ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබට පුදුම සහගත සැමියෙක් ලැබී ඇති දැයි මේ සලකුණු මගින් සනාථ කරගන්න.

ඔබ දැන් විවාහ වෙලා කාලයක් ගෙවිලා ගිහින් ඇති.  ඔබට ඉන්නේ සුවිශේෂී සැමියෙක් නොවේද? එදා වගේම සැමියා ඔබට ආදරේ නැහැ කියලා හිතෙන වාර ඕනේ තරම් නේද? එහෙම හිතෙනවට වඩා ඔබ මේ පහත කාරණා 9 ඔබේ සැමියා තුළිනුත් දකිනවා දැයි බලන්න.

එහෙමනම් ඔබට ඉන්නේ සුවිශේෂී සැමියෙක්. ඔබ සැබෑම වසනාවන්තියක්.

ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබට ඉන්නේ සුවිශේෂී සැමියෙක් බව කියා පාන කාරණා 9ක්

1. ඔබේ සැමියා නිතර පිරිසිදු පිළිවෙලට ඉන්නවද ?

ඔහු ලස්සනට පිළිවෙලට ඉන්න සැලෝන් එකකට යන්නේ නැති වුනත් දින චර්යාවේදී එයා පිරිසිදුවට පිළිවෙලකට ඉන්නවා.

 2. ඔබ කරන සමහර පුංචි විහිළු වලට ඔහු තවමත් ඔබ සමග සිනාසෙනවා

ඔහු හදවතින්ම ඔබ බෙදාගත් දේ රස විඳිනවා. ඔබව අපහාසයට හෝ පෙරලා විහිළුවට ලක් කරන්න ඔහු මෙලෙස කරන්නේ නැහැ. ඔහු ඇත්තටම මෙය අගයනවා.

3. ඔහු තවමත් ඔබට කෙටි පණිවිඩ එවනවා

ඒත් මුහුණට මුහුණ බලාගෙන කතා කරන එක ඊට වඩා වටින බව ඔහු විශ්වාස කරනවා. ඔහු නිවසින් බැහැර වෙනත් වැඩකට ගිහිල්ලා, නැතිනම් යහළුවන් සමග එළියට ගිහිල්ලා ඉන්න අතර තුර ඔබට කෙටි පණිවිඩයක් හෝ එවනවද? එත් ඔහුට ලැබෙන හැම අවස්ථාවකම ඔබත් සමග මුහුණට මුහුණ බලාගෙන කතා කරන්න කාලය යොදාගන්නවා.

 4. ඔබත් එක්ක කාලය ගෙවන්න තාමත් එලියට යනවද?

ඔබත් එක්ක එළියට ගිහින් ටිකක් කල් ගෙවන්න එදා වගේම ඔහු තාමත් ආසයි. ඊට ඔහු කොහොම හරි වෙලාව හොයාගන්නවා.

ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

 5. ඔබ දෙදෙනා කරන බොහෝ තර්කයන් අවසානයේ වැදගත් සංවාද බවට පෙරළෙනවා

ඔහුට ඔහුගේම මතයක් තියෙනවා. එත් ඔහු ඔබේ අදහසටත් ගරු කරනවා. එත් ඔහු හරිම විවෘතයි. ඔබේ හිත නොරිදෙන ලෙස ඔහුගේ අදහසුත් පළ කරනවා.

6. ඔබ එළවළු, බඩු මළු ඔසවාගෙන යද්දී ඔබට උදවු වෙනවා

ඔබට මෙවැනි අවස්ථාවක ඔහු උදවුවට එන්නේ ඔබ දුර්වල යැයි කියලා සිතලා නෙමෙයි. ඔබට සහය වීමෙන් ඔබ ගැන ඔහු සිතන බව හඟවන්නත් එක්කමයි.

marriage lessons

 7. ඔබ ඔහුට වඩා දියුණු වුනත් ඊට ඔහුගේ ඉරිසියාවක් නැහැ

ඔබට හැම අතින්ම උදවු කරමින් ඔබේ දියුණුව ඔහුගේත් දියුණුව ලෙස ඔහු සිතනවා.

8. ජිවිතයට අවශ්‍ය දේ ඔහු දන්නවා

ඔහු ඔහුව හරි හැටි අඳුනගෙනයි ඉන්නේ. ඒ නිසා ඔහු ඔහුගේ ඉලක්ක, සිතුවිලි, බලාපොරොත්තු දන්නවා. ඒ නිසා ඔහුගේ අවංක අදහස් ඔහු ඔබ සමග කියනවා.

9. ඔහු හදවතින්ම අව්‍යාජව ඔබට ආදරෙයි

විවාහයක වටිනාම කොටස ආදරයයි. ඔබට එය දැනවීම ම ඔබට පුදුම හිතෙන ආදරණිය සැමියෙක් ලැබී ඇති බවට සාක්ෂියක්.

ජිවිතයට මොන දේවල් එකතු වුනත් ආදරය එකතු නොවී අඩු වුනොත් විවාහයකට එය තදින්ම බලපානවා. theAsianparent Sri Lanka අපි මේ කරුණු මතක් කළේ ඔබේ ඒ ආදරය රැකගන්න ඔබව උනන්දු කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි