theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර වට්ටෝරු 9 ක්

5 අවම කියවීම
නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

මේ දවස් වල නැවුම් ගමේ කෑම හොයා ගන්න පුළුවන් නම් අලුත් විදියට හදලා බලන්න

මේ දවස් වල ගෙදරටම හිරවෙලා ඉන්න එකේ බබාට පෝෂණිය ආහාර ටිකක් හදමුද?

නගරයට කොටු වුන අයට නම් මේ දේශිය නැවුම් ආහාර හොයා ගන්න ටිකක් අමාරු වේවි.

ඒත් කොවිඩ් 19 එක්ක ගම් බිම් වලට වුන අයට නම් අපි මේ අද කතා කරන්න යන දේශිය ආහාර වත්තෙන්ම හොයා ගන්න පුළුවන්.

ටිකක් කාර්ය බහුල දිවියත් එක්ක ක්ෂණික ආහාර නැතිනම් පහසුවෙන් උයන්න පුළුවන් ඒකාකාරි ආහාර රටාවකට පුරුදු වුන දරුවන්ට වස විෂ වලින් තොර නැවුම් දේශිය ආහාර වලින් පෝෂණිය ආහාර ටිකක් හදාගන්න විදිය අපි අද බලමු.

නැවුම් දේශිය ආහාර වලින් පෝෂණිය ආහාර වට්ටෝරු 9 ක්

1. කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොදින් පැසුණු කොස් මදුලු 20 ක් විතර (සිහින්ව ලියාගත්)
  • ලියාගත්  එළවළු (කැරට්. ලීක්ස්, ගෝවා, මාළු, ලූනු හා බෝංචි ග්‍රෑම් 100 බැගින්)
  • කරපිංචා
  • තලාගත්  සුදු ළූණු බික් 3
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • පොල් තෙල්

සාදන ආකාරය

  • කොස් මලුළු සිහින්ව ලියා තම්බා වතුර පෙරා පසෙකින් තබන්න
  • භාජනයක් ලිප තබා එයට තෙල් එක්කර රත්කර ගන්න. රත් වු තෙල් වලට තලා ගත් සුදු ළූණු එක්කරන්න.
  • එය රන්වන් පැහැ වෙන විට එයටම ළූණු, කරපිංචා එක්කර බැදගන්න.
  • එයටම  කපා ගත් එළවළු එකතු කරගන්න.
  • රස අනුව ලුනු හා ගම්මිරිස් එක්කර හොදින් කලවම් කරන්න. බබාට ගම්මිරිස් එකතු කිරීමේදි සැලකිලිමත් වෙන්න.
  • අවසානයේදි එයට  තම්බා ගත් කොස් ටික ටික මිශ්‍ර කරන්න.
  • රස වැඩි කිරීමට කොත්තුවට කිරි හොදි දමා  හොදින් මිශ්‍ර කරන්න.

2.දෙල් කට්ලට්

නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පොඩි දෙල් ගෙඩියක් පොතු හැර තම්බා ගත්
  • උම්බලකඩ කුඩු 30g
  • ලියා ගත් ලූණු 100g
  • ලියා ගත් අමුමිරිස් කරල් 2 ක් 
  • කරපිංචා
  • කරාබු නැටි
  • කුරුදු
  • ගමිමිරිස්
  • ලුනු
  • බිත්තර
  • බිස්කට් කුඩු 
  • තෙල්

සාදන ආකාරය

  • තෙල් බදුනක් ලිප තබා එයට ලියා ගත් ලූණු , අමුමිරිස්, කරපිංචා , කරාබු නැටි, උම්බලකඩ  හා කුරුදු එක්කරන්න. 
  • එවා රන්වන් පාට වෙනතුරු බැදුන පසු එයට පොඩි කරගත් තෙල් ගෙඩිය එක්කරන්න.
  • ඉන්පසු හොදින් මිශ්‍ර කර රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කර ලිපෙන් බා නිවෙන්න හරින්න.
  • දැන් කුඩා ගුලි සකසා බිත්තර සාරු වල දවටා බිස්කුඩු වල තවරා ගන්න.
  • ඉන්පසු තෙල් තාච්චිය හොදින් රත්කර කට්ලට් ටික බදින්න.

3.වට්ටක්කා  සුප්

නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා 500g
  • ජලය
  • පොල් කිරි කෝප්ප 1
  • බී ළූණු ගෙඩි 1
  • සුදු ලුණු බික් කිහිපයක්
  • ලුනු අවශ්‍ය පමණ
  • බටර් මේස හැදි 1

සාදන ආකාරය

  • වට්ටක්කා, බී ළුණු ගෙඩිය සහ සුදු ළුණු සිහින් පෙති  කැබලි වලට කපන්න.
  • තෙල් දැමූ සාස්පානක් ලිප තබා එයට බී ළුණු සහ සුදු ළුණු දමා තෙම්පරාදු කර ගන්න. වට්ටක්කා එකතු කරන්න.
  • එයට ජලය එකතු කර තම්බාගන්න
  • වට්ටක්කා හොදින් තැම්බුන පසු මිශ්‍රණය බ්ලෙන්ඩර් කර, නැවත භාජනයට දමන්න.
  • දැන් එයට පොල් කිරි කෝප්පය කවලම් කර නැවත ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට ලුනු යොදන්න.
  • විනාඩි 5 ක් පමණ පොල්කිරි නටන්න හැර ලිපෙන් බාගන්න.

4. ඉතිරි බත් වලින් අග්ගලා

නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොදින් අව්වේ වේලාගත් ඉතිරි බත් බෙන්ඩර් එකේ කුඩු කර
  •  ගාගත් පොල්
  • සීනි
  • රස අනුව ලුණු

සාදන ආකාරය

  • හොදින් අව්වේ වේලාගත් ඉතිරි බත් බෙන්ඩර් එකේ කුඩු කර ගෙන එයට ගාගත් පොල් හා සීනී යොදන්න.
  • දැන් රස අනුව ලුණු යොදන්න.
  • දැන් ඒවා ගුලි කරගන්න. කැමති නම් එහි නැවත සිනී  තවර ගන්නත් පුලුවන්.

5.  කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් කොස් ඇට 20 පමණ කුඩු කර ගත් පිටි
  • සීනි 100g
  • පොල් බෑයක පොල්
  • ලුණු
  • ගම්මිරිස් (අවශ්‍ය නම්)
  • වතුර

සාදන ආකාරය

  • කුඩු කරග ගත් කොස් ඇට වලට පොල් දමා කොටා ගන්න
  • එම මිශ්‍රණය භාජනයකට දමා එයට  සීනි, ලුණු, රස අනුව එකතු කරන්න
  • එයට අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු සහ වතුර ස්වල්පයක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.
  • දැන් මිශ්‍රණයෙන් ටික ටික අරගෙන  කුඩා ප්‍රමාණයේ ගුලි සාදාගන්න.

6.බතල පෑන් කේක්

පෝෂණිය ආහාර

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් බතල අලයක්
  • කෙසෙල් ගෙඩියක්
  • හාල් පි‌ටි කෝප්පයක්
  • පැණි (සිනී , කිතුල්, පොල් )
  • ලුනු
  • පොල්තෙල්
  • බටර්

සාදන ආකාරය

  • තම්බා ගත් බතල අලය හා කෙසෙල් ගෙඩිය බදුනකට දමා හොදින් පොඩි කරගන්න.
  • එයට පැණි ටිකක් රස අනුව එකතු කරගන්න. බටර් ටිකත් එකතු කරන්න.
  • එයට හාල් පිටි හා ජලය එකතු කරමින් උකු මිශ්‍රණයක් හදා ගන්න.
  • රස අනුව ලුනු යොදන්න.
  • ඉන්පසු තැටියක් ලිප තබා එහි පොල්තෙල් තවරා  තැටිය රත් වු පසු පෑන් කේක් එක තැටියට දමා පුච්චා ගන්න
  • දැන් අනෙක් පැත්ත හරවා පුච්චා ගන්න.

7.පෝෂණිය ආහාර : කතුරු මුරුංගා මල් රසට

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිපුණු කතුරු මුරුංගා මල් 12
  • පිටි 110 g
  • ලුනු
  • ගම්මිරිස්
  • තෙල්
  • බිත්තර
  • පොල්කිරි
  • බටර්

සාදන ආකාරය

  • පිටි , බිත්තර, පොල්කිරි, ගම්මිරිස් හා ලුනු බදුකකට දමා මිශ්‍ර කරන්න
  • එයට බටර් ටිකක්ද එකතු කරන්න
  • තෙල් තාච්චියක් ලිප තබා රත් වෙන්න තබන්න
  • කතුරු මුරුංගා මල් වල ඇට හටගන්නා නිල්පාට කොටස ඉවත් කරන්න
  • එය දැන් කලින් සාදාගත් බැටරයේ ගිල්වා රත් වු තෙල් දමා බැදගන්න.

8.මුං පියලි මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිරිසිදු කල මුංපියලි කෝප්ප 1
  • පොල් බෑයක පොල්
  • උම්බලකඩ තේ හැදි 1
  • අමු ඉගුරු කැබැල්ලක්
  • සුදු ලුනු බික් කිහිපයක්
  • කහ
  • ජලය
  • අබ
  • ලුනු

සාදන ආකාරය

  • පිරිසිදු කල මුංපියලි හැදි ගාමින් ජලය යොදා  තම්බා පෙරා පසෙකින් තබා ගන්න
  • ඒ අතර ඉගුරු , සුදු ළුනුල උම්බලකඩ, කහ, අබ හා ලුනු එකට අඹරා ගන්න.
  • දැන් එයටම පොල් දමා මැල්ලුම හොදින් අඹරා ගන්න.
  • එය ලිප නැවත දල්වා මුංපියලි වලට එක්කර පිසගන්න.

10.කොස් ඇට මාළුව

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැබලි කර ගත් කොස් ඇට 40 ක් විතර (බබාලාට දෙන බැවින් පොතු හැර කුඩා කැබලි වලට කපා ගන්න)
  • උකු පොල් කිරි කෝප්ප 2 ක්
  • හාල් මේස  හැන්දක්
  • පොල් මේස හැන්දක්
  • සුදුළුණු
  • අබ
  • ලුනු
  • තුනපහ
  • කහ

සාදන ආකාරය

  • පිරිසිදු කර කැබලි කරගත් කොස් ඇට හොදින් තම්බා පෙරා ගන්න.
  • හාල්, පොල් , අබ හා සුදු ළුනු කබලේ බැද හොදින් කුඩු කරගන්න.
  • දැන් බාජනයකට තැම්බු කොස් ඇට දමා එයට පොල් කිරි එකතු කරන්න.
  • එයටම තුනපහ, කහ හා රස අනුව ලුනු එකතු කර කුඩු කරගත් පහේද එකතු කරන්න.
  • හොදින් පිසු පසු අවශ්‍ය නම් තෙම්පරාදු කරගන්න.
  • රසවත් වගේම පෝෂ්‍ය  ගුණෙන් ඉහල කරියකි

ඔබ ලගත් මෙවැනි රසම රස වෙනස් පෝෂණිය ආහාර රෙසපි තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න.

නවීන හා පැරණි  සුප සාත්‍ර පොත පත ඇසුරිනි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර වට්ටෝරු 9 ක්
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it