theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම 9 ක්

5 අවම කියවීම
බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම  9 ක්බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම  9 ක්

බබාට විනෝදයෙන් ගණිතය ඉ‌ගෙන ගන්න පහසු ක්‍රම 9 ක්ම ‌‌මෙන්න

දරුවාට ගණිතය උගන්වන්න අම්මලා හරිම උනන්දුයි නේද? ‌‌මේ ඒ සම්බන්ධව වැදගත් කාරණා කිහිපයක්.

නමුත් ඔබේ පුංචි පැටියා ගණිතයට අත්පොත් තබන්නේ ඔහු පරිසරය ගවේෂණය කරන්න පටන් ගත් වහාම කිව්වොත් ඔබට විශ්වාස කරන්න අමාරු වේවි.

වර්ණ හදුනා ගැනීම, හැඩ අනුව වර්ග කිරීම, ඔවුන්ගේ ඇගිලි උපයෝගි කරගෙන 10 වෙනකම් ගණන් කිරීම වැනි ගණිත කුසලතා දක්වන්න පටන් ගත් වහාම ඔබේ දරුවා ඉතා ලාබාල අවදියේදිම ඔබට ඒවා ඉහළ නංවන්න කටයුතු කරන්න පුළුවන්.

ගණිතය කිසිම විටෙක කම්මැලි විෂයක් කරන්න එපා. ඔබට නිවෙස තුල සිටියදි මෙන්ම නිවසින් පිටත ලෝකය තුලදී  ඔබේ දරුවාගේ ගණිතමය හැකියාවන් පහසුවෙන් ඔප් නංවන්න පුළුවන්.

දරුවන්ගේ ගණිතමය හැකියාව ඉහළ නැංවිය හැකි උපක්‍රම කිහිපයක් මෙන්න. ‌‌මේ ක්‍රම අනුගමනය කර ඔබේ දරුවාගේ දක්ෂතාවයන් ඔප් නංවාගන්න.

දරුවාට ගණිතය උගන්වන්න ක්‍රම

බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම  9 ක්

ඔබේ දරුවාට ගැලපෙන ක්‍රමය අවබෝධ කරගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඒ නිසා ඔබේ දරුවාට වඩාත් ඵලදායී වන්නේ කුමන ආකාරයේ ඉගෙනුම් විලාසයද යන්න හඳුනා ගන්න.

ඒ වගේම දරුවා උනන්දුව දක්වන අධ්‍යාපනික ක්‍රම හා මෙවලම් ලබා දෙන්නත එවිට ඔබේ දරුවාගේ අවධානය ඒ සදහා ලබා ගැනීම පහසුයි.

දරුවාට ගණිතය උගන්වන්න: ඉගැන්වීම් ක්‍රම

1. ඔබ වටා ඇති මෙවලම් ගණන් කරන්න

ඔබේ ළදරුවාට පඩිපෙළේ ඇති පඩි , ඇය සතුව ඇති නිල් පාට බ්ලොක්ස් ගණන, ඔහුගේ සෙල්ලම් බඩු එකතුවෙහි ඇති මෝටර් රථ ගණන, වැනි දරුවාට එදිනෙදා ජිවිතයේ හමුවෙන බොහෝ දේ ගණන් කිරිමට කියා දෙන්න.

බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම  9 ක්

2. ගණිතයත් එක්ක ඇවිදින්න යන්න

සාමාන්‍යයෙන් ඔබේ දරුවාට පාසැලට යාමට පෙර 10 දක්වා අංක හඳුනාගත හැකි වෙන්න පූළුවන්.

හැකි සෑම විටම මෙම හැකියාව ඔප් නංවන්න.

දරුවාව නිවසින් එළියේ ලෝකයට රැගෙන ගොස් ගණිතය කියා දෙන්න.

ඒ සදහා ඔබ ළමා උද්‍යානයට යන අතරතුර සාප්පු සලකුණු, වීදි , බලපත්‍ර තහඩු  ආදිය ගණන් කරන්න ඉඩ දෙන්න පුළුවන්.

3.ඇමතුම් අංක හදුනාගන්න ඉඩ දෙන්න

මිතුරෙකු හෝ නෑදෑයෙකු අමතන විට ඔහුට එම ඇමතුම් අංක හදුනාගන්න ඉඩ දෙන්න .

කුඩා දරුවන්ට ගණිත කුසලතා ඉහළ නැංවීම සඳහා මෙය හොඳ ක්‍රමයකි.

ඒ වගේම මෙහිදි  ඔවුන්ට වමේ සිට දකුණට අංක කියවීමේ පුහුණුව ලබා ගන්න පුළුවන්.

4. දෘශ්‍ය ආධාරක භාවිතා කරන්න

පොත්, ප්‍රස්ථාර සහ ෆ්ලෑෂ් කාඩ් භාවිතා කර  ඔබේ දරුවාට ගණනය කිරීම හා වර්ණ හඳුනා ගැනීම ඉගැන්විය හැකියි.

දීප්තිමත් වර්ණ හා විශාල අකුරු / අංක ඇති මෙවන් උපකාරක ද්‍රව්‍ය භාවිතා කරන්න. එවිට  ඔබේ කුඩා දරුවාගේ ඇස් ඒවාට වඩා හොඳින් ඇදී යයි.

බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම  9 ක්

දරුවාට ගණිතය උගන්වන්න: ශ්‍රවණ ඉගැන්වීම් ක්‍රම

5.ගණන් කරන රිද්ම හා ගීත ගායනා කරමින් නටන්න 

“One little, two little, three little Indians, four little, five little, six little Indians, seven little, eight little, nine little Indians, ten little Indian boys...”

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

1 2 3 ළිපට ගල් තුනයි - 4 5 6 දුසිමේ භාගේ වේ- 7 8 9, නමය නපුරු වේ- 10 මේ තමා දෙඅතේ ඇගිලි වේ 

වැනි යු ටියුබ් හෝ වෙනත් ළමා ගීත ම්‍රලාශ්‍ර වලින් ලබා ගත් ගණන් කරන ගීත ගායනා කරමින් දරුවා හා නර්තනයේ යෙදෙන්න.

දරුවා විනෝදය ලබමින් ගණිතය ඉගෙන ගනිවි.

6. බේක් කරන වේලාවෙදිත් ගණිතය පුහුණ වෙන්න

කේක් එකක් නැතිනම් බනිස් බේක් කරන්න ඔබේ දරුවා එකතු කරගන්න.

මෙය ඔබේ දරුවාට පරිමාව සහ බර පිළිබඳ සංකල්පය හඳුන්වා දීමේ සරල හා රසවත් ක්‍රමයකි.

වට්ටෝරුව ශබ්ද නඟා කියවන අතරතුර මිනුම් කෝප්ප ලබා දී  අමුද්‍රව්‍ය ලබා ගැනීමට දරුවාගේ උදව් ලබා ගන්න.

පසුව අවශ්‍ය නම් බබාට සකස් කරන ලද බනිස් හෝ කුකිස් ගණන් කරන්න දෙන්න.

ගණිතය ඉගනගනිමින් රසවත් ආහාරයක රස බැලීම ඔබට රසවත් අත්දැකීමක් ලබා දේවි.

භෞතික  ඉගෙනුම් ක්‍රම

7.හැඩතල හදුනා ගැනීම කරන්න

ඔබේ දරුවා පළමු ශ්‍රේණියට ඇතුල් කිරීමට පෙර හැඩතල හඳුනාගෙන ඒවා ඇඳීම කරන්න හැකි විය හැකියි.

ඔබ නිවසේ සිටින විට දරුවා තුල මෙම කුසලතාව පහසුවෙන් වර්ධනය කරන්න.

නිවස වටා ඇවිදිමින් ඔහුට චතුරස්‍ර, රවුම්, ත්‍රිකෝණ, දිගටි, හදවත් වැනි හැඩයන්  සෙල්ලම් බඩු, බිම ටයිල් ආදිය ඇසුරින් හඳුනා ගැනීමට ඉඩ දෙන්න.

ඔබ සහ ඔබේ කුඩා දරුවා දකින ඕනෑම දෙයක හැඩය හා ගණන කියමින් විනෝද වෙන්න.

8.හැඩතල වර්ග කිරීම  සහ බ්ලොක්ස් වලින් සෙල්ලම් කරන්න

හැඩතල ප්‍රහේලිකා සහ බ්ලොක්ස් වලින් සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් ඔබේ ළදරුවාගේ ළමා කාලයේ ඇති වෙන චලන කුසලතා මෙන්ම අවකාශීය තර්කනය වර්ධනය කරගන්න පුළුවන්.

ඒ  අතරම මූලික ජ්‍යාමිතිය හඳුන්වා දීමටද මෙය කදිම ක්‍රමයකි.

මම කුඩා කාලයේ මගේ අම්මා මට හැඩතල ඉගැන්වීමට හැඩතල වර්ග කරන සෙල්ලම් දුන් අයුරු මට තාම මතකයි. ඒවා හරිම ආදරණියයි.

දෙමව්පියනි, විනෝදකාමී හා වර්ණවත් හැඩ වර්ග කිරීම  සහ බ්ලොක්ස් භාවිතා කර, ඔබේ දරුවා තුල ගණිතය කෙරෙහි උනන්දුවක් ඇති කරවන්න.

9.සොබාදහම නිරීක්ෂණය කරමින් ඉ‌ගෙන ගන්න

ඔබ පිටතට යන සෑම විටම ඔබේ දරුවාගේ ගැටළු විසඳීමේ කුසලතා සහ වියුක්ත චින්තනය වර්ධනය කරන්න.

මලක පෙති ගණන, කුරුමිණියෙකුගේ ලප ගණන, පොකුණක සිටින මාළු ගණන සහ තවත් බොහෝ සොවභාව දහමේ රටාවන් සොයා බලන්න.

දරුවා තුල ගණිතමය හැකියාව ඉහළ නැංවීමේදි  මෙම සරල ,විනෝදජනක හා ඵලදායී ක්‍රමවලට ඔබ සහ ඔබේ දරුවා කැමති වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ඔබේ දරුවන්ට විනෝදයෙන් ගණිතය ඉගෙනීම  පහසු කිරීම සඳහා නිර්මාණශීලී වන්න. ඒ වගේම පරිකල්පනය භාවිතා කරන්න.

ගණිතය පමණක් නොව සියලුම විෂයන් මෙලෙස නිර්මාණත්මක මෙන්ම විනෝදාත්මක ක්‍රම වලින් ඔබේ  දරුවාට උගන්වන්න පුළුවන්.

ඒ තුලින් ඔබේ දරුවාගේ ඉගනීම පෝෂණය කරන්න.

ඔබටත් මේ සම්බන්ධව අදහස් දක්වන්න අවශ්‍යද? නැතිනම් ඔබ ලගත් මෙවැනි නිර්මාණත්මක හා විනෝදයෙන් පිරි ඉගැනුම් ක්‍රම තියෙනවාද?

එහෙනම් ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය: Criselle Nunag

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • බබාගේ ගණිත දැනුම ඉහළ නැංවිය හැකි උපක්‍රම 9 ක්
බෙදාගන්න :
  • ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

    ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

  • දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

    දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

  • ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

    ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

  • දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

    දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it