සෑම මසකම, ආරක්‍ෂිත ක්‍රම භාවිතා නොකර එක්වන සෞඛ්ය සම්පන්න යුවලක්, ස්වාභාවිකවම පිළිසිඳගැනීමේ හැකියාව 20% ක් පමණ වේ. දැන් ඒ ගැන කල්තියා දැනගන්න වඩා හොඳ සලකුණක් ඔබ තුළින්ම දිස්වන අතර ඔබ ගැබ් ගන්නේ ඩිම්බ මෝචනය සිදුවන අවස්ථාවේදී වන බව දැන සිටීමද වැදගත් වනවා.
අර්ථ දැක්වීම
සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනේ සිදු වන්නේ ඔසප් වු පළමු දිනයේ සිට දින 13-14 කදී පමණ වේ.
පරිණත ඩිම්බ පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂය දෙසට පැමිණෙන අතර එය ශුක්‍රාණුවක් සමග සංසේවනය වුව හොත් සෑදෙන යුක්තානුව එන්ඩොමෙට්‍රියමේ තැන්පත් වී දරුවෙකු බවට වර්ධනය වේ.
සෑම මසකම ගැහැණු ඩිම්බකෝෂය මගින් පරිණත නොවූ ඩිම්බ (follicles) 15 සිට 20ක් දක්වා ප්‍රමාණයක් සක්‍රීය වන අතර මෙන් හොඳින් පරිණත වූ එක් ඩිම්බයක් පමණක් මුදාහැරීමට සුදුසුකම් ලබයි.
මෙම ඩිම්බය පැලෝපීය නාල හරහා ගමන් කර ගර්භාෂය වෙත පැමිණේ.
මෙම ඩිම්බ අහඹු ලෙස නිකුත් කරනු ලබන අතර කිසිදු විශේෂ පිළිවෙලකින් නිකුත් නොවේ.
ඩිම්බ මෝචනේ යනු කාන්තාවන්ගේ සාරවත් බවේ සංඛේතයකි. කාන්තාවන්ගේ සාරවත් බවට බලපාන් විවිධ හේතු රැසක් තිබෙනවා.
තයිරොයිඩ්, පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය (PCOS) හෝ PID (ව්යාධි ප්‍රදාහය) මේවයින් සමහරෙකි.
ඇතැම් අවස්ථාවල කාන්තාවන්ගේ සිරුරේ බිත්තර නිෂ්පාදනය නොකෙරෙනවා හෝ එනඩෝමෙට්‍රියෝසිස් තත්වය හෝ නිද්‍රශිලි ජීවන රටාවක් නිසා හෝ නිසරු වන්නට පුළුවන්.

ඩිම්බ මෝචනය, ගර්භණීභාවයට පත්වීමට උපකාර වන වන්නේ කෙසේද?
ඔබ ගර්භනී වීමට බලාපොරොත්තු වනවා නම් ඔබේ ඩිම්බ මෝචන චක්‍රය ගැන අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වනවා.
එයින් අදහස් වන්නේ ඔබේ ගර්භණී වීමට ඇති හැකියාව කෙරෙහි එය බලපාන ආකාරය දැනගත යුතු බවයි.
සිදු වන්නේ කුමක්ද?
- ගැබ් ගැනීම සිදුවීමට නම් ඔබෙන් නිකුත් වූ ඩිම්බයක් පැලෝපිය නාලය තුළදී ශුක්‍රාණුවක් සමඟ එක් විය යුතු වනවා.
නමුත් ඩිම්බයක ජිවිත කාලය පැය 24ක් පමණ වේ. මෙහි අර්ථය වන්නේ ඩිම්බය, ශුක්‍රාණුව හා සම්බන්ධ විය යුත්තේ මෙම කාල පරාසය තුලදීය.
- ශුභාරංචිය නම් ශුක්‍රාණුවක ජීවිත කාලය සතියක් පමණ විය හැකි වීමයි. මේ නිසා ඔබ දිනපතාම ලිංගිකව එක් වීම අත්‍යාවශ්‍ය වන්නේ නැත්තේ ගැබ් ගැනීම සඳහා දින 6ක කාල පරාසයක් තිබිය හැකි බැවිනි.
ඔබ සිහි තබාගත් යුත්තේ ගැබ්ගැනීමක් සිදුවිය යුතු කාලය නම් ඩිම්බ මෝචනය සිදු වන දිනට කලින් දින පහ ඇතුලතදී පමණක් බවයි.
මෙම දින 5 තුළදී ලිංගිකව එක් වීමෙන් සාරවත් ශුක්‍රානුවක් හා සම්බන්ධ වී පිළිසිඳගැනීමක් ඇතිකරගත හැකි වනවා.
ඔබේ සාරවත් බව පරික්ෂා කරගන්න
ඔබ දැන් ඩිම්බ මෝචනේ ගැන දැනුවත් බැවින් ඔබේ කැලැන්ඩරයේ ගැබ් ගැනීමට සුදුසුම දවස් මොනවාදැයි සලකුණු කරගත හැකි වනවා. නමුත් ඩිම්බ මෝචනය සිදු වන දවස හඳුනා ගන්නේ කෙසේද?
මුලින්ම ඔබ කල යුත්තේ ඔබේ ඔසප් චක්‍රය සලකුණු කර ගැනීමයි.
නිදසුනක් ලෙස ඔබේ ඔසප් චක්‍රය දින 28ක් නම් උසප් වන මුල් දිනය පළමු දින ලෙස සලකන්න. ඔබේ සාරවත් දින කිහිපය වනුය 12ස් වන දින සිට 17 වන දින දක්වාය.
නමුත් ඔබේ ඔසප් චක්‍රය දින 28කට වඩා වෙනස් නම් මෙම පරාසය සතියකින් පමණ වෙනස් විය හැක.
ඩිම්බ මෝචනය සිදුවන දිනය ගැන ඔබට තවමත් ගැටළු සහගත් නම් පහත වෙනස්කම් තුළින් ඩිම්බ මොව්හානය සිදුවන දවස් ඔබට හඳුනාගත හැක.
1. ඔබේ කැලැන්ඩරයේ/දින දර්ශණයේ සලකුණක් තබාගන්න
සාමාන්‍යයෙන් මාස 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ චක්‍රයේ මැද හරියේදී ඩිම්බ මෝචනය සිදු වනවා.
ඔබේ ඔසප් චක්‍රය දින 28ක් නොවේ නම්, ඔබේ චක්‍රය අනුව මෙම දිනය වෙනස් වනු ඇති.
දින දර්ශනය පවත්වාගෙන යාම තුලින් නිවැරදි දිනය ගැන අදහසක් ඔබට ලැබෙනු ඇත.
2. ඔබේ ශරීරය හඳුනාගන්න
ඔබේ ශරීරය ගැන ඔබ හොඳින් දැනුවත් නම් ඔබේ ඩිම්බ මෝචනය සිදුවන දවස ඔබ දැනටමත් දන්නවා ඇති.
මෙය ඔසප් වීමට දින කිහිපයකට කලින් සිදු වේ. උසප් වීම සිදු වීමට දින කිහිපයකට කලින් ඔබේ උදරයේ පහත කොටසේ මස් පෙරලීම් ආදිය අත්දැකිය හැක.
ඩිම්බය මුදා හැරීමේදීද සියුම් වේදනාවක් දනිය හැක.
3. ඩිම්බ මෝචනය දැනගැනීමට ඔබේ සිරුරේ උෂ්ණත්වය සටහන්ගත කරන්න
ඩිම්බ මෝචනය සිදුවන දින දැන ගැනීමට ඇති තවත් ක්‍රමයක් වන්නේ ඔබේ බාහිර ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙනි.
මෙය බාසල් ශරීර උෂ්ණත්වමානයක් සමඟ සිදු කරන අතර උදෑසන ප්රථමයෙන් සිදු කෙරේ.
චක්‍රයේ පළමු භාගය තුළදී ඊස්ට්‍රජන් මට්ටම් වැඩිවන නිසා සාමාන්‍ය උෂ්ණත්වය අඩු වෙනු ඇත.

චක්‍රයේ දෙවන භාගයේ දී ප්‍රොජෙස්ටරෝන් ශ්‍රාවය වැඩි වීම හේතුවෙන් ශරීර උෂ්ණත්වය වැඩිවේ.
මෙම ගණනය කිරීම නිරීක්ෂණය කිරීමෙන් උෂ්ණත්ව වෙනස සිදු වන දින සොයාගත හැකි වනවා.
ඩිම්බ මෝචනය වූ සැනින් ඔබගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 කින් පමණ උෂ්ණත්වය ඉහළ යයි.
මෙය මාස ගණනාවක් තුල සටහන් කර ගැනීමෙන් නිවැරදි දිනය සොයාවන්නට ඔබට හැකි වනවා.
4. ඔබේ ගැබ්ගෙල තේරුම් ගන්න
ඔබේ ගැබ් ගෙලෙහි පිහිටීම තේරුම් ගැනීමෙන්ද ඩිම්බ මෝචනය සිදුවීම තේරුම් ගත හැකි වනවා. චක්‍රය මුලදී ගැබ්ගෙල තද ගතියක් පෙන්වන අතර ඩිම්බ මෝචනය ලං වත්ම මෙය සුමුදු වී ශුක්‍රානු ගමන් කිරීම පහසු කරනවා.
5. ඩිම්බ මෝචනය කට්ටලය (ovulation kit)
ඩිම්බ මොචන කට්ටලයක් මිලදී ගැනීම තුළින් සැක රහිතව නිරවද්‍ය ලෙස ඩිම්බ මෝචනය සිදුවන දවස් දැනගත හැකි වනවා. මෙම කට්ටලය මුත්‍රා ආශ්‍රයෙන් ගැබ් ගෙන ඇති බව පරීක්ෂණ කට්ටලයට සමාන අතර එය සිදු කරන්නේද මුත්‍රා බින්දු කිහිපයක් ආශ්‍රයෙනි.
6: ඛේට පරීක්ෂණය
ඩිම්බ මෝචනය සිදු වන දවස් ලං වත්ම සිදුවන ඊස්ට්‍රජන් හෝමෝන වෙනස්කම් අනුව ඛේටයේ නොහොත් කෙල වල ස්වභාවය වෙනස් වනු ඇති. මෙය අන්වීක්ෂ පරීක්ෂාවක් ඇසුරින් සිදු කරනු ලබනවා.
මේවාට අමතරව ශරීරයේ භාහිර වෙනස්වීම් රැසක් අනුවද ඩිම්බ මෝචනය සිදු වී ඔබ ගැබ් ගෙන ඇත්දැයි දැනගත හැකි වනවා.
7 පියයුරු වල සංවේදීතාව

පියයුරු වල වෙනදාට වඩා සංවේදීතාවක් මෘදු බවක් දැනේ නම් ඔබේ ඩිම්බ මෝචනය සිදු වනවා වන්නට පිළිවන්.
8 ඔසප් වීමක් සිදු නොවීම
නිසි දින ඔසප් වීමක් සිදු නොවීමද ඔබ ගැබ් ගෙන ඇති බවට සලකුණකි. ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත් නම් නියමිත කලට ඔසප් නොවුවහොත් ගැබ් ගෙන ඇත්දැයි බැලීමට පරික්ෂා කල හැක.
9 නිතර මුත්‍රා පිට වීම : ඩිම්බ මෝචනය
ගැබ් ගැනීමෙන් සති හයකට පමණ පසු නිතර මුත්‍රා යාමට අවශ්‍ය වනවා. මෙම වෙනස තුළින් ඔබ ගැබ් ගෙන ඇත්දැයි පරික්ෂා කර බැලිය හැකියි.
ඉතින් මෙම ක්‍රම තුළින් ඔබේ ඩිම්බ මෝචනයක් සිදු වේද කියාත්, ගැබ් ගෙන ඇත්දැයි කියාත් ඔබට දන ගත හැක.
මෙය නිසා මානසිය ආතතියක් ඇති නොකර අදාළ පරිදි ලිංගිකව එක් වී සාර්ථක පිළිසිඳගැනීමකට අපෙන් සුභ පැතුම්!
ගැබ් ගන්නට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ඔබ ගැබ්ගෙන ඇති බව කියාපාන පෙර ගර්භණි සමය තුළ ශරීරයේ ඇතිවන වෙනස්කම් 11 ක් ලිපියත් වැදගත් වේවි.
TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලුෆ පෙරේරා