theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

5 අවම කියවීම
මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

මී පැණි ඔබේ මුහුණට රුව ‌දෙන්නේ ‌මෙහෙමයි.

මුහුණට මී පැණි වලින් ලැබෙන සත්කාර බොහොමයක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් අපි අද දැනුවත් වෙමුද?

ඔබ බොහොමයක් රූපලාවන්‍ය සත්කාර එක්ක හෙම්බත්ව ඉන්නවා වෙන්න පුළුවන්.

සුදුවෙන්න ලස්සන වෙන්න කාන්තාවන් කොයි කවුරුත් ආසයිනේ. ඒ නිසා අපි අපේ සම රැකගන්න ‌කොයිතරම් නම් ‌දේවල් කරනවාද?

ඒත් ඒ සදහා කෘතිමව නිෂ්පාදන කල ආලේපන ලොකු මිල ගණන් යටතේ මිල දී ගන්න කලින් ගෙදර මේ  සම්බන්ධව ඉන්න විශ්මිත වැඩකාරයා හදුනාගන්න. ඒ තමයි අපි ‌කොයි කවුරුත් ‌හොදින්ම දන්න මී පැණි,

මී පැණි

මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

මී මැස්සන් විසින් නිපදවන මී පැණි ඖෂධීය ගුණ ගණනාවකින් යුත් ස්වභාවහ දහමේ අපූර්ව වු දායදයකි. සිංහල වෙදකම තුලද නැතුවම බැරි අංගයක් වු මී පැණි ලලනාවන්ගේ රෑ සත්කාර වලද ඉහලම තැනක වැජඹෙනවා. මී පැණි කියන්නේ ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. ඒ වගේම ඔබට එය වෙළද පොලෙන් වුවත් පහසු මිලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔබත් ‌මේ මීපැණි අඩංගු රූ සත්කාර අදම අත්විද බලනවාද?

මුහුණට මී පැණි වල ගුණ

  • මීපැණි තුල අඩංගු අල්පමාත්‍රික වු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් හිරු කිරණ නිසා සමේ සිදුවෙන අවපැහැ ගැන්වීම දුරුකර පැහැපත් වෙනවා.
  • සම පිරිසිදු කරනවා
  • සමේ තෙතමනය  ආරක්ෂා කරනවා 
  • සම නිරෝගීමත් කරනවා
  • සම දීප්තිමත් කරනවා
  •  කුරුලෑ ඇතිවීම වළක්වනවා.
  • මී පැණි වල අඩංගු එන්සයිම මැරුණු සම ඉවත් කර අළුත් සම මතු කරනවා

මුහුණට මී පැණි සත්කාර

මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

1. මුහුණට මී පැණි සම පැහැපත් වීමට

  • යෝගට් කෝප්ප  භාගයක් ගෙන එයට මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය  විනාඩි 15 පමණ තබා සෝදා හරින්න.
  • අලිපේර ගෙඩි භාගයක් පොඩි කරගෙන එයට  පිපිඤ්ඤා යුෂ මිශ්‍ර කර මුහුණෙහි හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  • මීපැණි, ඔලිව් තෙල්, සුදු හඳුන් කුඩු හා කහකුඩු මිශ්‍ර කර  මුහුණ මත ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

2.මුහුණ සදහා මී පැණි වියලි සමට

  • මී පැණි මේස හැදි 2 කට, කිරි මේස හැදි 2ක් එකතුකර මිශ්‍ර කර ගන්න. මෙය පිරිසුදු රෙදි කඩකට ගෙන මුහුණේ බෙල්ලේ, අත්පාවල ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  • ඉදුණු කෙසෙල් ගෙඩියකට මී පැණි තේ හැන්දක්, ඔලිව් තෙල් තේ හැන්දක් දමා හොඳින් පොඩි කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  • මී පැණි  මේස හැදි 1, ඔලිව් තෙල්  මේස හැදි 1, දෙහි යුෂ මේස හැදි 1 මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න.  විනාඩි 20 කට පසු එය සෝදා දමන්න.

3. මුහුණට මී පැණි සුසිනිදු දෙතොලකට

  • මී පැණි , සීනි සහ ඔලිව් තෙල් මිශ්‍රකර තොල්වල ආලේප කර හොඳින් ඇඟිලි තුඩුවලින් මෘදුව සම්බාහනය කරන්න.

4.මුහුණට මී පැණි ඇස් යට කළු වීම සදහා

  • මී පැණි මේස හැන්දක්, පිපිඤ්ඤා යුෂ මේස හැන්දක්, අල යුෂ මේස හැන්දක් එකට මිශ්‍ර කර සකසා ගත් මිශ්‍රණය ඇස් යට කළුවූ ස්ථානවල ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

5.මුහුණට මී පැණි සමේ තෙතමනය ආරක්ෂා සදහා

  • පිපිඤ්ඤා යුෂ තේ හැදි දෙකකට මී පැණි හැන්දක් එකතු කරල හොදින් මිශ්‍ර කරගෙන මුහුණේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  • මී පැණි සහ තක්කාලි යොදාගෙන මිශ්‍රණයක් සකස් කර එය මුහුණේ ආලේප කරන්න.දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  •  පිරිසිදු මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මඳ රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. 
  • මී පැණි  මේස හැදි 1 කට ඇපල් යුෂ මේස හැදි 1 ක් මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න.  විනාඩි 20 කට පසු එය සෝදා දමන්න.

6. මුහුණට මී පැණි මැරුණ සම ඉවත් කිරීම සදහා

  • තෙල් සහිත සමක් සදහා කහපාට දොඩම් ලෙලි ගෙන කුඩු වේලා කුඩු කර ගෙන එම දොඩම් කුඩු මේස හැන්දකට මී පැණි තේ හැන්දක් එක් අර මුහුණේ ආලේප කර  කවාකාරව අතුල්ලන්න. ඉන්පසු සෝදා හරින්න.
  • කුඩු කරන ලද ආමන්ඩ් සහ ඕට්ස් ගෙන එයට මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20 කට පසු හොදින් අතුල්ලා මිශ්‍රණය ඉවත් කර මුහුණ සෝදා පිරිසිදු කරගන්න

මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්

7. මුහුණට මී පැණි සම පිරිසිදු කිරීමට

  • මීපැණි මේස හැන්දකට දෙහි ගෙඩි බාගයක් විතර මිරිකා  මුහුණේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

8.මුහුණ සදහා මී පැණි ලප කැළල් ඉවත් කිරීමට

  • කහ කුඩු තේහැන්දකට ලෙමන් යුෂ සහ මී පැණි එකතු කර මිශ්‍රණයක් සකසා එම මිශ්‍රණය මුහුණ හා බෙල්ලෙහි ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.

9.මුහුණට මී පැණි සමේ රුළි ඉවත් කිරීමට

  • ඔලිව් තෙල් සමග මී පැණි මිශ්‍ර කර ආලේප කරන්න.
  • මී පැණි කෝප්ප භාගයකට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කර එය මුහුණේ ආලේප කරන්න. දැන් එම මිශ්‍රණය මිනිත්තු 20 පමණ තබා සෝදා හරින්න.
  • මී පැණි මේස හැදි 2 කට හ බිත්තර සුදු මදයෙන් කොටසක් එකට එකතුකර  නින්දට පෙර මුහුණේ ආලේප කර හෙමින් සම්බාහනය කරන්න. විනාඩි 20 කට පසු එය සෝදා දමන්න.

*සැලකිය යුතුයි - ඔබට අසාත්මිකතාවයන් ඇත්නම් තනි මතයට ඒවා භාවිතා කරන්න එපා.

ආලේපන භාවිතා කිරීමට පෙර ඒවා ඔබට අසාත්මික වේ දැයි පරීක්ෂා කිරීමට කන පිටුපස හෝ මැණික් කටුව අසල ආලේප කර මද වේලාවක් සිට පරීක්ෂා කරන්න.

මී පැණි වලින් කරන්න පුළුවන් තවත් රූපලාවණ්‍ය සත්කාර ඔබත් දන්නවාද?

එසේ නම් ඒවා අප සමග බෙදා ගන්න. ඔබට අදහස් දැක්වීමට අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරෑව ඒ සදහා භාවිතා කරන්න.

මුලාශ්‍ර - nIroga

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • මුහුණට ලස්සන දෙන්න මී පැණි කරන විස්කම් 9 ක්
බෙදාගන්න :
  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

    අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

    අම්මලා නිතර කරන රූපලාවන්‍ය අතපසුවීම් 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it