුවතුරෙන් හිස සේදීම
  • නිසි පෝ්ෂණය නොලැබීම (විටමින් බී, සින්ක්)
  • සමේ ‌රෝග
  • වියළි සම
  • නිතර ස්නානය (ස්වාභාවික තෙල් ගතිය ඉවත්වීම)
  • ස්නානය ‌නොකර සිටීම (හිසේ මැරුණු සම් කොටස් තට්ටු ලෙස එක්රැස් වීම)
  • මානසික ආතතිය

දැනට හිස්හොරි මර්ධනයට විවිධ ෂැම්පු වර්ග ‌වෙළද ‌පොලේ දකින්න ලැබෙනවා.

සමහර විට ඔබ ‌වෛද්‍යවරයෙක් ලගට ගිය විට එවන් ෂැම්පු වර්ගයක් නිර්දේශ කරන්න පුළුවන්.

ඒ වගේම දීලීර නිසා ඇතිවෙන හිස්හොරි ‌බෝවෙන්න තියෙන  ඉඩකඩ වැඩියි.

ඒ නිසා එක තුවාය, පනාව ‌මෙන්ම ‌කොට්ටය ‌හෝ හිස් පළදනා හවුලේ භාවිතයෙන් ඔබටත් එම දීලීර ආසාදනය ‌වෙන්න පුළුවන්.

ඉස්හොරි සදහා ‌ගෙදරදී කරන්න පුළුවන් පිළියම්

1.Tea Tree ඔයිල්

මෙහි  ප්‍රබල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ ඇති ඉහළ ප්‍රමාණයක් ටර්පිනන් -4-ඔල් නම් සංයෝගය අඩංගු වෙනවා.

ඒ මගින් හිස්කබලේ ඇති දිලීර හා බැක්ටීරියා වර්ධනය මර්දනය කිරීමෙන් ඉස් හොරි අඩු කිරීමට උපකාරී වෙනවා.

මෙය ඍජුවම ආලේපයෙන් හිස් කබලේ රෑෂ් ඇතිවෙන්න පුළුවන්.

  • ඔබ නිතර භාවිතා කරන ෂැම්පු එකට මින් බිංදු කිහිපයක් එක් කර ආලේප කරන්න.
  • පොල්තෙල් මේස හැඳි පහකට Tea Tree ඔයිල් බිංදු දහයක් එකතු කරලා ඒ මිශ්‍රණය හිස ගල්වා සම්බාහනය කරන්න .

පැය භාගයකට පසු ‌සෝදා හරින්න.

2. ‌පොල්තෙල්

පොල්තෙල් හිස්කබලේ තෙතමනය වැඩි දියුණු කිරීම, සමේ කැසීම අඩු කිරීම සහ හිස්කබලේ දිලීර වර්ධනය වීම වළක්වාලීම සිදුකරනවා .

පොල්තෙල් කෙලින් හිස් කබලේ ආලේප කර හැකි අතර අවශ්‍ය නම් පොල්තෙල් අඩංගු ෂැම්පු එකක් භාවිතා කරන්න පුළුවන්.

  • පොල් තෙල්, ඔලිව් තෙල් සහ මී පැණි තේ හැඳි 2ක් බැගින් ගෙන එයට යෝගට් තේ හැඳි 3ක් එක් කරන්න.

විනාඩි 10 ක් පමණ සම්බාහනය කර පැය භාගයකට පසු සෝදා හරින්න. 

  • පොල් තෙල් මේස හැඳි 5 කට දෙහි යුෂ මේස හැන්දක්  එක්කර හිසේ ගල්වා පැය භාගයකින් ‌සෝදා හරින්න.

3. ‌බේකිං ‌සෝඩා

බේකින් සෝඩා ලෙස බොහෝ දෙනා දන්නා සෝඩියම් බයිකාබනේට් මගින් ඉස්හොරි අඩු කරනවා. 

ඒ මගින් හිස්කබලේ ඇති අතිරික්ත සමේ සෛල හා තෙල් ඉවත් කරනු ලබයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ වගේම මෙහි ප්‍රති-දිලීර ගුණ ඇත.

බේකින් සෝඩා වල ඉතා ඉහළ pH මට්ටමක් ඇති නිසා නිතර නිතර භාවිතා කරන්නේ නම් හිස්කබලට හානි කළ හැකිය. 

එබැවින් එය මධ්‍යස්ථව භාවිතා කරන්න.

  • නැවුම් දෙහි යුෂ සහ බේකින් සෝඩා තේ හැඳි 3ක් ගෙන මිශ්‍ර කරන්න.හිසේ ගල්වා විනාඩි 10ක් පමණ තබන්න. ඉන්පසු සෝදා හරින්න

4. ‌කෝමාරිකා

ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න

 

කෝමාරිකා යනු සුව ගුණ සඳහා ප්‍රසිද්ධ සාරවත් ශාකයකි.

එහි කොළ මදයේ ඇමයිනෝ අම්ල සහ ප්‍රතිඔක්සිකාරක වැනි ජෛව සක්‍රීය සංයෝග කිහිපයක් අඩංගු බැවින් එය  සුරා ආලේප කිරීමෙන් ඉස් හොරි අඩු වෙනවා.

  • කෝමාරිකා යුෂ හිසෙහි ආලේප කර විනාඩි 20 ක් පමණ තබා ‌සෝදා හරින්න.

5.හිස්හොරි සදහා ඔමේගා 3

ඔමේගා -3 මේද අම්ල රුධිර පීඩනය අඩු කිරීමට, “හොඳ” HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට සහ හෘදයේ සහ මොළයේ සෞඛ්‍යයට සහාය වෙනවා.

මෙම මේද අම්ලයේ ඌනතාවයක් නිසා ඉස් හොරි ඇතිවෙන්න පුළුවන්.

  • ඔමේගා -3 විශාල ප්‍රමාණයක්  සැමන්, මැකරල් වල අඩංගු ‌වෙනවා. අවශ්‍ය නම් ඔමේගා -3 අතිරේක ද ගන්න පුළුවන්

6.යෝගට්

යෝගට් වල ඇති ලැක්ටික් අම්ලය, ඉස් හොරි සැලකිය යුතු ලෙස අඩු කරනු ලබනවා.

මෙහි හිස් හොරි සදහා පිළියමක් වන ප්‍රතිබැක්ටීරීය ගුණාංග සහිතයි.

  • යෝගට් එකක් ‌තෙත හිස් ‌කෙස් මත ආලේප කර විනාඩි 10 කට පසු ‌සෝදා හරින්න.

7.උළුහාල්

උළුහාල් වල අඩංගු ගුණ නිසා නිසා හිස් ‌සොරි සුව‌වෙන බව පැවසෙනවා.

  • උළුහාල් මේස හැන්දක් පැය 8 ක් පමණ පෙගෙන්න තබන්න.

ඉන්පසු එය අඹරා ලා උණු ජලය මිශ්‍රකර තලපයක් සකස් කර හිසේ ගල්වන්න. විනාඩි 10 කට පසු  සෝදන්න

  • නැතිනම් උලුහාල් සහ දෙහි එකට තම්බා හොදින් බ්ලෙන්ඩර් කර ස්නානය කරන විට හිසේ ආලේප කිරීම මගින් මෙය වලක්වා ගන්නට පුළුවන්.

8.හිස්හොරි සදහා ලුණු

ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න

ලුණු මගින් අතිරික්ත තෙල් හෝ සෙබන් අවශෝෂණය කරනවා. ඒ නිසා හිස් කබොලේ සිදුරු අවහිර වීම වළක්වයි.

ලුණු, ප්‍රමාණවත් ලෙස භාවිතා කරන විට, අතිරේක තෙතමනය අවශෝෂණය කර දිලීර ආසාදනය වළක්වා ගත හැකිය.

  • ෂැම්පූ ටිකක් අතට ගෙන එයට ඇගිලි තුඩට ගත් ලුණු ටිකක් මිශ්‍ර කරන්න.

දැන් එය හිසකෙස් මත ආලේප කර රවුමට ඔබේ හිස්කබල සම්බාහනය කරන්න.

මිනිත්තු දෙකක් එය තබා ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.

9.ඇපල් සයිඩර් විනාකිරි

මෙය හිස්කබලේ pH අගය යථා තත්වයට පත් කරමින්  යීස්ට් වර්ධනය වළක්වයි.

එය ස්වාභාවික කෙස් පවිත්‍රකාරකයක් ලෙසද ක්‍රියා කරන අතර සිදුරු හා කෙස් මුල පිරිසිදු කිරීමට උපකාරී වෙනවා.

  • ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප දෙකක් සීතල වතුර කෝප්ප තුනක් සමඟ මිශ්‍ර කර  ෂැම්පූ කිරීමෙන් පසු ඔබේ හිසකෙස් සේදීම සඳහා මෙම මිශ්‍රණය භාවිතා කරන්න.

එය  සේදීමට පෙර මිනිත්තු දෙකක් තිබෙන්න හරින්න.හොඳ ප්‍රතිඵල සඳහා සතියකට වරක් මෙය භාවිතා කරන්න.

මුලාශ්‍ර -  www.medicalnewstoday.com

www.nykaa.com

www.lifie.lk

mybeautysalon.lk

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • ඉස්හොරි වලට සමුදෙන්න ස්වාභාවික පිළියම් 9 ක් මෙන්න
බෙදාගන්න :
  • 5 Soothing Home Remedies For Your Child's Fever

    5 Soothing Home Remedies For Your Child's Fever

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

  • 5 Soothing Home Remedies For Your Child's Fever

    5 Soothing Home Remedies For Your Child's Fever

  • පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

    පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it