theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ග

6 අවම කියවීම
දරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ගදරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ග

බටපොලැල්, රත්හැල්, ඕලු හාල්, කහවනු, කුරුළුතුඩ, සියපත් ඇල්, මඩතවාලු, කළුහීනටි, සුවඳැල් යන හෙළ සහල් විස්තර සහ ඒවායේ ඖෂ්ධීය ගුණ ගැන වටිනා ලිපියක්

අද කාලේ වැඩ ලෝකයේ අතරමං වුණු බොහෝ දෙනාට ඖෂධීය සහල් විතරක් නෙවෙයි, සෞඛ්‍ය සම්පන්න කුමන හෝ ආහාර වේලක් ගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.

හැම බෝගයකටම වගේ රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා මේ තත්ත්වය තවත් නරක අතට හැරෙනවා.

වේල පිරිමහ ගන්න කෘත්‍රීම රසකාරක, අධික තෙල්, ලුණු යෙදූ කෙටි කෑම, පැණි බීම ගිලින ජීවන රටාව නිසා අපි නොදැනුවත්වම අපේ ශරීරයට එකතු කරගන්නේ වස විස.

දරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ග

1.bp.blogspot.com

ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුතු, ආහාරයක් වගේම ඖෂධයක් ලෙසත් ක්‍රියා කරන දේශීය සහල් වලට ස්වභාවිකවම ශරීරයේ තිබෙන වස විස ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා.

1. සුවඳැල් ඖෂධීය සහල්

දරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ග

සුවඳැල් (walaspathi.blogspot.com)

ඇල් සහල් වර්ගයක් වන සුවඳැල්, පිසින විට වහනය වන ආවේණික සුවඳකින් යුක්තයි.

සුවඳැල් ශාකය පසෙහි ඇති අයන වර්ග ලෙහෙසියෙන්ම උරා ගන්නවා.

වෙනත් සහල් වර්ග සමඟ හෝ මුං ඇට, තල, කුරහන් වැනි ධාන්‍ය වර්ග කිහිපයක් සමඟ මිශ්‍ර කර කැඳ සකසා ගැනීමෙන් හෝ තලප සාදා ගැනීමෙන් පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය කිරීම පහසු වෙනවා.

ග්ලූකෝස් සංචිතය අවම මට්ටමකින් පවතින සහල් වර්ගයක් වන මෙමඟින් ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය සමතුලිත කෙරෙනවා.

විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් වැනි හෝමෝන වල ස්‍රාවයන් පාලනය කරන අතර ඒ නිසා හෘද ස්පන්දන වේගය සාමාන්‍ය වී අධි රුධිර පීඩනය වැනි රෝග වලින් වැළකී සිටීමට උපකාර වෙනවා.

සුවඳැල් සහල් මඟින් අක්ෂි කූප වලට සම්බන්ධ වන කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය පාලනය කිරීම නිසා ඇස් වලට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා.

එවිට මොළය සහ ඇස අතර පණිවුඩ හුවමාරු කෙරෙන ස්නායු වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වෙනවා.

මීට අමතරව ශරීරයේ ස්නායු උත්තේජනයට සහ පිළිසකර කරවීමටත් මෙම සහල් වර්ගය දායක වෙනවා.

ඒ වගේම සුවඳැල් මඟින් මළ බද්ධය දුරු කර ශරීරය සමතුලිත කරනවා.

2. මඩතවාලුඖෂධීය සහල්

ඔක්තෝබර් මාසයේදී ඇරඹෙන මහ කන්නයේදී වගා කෙරෙන මඩතවාලු වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අවම වන අතර ඉහළ ප්‍රෝටීන සහ මේද සංයුතියකින් යුක්තයි.

මහ කන්නයේදී පස තුළ සක්‍රීය වන බැක්ටීරියා සහ දිලීර ගහණය සහ විවිධත්වයත්, ඔවුන් ස්‍රාවය කරන එන්සයිම වල සංයුතියත් යල කන්නයට වඩා වෙනස් වෙනවා.

මේ නිසා ශාකයේත්, පාංශු ජීවීන්ගේත් ක්‍රියාකාරීත්වය වෙනස් වන අතර බීජ තුළ ග්ලූකෝස් අවම වශයෙනුත්, ප්‍රෝටීන, තන්තු සහ මේද වැඩි වශයෙනුත්  තැන්පත් වීමට මෙම කාරණය බලපානවා.

මේ නිසා මඩතවාලු වල ප්‍රෝටීන හා මේද ජීර්ණය පහසු කරවන එන්සයිම සාන්ද්‍රණය ඉහළයි.

ආහාර ජීර්ණය පහසු කරවීමට මෙය හේතු වන අතර මඩතවාලු සහල විෂ ප්‍රතිරෝධී ගුණයෙන්ද යුක්තයි.

ශරීරයේ මාංශ පේෂීන් වර්ධනයට අවශ්‍ය වන විටමින් සහ ඛණිජ ලවණ රැසකින් පරිපූර්ණ මෙම සහල් වර්ගය අාහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කිරීමට උපකාර වෙනවා.

තවද ශරීරයේ පවතින පිළිකා කරක ඇතුළු සියළුම විෂ හරණයටත්, ශරීර උෂ්ණත්වය පාලනය කරමින්   ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමටත්, රුධිර සංසරණය ක්‍රමවත් වීමත් මෙමඟින් සිදු වෙනවා.

ජාන විකෘති වීම වළක්වන අතර සෙම් සහ වාත රෝග වලට ඉතා  සුදුසුයි.

3. කළුහීනටි

ඖෂධීය සහල්
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

කළු හීනටි (www.youtube.com)

කළුහීනටි ශාකයේ මූල පද්ධතියේ වෙසෙන බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිසා ශාකයට අවශෝෂණය කර ගන්නා අයන වල ධ්‍රැවීයතාවය (ධන-ඍණ භේදය) වැඩි කරවනවා.

මේ නිසා විෂ සහිත අයන ස්වභාවිකවම ඉවත් කිරීමේ හැකියාවක් කළුහීනටි සහල සතුයි. මෙම සහල සින්ක් සහ යකඩ වලින් පරිපූර්ණය.

ඕනෑම විෂක් හරණය කිරීමට හැකි මෙම සහල් පිළිකා රෝගීන්ට සහ හෘද රෝගීන්ට මහත් ගුණදායකයි.

ශරීර ශක්තිය වඩවන අතර ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කරන නිසා දියවැඩියා රෝගීන්ටත් ඉතා සුදුසුයි.

4. සියපත්ඇල්

පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මෙම ඇල් සහල යල කන්නයේදී වගා කෙරෙනවා. නෙළුම් මලක (සියපතක) පෙති වල ගැබ් කළ හැකි තරමේ ශක්තියක් එක වී ඇටයක ඇති බැවින් මෙම සහලට “සියපත්ඇල්” යන නාමය ලැබී තිබෙනවා.

උෂ්ණත්වයට අනුව පොත්තේ ඝනකම වෙනස් වන අතර අධික උණුසුමක් ඇති විට ආස්‍රැති පීඩනය වෙනස් කරමින් එය පාලනයට පොත්තෙහි අයන වර්ග රඳවා ගන්නවා.

මෙහිදී කාබෝහයිඩ්‍රේට සංයුතිය වෙනස් වන අතර ග්ලූකෝස්, කාබෝහයිඩ්‍රේට වල වෙනත් ආකාර බවට පරිවර්තනය වෙනවා.

මෙම වර්ගයට කිතුල් පැණිවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කළ හැකියි. කිතුල් පැණි සමඟ සියපත්ඇල් සහල් පිටි මිශ්‍ර කළ විට එහි ඇති ග්ලූකෝස් සංචිතය අඩු වී තන්තුමය ස්වභාවය වැඩි වෙනවා.

මේ නිසා ඉන්සියුලින් නිපදවීමට බාධා ඇති වන්නේ නැහැ. මේ නිසා අතීත ලාංකිකයන් කැවිලි වර්ග සෑදීමේදී මෙම සහල් වර්ගය භාවිතා කළ බව කියැවෙනවා.

බහිස්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසු සියපත්ඇල් තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා.

මුත්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා.

මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා.

ඒ වගේම මෙම සහලට සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා.

5. කුරුළුතුඩ

ඖෂධීය සහල්

කුරුළුතුඩ (sc01.alicdn.com)

අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඩ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා.

යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා.

ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා.

කුරුළුතුඩ බත එළවළු සමඟ (පතෝල, වට්ටක්කා, වැටකොළු වැනි) ආහාරයට ගැනීමෙන් එම එළවළු වල ඇති වර්ණක, බතේ තන්තු සමඟත්, නිවුඩ්ඩේ වර්ණක සමඟත් එකතු වනවා.

පසුව ජීර්ණ එන්සයිම නිපදවීම වර්ධනය කරන අතර ඒ නිසා ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා.

තන්තුමය සහ කහ පැහැති එළවළු වර්ගත්, යකඩ අධික පලා වර්ගත් කුරුළුතුඩ බත සමඟ ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායකයි.

6. කහවනු ඖෂධීය සහල්

වී ප්‍රභේද කිහිපයකින් විශේෂණය වී ඇති මෙම වර්ගයට කහවනු යන නම ලැබී තිබෙන්නේ පසු කාලීනවයි.

පිළිකා සුව කිරීමේ ගුණයෙන් යුතු කහවණු ආහාර ජීර්ණය පහසු කරවන අතරම ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කිරීමත් පාලනය කරනවා.

ප්‍රෝටීන සහ තන්තු වලින් පොහොසත් මෙම සහල අයන වර්ග අවශෝෂණයට සහ ඒවා ඇට මිදුළු වල තැන්පත් කිරීමට උපකාර වෙනවා.

ඉහළ ඖෂධීය ගුණයක් ඇති කහවනු බත දිරවීමට ගත වන කාලය වැඩි අතර දේශීය එළවළු සහ පලා වර්ග සමඟ පරිභෝජනයෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකියි.

7. ඕලු හාල්

ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලුමල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා ඕලු ඇටයි.  මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා.

ඕලුහාල් දියවැඩියා රෝගයට සහ අක්මාව සම්බන්ධ රෝග වලට ඉතා ගුණදායකයි.

ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගැනීමටත්, අර්ශස් රෝගය වළක්වා ගැනීමටත් දායක වනවා.

ඒ අතර ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර වකුගඩු වල නිරෝගී බව පවත්වා ගැනීමටත් උපකාර වෙනවා.

පිත්තාශයේ සහ වකුගඩුවල ගල් සැදීම පාලනය කරන අතර ගල් දිය කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හෘද රෝගීන්ට ගුණදායක ඕලු සහල් රුධිර කැටි ගැසීම පාලනය කරවනවා.

සෙම කිපීමෙන් ඇති වන රෝග සමනය කරන අතර ඇස් පෙනීම වැඩි දියුණු කරවනවා.

8. බටපොලැල් ඖෂධීය සහල්

ශරීරයේ රුධිරය වඩවන අතර විෂහරණ ගුණයෙන් යුක්තයි. දියවැඩියා රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ඉතා ගුණදායකයි.

අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමටත් මෙම වර්ගය උපකාර වෙනවා.

9. රත්හැල් ඖෂධීය සහල්

ශරීරය සැහැල්ලු කරවන රත්හැල් සහල හන්දි රෝග, දියවැඩියාව, පිළිකා රෝග සහ අක්මාවේ රෝග ඇති අයට බොහෝ ගුණදායකයි.

තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය සහ අවශෝෂණය පහසු කරවා ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට දායක වෙනවා.

රචනය: Semini Lakshani
මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar–media/about/

කවරයේ පින්තූරය: saaraketha.com

මූලාශ්‍ර: hinterlandlk.com, helasuwaya.org, dhamma.ifbcnet.org, youtube.com, sobadahealthyfoods.com

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවාගේ බුද්ධිය වඩන, විෂ නසන, ඖෂධීය ගුණ සපිරි හෙළ සහල් වර්ග
බෙදාගන්න :
  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

    අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it