theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

4 අවම කියවීම
සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

ඩිම්බ කෝෂ පිළිකා කියන්නේ නිහඬ මාරයෙක්. මෙන්න මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න. අවශ්‍ය වෙනවා ඔබේ ජීවිතය සුරකින්නට.

ඩිම්බ කෝෂ පිළිකා කියලා කියන්නෙ නිහඬ මාරයෙක් කියලා කිව්වොත් නිවැරදියි. නමුත්, කලින් හඳුනා ගන්නට විවිධ ලක්ෂණ තියෙනවා. අපි අද ඔබට ගෙන එන්නේ ඩිම්බ කෝෂ පිළිකාවක් කලින්ම හඳුනා ගන්නට පුලුවන් රෝග ලක්ෂණ 9ක්.

ඩිම්බ කෝෂ පිළිකා මාරන්තිකයි.

ඇමරිකානු පිළිකා සමාජයට අනුව තමයි මේ වර්තාව. හැම අවුරුද්දකම කාන්තාවන් 20,000කට වැඩියෙන් ඩිම්බ කෝෂ පිළිකා වලින් පෙළෙන බවට හොයා ගන්නවා.

ඩිම්බ කෝෂ පිළිකා

කෙටියෙන්ම කියනවා නම්, ඩිම්බ කෝෂ පිළිකාවන් මාරන්තිකයි. 2018 වසරේදී පෙන්සිල්වේනියාවේ කාන්තාවන් 22,000කට ඩිම්බ කෝෂ පිළිකා තිබෙන බවට සොයා ගෙන තියෙනවා. එයින් 14,000ක්ම මිය ගොස් තිබෙනවා.

ඩිම්බ කෝෂ පිළිකාවක් පරක්කු වෙලා තමයි ගොඩාක් දෙනෙක් හඳුනා ගන්නේ.. මොකද, කැපී පෙනෙන තරම් ලක්ෂණ හොයා ගන්නට අපහසුයි. වෛද්‍යවරයෙකුට උනත් එක පාරටම රෝගය විනිශ්චය කරන්නට අමාරු වෙනවා.

පිළිකාව පැතිරිලා බොහෝ කල් ගිහින්ද?

ගොඩාක් පර්‍යේෂණ වලින් පෙන්වා දෙන්නේ ඩිම්බ කෝෂ පිළිකාවකින් පෙළෙන කාන්තාවක් වෛද්‍යවරයෙක් ළඟට යන විටත්. මාස 8ක් 9ක් තිස්සේ ඔවුන් එම රෝගය සමඟ ජීවත් වෙලා... නමුත්, දැනුවත් වෙලා නෑ. දැනෙන රෝග ලක්ෂණ අනුව කෙනෙක්ට දැනෙන්නට පුලුවන් මේක මේ වෙන අසනීපයක් කියලා.

සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

නිහඬ මාරයා

මෙන්න මේ හේතුව නිසයි ඩිම්බ කෝෂ පිළිකාවන් වලට නිහඬ මාරයෙක් කියලා කියන්නේ. මෙම පිළිකාව ඇති බවට ලෙහෙසියෙන් සුව කළ හැකි. මුල් අවධියේ හොයා ගන්න පුලුවන් වෙන්නේ කාන්තාවන්ගෙන් 15% කට විතරයි.

මේ ගැන මහාචාර්ය ශැනොන් කියන දේ?

ඩිම්බ කෝෂ පිළිකාවක් ඇති බවට ලක්ෂණ ගණනාවක්ම තියෙනවා. හැබැයි, ඒවා ගොඩක් දෙනෙක් ලේසියෙන්ම නොසලකා හරිනවා.

ටෙක්සාස් විශ්වවිද්‍යාලයීය ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ් මහාචාර්යවරයෙක් තමයි ශැනොන් වෙස්ටින්. ඔහු පවසන්නේ අපි අපේ ශරීරය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි කියලයි. අපේ ශරීරයට අපි ඇහුම්කන් දෙන්නට ඕනි.

මහාචාර්‍ය ශැනොන් කියනවා එතකොට අපිට පුලුවන් කියලා. මොකක් හරි දෝෂ සහගත තත්වයක් නම්. එය ශරීරය පුරාම පැතිරෙන්නට කලින්ම හඳුනා ගන්නට.

අපි දැන් බලමුකෝ මොනවාද ඩිම්බ කෝෂ පිළිකාවල තියෙන ලක්ෂණ කියලා.

ඩිම්බ කෝෂ පිළිකාවල ලක්ෂණ

ඩිම්බ කෝෂ පිළිකා

ඩිම්බ කෝෂ පිහිටා තිබෙන්නේ මුත්‍රාශය හා බඩවැල් අසල ඇති ශ්‍රෝණිය තුළ කියලා වෛද්‍ය ඩ්‍රැප්කින් පැහැදිලි කරනවා.

එබැවින්.., පිළිකා වර්ධනය වන විට, සාමාන්‍යයෙන් මතුවන රෝග ලක්ෂණ තියෙනවා. ඒවා තමයි එම අවයව මත පටක තද කිරීම හා සම්බන්ධ ආමාශ ආශ්‍රිත ගැටළුයි.

මේ පිළිකාවන් ඇතිවීමේ වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ:

  1. ඉදිමීම
  2. උදර පිටුපස හෝ ශ්‍රෝණි වේදනාව
  3. ඔබේ උදරයේ හෝ ශ්‍රෝණිය තුළ ඉදිමීම
  4. ඔබේ ආහාර ගන්න පටන් ගත්ත ගමන්ම උනත් අසාමාන්‍ය ලෙස කුස පිරී ඇති බවක් දැනේ

ඩිම්බ කෝෂ පිළිකා

    1. අජීර්ණය
    2. පාචනය
    3. මලබද්ධය
    4. නිතර මුත්‍රා කිරීමට ඔබට යා යුතු යැයි හැඟීම
    5. ශක්තිය හෝ ආහාර රුචිය නැති වීම

ආර්තවහරණයට ලක් වූ කාන්තාවන්ට ඩිම්බ කෝෂ පිළිකාවන්ගේ අවධානම වැඩියි.

වෛද්‍ය වෙස්ටින් මෙසේත්  පවසනවා.  ඩිම්බ් කෝෂ පිළිකාවන්ගෙන් පෙලෙන කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ විවිධ වෙනස් කම් සිදු වෙනවා කියලා.

ඒ කියන්නේ, අධික රුධිර වහනයක් වගේම අක්‍රමවත් රුධිර වහනයක් වෙන්න පුලුවන්. හැබැයි තරුණ කාන්තාවන් නම් බොහෝ දෙනෙක් මේ අත්දැකීම විඳිනවා. ඒක පිළිකාවක් නොවීමට ඉඩ වැඩියි.

වයසත් බලපානවාද?

ඇයිද කියනවා නම්, ඩිම්බ කෝෂ පිළිකාවකට වයස කියන සාධකයත් ප්‍රධාන වශයෙන්ම බලපානවා. වයස යන්න යන්න අවධානම වැඩි වෙනවා. මෙම පිළිකා විශේෂයෙන් පිඩා විඳින්නේ බොහෝ විට ආර්තවහරණයට ලක් වූ කාන්තාවන්.

අධික රුධිර වහනය සහ අක්‍රමවත් රුධිර වහනය

විවිධ වර්ගයේ ඩිම්බ කෝෂ පිළිකාවන් තිබෙනවා. කොයි වර්ගය උනත් රුධිර වහනයක් නම් සිදු වෙනවා. ඒ වගේ අක්‍රමවත්, අධික රුධිරවහනයක් තියෙනවා නම්. නොපමාව වෛද්‍ය උපදෙස් ගන්නට ඕනි.

තරුණ කාන්තාවක් උනත් සැකයක් ඔබට තිබේද? එහෙනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්නට ඕනි.

මාසයකට 12 වතාවක් හෝ ඊට වැඩියෙන් මෙම ලක්ෂණ ඔබට ඇති බව දැනුනාද?

කලින් කියපු ලක්ෂණ ඔබට මාසයකට 12 වතාවක්. හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ගන්නට ඕනි.

විශේෂයෙන්ම ඔබේ පවුලේ ඉතිහාසයේ ඩිම්බ කෝෂ පිළිකාවන් ඇති අයෙක් හිටියොත්? එහෙනම් ඉතා ඉක්මණින් පරීක්ෂාවක් කර ගන්නට ඕනි.

පිළිකාව ගොඩාක් පැතිරිලා නම් මේ ලක්ෂණ දැනෙනවා.

කලින් ලක්ෂණත් සමඟ මේ ලක්ෂණත් තියෙනවා නම් කල්පනාකාරී වෙන්න. මේ ලක්ෂණ නම් පහසුවෙන් දැන ගන්න පුලුවන් වේවි. ඔබට කලින් ඇඳපු ඇඳුම් සේරම මදි. මහත් වෙලා වගේ.

ඒකට හරි වචනය මහත් වීමම නෙමෙයි. ඉදිමිලා වගේ. ඒ වගේම කෑම කන්නම බෑ.

බඩ පිරිලා වගේ දැනෙනවා කෑම එක කන්නත් කලින්ම. මේ ලක්ෂණ තියෙනවා නම් මොකද කරනේ? එහෙනම් නම් බල බල ඉන්නට කාලයක් නෑ. වෛද්‍ය උපදෙස් නම් හැකි ඉක්මණින් ගන්නට ඕනි.

සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මාස ගණනක් තිස්සේම ඩිම්බ කෝෂ පිළිකාව පැවතුනා උනත් ඔබේ වෛද්‍යවරයා නිසි පිළිවෙලට ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දේවි.

මේ ලක්ෂණ තිබුනා උනත් ඒක ඩිම්බ කෝෂ පිළිකාවක් නොවන්නටත් ඉඩ තියෙනවා. වෙනමම් රෝගී තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා වෛද්‍යවරයාට සවන් දිය යුතුයි.

ඩිම්බ කෝෂ පිළිකාව සඳහා ප්‍රතිකාර කිරීම

රෝගය සොයා ගැනීමත් තරමක් අසීරු නිසා මුලින්ම සොයා බලාවි මේ දේවල්.

ඔබේ ශරීරයට එදිනෙදා දැනෙන රෝග ලක්ෂණ එහෙම. ඒ කියන්නේ බඩේ අමාරු, අජීර්ණ තත්වයන්. ඒ වගේම ආහාර ආසාත්මික වීම් වගේ දේවල් ගැන වෛද්‍යවරයා සොයා බලාවි.

ඒවාට දෙන ප්‍රතිකාර වලින් ඔබට සුවයක් නොලැබෙනවා නම් ඔබට අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක්, රුධිර පරීක්ෂාවන් කරන්නට නියම කරාවි.

ඒ නිසා ඔබ ඔබේ ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්න. මොකද, මොකක්ම හරි වෙනසක් දැනුනොත් බල බල ඉන්නට එපා. ජීවිතය රැක ගන්නට පුලුවන් ඔබගේ ඉක්මන් වීම වැඩි වෙන තරමටම.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

මූලාශ්‍ර:- www.prevention.com/health/g20492385/signs-of-ovarian-cancer/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්
බෙදාගන්න :
  • The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

    The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

  • මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

    මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර

  • The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

    The Most Common Of All Symptoms Of Ovarian Cancer In Females

  • මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

    මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it