theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

5 අවම කියවීම
ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

කිරි සිහිනයට යන්න පාර කියන පහසු ඉගි මෙන්න

ඔබත් දරු පැටියෙක් ඉක්මනින් දෝත දරා ගන්න හීන දකින්නියක්ද? ඉක්මනින් ගැබ්ගැනීම ගැන තොරතුරු ඔබත් සොයා ගන්නට උනන්දුයි නේද?

අපි ඔබට අද මේ ඉදිරිපත් කරන ඉගි කිහිපය නියමාකාරයෙන් පිළිපැදීමෙන් ඔබටත් ඉක්මන් ගැබ් ගැනීමක් සදහා යොමු වෙන්න පුළුවන්.

ඉක්මනින් ගැබ්ගැනීම අසීරු දෙයක්ද?

ගැබ් ගැනීම හිතන තරම් පහසු නැහැ කියලා අපිට තේරූම් ගන්න හැකිවෙන්නේ ඒ සදහා උත්සහා කරන විටයි. 

යුවලයන් ගෙන් පිරිසක් සාර්ථක ගැබ් ගැනීමක් අත් දකිමින් තම කිරි සිහිනය සැබෑ කරගනිද්දි තවත් පිරිසකට එය විසල් අභියෝගයක්ව පීඩා විදින බව ඔබ නොදන්නවා විය හැකියි.

මේ දෙපිරිසෙන් අපි කුමන කොටසට වැටේදැයි නිශ්චිතව කියන්න බැහැ. නමුත් අපි සියල්ලන්ටම අවැසි පළමු කොටසේ ඉන්නයි.

එසේනම් ඒ සදහා ඔබ දෙපළම සෞඛ්‍ය සම්පන්න හා සාරවත් යුගලක් වීම අත්‍යාවශ්‍ය වෙනවා.

පහත ඉගි මගින් අපි ඔබට නිරෝගී හා සාරවත් දිවියකට පාර කියනවා.

ඔබේ දිවිය නිරෝගි කර ඔබත් සාරවත් ගැහැනියෙක් හෝ පිරිමියෙක් වෙනවාද යන්න ඔබ ජිවිතය ගෙවන ආකරය අනුව තීරණය වෙන බව අමතක නොකරන්න.

ඉක්මනින් ගැබ්ගැනීම  සදහා ඉගි 9 ක්

පහත සදහන් ඉගි කරන්න අසීරු දේවල් නොවේ. ඔබේ සාමාන්‍ය ජිවිතය තුල පුංචි පුංචි වෙනස්කම් කිහිපයකින් ඒ දේවල් කරන්න පුළුවන් බව මතක තබා ගන්න.

ඔබේ කිරි සිහිනයට ලගා වෙන්න මේ අපේ මග පෙන්වීමයි

1. දුම්පානය නතර කරන්න

  • දුම්පානය කරන කාන්තාවන්ගේ හා පිරිමින්ගේ සරු බව අඩු වෙනවා.
  • අපේ රටේ කාන්තාවන් දුම්පානය කිරීම ඉතා අඩු වුවත් සාපේක්ෂව සැලකිය යුතු පිරිමින් ප්‍රමාණයක් දුම්පානය සදහා තවමත් ඇබ්බැහි වී සිටිනවා. 
  • ඔබ දුම්පානය කිරීම දරුවෙකු පිළිසිද ගැනීමට මෙන්ම කුස තුල වැඩෙන දරුවාටද භයානකයි.
  • ඔබ තවමත් සෞඛ්‍යයට හානිකර මේ පුරුද්දෙන් මිදුනේ නැත්නම් ඉක්මනින්ම ඒ සදහා උත්සහා කරන්න.

2. දෙදෙනා එක්ව ව්‍යායාම කරන්න

  • සිරුර යෝග්‍යව පවත්වා ගැනීම මගින් ඔබට ඉහළ සරු බවක් පවත්වා ගන්න පුළුවන්.
  • ඔබ දැනට ව්‍යායාම කිරීමට පුරුදු වී නැතිනම් එදිනෙදා ජිවිතයේ ක්‍රියාකාරකම් උපයෝගි කරගෙන එය ආරම්භ කරන්න.
  • වාහනයක යන දුර ඇවිදින්න. ලිෆ්ට් එක වෙනුවට පියගැට පෙළ භාවිතා කරන්න. 
  • ඔබ දෙදෙනා එකට නැටුම් පන්තියකට සහභාගි වෙන්න.
  • නැතිනම් දෙදෙනා එක්ක එකට හවසට ටිකක් දුවන්න.
  • නමුත් පමණ ඉක්මවා ව්‍යායාම කරන්න යන්න එපා.
  • අධික  ලෙස ව්‍යායාම කරන කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට බාධා ඇතිවෙන බව සොයා ගෙන තියෙනවා. එය ඔබේ සරු බවට හානි කරන්න පුළුවන්.
  • ඔබගේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් හෝ ඔබට ඔසප් වීම සිදු නොවේ නම් වෛද්‍ය උපදෙස් මත සුදුසු ව්‍යායාම වල පමණක් යෙදෙන්න.

3. සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න

ආතරයිටිස් රෝග ලක්ෂණ

  • ඔබේ සරු බව සදහා ඔබ ගන්නා ආහාරද බලපානු ලබයි.
  • ඔබ දෙදෙනාම සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ලබා ගන්නේ නම් පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි කර ගන්න පුළුවන්.
  • ඔබේ සාරවත්බව ඉහළ නැංවිය හැකි ආහාර වැඩිපුර ආහාරයට එක්කර ගන්න.

4. විවේකීව සිටින්න

  • පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම නිසා ආතතිය ඇතිවෙන්න පුළුවන්. ඉඳහිට ඇති වන ආතතිය ටිකක් සාමාන්‍ය දෙයක්.
  • එය ඔබේ පිළිසිද ගැනීමට ගැටළුවක් වන්නේ නැහැ.
  • නමුත් දීර්ඝ කාලීනව පවතින හෝ  දැඩි මානසික ආතතිය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම  පිළිසිඳ ගැනීම වඩාත් අපහසු  කරන්න පුළුවන්.
  • ඒ නිසා ඔබේ මානසික සුවය පවත්වා ගන්න උත්සහා කරන්න.
  • එකිනෙකාට සැනසුම ලගා කරන සම්බාහනයක් ලබා දෙන්න.ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාම කිහිපයක් උත්සාහ කරන්න.
  • විනෝදජනක ආහාර වේලක් භුක්ති විඳින්න. සන්සුන්ව හා සැහැල්ලුව පවත්වා ගත හැකි  ඕනෑම දෙයක් කරන්න.

5. මත්පැන් පානය අඩු කරන්න

  • ඔබ පිළිසිඳ ගැනීමෙන් පසු අධික ලෙස මත්පැන් පානය කළහොත්, විශේෂයෙන් මුල් සතිවලදී  ඔබේ දරුවාට එය හානිදායක වෙන්න පුළුවන්.
  • අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පිරිමින්ගේ සාරවත් බවත් අඩු වෙනවා.
  • එබැවින් ඔබ සහ ඔබේ සහකරු යන දෙදෙනාම මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටීම සුදුසු වෙනවා.

6. සිසිල්ව සිටින්න

  • වෘෂණ කෝෂ අධික ලෙස රත් වූ විට එය ශුක්‍රාණු නිෂ්පාදනයට ගැටලු මතු කරනවා.
  • දිගු වේලාවක් වාඩි වී සිටීම, ලැප්ටොප් පරිගණක භාවිතා කිරීම සහ උණුසුම් පරිසරවල වැඩ කිරීම යන සියල්ල මෙලෙස ශුක්‍රාණු නිෂ්පාදනයට බලපෑම් කරනවා.
  • තද යට ඇඳුම් ඇදීමද සරු බවට තර්ජනයක් බවට අදහස් පල වුවද එය සාක්ෂි සහිතව තවම ඔප්පු කර නැහැ.
  • පිරිමි ඔබේ සරු බව රැකගන්න ඔබේ ලැප්ටොප් පරිගණකය මේසය මත තබා පහසු ඉරියව්වකින් වාඩි වී සිටින්න.

7. එකව කාලය ගත කරන්න

ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

  • නිවාඩුවක් හෝ දිගු සති අන්තයක් ගත කිරීම සදහා ඔබ දෙපල නිතර සැලසුම් කරන්න.
  • එය ඔබට මානසික ආතතිය දුරු කිරීමට සහ එකට විවේකීව ගත කිරීමට අවස්ථාව සලසා දෙනවා. 
  • බොහෝ යුවල වල් එලෙස එක්ව ගත කිරීමට ලැබෙන කාලය ගැබ් ගැනීමට ඇති අවස්ථා ඉහළ නංවන බව විශ්වාස කරනවා.  මේ පහසු ක්‍රමයත් උත්සහා කරන්න.

8.පීඩනයකින් තොරව ලිංගිකව එකතු වෙන්න

ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්

  • සමහර යුවළයන්ට පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම නිසා ලිංගික හැසිරීම ලිංගික තෘප්තියට සොයා යාමට වඩා එය රාජකාරියක් බවට පත්වෙන්න පුළුවන්.
  • මෙය ඔබටත් මෙසේ වෙනවා නම් සරු දවස් වල හැර අනෙක් දවස් වල සාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කරන්න.

9. නිතිපතා ලිංගිකව හැසිරෙන්න

  • පිළිසිද ගැනීමට නම්  ලිංගිකව හැසිරීම වඩාත්ම වැදගත් වෙනවා.
  • ඔබ ඩිම්බ මෝචනය කරන විට එය දැන ගෙන එක්වීම  පිළිසිද ගැනීමට අවස්ථාව සලසනවා.
  • ඒ වගේම  මාසයක් පුරා සෑම දින දෙකකට හෝ තුනකට වරක්  ලිංගිකව හැසිරීම ඔබට පිළිසිඳ ගැනීමට ඉහළ අවස්ථාව ලබා දෙනවා. එය එතරම් අසිරූ දෙයක් නොවේ නේද?

පිළිසිද ගැනීම ඉක්මන් කර ඉක්මනින් දරු සුරතල් බැලීමට බලාපොරොත්තු වෙන ඔබට මේ ලිපිය වැදගත් වේවි කියා සිතනවා.

මේ උපදෙස් පිළිපදින එක හිතන තරම් අසීරු නැහැ නේද?

මේ සම්බන්ධව ඔබගේ අදහස් මොනවාද? ඔබත් දන්නා ගැබ් ගැනීම ඉක්මන් කරන තවත් ඉගි තියෙනවාද? ඔබේ අදහස් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර : www.babycentre.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඉක්මනින් ගැබ් ගැනීමට අගනා ඉගි 9 ක්
බෙදාගන්න :
  • පුංචි පුතෙකුට ආසියිද?

    පුංචි පුතෙකුට ආසියිද?

  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

  • පුංචි පුතෙකුට ආසියිද?

    පුංචි පුතෙකුට ආසියිද?

  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it