theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

5 අවම කියවීම
කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්

කට වටේ සම ලස්සනට තියාගන්න පුංචි මග ‌පෙන්වීමක්.

කට වටේ කළුවීම නැතිකර ගන්න නම් අපි ඒ ගැනත් ‌ගොඩාක් සැලකිලිමත් ‌වෙන්න අවශ්‍ය ‌වෙනවා.

කට වටේ සම ගැන ගොඩාක් අය දක්වන්නේ දැඩි නොසැලකිල්ලක්. ඒ හින්දාම කට වටේ සම අවපැහැ ගැන්වෙන්නේ අපිත් නොදැනීමයි.

ලස්සනට ඉන්න කොයිතරම් දේවල් කලත් මේ වගේ පුංචි තැනකින් මතුවෙන අවලස්සනක් ඔබේ මුහුණේ පෙනුම සම්පුර්ණ‌යෙන්ම මකා දමන්න පුළුවන්.

අපි අද ඒ ගැන ටිකක් අවධානය යොමු කරමු. මෙසේ වීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් මේ සදහා කල හැකි ප්‍රතිකාර කර ඔබේ පෙනුම වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. එහනෙම් ඔබේ කට වටේ සම ලස්සනට පැහැපත්ව තියාගන්න ‌මෙන්න අපෙන් පුංචි මග ‌පෙන්වීමක්

1

කට වටේ කළුවීම සදහා හේතු

  • අධික මෙලනින්  නිසා මෙම තත්වය ඇති වෙන අතර ඒ දහා පහත කරුණු බලපානු ලබයි.
  • හිරු එලියට පිලිස්සීම
  • මෙලස්මා (ක්ලෝස්මා)
  • හයිපර්-වර්ණකය ( පිලිස්සුම්, කුරුලෑ හෝ වෙනත් සමේ උරාගැනීමෙන් පසු ඔබට අඳුරු පැල්ලම්)

 ඔබේ කට වටා සම තුනී නිසා  දුර්වර්ණ වීම, වියළි සම සහ කට වටේ රැළි ඇති වීම සිදුවෙන්න පුළුවන්. 

ඔබට මෙසේ කට වටා කළුවීම රෝගයක් යැයි සැක සිතේ නම් සම සම්බක්ධ වෛද්‍යවරයකු හමුවන්න.

සමේ සිදුවන වෙනස්කම් සමේ පිළිකා සහ වෙනත් බරපතල තත්ව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ වීටත් හැකියාව තියෙනවා.

කට වටේ කළුවීම සදහා සත්කාර  ක්‍රම

මෙහිදි සම අවපැහැවීම හේතුවෙන සම ඉවත් කිරීමට හෝ එයට සත්කාර කිරීමට පහත ආකාර යොදා ගන්න පුළුවන්.

  • සම පිරිසිදු කිරීම
  • ස්ක්‍රබ් කිරීම
  • මොයිසර්යිසර් භාවිතය
  • සම පැහැපත් කරන ආලේපන භාවිතය

 මීට අමතරව ලේසර් ප්‍රතිකාර හෝ විවිධ ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව ලබාගන්න පුළුවන්.

 තව ඔබ සූර්යය කිරණට නිරාවරණය වෙන්න එපා. හිරු එළියට යන විට ඒ සදහා වු සම ආරක්ෂා කරන ආලේපන භාවිතා කරන්න

ස්වාභාවික සත්කාර 

2

හොදින් ජලය පානය කිරීම, පෝෂණිය ආහාර ගැනීම,  ව්‍යායාම කිරීම, හොදින් නිදා ගැනීම හා නින්දට කලින් මේකප් ඉවත් කිරීම සම අවපැහැ ගැන්වීම වැළැක්වීම සදහා අනුගමනය කල යුතු පිළිවෙත් වෙනවා.

ඊට අමතරව පහත ස්වාභාවික සත්කාර ඔබට කරන්න පුළුවන්

1. මීපැණි 

මීපැණි මේස හැදී, නිවුණු තේ කහට වතුර කෝප්ප 1, හාල් පිටි මේස හැදී 2ක් මිශ්‍රකර කුඩු කර ගන්න. ඉන්පසු මිශ්‍රණය අවපැහැ ගැන් වුන තැන් වල නැතිනම් මුහුණේ ආලේප කරන්න.

වේලුන පසු මද උණුසුම් ජලයෙන් සෝදා ඉන්පසු  තෙන මාත්තු කරගන්න. මැරුණ සම ඉවත් ‌වෙන නිසා ඔබේ සමේ කළු පැහැ තැන් පැහැපත් කරමින් සම දීප්තිමත් කරයි.

2. දෙහි යුෂ

  • ඔබේ මුහුණ මද උණු වතුරෙන් සෝදන්න. ඉන්පසු දෙහි ගෙඩියෙන් ¼ ක යුෂ වලට  යෝගට් හෝ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර සම අදුරු වු තැන් වල ආලේප කරන්න.. එය වේළුනු පසු මද උණු වතුරෙන් සෝදන්න.
  • දෙහි යුෂ සහ සීනි හැදි 2 ක් මිශ්‍ර කර අවපැහැ ගැන්වුන සම ස්ක්‍රබ් කරන්න.
  • දෙහි  ගෙඩියක් යුෂ සමේ ආලේප කර . මිනිත්තු 10 කට පසු සෝදන්න.
  • හොදින් ඉදුණු තක්කාලි ගෙඩියක් පොඩි කර එයට දෙහි බෑයක යුෂ එක්කරන්න . ම්‍රිණය මුහුණේ ගල්වා මිනිත්තු 20 කට පසු සිතල වතුරින් සෝදන්න.

දෙහි සත්කාර වලින් පසු  හිරු එළියට නිරාවරණය නොවන්න. රාත්‍රියේ මෙම සත්කාර කිරීම සුදුසුයි.

මෙම සත්කාරයට අවපැහැ වු තැන් වල පමණක් නොව මුළු මුහුණට කිරීමෙන් ඔබේ මුහුණ පැහැපත් කරගන්න පුළුවන්.

3. කට වටේ කළුවීම සදහා කෝමාරිකා

කෝමාරිකා යුෂ අඳුරු පැහැ වු තැන් වල ආලේප කරන්න. විනාඩි 20 කට පසු මද උණුසුම් වතුරින් අවසානයේ සෝදා හරින්න.

මෙය ඔබේ සම තෙත් කරයී. ඒ වගේම මෙම සත්කාරයට සම අවපැහැ වු තැන්  පැහැපත් කරන්න පුළුවන්.

4. කට වටේ කළුවීම සදහා දොඩම් සහ මුදවාපු කිරි 

දොඩම් ලෙලි කුඩු මේස හැදී 2ක් හා නැවුම් මුදවාපු කිරි මේස හැදී 3 ක් හොදින් මිශ්‍ර කර ගන්න.

ඉන්පසු එය  මුහුණේ අලේප කර විනාඩි 10-15 කට පසු සිතල වතුරින් සෝදා හැර තෙතමාත්තු කරගන්න.

‌මෙය ආලේප කල පසුත් එකවරම හිරුඑළිය නිරාවරණය වන්න එපා. ‌මෙය අවපැහැ වු සමට කදිමයි.

5. පිපිඤ්ඤා

පිපිඤ්ඤා සහ දෙහි යුෂ මිශ්‍ර කරන්න.  මෙම මිශ්‍රණය ඔබේ මුඛය වටා ආලේප කර විනාඩි 20 කට පසු උණුසුම් ජලයෙන් සෝදන්න. සමේ අවපැහැය ඉවත් කිරීමට ‌මෙම සත්කාරයට පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

6. කට වටේ කළුවීම සදහා අල

හොදින් සෝදා පිරිසිදු කර ගත් අල පෙති 2 ක සිහින් පෙති 2ක කපා එය මුහුණේ සියුම් ලෙස අතුල්ලන්න. විනාඩි 15කට පසු ජලයෙන් සෝදන්න. සම පැහැපත් කරන ආලේපනයකි.

7. කට වටේ කළුවීම සදහා කිරි සහ ආමන්ඩ් ආලේපය

ආමන්ඩ් ගෙඩි 5ක් ගෙන රැයක් පොගවා ගන්න. උදේ එම ආමන්ඩ් ටික කුඩුකර අඹරා එයට වතුර ටිකක් එකතුකරන්න.

එයට කිරි මේස හැදී 3-4ක් එකතු කර හොදින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කත පසු සෝදන්න. සමේ අදුරු බව ඉවත් කරන්න ‌මෙම ආලේපනයට පුළුවන්.

8.කඩල පිටි සහ කහ 

කඩල පිටි මේස හැදි 2 කට කහ කුඩු තේ හැන්දක 1/2 ක් සහ යෝගට් කෝප්ප භාගයක් භාවිතා එකතු කරන්න.  මෙම මිශ්‍රණය සමේ අඳුරු ප්‍රදේශවල ආලේප කරන්න. මිනිත්තු 30 කට පසු මද උණුසුම් ජලයෙන් සෝදන්න. සම පැහැපත් කිරීමට කදිම ආලේපනයකි.

9. කට වටේ කළුවීම සදහා ඕට්මීල් 

  ඕට්මීල් මේස හැන්දක්, තක්කාලි යුෂ තේ හැන්දක් 1 ක් සහ යෝගට් තේ හැන්දක් 1 ක් සමග මිශ්‍රකරන්න. මිනිත්තු5  ක් පමණ සම මත මෘදු ලෙස අතුල්ලන්න. මිනිත්තු 15 කට පසු එය සෝදා හරින්න. ‌මේ මගින් සමේ අදුරු බව ඉවත් කර පැහැපත් කරයි.

මෙම සත්කාර අත්විද ඔබත් ප්‍රතිඵල අප හා බෙදාගන්න.

3

මෙම ස්වාභාවික සත්කාර දිනපතා හෝ හැකි සෑම දිනකට කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. ඔබ ඉක්මනින් අසාත්මිකතා වලට පත්වන්නේ නම් ස්වභාවික සත්කාර වුවත් වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න. නැතිනම් එම ආලේපන ඔබේ කන් පිට්පස ආලේප කර ටික වේලාවක් තබන්න. එවිට ඔබට ආසාත්මිකතාවයක් ඇතිවේදැයි පරීක්ෂා කරන්න පුළුවන්. ආලේපන පමණට වඩා ආලේප කිරීමත් සමට හානිදායක් වෙන්න පුළුවන්.

මුලාශ්‍ර: www.wikihow.com/Get-Rid-of-the-Dark-Area-Around-the-Mouth

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • කට වටේ කළුවීම දුරු කර සම පැහැපත් කරන අපූරු ප්‍රතිකාර 9 ක්
බෙදාගන්න :
  • වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

    වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

  • වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

    වයසට වඩා වැඩි වයසක් පෙන්වන මේ මේක්අප් වැරදි 7 ඔබත් කරනවාද? බලන්න

  • පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

    පංච කල්‍යාණියන් බිහි කරවන ‌කෝමාරිකා සත්කාර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it