ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

ඔබේ දරුවා රැකබලා ගන්න ‌සේවිකාව ‌මේ කාරණා 9 න් යුක්තද?

ඔබට දරුවා බලා ගන්නා සේවිකාව ‌අවශ්‍ය වන්නේ ඇයි?

ගෙදර දොරේ වැඩවලට උදව් කිරීමට සහ අපේ දරුවන් රැකබලා ගැනීමට දරුවා බලා ගන්නා සේවිකාව ගේ සේවය අපට ලබාගන්න පුළුවන්. 

මෙලෙස අපට සහයට කෙනෙක් ශ්‍රී ලංකාව තුල පහසුවෙන් සොයා ගත හැකි වුවද මෙම දරුවා බලා ගන්නා සේවිකාව න් අපේ දරුවන් රැකබලා ගන්නා ආකාරය සම්බන්ධයෙන් සමහර දේවල් ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. සමහර ‌දේවල් ගැන සෑහිමකට පත්වෙන්න බැහැ.

මේ සම්බන්ධව වසර 39 පමණ කාලයක් තිස්සේ ෆෙයිස් නම් සේවිකාවන් සැපයීමේ ආයතනයක හිමිකාරිනිය වු සේවිකාවන් සම්බන්ධ විශේෂඥ මොනිකා ලියොන් මහත්මිය වෙතින් ලැබෙන විශේෂ උපදෙස් කිහිපයක් මේ ලිපිය මගින් අපි ඔබ වෙත ගෙන එනු ලබනවා.

ඔබේ දරුවා බලා ගන්නා සේවිකාව ට පැවසිය යුතු කරුණු

1.හදිසි අවස්ථාවකදී කුමක් කළ යුතු දේවල් ඇයව දැනුවත් කරන්න

ඔබ නිවසේ නොසිටින විට හෝ පහසුවෙන්  සම්බන්ධ කරගත නොහැකි හෝ විට හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ක්‍රියාකල යුතු ආකාරය ඔබේ සේවිකාව දැන සිටීම ගොඩාක්ම වැදගත් වෙනවා.

මෙහිදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. 

  • ප්‍රථමාධාර ගැන දැනුම ඇයට ලබා දෙන්න.

 මොනිකා ලියොන්ග් නිර්දේශ කරන්නේ ඔබේ සේවිකාවට විශේෂයෙන් මව සහ දරුවා සදහා අවැසි ප්‍රථමාධාර පාඨමාලාවක් හෝ දැනුම ලබා දෙන ලෙසයි

  • අවශ්‍ය නම් පිහිනුම් පුහුණුව ලබාදෙන්න

ඔබේ සේවිකාව ඔබේ දරුවා සමඟ තනිවම පිහිනුම් තටාකයට යාමට යන්නේ නම්, හදිසි අවස්ථාවකදී කටයුතු කිරීමට අවශ්‍ය පිහිනුම් හැකියාව ඇයට තිබිය යුතු වෙනවා.

  • ඔබේ දුරකථන අංක හා හදිසි ඇමතුම් අංක නිතර පේන තැනක අලවා තබන්න

එයට ඔබගේ හෝ වෙනත් හදිසියේ සම්බන්ධ කරගත හැකි අංක හා පොලිස් හදිසි ඇමතුම් අංකය 119 , හදිසි ගිලන් රථ සේවාව 1990 වැනි අංක ඇතුලත් කර තබන්න.

ඒ වගේම ආසන්නව ඇති රෝහල පිළිබද ඔබේ සේවිකාව හොදින් දැනුවත් කරන්න.

ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

2. ඔබේ දරුවාගේ ආරක්ෂාව සෑම විටම වැදගත් වෙනවා.

 ඔබේ දරුවාගේ ආරක්ෂාවට පළමු තැන ලබා දිය යුතු බව ඔබේ සේවිකාව දැනුවත් කරන්න. 

ඇයට කොතරම් වැඩ තිබුනත්, ඇයගේ විවේකය වුනත් ඔබේ දරුවා ගැන විමසිල්ලෙන් සිටීම අනිවාර්යයෙන් විය යුතු බව ඇයව දැනුවත් කරන්න.

මිනිත්තු කිහිපයක්වත් බබාව තනි නොකරන ලෙස ඇයට දැනුම් දෙන්න.

ඔබ නිවසින් පිටවීමට පෙර, ඔබේ සේවිකාවට වැසිකිළි යාමට හෝ වෙනත් අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට අවශ්‍යදැයි සොයා බලා එසේ නම් එයට ඉඩදෙන්න.

 ඔබේ දරුවා රැකබලා ගැනීමේදී ඔබේ සේවිකාව දැනුවත් කල යුතු අත්‍යවශ්‍ය කරුණු රාශියක් තියෙනවා.

ඔබ නිවසේ නැති විට සේවිකාවට වැසිකිළි යාමට අවශ්‍ය වුවහොත්, ඔබ තීරණය කර ඇති  'යම් ආරක්ෂිත ස්ථානයක' දරුවා තැබීමට ඇයට උපදෙස් දෙන්න.

ඒ වගේම ඔබේ දරුවා ප්ලේ පෑල් එකේ හෝ ෆීඩින් චෙයාර් එකේ තැබු පසු එහි කිසිම අනාරක්ෂිත දෙයක් නොමැති බවට තහවුරු කරගන්නා ලෙස ඔබේ සේවිකාවට දැනුම් දෙන්න.

3. හොඳ සනීපාරක්ෂක ඇති කරවන්න

ඔබේ නිවසේ ඔබට වැදගත් වන සියලුම සනීපාරක්ෂක කාරණා පිළිබඳව ඔබේ සේවිකාව දැනුවත් කරන්න.

ඔබේ දරුවා බලා ගන්නා සේවිකාව ට ලබා දිය හැකි සනීපාරක්ෂාව හා සම්බන්ධ උපදෙස් සඳහා උදාහරණ කිහිපයක් මෙන්න.

  • ළදරුවා සැමවිටම පිරිසිදුව සිටීම වැදගත් වෙනවා. ඒනිසා  ඩයපර් නිතර මාරු කිරීම හා දරුවා සේදීම කල යුතුයි. ඒ මගින් නැපි රූෂ් සහ මුත්‍රා ආසාදන වළක්වාගන්න පුළුවන්.
  • නාන කාමරය පිරිසිදු කිරීමෙන් පසු හෝ  ආහාර පිසිමෙන් පසු ඇග සෝදා ගැනීම හෝ අවම වශයෙන් ඇදුමක් මාරු කිරීමට පුහුණු කරන්න.
  • නාන කාමරය භාවිතා කිරීමෙන් හෝ දරුවාගේ ඩයපර් වෙනස් කිරීමෙන් පසු සෑම විටම අත් සේදිය යුතුය
  • ළදරුවන්ගේ ආහාර පිළියෙල කිරීම සහ ගබඩා කිරීම සහ කිරි බෝතල් වැනි උපකරණ සේදීම ඇතුළුව  බබාගේ පෝෂණය ලබා දීමේ ක්‍රියාවලිය දැඩි සනීපාරක්ෂාව යටතේ සිදුකරන බව සහතික කරගන්න.

ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

4. ඔබේ දරුවා හසුරුවීමේදී ඇය ඉතා සැලකිලිමත් බව සහතික කර ගන්න.

ඔබ අලුත උපන් බිළිඳා රැකබලා ගැනීම ඔබේ සේවිකාව වෙත භාර දෙන්නේ නම්, අලුත උපන් බිළිඳුන් ඉතා සියුම් බව ඔවුන්ට අවධාරණය කරන්න.

ඔබේ ළදරුවා ඔසවා ගැනීම , රැගෙන යාම, පෝෂණය කිරීම සහ ස්නානය කිරීම වැනි දේවල් ඔබ ඉදිරියේම ඔබේ සේවිකාවට කියාදෙන්න. 

 ඔබේ ළදරුවා රැගෙන යනවිට හා  ඔසවා ගෙන සිටින සෑම විටම ඔබේ බබාගේ බෙල්ලට හා හිසට අධාරයක් ලබා දෙන ලෙස සේවිකාව දැනුවත් කරන්න.

ඒ වගේම ඔබේ බබාගේ නින්දේ රටාව හා ඒ  පිළිබඳ පැහැදිලි උපදෙස් සේවිකාවට ලබා දෙන්න.

එවැනි වැදගත් උපදෙස් කිහිපයක් පහත දැක්වෙනවා.

  • ඔහුගේ / ඇයගේ කාමරයේ උෂ්ණත්වය අධීක්ෂණය කිරීම
  • ඔහුට / ඇයට ඔහුගේ / ඇයගේ හිසට උඩින් ඇද ගත හැකි කොට්ට හෝ බ්ලැන්කට් නොමැති බව සහතික කිරීම
  • නිදා සිටියදී ඔබේ දරුවා ඔහුගේ / ඇයගේ පිටුපසට පැතලි  ස්ථානයක තැබීම
  • නිවැරදි දරුවා නලවන ආකාරය

5 . කාල කළමනාකරණය ගැන ඔබේ ගෘහ ‌සේවිකාව ‌දැනුවත් කරන

දරුවෙකු රැක බලා ගැනීමේදී කාල කළමනාකරණය වැදගත් වෙනවා.

ඔබේ සහකාරිය ඇගේ වැඩවලට ප්‍රමුඛතාවය දිය යුතු ආකාරය සහ ළදරුවාගේ කාලසටහනට අනුව වැඩ කරන්නේ කෙසේදැයි දැනුවත් කරන්න.

නිදසුනක් වශයෙන්, ඔබේ දරුවාගේ නිදාගන්නා වේලාව හා ආහාර ගන්නා වේලාව පිළිබඳව ඔබේ සේවිකාවට හොඳ අවබෝධයක් තිබිය යුතු අතර, ඒ අනුව ඇයගේ වෙනත් වැඩ කටයුතු ඒ කාලය තුළ සැලසුම් කර ගත යුතු වෙනවා.

ඔබේ සේවිකාවට ලබා දිය වේලාව නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට උපකාර කිරීම සඳහා ඇයගේ දවසේ වැඩ කාලසටහනක් ලබා දෙන්න ඔබට පුළුවන්.

6.සෑම විටම සැලකිල්ලෙන් සිටීමට ඇයට උපදෙස් දෙන්න

රැකියාවේ හෝ වේවා නිවසේ හෝ වේවා ඔබ කාර්ය බහුල විට ඇය දරුවාගේ උෂ්ණත්වයළ කක්කි, මුත්‍රා පිටවීම හා හැසිරීම යන සියල්ලම ගැන අවධානයෙන් සිටිය යුතුය.

 මේ ඕනෑම දෙයක වෙනසක් ඇය දුටුවහොත්, හැකි ඉක්මනින් ඔබව දැනුවත් කරන ලෙස ඇයට කියන්න.

ඔබේ සේවිකාවව ඔබේ දරුවාට වයසට ගැළපෙන ආහාර, ඔබේ දරුවාට අසාත්මිකතා ඇති කළ හැකි ආහාර වැනා දේ ගැන දැනුවත් කර ඒ ගැන සැලකිලිමත් වෙන ලෙස ඇයට දැනුම් දෙන්න.

7.ඉවසීම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.

ළමයින්, විශේෂයෙන් අලුත උපන් දරුවන්, ළදරුවන් සහ කුඩා දරුවන් රැකබලා ගැනීමේදී අපට ඉවසීමේ ගොඩාක් අවශ්‍ය වෙනවා. 

ඇතැම් විට පැහැදිලි හේතුවක් නොමැතිව බබා අඩන්න ප්‍රළුවන් බව ඔබේ සේවිකාව සමඟ කතාබස් කරන්න.

මෙවැනි අවස්ථාවලදී ඇය ඔබේ දරුවා සමඟ තනිවම සිටී නම් ඇය සිය ඉවසීම නැති කර නොගත යුතු බව ඇයට මතක් කරන්න. 

ඒ වෙනුවට, ඇයට ඔබේ කුඩා දරුවා සනසා ගන්නා ලෙස දැනුම් දෙන්න.

ඒ සදහා දරුවා නැලවීම, සුරතල් කිරීම, නැලවිලි ගී කීම ඇයට උගන්වන්න.

ඇය තරහා නොගත යුතු බවත් එය දරුවා පිටින් මුදාහල නොයුතු බවත් ඇයට කියන්න. 

ළදරුවා ඇය වෙහෙසට පත්වි ඇති බව නොදන්නා බවත් ඇයව හිතාමතා කෝප ගැන්වීමේ අරමුණින් දරුවා අඩන්නේ නැති බවත්  සැමවිටම මතක තබා ගන්නා ලෙස ඔබේ සේවිකාවට කියන්න.

8.ඔබේ  ගෘහ ‌සේවිකාව වගකීම ගත යුතුයි

ඔබේ දරුවා බලා ගන්නා සේවිකාව ඇත්තටම කරන වෙනත් පුද්ගලයෙකුගේ දරුවෙකු රැකබලා ගැනීම ලොකු වගකීමක් සහිත කටයුත්තක් ‌වෙනවා.

ඔබේ දරුවා රැකබලා ගැනීම ඇතුලු  නිවසේ වැඩකටයුතුවලදී වගකීමෙන් වැඩ කල යුතු ආකාරය පිළිබඳව ඔබේ සේවිකාව සමඟ කතා කරන්න.

නිදසුනක් ලෙස, ඇය ඔබේ දරුවා සමඟ උද්‍යානයට හෝ ක්‍රීඩා පිටියට යන්නේ නම්, ඇය ඔබේ දරුවා සෑම විටම නිරීක්ෂණය කල යුතුය.

ඇගේ මිතුරන් සමඟ කතාබස් කරමින් කාලය ගත නොකල යුතු අතර , ඇගේ දුරකථනයේ නිතර රැදි නොසිටිය යුතුය.

මේ සදහා ඇය පරිණත හා වගකිව යුතුය. 

9.ඔබේ ගෘහ ‌සේවිකාව දරුවන්ට ආදරය කල යුතුයි

ඔබේ සේවිකාව දරුවන්ට ආදරය කරන අයෙක් නම්, ඇය ඔබේ දරුවාටත් ඇත්තටම ආදරය කරනවා.

මෙය ඔබේ දරුවා රැකබලා ගැනීමේදී ඔබේ සේවිකාවට පවසා විතරක් ප්‍රමාණවත් නැහැ.

ඇය ඔබේ දරුවාට ආදරය කරනවාද යන්න කාලයත් එක්ක නිරීක්ෂණය කරන්න. 

ඔබේ දරුවාට ඇත්තටම ආදරය කරන අයෙකුට ඔබේ දරුවා රැකබලා ගැනීමේදි මුහුණ දෙන දුෂ්කරතා පහසුවෙන්ම ජයගන්න පුළුවන්.

ඔබේ සේවිකාව ගැන සැලකිල්ලෙන් ඉන්න. ඇය ඔබේ දරුවා නිසි ලෙස රැකබලා ගන්නේ නැත්නම් නව සේවිකාවක් සොයා ගන්න.

ඔබටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න අවශ්‍ය නම් පහතින් සටහනක් යොදන්න.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.