theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වැඩි හොඳට කියා ගෙදර පිරිසිඳු කරන පිරිසිඳුකාරක මිශ්‍ර කරන්න නම් එපා!

4 අවම කියවීම
වැඩි හොඳට කියා ගෙදර පිරිසිඳු කරන පිරිසිඳුකාරක මිශ්‍ර කරන්න නම් එපා!වැඩි හොඳට කියා ගෙදර පිරිසිඳු කරන පිරිසිඳුකාරක මිශ්‍ර කරන්න නම් එපා!

මේ පිරිසිඳු කාරක කොයිම වෙලාවකවත් එකිනෙක මිශ්‍ර කරන්නට එපා.

ලෝකයම විෂබීජ, වෛරස් එක්ක සටන් කරද්දි අපි දැන් කොටු වෙලා ඉන්න නිවස පිරිසිඳු කාරක යොදාගෙන පිරිසිදු තැනක් කරගන්නේ කොහොමද?

අපිරිසිදු සපත්තු, රෙදි නිතරම ගොඩ ගැහෙන, ඉවත ලන ආහාර නිතර ගොඩ ගැහෙන අපේ ගෙවල් වලින් අහිතරකර වෛයිරස් බැක්ටියා පලවා හරින්න අපි කල යුතු දේවල් මොනවාද?

වැඩි හොඳට කියා ගෙදර පිරිසිඳු කරන පිරිසිඳුකාරක මිශ්‍ර කරන්න නම් එපා!

බැලු බැල්මට ඔබේ නිවස පිරිසිදුව පෙනුනත්, එහි ඔබගේ සෞඛ්‍යයට බලපාන අපවිත්‍ර ද්‍රව්‍ය තවමත් රැදි තිබෙනවා.

ඔබේ පවුල ආරක්ෂා කර ගත හැකි හොඳම ක්‍රමය ඔබේ නිවස පිරිසිදු කිරීම බව දකුණු කැරොලිනා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ඇමරිකානු සංගමයේ සභාපති ආචාර්ය මයිකල් ජී. ෂ්මිට් පවසනවා. 

අපගේ දෑත් සේදීමෙන් පමණක් ඒ සදහා ප්‍රමාණවත් නොවේ.

උණු වතුර හා පිරිසිදු කාරකයක් භාවිතා කර ඔබ නිතර ස්පර්ශ කරන පොදු පෘෂ්ඨ දිනකට දෙවරක් වත් පිරිසිදු කල යුතු බව වෛද්‍ය ෂ්මිට් කියා සිටිනවා. 

 ජංගම දුරකථනහා යතුරුපුවරු පිරිසිදු කිරීම සඳහා අවම වශයෙන් 70% ක් පමණ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් සහිත ද්‍රවණයකින්  පිසදමන්න

ඔබ පිරිසිදු කිරීම හා විෂබීජහරණය පටලවා නොගත යුතු අතර විෂබීජ විනාශ නොකර පිරිසිදු කිරීම පමණක් කළහොත් විෂබීජ හා බැක්ටීරියා වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්.

විෂබීජ නාශක ලෙස ලේබල් කරන ලද නිෂ්පාදන නිවැරදිව භාවිතා කළහොත් වෛරස් හා බැක්ටීරියා ප්‍රමාණවත් ලෙස විනාශ වෙන බව දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග අංශයේ වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජෝශප් හෝර්වාත් පවසනවා. 

ගෙදර පිරිසිදු කිරීම:  විසිත්ත කාමරයේ දෘඩ පෘෂ්ඨයන් විෂබීජහරණය 

අපේ අතේ ඇති විෂබීජ නිසා විසිත්ත කාමරයේ ගොඩාක් පෘෂ්ඨ එනම් ස්විච, දොර දොරවල් සියල්ලම අපවිත්‍ර වෙන්න පුළුවන්.

රෝග පාලනය හා වැළැක්වීම සදහා  තත්පර 20 ක් ජලය හා සබන් සමඟ නිරන්තරයෙන් අත් සේදීම සුදුසු බව කිව්වත් බොහෝ විට එය ඵලදායි නොවේ.

වඩාත් හොඳින් ගේදොර පිරිසිඳු කරන්නට කියා පිරිසිඳු කාරක එකිනෙක මිශ්‍ර කරනවාද?

එදිනෙදා ගේදොර පිරිසිඳු කිරීමට භාවිතා කරන පිරිසිඳු කාරක නිෂ්පාදන වලින් ලැබෙන මෙම  රසායනික සංයෝජන මාරාන්තික විය හැකිය - ඒවා වළක්වා ගැනීමට වග බලා ගන්න!

පිරිසිඳු කාරක

එය මතුපිටින් ඵලදායී ලෙස පෙනුනද මාරාන්තික ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකිය!

දැඩි පැල්ලම් ඉවත් කිරීමට හෝ මුළුතැන්ගෙයි ටයිල් පිරිසිඳු කිරීමට සඳහා අප පිරිසිඳු කාරක නිෂ්පාදන එකිනෙක මිශ්‍ර කිරීමට පෙළඹෙන බව අප දන්නවා.

නමුත් ඔබ රසායන විද්‍යාව නොදැන සිටීම හානිකර ප්‍රතිවිපාක ගෙන දිය හැකිය. සමහර විට මාරාන්තික විය හැකිය! එම නිසා මෙම පිරසිඳු කාරක එකිනෙක සං‍යෝජනය නොකරන්නට තරගයේ වගබලාගන්න! 

එකිනෙක මිශ්‍ර නොකළ යුතු පිරිසිඳු කාරක 9ක්

  1. බ්ලීච් සහ විනාකිරි

මේ දෙවර්ගයම බලවත් විෂබීජ නාශක වේ. නමුත් ඒවා එකට මිශ්‍ර කිරීමෙන් විෂ සහිත ක්ලෝරීන් වායුව නිපදවෙන අතර එය ඔබේ ඇස් සහ පෙනහළු දහනය කරයි. මේ නිසා පැහැදිළීවම මෙම දෙවර්ගය කිසි සේත්ම එකට මිශ්‍ර නොකළ යුතුයි!

  1. බ්ලීච් සහ ඇමෝනියා

මෙම පොදු අමුද්‍රව්‍ය දෙක කිසිඳු ආකාරයකින් එකට යා නොදේ. මේවා ඒකාබද්ධ වූ විට ක්ලෝරමයින් නිෂ්පාදනය වේ.

ආශ්වාස කිරීමේදී එය අතිශයින්ම විෂ සහිත වනවා පමණක් නොව, එය අධික ලෙස දැවිය හැකි ද්‍රවයක් බවටද පත් වන්නට පුළුවන්.

  1. ඇල්කොහොල් සහ බ්ලීච්

මෙම ගෘහස්ථ නිෂ්පාදන දෙක මිශ්‍ර කිරීමෙන් ක්ලෝරෝෆෝම් නිෂ්පාදනය වේ. මෙම රසායනිකය කෙනෙකුගේ සිහි මෘජා කිරීමට සමත් වේ.

පිරිසිඳු කාරක

ත්‍රාසජනක චිත්‍රපට නැරඹීමේදී කෙනෙකු පැහැරගැනීමේදී ඔවුන්ගේ සිහි නැතිකිරීමට මෙම රසායනික සංයෝජනය භාවිතා කරන අයුරු ඔබ දැක ඇති.

මෙය ආශ්වාස කිරීමෙන් කරකැවිල්ල ඇති වේ. ආඝ්‍රණයෙන් මෙය පමණට වඩා  ශරීරගත වුවහොත් ශ්වසන පද්ධතියට හානි කළ හැකියි.

  1. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ විනාකිරි

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාමාන්‍ය විරංජක කාරකයක් වන අතර විනාකිරි දැඩි පැල්ලම් ඉවත් කිරීමට උපකාරී වේ. මේවා එකිනෙක මිශ්‍ර කිරීමේ ප්‍රතිඵලයක් වනුයේ අධික ලෙස විඛාදනයට ලක්වන පෙරසෙටික් අම්ලය නිපදවීමයි. මෙය ඔබේ සමට ඉතා හානිකර විය හැකිය.

  1. බ්ලීච් සහ වැසිකිළි බඳුන් පිරිසිඳු කාරක

ඔබේ වැසිකිළි බඳුන පිරිසිඳු කරන පිරිසිඳුකාරක මගින් සෙරමික් දිලිසෙන බවක් නොපෙනේ නම්, බ්ලීච් එකතු කිරීමෙන් වළකින්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එමගින් විෂ සහිත දුම් නිකුත් වන අතර එමඟින් ඔබේ ඇස් කෙවීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය.

  1. විවිධ කාණු පිරිසිඳු කාරක

කාණු පිරිසිඳු කාරක අවහිර වුනු කාණූ සහ නාල ආශ්චර්‍යමත් ලෙස පිරිසිඳු කර අවහිරතා පහ කරනු ඇත.

නමුත් යමෙකින් එම කාර්යය ඉටු නොවූ විට, ඊට වෙනස් වෙනත් රසායනික ඩ්‍රව්‍යයක් භාවිතා කිරීමට ඔබ පෙළඹෙනු ඇත. කෙසේ වෙතත්, එසේ කිරීමෙන් විෂ සහිත ක්ලෝරීන් වායුව නිපදවෙනු ඇත.

  1. බේකිං සෝඩා සහ විනාකිරි

මෙම ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට බොහෝ නිවැසියන් පෙළඹෙන සෙයක් දක්නට ලැබෙනවා. මේව තනි තනිව භාවිතා කළත්, මිශ්‍ර නොකිරීමට වගබලාගන්න.

මේවා සංයෝජනය කිරීමෙන් පසු සංවෘත භාජනයක ඉතිරි වුවහොත්, සිදුවන අන්තර්ක්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස ඒවා පිපිරීමකට ලක්විය හැකියි.

  1. ලයිසෝල් සහ බ්ලීච්

ලයිසෝල් යනු ජනප්‍රිය විෂබීජ නාශකයකි. නමුත් සුපිරි පිරිසිඳු කිරීමේ කාරකයක් සෑදීම සඳහා එයට බ්ලීච් එකතු කිරීමෙන් වලකින්න. මෙමගින් ඔබේ සම ආසාදනය හෝ දහනය වීම සිදුවිය හැකිය.  

  1. බ්ලීච් සහ ලෙමන් යුෂ

ඔව්, ලෙමන් යුෂ පවා බ්ලීච් සමඟ මිශ්‍ර නොවිය යුතුය! ආම්ලික ද්‍රාවණය බොහෝ අවස්ථාවන්හිදී ප්‍රයෝජනවත් වුවද, ඔබේ මෙට්ටය පිරිසිඳු කිරීම වැනි, බ්ලීච් සමඟ සංයෝජනය කිරීමෙන් ක්ලෝරීන් වායුවද නිපදවේ!

ඔබේ පිරිසිඳු කිරීමේ උත්සාහයන් නාස්ති වීමට ඉඩ නොතබන්න. ඔබේත්, ඔබ පවුලේත් ආරක්ෂාව වෙනුවෙන්, මෙම පිරිසිඳු කිරීමේ නිෂ්පාදන මිශ්‍ර නොකිරීමට වග බලා ගන්න!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නිලූෆ පෙරේරා

මුල් රචනය: Vinnie Wong

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • පිරිසිඳු කිරීම
  • /
  • වැඩි හොඳට කියා ගෙදර පිරිසිඳු කරන පිරිසිඳුකාරක මිශ්‍ර කරන්න නම් එපා!
බෙදාගන්න :
  • හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

    හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

  • හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

    හිසරදයට හේතුව ඔබ හිතනවාට වඩා දරුණු වන්නට පුළුවන්. එය නොසළකා හරින්නට එපා

  • නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

    නැන්දම්මත් එක්ක වැඩ කරන්න ලේසි නැත්නම් මේ කරුණු 5 ගැන සිතා බලන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it