theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්

5 අවම කියවීම
මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්

නිවසේදිම මුහුණේ ‌රෝම පහසු‌වෙන් ඉවත් කරගත හැකි ක්‍රම 9 ක් ‌මෙන්න.

කොච්චර ලස්සනට ඉන්න උත්සහ කලත් මුහුණේ වැවෙන අනවශ්‍ය රෝම මුහුණේ තියෙන පැහැපත් බව අඩු කරනවා. ලස්සනට ඉන්න කැමති වුනත් වේලාව අඩු අම්මලාට පහසුවෙන් හා අවම වේදනාවකින් යුතුව  මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම කරන්න පුළුවන් ස්වාභාවික ක්‍රම තියෙනවා.

මේවා සරලයි වගේම පහසුයි. සමහර විට මේ ගොඩාක් දේවල් ඔබට ඔබේ මුළුතැන් ගෙයින්ම පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් වේවි.

අපි අද ඒ ගැන බලමු.

*අවවාදයයි - ඔබ අසාත්මිකතාවයන් ගෙන් පෙලෙන හෝ එසේ වේයැයි සිතන කෙනෙක් නම් මේවා භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඒ වගේම කන පිටුපස ආලේපනය මදක් ගල්වා අසාත්මිකතාවයක් ඇතිවේදැයි පරීක්ෂා කරන්න. පිරිසිදුව මෙම ආලේපන සකස් කරගැනීම වැදගත් වෙනවා.

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරන ක්‍රම 9 ක්    

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්

1. ගස්ගබු හා කහ

  • මෙය සියලුම සම වර්ග සදහා සුදුසුයි.  අමු පැපොල් වල ඇති පැපේන්  එන්සයිමයක් මගින් රෝම ස්වාභාවිකව වැටෙන්න සලස්වයි.
  • සතියකට 2 වතාවක් කිරිමෙන් හොද ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
  • අමු පැපොල් ගෙඩියක් පොතු හැර කිරි ඉවත් කර කුඩා කැබලි වලට කපා පොඩි කරගන්න.
  • එයට  කහ කුඩු තේ හැන්දක 1/2 ක් එකතු කර මිශ්‍රණයක් සකස් කරන්න.
  • මුහුණේ රෝම ඉවත් කල යුතු තැන් වල මෙම මිශ්‍රණය ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න.
  • දැන් මිශ්‍රණය විනාඩි 15-20 පමණ තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්

2. අර්තාපල් හා පරිප්පු

  • සියලුම සම වර්ග සුදුසුයි. ඔබට වියළි සමක් ඇත්නම්, මෙම සත්කාරයෙන් පසු මොයිස්චරයිසර් ආලේප කරන්න.
  • සතියට එක් වතාවක් හෝ දෙවතාවක් කිරීමෙන් හොද ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
  • වියළි පරිප්පු ඔබේ රෝම පහසුවෙන් ඉවත් කරන අතර අර්තාපල් යුෂ මගින් ඉතිරි වෙන රෝම වල පැහැය අඩු කර කැපී පෙනීම අඩු කරනු ලබනවා.
  • කහ පරිප්පු  කෝපයක් රුයක් ජලයේ පොගවා බෙන්ඩ් කර පේස්ට් එකක් හදා ගන්න.
  • පොතු හරින ලද අර්ථාපල් ගෙඩියක්ද බෙන්ඩ් කර  පොඩි කරගන්න. 
  • ඉන්පසු පෙනේරයක ආධාරයෙන් අර්ථාපල් යුෂ පෙරා ගන්න.
  • දැන් පරිප්පු මිශ්‍රණයට, අර්තාපල් යුෂ මිශ්‍ර කර මී පැණි තේ හැදි 1 ක් සහ දෙහි යුෂ තේ හැදි 1 ක් මිශ්‍රණයට එක් කරන්න.
  • මුහුණේ රෝම ඇති ප්‍රදේශයේ මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 20-30 ක් පමණ තබන්න.
  • මෙය සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, එය ඔබේ ඇඟිලිවලින් ඉවත් කරන්න.

3. බිත්තර හා  බඩ ඉරිඟු

  • සියලුම සම් වර්ග වලට සුදුසුයි. කුරූළෑ සහිත සංවේදි සමට ආලේප කිරීමෙන් වළකින්න. 
  • සතියට දෙතුන් වතාවක් කිරීමෙන් හොද ප්‍රතිඵල ලැබෙනවා. බිත්තර සුදු මදය ඔබේ සමේ ඇලී අනවශ්‍ය රෝම ගලවා දැමීම මින් සිදුවෙනවා.
  • බිත්තරයක සුදු මදය වෙන් කරගන්න
  • එයට සිහින්ව කුඩු කර ගක් බඩ ඉරිගු හැදි ½ ක් හා සිනී තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ රෝම ඇති තැන් වල ආලේප කර විනාඩි 20-25 අතර කාලයක් වියළීමට ඉඩ දෙන්න.
  • මිශ්‍රණය වියළුනු පසු එය ගලවා දමන්න.

4. අනවශ්‍ය රෝම ඉවත් කිරීම සදහා ජෙලටින්  සහ කිරි

  • සංවේදි හා කුරුළෑ සහිත සමට හැර අනෙක් සෑම සමකටම සුදුසුයි.
  • මෙහි ඇලෙන සුළු බව නිසා මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් වෙනු ලබනවා. මෙය අවශ්‍ය වු සෑම විටකම ඔබට භාවිතා කරන්න පුළුවන්.
  • රසකාරක නොයෙදු ජෙලටින් තේ හැදි 1 කට  කිරි  මේස හැදි 3 ක් එකතු කරන්න. එයටම දෙහි යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කරන්න.
  • තත්පර 15-20 අතර කාලයක් මිශ්‍රණය රත් කරගන්න.
  • මෙම ආලේපනය මුහුණේ ආලේප කර මුහුණේ විනාඩි 5 ක් තබා ඉන්පසු ඔබේ ඇඟිලිවලින් එය ඉවත් කරන්න.

5. ඕට්මීල් සහ කෙසෙල්

මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්

  • සියලුම සම සදහා සුදුසුයි. සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් කරන්න පුළුවන්. 
  • කෙසෙල් ගෙඩියක් හොදින් පොඩිකරන්න
  • ඔට්මීල් හැදි 2 ක් එයට එකතු කර මිශ්‍ර කරන්න.
  • මුහුණේ අනවශ්‍ය රෝම ඇති ස්ථාන ව මෙම මිශ්‍රණය ආලේප කර රවුමට පිරිමදින්න.
  • මිශ්‍රණය විනාඩි 15-20 අතර කාලයක් මුහුණේ තබා  සීතල වතුරෙන් සෝදා හරින්න.

6. මී පැණි සහ  සීනි

  • සියලුම සම සදහා සුදුසුයි. අවශ්‍ය සෑම විටම මෙම සත්කාරයත් කරන්න පුළුවන්. 
  • මීපැණි තේ හැදි එකක් සීනී හැදි දෙකකට දමා එයටම ජලය තේ හැන්දක් දමා හොසින් මිශු කරන්න.
  • සිනී දියකර තත්පර 30 ක් රත් කරගන්න.
  • මුහුණේ අනවශ්‍ය රෝම ඇති තැන් වල මෙම මිශ්‍රණය ආලේප කර ඒ මතින් රෙදි කඩක් තබා සිසිල වීමට තබන්න.
  • දැන් රෝම වැඩෙන අතට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇද රෙදි කඩ ගලවන්න.

7. ලැවෙන්ඩර් තෙල් හා ටී ඔයිල් 

  • තෙල් සහිත සහ කුරුලෑ ඇති සම වර්ග සදහා සුදුසුයි. දිනකට දෙතුන් වරක් මාස තුනක් වත් භාවිතා කරන්න.
  • මෙම සංයෝග වල ඇති ප්‍රති ඇන්ඩ්‍රොජනික් මගින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට උදව් වෙනවා.
  • ලැවැන්ඩර් තෙල් තේ හැන්දකට ටී ඔයිල් බින්දු 4 සිට 6 ක් අතර දමා මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණය මුහුණේ  අනවශ්‍ය රෝම මත කපු බෝලයකින් ආලේප කරන්න.

8. ලූනු සහ බැසිල්

  • සියලුම වර්ල වල සම සදහා සුදුසුයි. මෙම සත්කාරය සතියට තුන් හතර වතාවක් මාස දෙකක් වත් කරන්න. 
  • ළූනු ගෙඩි 2 ක ස්ථර අතර සමේ තුනී, විනිවිද පෙනෙන සිවිය ගෙන එයට බැසිල් කොළ 10 ක් හෝ 12 ක් අතර යොදා එම සිවිය පොඩි කරන්න
  • අනවශ්‍ය රෝම මත මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 20-25 අතර කාලයක් තබන්න.
  • ඉන්පසු උණුසුම් ජලයෙන් එය සෝදා හරින්න.

9. අනවශ්‍ය රෝම ඉවත් කිරීම සදහා මුං ඇට සහ රෝස් වතුර

  • සියලුම වර්ගයේ සම සදහා සුදුසුයි. සතියකට තුන් හතර වතාවක් කිරීමෙන් හොද ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්.
  • මුං ඇට පිටි හැදි 2 කට රෝස වතුර හැදි 2 ක් දමා මිශ්‍ර කරන්න.
  • එම මිශ්‍රණයටම දෙහි තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න.
  • ඔබේ සමේ අනවශ්‍ය රෝම ඇති ප්‍රදේශවල මෙම මිශ්‍රණය ආලේප කරන්න.
  • ඉන්පසු එය මුහුණේ  මිනිත්තු 20-25 අතර කාලයක් වියළෙන්න හරින්න.  
  • ඔබේ ඇඟිලිවලින් මුහුණ  අතුල්ලා ඉවත් කරන්න.

මුහුණේ ‌අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රම මොනවාද? ඔබේ අදහස් අප හා ‌බෙදාගන්න.

මුලාශ්‍ර - brightside.me

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කල හැකි ‌වේදනාව අඩු ක්‍රම 9  ක්
බෙදාගන්න :
  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

  • මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

    මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරමුද?

  • නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

    නිවසේදි ආරක්ෂිතව පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it