ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

දරු ප්‍රසුතිය සදහා හොද සුදානමක් ඔබට එය පහසු කරනවා. මෙන්න ඒ සදහා ඉගි 9ක්

කාන්තාවක් මේ ලෝකයේ විදින දරුණුතම ශාරිරක වේදනාවට යම් සහනයක් දෙන අදහසින් දරු ප්‍රසූතිය පහසු කිරීම ගැන අපි අද කතා කරන්න හිතුවා.

ඉතින්, යෝනී මාර්ගයෙන් කරන දරු උපත ගැන එයට මුහුණ දුන්න අම්මා කෙනෙක්ට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම සාමාන්‍ය දරු උපතකට මුහුණ දෙන්න බලා ගෙන ඉන්න දහස් ගණන් අම්මලා මේ වේදනාත්මකයි කියන අත්දැකීමට අවම වේදනාවකින් යුතුව ඉක්මනින් මුහුණ දෙන්න කැමතියි.

සමහර අම්මලාට ඉක්මනින්ම දරු ප්‍රසුතිය සිදුවෙනවා. ඔවුන් සැබවින්ම වාසනාවන්තයි.

නමුත් අළුත් අම්මා කෙනෙක්ට නම් එය එලොව පොල් පෙනෙන තරම් වේදනාකාරි අත්දැකීමක් වෙන්න පුළුවන්.

දීගු ප්‍රසුතිය හා එහි වේදනාව ගැන කතන්දර දහසක් කිව්වත් එය ඔබේ ප්‍රසුති වේදනාව අඩු කරන්නේ නම් නැහැ.

අන්න ඒ නිසාම අපි ඔබට ප්‍රසුතිය පහසු කරගන්න ක්‍රම 9 ක්ම කියා දෙන්න සුදානම්.

දරු ප්‍රසූතිය පහසු කිරීම : ඉක්මන් ප්‍රසුතිය ගැන කතාවක්

ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

 මේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවෙන්  සිදුවීමක් ගැනයි

සාමාන්‍ය දරු ප්‍රසූතිය සඳහා ගත වු අවම කාලය මෙය වෙන්නත් පුළුවන්.

 මේ අම්මාගේ පළමු තල්ලුවෙන්ම බබා තත්පර විස්සක් වගේ කාලයක් ඇතුලත අපූරුවට ඉපදෙනවා.

 මොනිකා ඩයස් නැමති මේ මව  වැනල් වෙතසිය අදහස් දැක්වුවා. ඇයගේ පෙර දරු උපත් දෙක හා සසදන විට මෙම දරු උපත ඉතාම ඉක්මනින් සිදු වුනාලු.

පුදුම හිතෙන අනෙක් කරුණ තමයි ඇයට මෙම ප්‍රසුතියේදි එක පැලුමක්වත් සිදුවෙලා නැහැ. ඒ වගේම එක මැහුමක් වත් දාන්න සිදුවෙලත් නැහැ.

දරු ප්‍රසූතිය පහසු කිරීම සදහා රහස් ඉගි 9 ක්

මව්වරුනි ඔබත් මේ මොනිකා කියන අම්මා වගේ ඉක්මන් ප්‍රසුතියක් අත් විදින්න කැමතිද? එහෙනම් ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් මේ රහස් උපදෙස් 9 පිළිපදින්න.

  1. නිරෝගීව හා යෝග්‍යතාවයෙන් යුක්තව ඉන්න 

සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විදයාලයේ සහතිකලත් වින්නඹු මාතාව සහ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් වෙන ටෙකෝවා කිං මේ වගේ කථාවක් කියනවා.

නිරෝගීව හා යෝග්‍යතාවයෙන් යුක්තව ඉන්න ගර්භනී කාන්තාවන්ට අඩු වේලාවක් ගන්නා දරු ප්‍රසූතියක් සිදු වෙනවාලු.

"යෝග්‍යතාවය විඳදරාගැනීම වැඩි කරනවා. ඔබේ සිරුර විලි රුදාව ඉවසා දරා ගැනීමේ හැකියාවෙන් යුක්ත නම් , ඔබට වෛද්‍යමය මැදිහත් වීමකින් තොරව ප්‍රසුතිය සිදුකරන්න පුළුවන් " ටෙකෝවා පවසනවා.

නිතිපතා ඇවිදීම, පිහිනීම හෝ ගර්භණී ව්‍යායාම කිරීම වැනි දේවල් කරන්න.

නමුත් මේ දේවල් කරන්න ඔබේ වින්නඹු මාතාව හෝ ප්‍රසව හා නාරිවේද විශේෂ වෛද්‍යවරයා හමුවෙන්න.

  1. උපත් පිලිබද දැනුම ලබාගන්න

ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

දරු උපත සදහා  හුරුවීම හා  ඔබේ කාංසාව අඩු කර ගැනීමට මෙය  උපකාරී වෙනවා. 

ශ්‍රී ලංකාවේ නම් මෙය මාතෘ සායන ලෙස මාසිකවත් සැසි ලෙස මාස තුනකට වරක් පවත්වනු ලබනවා.

එහිදි ඔබට දරු උපත සදහා අවශ්‍ය සියලු දැනුම ලබා දෙනවා. 

  1. උපතින් පසු ඔබට සහය වන්නේ කවුද යන්න  සොයා බලන්න

ඔබට දරුවාගේ කටයුතු කරගැනීමට හැකිවෙන තෙක් අනිවාර්යයෙන්ම ඔබේ සැමියා ඔබේ දරුවා රැකබලා ගන්න ඔබේ ලගින්ම සිටිවි.

නමුත් සමහර විට ඔබට අමතර උපකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

පෙරිනටාල් එඩියුකේෂන් ජර්නලය මගින් කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵල වලට අනුව, දරු ප්‍රසූතිය තෙක් ගර්භනී කාන්තාවන් සමඟ සිටීමට පුහුණුව ලත් වෘත්තිකයෙකු සිටි නම් එම කාන්තාවන්ට සිසේරියන් සැත්කමක් හා එපිඩියුරල් අවශ්‍ය වීමට ඇති ඉඩකඩ වෙනවා.

ගර්භනී කාන්තාවන් සමඟ සිටීමට  පුහුණුව ලත් වෘත්තිකයෙකු සමඟ සිටින ගර්භනී කාන්තාවන්ට එලෙස නැති කාන්තාවන්ට වඩා අඩු ප්‍රසුති කාලයක් අත්විදින්න ලැබෙනවා.

නමුත් එලෙස එවන් කෙනෙකු අවශ්‍යම නැහැ.

විශ්වාසදායක ප්‍රසව හා නාරිවේද විශේෂඥ  වෛද්‍යවරයකු හා  හොඳ රෝහලක්  මෙන්ම ඔබට සහ ඔබේ සැමියාට දරු උපතින් පසු දරුවා රැකබලා ගැනීමට උපකාර කළ හැකි අයෙකු සොයා ගැනීම වැදගත් වෙනවා.

  1. දරු ප්‍රසූතිය පහසු කිරීම සදහා ඔබේ අවධානය වෙනත් දෙයකට යොමු කරන්න

පළමු වරට දරු ප්‍රසූතිය සිදුකරන මවුවරුන්ට, සම්පූර්ණ දරු ප්‍රසූතියට පැය 12-14 ක් පමණ ගත වෙනවා. ටිකක් දිග කාලයක් නේද?

  ඒත් සංකෝචන ආරම්භ වූ විට, සන්සුන්ව සිටීමට උත්සාහ කරන්න.

ඔබ කණගාටුවට පත්ව සිටී නම්, සංකෝචන ගණනය කිරීමට උත්සාහ කරන්න.

ඔබට වේදනාව දැනෙන සෑම අවස්ථාවකම ගැඹුරු හුස්මක් ගන්න. ඇවිදින්න. ස්නානය කරන්න.

නැතිනම් කුමක් හෝ ඔබ කැමති ක්‍රියාකාරකමක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.

සංසුන් වීමට ඔබ කුමක් කළත් ප්‍රසුතිය ඉක්මනින් සිදුවෙනවා..

  1. සැහැල්ලු කෑමක් තෝරන්න

ප්‍රසුතිය පහසුවෙන් හා ඉක්මනින් කර ගන්න රහස් ඉඟි 9ක්

දරු ප්‍රසූතියේ මුල් අවධියේදී සැහැල්ලු සුලු ආහාර ගැනීම තුලින් ඔබට දරු ප්‍රසූතිය සඳහා ප්‍රමාණවත් ශක්තියක් ලැබෙනවා.

ජීර්ණය කිරීමට අපහසු මේද ආහාර හා අනෙකුත්  ආහාර වලින් වළකින්න. ඒ ඔබේ පිරුණු කුස සංකෝචන සිදු කිරීමට උත්සන්න වන විට වමනය හෝ ඹළපහ පිට කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියේදී මාංශ පේශි හැකිලීම සහ වේගයෙන් හුස්ම ගැනීම නිසා ඔබේ සිරුරෙන්  විශාල දියර  ප්‍රමාණයක් වැය වෙනවා.

ඒනිසා ප්‍රසුතියට පෙර ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීම ප්‍රසුතිය වේගවත් කරගන්න පුළුවන්.

  1. උණුසුම් ජලය  ස්නානය කරන්න

සංකෝචනයන් ඇති වන විට වේදනාව ඔබේ ශරීරය ඇති  පුරා මාංශ පේශි පීඩනයට හා තද කිරීමට හේතු වන අතර එය අවසානයේදී ඉතා අපහසුතාවයක් ඇති කරයි.

හාවඩ් වැන්ගාඩ් වෛද්‍ය සහායක ප්‍රසව හා නාරිවේද විශේෂ වෛද්‍ය මාසි රිචඩ්සන් පවසන්නේ උණුසුම් ජලය  ස්නානයකින් මෙම අපහසුතාව අවම කර ගත හැකි බවයි.

ඔබට සම්බාහනය කරන බවක් දැනීමට, ෂවර් හෙඩ් එක ඔබේ පිටුපසට හා ඉණ දෙසට යොමු කරන්න.

  1. ඔබව සම්බාහනය කරන ලෙස ඔබේ සැමියාගෙන් ඉල්ලා සිටින්න

දරු ප්‍රසූතියට පෙර සම්බාහනය කළ ගර්භනී කාන්තාවන් සම්බාහනය නොකළ අයට සාපේක්ෂව දරු ප්‍රසූතියේදී අඩු වේදනාවක් හා කාංසාවක් අත්විඳින බව නාරිවේදය හා ප්‍රසව විද්‍යාව පිළිබඳ ජර්නල් විශේෂ සමාලෝචන යටතේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක  සොයා ගෙන තිබෙනවා.

ආරම්භක සංකෝචන ඇතිවෙන විට (උරහිස හෝ බෙල්ල වැනි) සම්බාහනය කළ යුතු කොටස් මොනවාදැයි ඔබේ සැමියාට දන්වන්න.

ඉන්පසුව, දැඩි සංකෝචන අතරතුර පහළ කොන්ද දෙසට දැඩි පීඩනයක් යොදන්න.

ඔබට සම්බාහනය කිරීමට අවශ්‍ය නැති නම් එයත් ඔබේ සැමියාට පැවසීමට අමතක නොකරන්න.

  1. වැතිරෙන්න එපා

සංකෝචන දැනෙන්නට පටන් ගත් විට කෙළින් සිටීමෙන් පසුව ප්‍රසතියට ගුරුත්වාකර්ෂණය ප්‍රයෝජන ලැබෙනවා.

එයට හේතුව ඔබේ දරුවාගේ හිස ගැබ්ගෙලට එබී එය  මඳක් විවර වීමයි.

සිටගෙන සිටීම, දණගසා ගෙන සිටීම  හෝ ස්කොටිං කිරීම වැනි විවිධ ඉරියව් අත්හදා බලන්න.

එම ඉරියව් වේදනාව අඩු කර ප්‍රසුතිය වේගවත් කිරීමට උපකාරී වෙනවා.

  1. සාමාන්‍යයෙන් හුස්ම ගන්න

සාමාන්‍යයෙන් හුස්ම ගැනීම ඔබ සංකෝචනය සිදු වෙන විට පමණක් නොව ප්‍රසුතියට පෙර  සංසුන් වීමේ ක්‍රමයක් ලෙසද යොදාගන්න මතකයේ තබා ගන්න. 

නිදසුනක් වශයෙන්, ගැඹුරු හුස්මක් ගැනීමෙන්, ඔබේ ප්‍රියතම ස්ථානය මවා ගැනීමෙන් හෝ සංගීතයට සවන් දීමෙන් ඔබටමෙය ආරම්භ කරන්න පුළුවන්.

මව්වරුනි ඔබට, පහසුවෙන් දරු ප්‍රසූතිය සිදු කිරීම  පිළිබඳ මෙම ලිපිය වැදගත් වේවියැයි අපි සිතනවා.

ඔබේ අදහස් අපි හා බෙදා ගන්නත් අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය – නදීශා ලක්මිණි

මුල් රචනය: Africa parent

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි