theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?

5 අවම කියවීම
කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?

පෝෂණයෙන් ඉහළ ‌කොස් අවුරුද්ද පුරාම කන්නත් ක්‍රම තියෙනවා.

කොස් වාරෙට ගහ පිරෙන්න හැදෙන කොස් අවාරෙදි ප්‍රයෝජනයට ගත හැකි වෙන පරිදි කොස් කල් තබා ගැනීම කරන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?

කොස් කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ වස විෂ වලින් තොර පෝෂණයෙන් ඉහල ආහාරයක්.

බත් ගස කියන නාමයෙන්ද එය හදුන්වනු ලබන්නේ එහි ඉහළ පෝෂගුණය නිසාමයි.

සකසුරුවම්කම සහිත ගෘහනියන් කොස් වලින් සියලුම ප්‍රයෝජන ලබා ගන්න දක්ෂයි.

කොස් ගැට පොලොස් ලෙසත්, නොපැසුනු කොස් මැල්ලුම් ලෙසත්, පැසුනු පසු තම්බා හා කිරිකොස් මාළුව ලෙසත් සකස් කරගන්නා මෙහි ඇට තම්බා හා හෝ මාළුවක් ලෙස පිළියෙල කරනු ලබනවා.

එපමණක් නොව එය ඉදුනු පසු වැල හෝ වරකා ලෙස රසවත් පළතුරක් ලෙස අනුභව කරනු ලබනවා.

ගෙවත්තේ ඉස්සර ඔහේ හැදි හැලි ගිය කොස් ගස් වල අගේ පවා මේ කොවිඩ් වසංගත සමයේ අපිට යස අපුරුවට දැනුනා.

කවර වල දමා රසකාරක දමා සකස් කර ඇති ආහාර ගන්න ගන්න ඇදිරි නිතීය බාධායක් වෙද්දි, අත ඇති මුදල් හිග වෙද්දි අඩු සැලකිලි ලබපු කොස් ගහට නියම තැන ලැබුනා.

ගැබිනි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා දරුවන්ට පමණක් ‌නොව කාටත් ගුණ ‌දෙන‌ කොස්  අවුරුද්ද පුරා අවාරයේත් කන්න පුළුවන් ‌වෙන විදියට සකස් කරගන්නා ආකාරය අද බලමු.

කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?

අපේ බත් ගස ‌කොස්

කොස් වල ගුණ

පොලොස් 

  • ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන ආහාරයකි

කොස් මදුළු 

  • පහසුවෙන් දිරවන ශක්තිය ලබා දෙන ආහාරයකි. ‌හොද කාබෝහයිට්ඩ්‍රෙට් ප්‍රභවයකි.
  • බීටා කැරොටීන, සැන්තීන්, ලුටෙලීන් හා බීටා ක්‍රිප්ටොසැන්තීන් වැනි ෆ්ලේවනොයිඩ වැනි පෝෂක ගොඩාක් අන්තර්ගත වෙනවා.
  • කොස් වල බහුල ලෙස අඩංගු  විටමින් A  ඇස් පෙනීමට වැදගත් වෙනවා.
  • ඒ වගේම එහි අඩංගු විටමින් A හා C  ප්‍රති ඔක්සිකාරක ලෙස ක්‍රියාකරමින් ප්‍රතිශක්තිකරණය ලබා දෙනවා.

කොස් ඇට වල  

කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?

  • ප්‍රෝටීන බහුලව  අඩංගු වෙනවා
  • එහි අඩංගු ඛණිජ ලවණ නිසා  මානසික ආතතිය අඩු කරනවා. ඒ වගේම සම පැහැපත් කරනවා.
  • කොස් ඇට වල ඇති යකඩ හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලියට සහය ලබා දෙනවා
  • මේවායේ අඩංගු තන්තු මළබද්ධය සමනය කරනවා.

වැල ,වරකා වල ගුණ

  • ආමාශය සහ (බඩවැල්) කුඩා අන්ත්‍ර සහ මහා අන්ත්‍ර පිරිසිදු කරනවා.
  • මළබද්ධය සමනය කරනවා
  • ශක්තිය ලබා දෙනවා
  •  කිරි මවුවරුන් කිරි එරීම වැඩිවීම සදහා සුදුසුයි
  • මතක ශක්තිය වැඩි කරනවා

ගුණවත් රසවත් අපේ කම හදුනන ආහාරය කොස් කල් තබා ගැනීම

කොස්‌ කල් තබා ගැනීමේ ක්‍රම පුරාණයේ සිටම ගම් වල බහුලව භාවිතා කරන ලදි.

එහිදි කොස් බහුල කාලයේ කොස් අපතේ යෑම වළක්වා ගැනීමත් අවාරයේදි ඒවා ප්‍රයෝජනයට ගැනීමත් ගැමියන්ගේ අදහස වුනා.

මේ එවැනි ක්‍රම කිහිපයක් හා නුතන කාලයේ ‌කොස් වලින් සදාගන්නා ආහාර කිහිපයක් ගැනයි.

1.අටුකොස්‌ 

  • කොස්‌ මදුළු කල් තබා ගැනීමට කදිම ක්‍රමයකි. 
  • පැසුණු කොස්‌ මදුළු ගලවන්න
  • එහි ඇට ඉවත් කර සුද්ද කරගන්න. 
  • දැන් මදුළු ටික ගෙන සිහින්ව කපා උණු ජලයේ  මද වශයෙන් (භාගෙට) තම්බා ගන්න.
  • වතුර පෙරා ඉවත් කර ගත් කොස්  තීරූ තද අව්වේ දින කිහිපයක් හොදින් වියලා ගන්න. 
  • හොඳින් වියළුණු පසු පිරිසිදු වියළි භාජනයක සුලං නොවදින සේ ගබඩා කරන්න.

2. ලුණු අටුකොස්‌

  • ලුණු හා ජලය යොදා කොස් මදුළු හොදින් තම්බා කැබැලි වලට කපා ගන්න.
  • ඉන්පසු එම කොස් ඉරු තද අව්වේ  දින කිහිපයක් වියළා ගන්න.
  • හොඳින් වියළුණු පසු පිරිසිදු වියළි භාජනයක සුලං නොවදින සේ ගබඩා කරන්න.

3. වැලි කොස්‌ ඇට 

  • පැසුණු කොස්‌ ගෙඩියක  පොත්ත තුවාල නොවන සේ  ඇට ඉවත් කර තෙත හිදෙනතුරු  වියළා ගන්න.
  • විශාල මැටි භාජනයක්‌ ගෙන එහි පතුලට වියළි වැලි තට්‌ටුවක්‌ දමන්න 
  • පොත්ත සමග තුවාල නො වූ කොස්‌ ඇට දමා අතුරා ඒවා ඊට උඩින් වැලි තට්‌ටුවක්‌ දමන්න.
  • කොස් ඇට පැල වීම වලක්වා ගැනීමට මැටි භාජනය වියළි ලෙස තබා ගන්න.
  • මේ වැලි කොස් ඇට මුට්ටිය ඔබට මුළුතැන් ගෙයි මුල්ලක තබා ගන්න පුළුවන්.

4. අටු කොස්‌ ඇට

  • හොඳින් පැසුණු ගෙඩියක කොස්‌ ඇට ජලයේ හොඳින් තම්බා ගන්න. 
  • එම කොස් ඇට ජලය පෙරා තෙත හිදෙන තුරු දින කිහිපයක් වියළා ගන්න.
  • වියළි බාජනයක අසුරා මාස කිහිපයක් තබා ගන්න පුළුවන්.
  • මෙම අටු කොස් ඇට  පිස ගැනීමට පෙර මඳ වේලාවක්‌ වතුරේ දමා පොඟවා ගන්න.

5.කොස්‌ මදුළු පපඩම්

  • ඇට ඉවත් කරගත් කොස්‌ මදුළු වෙන් නො වන සේ පලා ගන්න.
  • ඒවා ලුණු එක්කල ජලයේ බාගෙට තම්බා ගන්න. 
  • වතුර පෙරා  ඉවත් කර ලුණු කුඩු, කහ, මිරිස්‌ යනාදිය දමන්න.
  •  තෙලට දමා රන්වන් පැහැ වන තෙක්‌ බදින්න.
  • මෙය සුලං නොවදින ලෙස වියලි බදුනක ගබඩා කරන්න.

6. කොස්‌ඇට සිවිඩි 

  • ඉවත දමන කොස්‌ සිවිඩි නටන උණු වතුරේ දමා තම්බා ගන්න. 
  • වතුරා පෙරා ගෙන තෙත හිදෙන තුරු  තද අව්වේ තබා හොඳින් වියළා ගන්න. 
  • පිරිසිදු වියළි භාජනයක අසුරා තබන්න.

කොස් කල් තබා ගැනීම වරකා සංරක්ෂණය

කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?

7. පැණි වල බහාලු වරකා

  • වරකා මදුළු ගලවා ඇට ඉවත් කර මී පැණි බදුනක අසුරන්න.
  • මී පැණි වෙනුවට උණු කරගත් සීනී වලින් පැණි සකස් කර වරකා ගිල්වා තබන්න පුළුවන්.

8. වරකා ජෑම්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
  • හොදින් ඉදුණු වරකා ගෙඩියක මදුළු ගලවා ගන්න.
  •  ඇට ඉවත් කර සුද්ද කරගන්න.
  •  ඉන්පසු වරකා මදුළු ටික බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සකස් කරගන්න.
  • රස අනුව සීනි එකතු කරන්න.
  • හැදි ගාමින් මද ගින්නේ තම්බා ගන්න. 
  • ජෑම් පදමට ඝනකම වු පසු පිරිසිදු වියළි බෝතලයක අසුරන්න.

9. වියළා ගත් වරකා

  • ඉදුණු වරකා මදුළු ගලවා සුද්ද කරගන්න.
  • ඉන්පසු  සිහින් තීරූ කපන්න.
  • එම වරකා තීරූ තෙල් වල බදින්න.
  • වියළි පිරිසිදු බදුනක සුළං නොවදින ලෙස අසුරන්න.

මේ ‌තොරතුරු අන්තර්ජාලයෙන් හා මිතුරු මව්වරුන්ගෙන් එකතු කර ‌‌ගෙන ආවේ ඔබ ‌වෙනුවෙන්මයි.

ඔබ ලගත් ‌කොස් ‌හෝ වරකා කල් තබා ගැනීමේ ක්‍රම තිබේනම් අපි හා ‌‌බෙදාගන්න.

මුලාශ්‍ර – ‌පෝෂණ ‌තොරතුරු – roar.media

කල් තබා ගැනීමේ ක්‍රම –  කෙත බත කමත

සංස්කරණය – නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • කොස් වාරේ ගස් පිරෙන කොස් වලින් අවාරෙටත් ටිකක් තියා ගනිමුද?
බෙදාගන්න :
  • කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

    කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

  • නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

    නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර වට්ටෝරු 9 ක්

  • කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

    කල් තබාගන්න පුළුවන් කෑම ටිකක් හදලා තියාගමු නේද?

  • නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර  වට්ටෝරු 9 ක්

    නැවුම් දේශිය ආහාර වලින් පොඩ්ඩන්ට රස ගුණ පිරි ආහාර වට්ටෝරු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it