theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් 9ක්

5 අවම කියවීම
ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් 9ක්ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් 9ක්

ගෙදර දොරේ වත්තේ පිටියෙන් හොයාගන්නට පුළුවන් මේ ස්වභාවික අමුද්‍රව්‍ය වන සම සිසිල් කරන අපූරු සත්කාරයක් ගෙදරදීම කරගන්න.

ඉවසන්න බැහැ රස්නෙ. සිත ගත ටිකක් සිසිල් කරගන්නත් එක්ක, කඩ පිලට යන්නත් බැරි එකේ හම සිසිල් කරන ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු නේද?

දැඩි රශ්මිය අපගේ මුහුණ ඉතා අඳුරු කරනවා විතරක් නෙවෙයි ඇතැම් විට කැසීම සහ තෙල් සහිත පෙනුමක්ද ඇති කරයි.  ඒ වගේම මේ දවස් වල අධික දහඩිය නිසා ශරීරයෙන් විශාල තරල ප්‍රමාණයක් ඉවත් වන්වා. ඒත් බොහෝ විට අපව  නිසි ලෙස සජලීව තියාගන්නට අපට අමතක වෙනවා.

දැඩි රශ්මිය සහිත මෙවැනි කාල ඇත්තවශයෙන්ම අපගෙන් බොහෝ දෙනෙකුට සමේ ගැටළු ඇති කරන කාලයක් බවටද පත්වනවා.

ඔබේ මුහුණට ප්‍රතිකාරයක් අවශ්‍ය යැයි හැඟුනත් රූපලාවණ්‍යාගාරවලට ගියත් වැඩිපුර භාවිතා වෙන්නේ රසායනික නිෂ්පාදන. එයද එතරම් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවක් නෙවෙයි.

ඉතින්, මේ ගෙන එන්නේ ඔබට නොමිළේම කරගන්නට පුළුවන්, ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සැකසූ පේස් පැක් ජාති 10ක්.  මේවා මගින් ඔබට පහසුවෙන් ඔබේ සම පෝෂණය කර සජලීව තබාගන්නට පුළුවන්.

ඉතින් කල් නොදමා මේ ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු නේද?

1. මින්චි සහ කහ ෆේස් පැක්

දැවෙන රස්නයෙන් ඔබට නැවුම් බවක් දැනෙන්නට, මින්ට් ෆේස් පැක් එක ගැන හිතුවත් ඇති නේද? ඉතින් මේ නැවුම් සිසිල් ෆේස් පැක් එක හදාගන්න හැටි බලමු.

ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු

අවශ්‍ය ද්‍රව්‍ය: මින්චි කොළ අහුරක්, කහ ස්වල්පයක්, ඇල් මැරුණු හෝ සිසිල් ජලය බිංදු කිහිපයක්

මුලින්ම මින්චි කොළ අහුරක් අඹරාගන්න. අඹරා එයට කහ කුඩු ස්වල්පයල් එක් කරන්න. ඔබේ කැමැත්ත පරිදි ඇල්මැරුණු හෝ සීතල වතුර බින්දු කිහිපයක් මිශ්‍ර කරගන්න.

දැන් මේ නැවුම් පේස්ට් එක ඔබේ මුහුණේ ආලේප කරගන්න. මිනිත්තු 10 ත් 15 ත් අතර කාලයක් එය තබා සෝදා හරින්න.

2. පිපිඤ්ඤා සහ සීනි ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු

මේ ගැන නම් අහලා නැතිව ඇති නේද? මෙන්න මෙහෙමයි මේ සැබවින්ම සිසිල්කාරක ෆේස්පැක් එක හදාගන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය: පිපිඤ්ඤා පෙති කිහිපයක්, සීනි ස්වල්පයක්

සිහින්ව කපාගත් පිපිඤ්ඤා පෙති කිහිපයක් පොඩි කරගන්න. මෙයට සීනි ස්වල්පයක් එකතු කරගන්න.

මෙම මිශ්‍රණය ටික වේලාවක් ශීතකරණයේ තබාගන්න.

සිසිල් වූ පසු මෙම තලපය ඔබේ මුහුණේ හොඳින් ආලේප කරගන්න. එය ඔබේ සමට ක්ෂණික දීප්තියක් ලබා දෙන අතර සම ඉතා හොඳින් සජලනය කරයි.

3. ලෙමන් සහ මී පැණි ෆේස් පැක් (තෙල් සහිත් සමට විශේෂයි)

සිතින් සිතුවත් ගතම සිසිල් කරන තවත් ෆේස් පැක් එකක් තමයි මේ. මෙය තෙල් සහිත සමකට වඩාත් සුදුසුයි. 

අවශ්‍ය ද්‍රව්‍ය: ලෙමන් මේස හැන්දක්, මී පැණි මේස හැන්දක්, බිත්තර සුදු මදයක්

මේ ෆේස් පැක් එක සාදාගැනීම සඳහා ලෙමන් යුෂ හා මී පැණි සමාන කොටස් එකිනෙක මිශ්‍ර කරගන්න. දෙජාතියෙන්ම මේස හැන්දක් බැගින් ගැනීම වඩාත් සුදුසු වනවා.

මෙලෙස ගත් සමාන කොටස් දෙක බිත්තර සුදු මදයක් සමඟ ඉතා හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කරගන්න. මිනිත්තු 15 ත් 20 ත් අතර කාලයක් ඔබේ මුහුණේ තබාගෙන වතුරෙන් සෝදා හරින්න.

4. කිරි සහ කඩල පිටි ෆේස් පැක් (සම සුදු කිරීමට උපකාර කරයි)

මෙය සම සුදු කරගැනීමට වඩාත් විශේෂ වන ෆේස්පැක් එකක්. කිරි සහ කඩල පිටි යන දෙවර්ගයම  දැඩි හිරු එළිය නිසා අවපැහැ වුණු සමට අත්‍යවශ්‍ය පැහැය සහ දීප්තිය නැවත ලබා ගැනීමට උපකාරී වනවා.

අවශ්‍ය ද්‍රව්‍ය: කිරි ස්වල්පයක්, කඩල පිටි ටිකක්

මේ දෙවර්ගයම සමාන කොටස් වලින් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. මෙය ඔබේ මුහුණේ පමණක් නොව, අත් හෝ කකුල් ඇතුළුව ශරීරයේ ඔනෑම ස්ථානයක ගල්වාගෙන සිසිලසත් දීප්තියත් ලබාදෙන තලපයකි.

ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු

තලපය සම මත වියළෙන්නට ඉඩ හරින්න. පසුව මද වේලාවකින් ඇල්මැරුණුනු ජලයෙන් සෝදා හරින්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. ස්ට්රෝබෙරි සහ ලෙමන් ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු

මෙම ෆේස් පැක් එක නම් ලංකාවේ හැම ප්‍රදේශයේ කෙනෙක්ටම කරගන්නට පහසු වන එකක් නැහැ.

නමුත් මධ්‍ය  කඳුකරයේ, නුවරැළිය පැත්තේ එහෙම පහසුවෙන් සොයාගන්නට පුළුවන් ස්ට්‍රෝබෙරි වලින් මෙම ෆේස් පැක් එක හදාගන්න පුළුවන්.

ස්ට්රෝබෙරි සුවඳට ආදරය කරන, කඳුකරයේ වෙසෙන ඔබට අනගියි මේක. තෙල් සහිත සහ අඳුරු සමක් සඳහා මෙය වඩාත් යෝග්‍යයි.

අවශ්‍ය ද්‍රව්‍ය: ස්ට්‍රෝබෙරි අහුරක්, යෝගට් මේස හැන්දක්, ලෙමන් යුෂ ස්වල්පයක්, මී පැණි බිංදු කිහිපයක්

පිරිසිඳු බඳුනක ස්ට්‍රෝබෙරි ස්වල්පයක් පොඩිකරගෙන එයට යෝගට් මේස හැන්දක්, ලෙමන් යුෂ හා මී පැණි බින්දු කිහිපය එකතු කරගන්න. දැන් මිද්‍රණය මුහුණේ ආලේප කරගන්න.

මෙම තලපය විනාඩි 10 සිට 15 දක්වා කාලයක් හෝ, එය වියළී යන තෙක් හෝ තබාගන්න. පසුව වතුරෙන් සෝදා හරින්න.

6. බිත්තර හා මී පැණි ෆේස්පැක්

බිත්තරයේ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ඇති අතර එය අපගේ සෞඛ්‍යයට හෝ හිසකෙස් වලට පමණක් නොව අපගේ සමටද ඉතාම සෞඛ්‍ය සම්පන්න බව රහසක් නොවේ.

අවශ්‍ය ද්‍රව්‍ය: බිත්ත සුදු මදය, ලෙමන් යුෂ මේස හැන්දක්

මෙය සාදාගැණිම්ම සඳහා බඳුනක ලෙමන් යුෂ මේස හැන්දක් සමඟ එක් බිත්තර සුදු මදය එකතු කරන්න.

මේවා හොඳින් මිශ්‍ර කරගෙන මුහුණ පුරා ආලේප කරගන්න. මිනිත්තු 15 ත් 20 ත් අතර කාලයක් තබා ගන්න.

මෙය ඔබේ බුරුල් වූ සමේ මාංශපේෂි තද කොට, තෙල් රහිතව හා දීප්තිමත් ලෙස තබා ගැනීමට උපකාරී වේ.

7. කෙසෙල් වලින් සාදාගන්නා මුහුණු පැක් එක

බොහෝ අය තද රස්නෙ කාලයේදී තෙල් සහිත සම ගැන මැසිවිලි නගනවා.

නමුත් ඔබ අධික ලෙස වියළි සමක් ඇති කෙනෙකු නම්, මෙම ෆේස්පැක් එක ඔබටයි.

අවශ්‍ය ද්‍රව්‍ය: ඉදුනු කෙසෙල් ගෙඩි බාගයක්, මී පැණි ස්වල්පයක්, යෝගට් ස්වල්පයක්

කෙසෙල් ගෙඩි භාගය හොඳින් මත ගාගන්න. දැන් මෙයට මී පැණි මේස හැන්දක් සහ යෝගට් මේස හැදි එකහමාරක් එක් කර ගන්න.

ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් 9ක්

මෙම මිශ්‍රණය ඔබේ සම මත ඒකාකාරව ආලේප කර විනාඩි 10 සිට 15 දක්වා තබන්න.

පසුව ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න. ඔබේ සම වඩාත් සිනිඳු වන අතර සම හොඳින් සජලීය බවට පත්වේ.

8. තක්කාලි පල්ප් ෆේස් පැක්

ඔබට පැහැපත් මෙන්ම තෙල් සහිත සමක් ඇත්නම්, මේ එක ගලෙන් කුරුලන් දෙදෙනෙකු අල්ලාගැනීමේ සත්කාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය: පොඩි කරගත් තක්කාලි, මීපැණි බිංදු වල්පයක්

තක්කාලි හොඳින් පොඩිකරගෙන තක්කාලි පල්පයක් අස්කස් කරගන්න. මෙයට මී පැණි බින්දුවක් එක් කරන්න. ඔබට අවශ්‍ය ඕනෑම තැනක පේස්ට් ආලේප කරගෙන විනාඩි 15 ක් පමණ තබාගන්න. සීතල වතුරෙන් සෝදා හරින්න.

ෆේස් පැක් ගෙදරදීම හදාගනිමු
9. කිරි සහ මී පැණි

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි හෝ කිරිපිටි, මි පැණි බිංදු කිහිපයක්

මේ සඳහා කිරිපිටි හෝ නැවුම් එළකිරි ස්වල්පයක් ගෙන එයට මී පැණි බින්දු කිහිපයක් එක් කරන්න. මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10 සිට 15 දක්වා තබාගන්න. පසුව සෝදාහරින්න. මෙය ඔබේ සම තෙතමනය කර මෘදු කරයි.

 

මුලාශ්‍ර - timesofindia.indiatimes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් 9ක්
බෙදාගන්න :
  • මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

    මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

  • ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

    ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

  • මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

    මුදවපු කිරි ගෙදරදීම මේ විධියට හදාගමුද?

  • ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

    ලස්සන වීමේ රහස් අතර මුහුණ පැහැපත් කිරීමට ගෙදරින්ම පහසු පිළියමක්!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it