theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?

5 අවම කියවීම
නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?

නිවසේදීම ආරක්ෂිතව ඇහි බැම සකස් කරමු.

ඇහි බැමි සකස් කිරීමෙන්  ඕනෑම කෙනෙකුගේ මුහුණට මුන්දරත්වයක් එකතු කරන්න පුළුවන්.

ඒ වගේම අපිළිවෙළ බව ඉවත් වී පිළිවෙළක් මුහුණට එක්වෙනවා. ඇහිබැම සෑම කෙනෙකුගේම මුහුණට එකම විදියට සකස් වෙන්නේ නැහැ.

පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් වෙන මුහුණේ හැඩය අනුව ඒ ඒ පුද්ගලයාට සකස් කල යුතු ඇහිබැම වල හැඩය වෙනස් වෙනවා.

ඔබට ඔබේ මුහුණට ගැලපෙන ඇහිබැම හැඩය ගැන අදහසක් ගන්න අවශ්‍ය නම් ඔබට අන්තර්ජාලයෙන් උදව් ගන්න පුළුවන්. 

එහෙම නැතුව ඔබ නිතර ඇහි බැමි හදන අයෙක් නම් ඔබේ සුපුරුදු ඇහි බැම විලාසිතාව ගැන ඔබට අදහසක් ඇති නේද?

සමාජ දුරස්ථභාවය ඇති කරමින් නිවෙස් තුල නිරෝධායනය වෙමින් සිටින ඔබට වෙනදා වගේ ඇහිබැම හදන්න රූපලාවන්‍යාගාරයකට යන්න බැහැ.

ඒ වගේම ඇහිබැම නිසි ලෙස සකස් නොකලොත් පෙනුම ගැන ඔබම වද වේවි නේද?

එහෙනම් නිවසේ ඉන්න ගමන් කාලයත් තියෙන නිසා අපිම අපේ ඇහිබැම සකස ගමුද? 

මෙන්න ඔබ ඒ සදහා අනුගමනය කල යුතු පියවර කිහිපයක්.

නිවසේ සිට ඇහි බැමි සකස් කර ගනිමු

1.ඇහි බැමි වැවෙන්න දෙන්න

නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?

 ඔබ මේ දවස්වල නිවෙස් තුල වී සිටින අතර තුර ඔබේ ඇහිබැම අපිලිවෙළ විදියට යලිත් වැවෙන්න පුළුවන්.

ඒත් ‌කොවිඩ් 19 ආසාදනය ‌හේතුවෙන් ‌ ඇදිරි නීතිය ක්‍රියාත්මක නිසා සැලුන් එකට යන්න විදියක් නැහැ.

නිවසේ රැදි සිටින මේ කාලය ඔබට ප්‍රයෝජනවත්ව ගත කරමින් ඔබේ ඇහිබැම ඔබටම තනියම සකස් කරගන්න පුළුවන්.

ඇහි බැමි ඉතා ‌කෙටි වු විට ඔබට සකස් කරන්න අසීරූ ‌වේවි.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ  ඇහිබැම වල වර්ධන චක්‍රය සති හතරක් හෝ අටක් වෙනවා.

අවශ්‍ය නම් ඒ සදහා මුලින්ම නිවසේ සකස් කල හැකි වර්ධන සේරම් එකක්  ආලේප කරන්න පුළුවන්. 

නමුත් ‌මෙය අත්‍යවශ්‍ය පියවරක් ‌නොවන බව මතක තබාගන්න.

වර්ධන සේරම් එක සදහා විටමින් E, ආර්මන්ඩ් ඔයිල් කොටස බැගින් ගෙන එයට එඩරු තෙල් කොටස් 2 ක් කලවම් කරගෙන පිරිසිදු කුප්පියක ගබඩා කරන්න.

ඉන්පසු එය පිරිසිදු මස්කාරා බුරුසුවක ආධාරයෙන් ඇහිබැම මත ආලේප කරන්න.

2.ඡායා රූපයක් ගන්න

ඔබට කැඩපතකින් බැලු පමණනින් ඔබේ ඇහිබැම ගැන නිවැරදි අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්.

ඒ නිසා ඔබේ ඇහිබැම වල සමීප ඡායාරූපයක් ගෙන එය සකස් විය යුතු ආකාරය සමීපව නිරීක්ෂණය කරන්න.

එහිදි ඔබට අදහසක් ගන්න පුළුවන්. 

අවශ්‍ය නම් ඒ ඡායා රූපය මත විවිධ ඇහි බැමි හැඩ අදිමින් ඔබට ගැලපෙන හැඩය ‌තෝරා ගන්න පුළුවන්.

3.උපකරණ සුදානම් කරගන්න

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඒ සදහා ඔබ පහත උපකරණ සුදානම් කරගන්න. ‌මේවා ඉතා පිරිසිදු තත්වයේ පවත්වා ගත යුතුයි.

  • ටුයිසර් එකක්
  • කතුරක්
  • අයි බ්‍රෝ පෙන්සිල් හා අයි බ්‍රෝ බ්‍රෂ් එකක් 
  • ක්ලෙන්සර් 
  • ටෝනර් හා පුළුන්
  • මොයිස්චරයිස ක්‍රීම්

4. පිරිසිදු කරන්න

නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?

මුලින්ම ඔබේ  ඇහි බැමි ඇතුලු ඔබේ මුහුණ ඔබේ සමට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් භාවිතා කර හොදින් පිරිසිදු කරන්න.

5. ඔබේ ඇහි බැමි වල ස්වාභාවික හැඩය හදුනාගන්න

අයි බ්‍රෝ බ්‍රෂ් එකකින් ඔබගේ ඇහි බැමි උඩු අතට පීරා ගනිමින් ඔබට ගැලපෙන ස්වභාවික හැඩය හදුනාගන්න.  

ඉන් පසු අයි බ්‍රෝ පෙන්සිල් එකක් ආධාරයෙන් ඔබට අවශ්‍ය ඇහි බැමි හැඩය සලකුණු කරගන්න.

එය ඔබට ඇහි බැමි නිවැරදිව ඉවත් කරන්න පහසු කරාවි.

7.ඇහි බැම ගැලවීම හා කෙටි කිරීම

ටුයිසරයක් ආධාරයෙන් ඇහිබැමි අතර ඇති අනවශ්‍ය රෝම යටින් ඉවත් කරන්න පටන් ගන්න.

නුලක ආධාරයෙන් මැදඟිල්ල සහ දබරඇඟිල්ල උපයෝගී කරගෙන ඇස වටා ඇති සම ඇද රෝම ඉවත් කරගැනීමද පුළුවන්.

නමුත් ඔබට ඒ සදහා පළපුරුද්දක් නැතිනම් ටුවිසරය භාවිතා කිරීම ආරක්ෂාකාරි වෙනවා.

ඇහි බැමිට ඉහලින් ඇති අනවශ්‍ය රෝමද ටුවිසරය භාවිතා කර ඉවත් කරගන්න. 

ටුවිසරයද ඔබ ප්‍රවේශමෙන් ඔබේ ඇසට හා සමට අනතුරක් ‌නොවන පරිදි භාවිතා කරන්න.

8. ඇහි බැමි ඉවත් කල ප්‍රදේශය ටෝනර් කරන්න

ටෝනර් එකක් පුළුන් කැබැල්ලකට ගෙන ඔබ විසින් රෝම ඉවත් කල  ප්‍රදේශයේ ආලේප කරන්න.

ස්වාභාවික ටෝනර් එකක් විදියට ඔබට කෝමාරිකා මදය සුරා ආලේප කරන්න පුළුවන්.

ටෝනර් ඇස් මත ආලේප කිරීමෙන් වළකින්න.

9.අඩුපාඩු සකස් කරන්න

නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?

දැන් ඇහිබැම පරීක්ෂා කරන්න.

එහි  අඩුපාඩු ඇත්නම් ඔබේ ඇහි බැමවල වර්ණයෙන් යුත්  අයිබ්‍රෝ පැන්සලකින් අඩුපාඩු සකසන්න.

තවද ඉවත් කල නොයුතු නමුත් කෙටි කල යුතු  ඇහිබැම ඇතිදැයි පරීක්ෂා කිරීමට ඇහි බැම උඩට පීරන්න. 

එවිට ‌කෙටි කල යුතු ‌රෝම ඔබට පහසුවෙන් දැක ගන්න පුළුවන්.

ඉන්පසු කතුරක් ගෙන ප්‍රවේශමෙන් ඔබ සලකුණු කර ඇති ප්‍රමාණය ඉක්මවා යන දිගු ‌රෝම ‌කෙටි කරන්න.

ඇහිබැම මත හිස්තැන් ඇතිනම් එය ඔබේ ඇහි බැමට ගැලපෙන පාට පැන්සලක් ගෙන අදිමින් අඩුපාඩු පුරවන්න.

ඒ වගේම ඇහිබැම ගැලවීම නිසා රතු පැහැ වී ඇති නැතිනම් ඔබට ‌වේදනාවක් ඇති කරන සම මත ඔබට ගැලපෙන මොයිස්චර්යිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න.

ඇහි බැම සැකසීමේදී මතක තබා ගත යුතු කාරණා කිහිපයක්

ඇහි බැම ඔබ විසින් තනියම සකස් කර ගැනීමේදි සිදුවිය හැකි අහිතකර විපාක වළක්වා ගැනීමට ඔබට කරන්න පුළුවන් ‌දේවල් කිහිපයක් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි.

  • ඇහිබැම සකස් කිරීමට පෙර නෑමෙන් එම කාර්යය කිරීමට වඩාත් පහසු කරනවා.
  • මේ කාර්යයට අවතීරණ වීමට පෙර ඔබේ දෑත් සබන් දා සෝදන්න.
  • ඒ සඳහා අවශ්‍ය උපකරණ පිරිසිදුව කරගන්න.
  • ඔබේ සමට ගැලපෙන ටෝනර් හා මොයිස්චර්යිසර් එකක් තොරා ගන්න.
  • ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් බය අමතක ‌නොකරන්න.

දැන් ඉතින් සැලුන් යන්න වුනේ නැහැ කියලා දුකින් ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ඇහිබැම ඔබටම පහසුවෙන් ලස්සනට හදා ගන්න පුළුවන්.

අවශ්‍ය වන්නේ ඉවසීමෙන් කටයුතු කිරීම පමණයි.

කොවිඩ් 19 නැති දවසක අපි සමාජයට ගිහින් සම්බන්ධතා යලි අලුත් කරගන්නකම් ‌ගෙදර ඉදන් ලස්සනට ඉන්න.

එතකම් ‌ගෙදර සැලුන් එකේ ඉදන් ඔබට තනියම ඇහිබැම සකස් කරගන්න ‌මේ ලිපිය අත්වැලක් ‌වේවි කියලා අපි හිතනවා.

ඔබටත් ‌මේ සම්බණ්ධයෙන් අදහස් ‌හෝ ගැටළු ඇතිනම් අපි හා ‌බෙදාගන්න.

මුලාශ්‍ර - www.wellandgood.com

rejiniya.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • නිවසට වී ඉන්න ගමන් ඇහි බැමි හැඩ කර ගනිමුද?
බෙදාගන්න :
  • ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

    ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන

  • සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

    සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

  • ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook  සටහන

    ළදරුවෙකුගේ දිවි ගැලවු පුංචි Facebook සටහන

  • සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

    සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it