එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

ඔබේ ආදරණිය සහකරු ‌තේරූම් ගන්න නම් ‌මේ ප්‍රශ්න 9 ටම උත්තර ලබාගන්න

ඔබ දිගු කාලයක් තිස්සේ එකට ජිවත් වුනත් ඔබ හෝ ඔබේ සහකරුව විවාහය තුළ තේරුම් ගැනීම තේරූම් උත්සහ කර තියෙනවාද?

මෙම ප්‍රශන් 9 එකිනෙකා ගෙන් අසා ලැබෙන පිළිතුරු අනුව ඔබ දෙපළගේ අදහස් ගැන අදහසක් ඇති කරගන්න.

ඔබ විවාහ වී අවුරුදු පහක් නැත්තම් දහයක් වෙන්න ඇති නේද? ඔබ හිතාගෙන ඉන්නේ  ඔබේ සහකරු ගැන සියල්ල ඔබ දන්නවා කියලාද? එය හරි හෝ වැරදි වෙන්න පුළුවන්.

නමුත් ඔබේ සහකරු හෝ සහකාරිය සැබවින්ම අවබෝධ කර ගැනීම දිගින් දිගටම සිදුවෙන ක්‍රියාවලියක් බව ඔබට කවදා හෝ දැනී තියෙනවාද? 

මෙහෙම කියමනක් තියෙනවා.

“ඔබ වසරකට පෙර , මාසයකට පෙර  හෝ මිනිත්තු 15 කට පෙර සිටි පුද්ගලයා වීමට බැඳී නැහැ. ඔබට වර්ධනය වීමට අයිතියක් තියෙනවා.”

විවාහයකදී සිදුවන්නේ එයයි. යුවලක් එකට එකතු වී වර්ධනය වෙනවා. ඔබ මුහුණ දෙන අත්දැකීම් සහ අභියෝග නිරන්තරයෙන් ඔබව (සහ ඔබේ සහකරු හෝ සහකාරිය) වෙනස් කරනවා. ඒනිසා කලකට පසු සිටින්නේ ඔබ දෙපළ මුලින්ම හමු වු විට සිටි පුද්ගලයින්ම නොවන්න පුළුවන්

නමුත් බොහෝ දෙනා නිතර කල්පනා කරන්නේ එකට සිටි කාල සීමාව අනුව, ඔවුන් එකිනෙකා පිළිබද සියල්ල දැන සිටින බවයි. ගැටලුව ආරම්භ වන්නේ එතැනිනි.

යුවළයන් මෙම වෙනස්කම් පිළිගන්නේ නැති අතර ඔවුන් එකිනෙකා දන්නා බව හිතාගන්නවා. එය දුරස්ථභාවයකට මඟ පෙන්වන අතර සම්බන්ධතාවයක අවසන් සුසුම තීරණය කරන්නක්ද වෙනවා.  ඒ නිසා ඔබගේ මතය පසෙකින් තබා සම්බන්ධය රැකගැනීමට උත්සහ කරන්න. 

ඔබේ සහකරු හෝ සහකාරිය යලි යලිත් අවබෝධ කර ගැනීමට පියවර ගන්න. ඔවුන් කොහොම හිටියාද යන්න හා වෙනස් වී නැතැයි ඔබ අනුමාන කිරීමට වඩා ඔවුන් මේ මොහොතේ කොයි වගේද යන්න තේරෑම් ගන්න.

ඔබේ සහකරු හෝ සහකාරිය වඩාත් ගැඹුරු මට්ටමකින් තේරුම් ගැනීම ආරම්භ කිරීමට ඔබට ඇසිය හැකි විශිෂ්ට ප්‍රශ්න නවයක් මෙන්න. විමසීමෙන් තොරව ඔබේ සහකරු හෝ සහකාරියගේ ඇතුලාන්තය තේරෑම් ගැනීමට ඔබට නොහැකි වේවි. ඔවුන් විසින්ම මේ කාරණා හෙලි කරන අයුරු සිත්ගන්නා සුළුයි නේද?

1. විවාහය තුළ තේරූම් ගැනීම: අවුරුදු පහකින් ඔබට ඉන්න අවශ්‍ය කොතැනද?

ඔබේ සහකරුගේ අනාගතය ඔබ දන්නවා යැයි සිතා රවා බලන්න එපා. 

ඔබ එක්ව සිටිමින් එකම ජිවන අරමුණු හා බලාපොරොත්තු කරා යන බව ඇත්තයි.

 නමුත් ඔබ දෙදෙනාම ගමන් කරන්නේ කොතැනටද යන්න ඔබ සැබවින්ම දන්නා බව එයින් අදහස් වෙන්නේ නැහැ.

ඔබේ සහකරුට හෝ සහකාරියට නව වෘත්තීය අභිලාෂයන්, ජීවන ඉලක්කය, ඉගෙනීමට ඇති හැකියාව හෝ කලින් නොතිබූ කිසිවක් අලුත් අරමුණක් දැන් තියෙන්න පුළුවන්.

ඔබේ සහකරු හෝ සහකාරිය තේරෑම් ගැනීම යන්නෙන් අදහස් කරන්නේ මෙම අරමුණු නිතර පරීක්ෂා කර බැලීම හා ඔබ මෙම අරමුණු පිළිබඳව දැනුවත්ව සිටිමින් ඒවා ඉටු කරගැනීමට ඔබ එකිනෙකාට උදව් කර ගැනීමයි.

ඔබ සොයා ගන්නා කාරණා ගැන ඔබ පුදුමයට පත් වෙන්න පුළුවන්.

නමුත්, එක් අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමට ලැබෙන අවස්ථාව නිසැකවම ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කරාවි.

2. විවාහය තුළ තේරූම් ගැනීම: ඔබගේ ජීවිතයේ වැඩියෙන්ම කණගාටු වුනේ මොනවාටද? 

ඔබේ සහකරු දැන් සිටින පුද්ගලයා වීමට ඔහු හෝ ඇයට හේතු වු අත්දැකීම් දැන ගැනීමද ඔහු තේරූම් ගැනීම වෙනවා.

ඔහුට පීඩා කරන අසාර්ථකත්වයන් සහ කනගාටුදායක සිදුවීම් සියල්ල ඔබ දැන සිටිම වටිනවා. 

බොහෝ විට පුද්ගලයෙකු ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් නිසා ඇතිවෙන බලාපොරොත්තු සුන්වීම් නොවිසඳුනු ගැටුම් හා හැඟීම් ඇතිවීමට හේතු වන අතර එය පසුව අර්බුද  ඇතිවීමට හේතු වෙනවා.

 එම සිදුවීම් මොනවාදැයි සොයා බලන්න, ඔබ දැනටමත් දන්නවා නම් (නැතින්ම්  ඔබ එය දන්නවා කියා සිතන්නේ නම්), තව අලුත් කණගාටුදායක සිදුවීම් සිදු වී ඇතිදැයි සොයා බලන්න.

විවෘත මනසකින් සවන් දීමට මතක තබා ගන්න. පිළිතුරට ඔබ තීරණය කළ හෝ එකට කළ දෙයක් ඇතුළත් නම් සහ ඔබේ සහකරු හෝ සහකාරිය ඒ ගැන කනගාටු වන්නේ නම්, ආරක්ෂා කාරි වෙන්න උත්සහ කරන්න එපා.

 සාවධානව සවන් දී වැරැද්ද කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

3. විවාහය තුළ තේරූම් ගැනීම: රාත්‍රියේදී ඔබව නිදි නැතුව තියෙන සිතුවිලි සහ ගැටළු මොනවාද?

ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ඔබ හොඳින්ම දන්නවා නම් මෙය කල්පනාවෙන් විමසන්න.

ඔබේ සහකරු හෝ සහකාරිය මෑතකදී ගැටළුවක සිටින බව ඔබට පෙනේ නම්, මේ ප්‍රශ්නය ඇසීමට සුදුසු වෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම ඔබ ප්‍රශ්න අසමින් ඔබේ සහකරු හෝ සහකාරිය අත්විඳින ගැටළු පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි. 

කෙසේ වෙතත්, ඔබේ සහකරු හෝ සහකාරිය ආතතියට පත්වන විට යම් විවේකයක් ලබා ගැනීමට කැමති බව ඔබ දන්නේ නම්, මතක තබා ගෙන සිට තත්වය මදක් සමනය වු විට මෙම ප්‍රශ්නය අසන්න.

ඔබේ සහකරුට හෝ සහකාරියට ගැටලුවක් නොපෙනේ නම් වුවද ඔහුට මානසික ආතතිය හා කාංසාව ඇතිවිය හැකි දේ පරීක්ෂා කිරීම සුදුසුයි.

4. විවාහය තුළ තේරූම් ගැනීමට: ඔබ මා හා ආදරයෙන් බැඳීමට හේතුව කුමක්ද?

එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

ඇත්තටම ඔබ මේ ප්‍රශ්නයට උත්තරය දන්නවා කියලා මම දන්නවා.

නමුත් ලගින් වාඩි වී අතීතය සිහිපත් කිරීමෙන් කිසිම රිදිමක් නැහැ. විවාහය දුෂ්කරයි.  ඒ වගේම උත්සාහවත් විය යුතුයි.

ඒ තුල ඔබ එකිනෙකාට කැමති වීමට උත්සහ කරන දින තියෙනවා.

අභියෝග, ආතතිය සහ පසුබෑම නිසා සමහර විට ඔබේ අවධානය ඔබ වරක් එකිනෙකා කෙරෙහි ඇති කළ ප්‍රබල හැඟීම් වලින් ඉවතට ගෙන යන්න පුළුවන්.

ඔබ එකිනෙකාට කියන්න අවැසි දේවල ඔබට මතක් කර දෙන මිහිරි මතකයන් නැවත මතක් කිරීමටමෙම ප්‍රශ්නය භාවිතා කරන්න.

එය නැවත ඔබේ විවාහයට ජිවන හුස්මක් පිඹීවි. 

නමුත් සෑම දිනකම ඔබේ සහකරු හෝ සහකාරියගෙන් මෙම ප්‍රශ්නය අසන්න එපා. ඒ වගේම මෙම අරමුණෙන් තොරව මෙම පුශ්නය අසන්නත් එපා.

5. විවාහය තුළ තේරුම් ගැනීම: ඔබගේ හිතේ තියෙන ආශාවන් මොනවාද?

මෙම ප්‍රශ්නය අලුතෙන් විවාහ වු යුවලයන් සදහා පමණක් නොවේ. 

ඔබේ සහකරු හෝ සහකාරිය තේරුම් ගැනීම යනු ඔවුන්ගේ ලිංගික අපේක්ෂාවන්ද විවෘතව  තේරුම් ගැනීමයි.

ඔබේ යුග දිවි යහන ඒකාකාරිවීම වැළැක්වීමට මෙය හොඳ ක්‍රමයකි.

6. විවාහය තුළ තේරූම් ගැනීමට: ඔබ වඩාත්ම ආඩම්බර වන කුමන ජයග්‍රහණය කුමක්ද? 

විවාහ සංවත්සරය

 මෙම ප්‍රශ්නයට පිළිතුර ඔබ දන්නවා  කියලා ඔබ හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.

 ඔබේ සහකරුට හෝ සහකාරියට දැන් සහ නිතර සතුටක් ලබා දීම හොදයි නේද?

මෙසේ ඇසිමෙන් කිසිදු හානියක් සිදු නොවේ. මෙය එකිනෙකාගේ සුන්දර අවස්ථා බෙදා ගැනීමට අවස්ථාවක් කරගන්න.

එය ඔබ දෙදෙනාට සම්බන්ධ වන මොහොතක් වෙන්න පුළුවන්.

ඔබේ සහකරුට හෝ සහකාරියට සුබ පැතීමටත්, ඔහු ගැන ඔබ කොතරම් ආඩම්බරදැයි ඔහුට පැවසීමටත් මෙය හොඳ අවස්ථාවක් කරගන්න.

7. විවාහය තුළ තේරුම් ගැනීම : මම ඔබ වෙනුවෙන් කරන ඔබේ ප්‍රියතම දේ මොකද්ද?

 අගය කිරීම සම්බන්ධතාවයක තිබිය යුතු  ප්‍රධානම අංගයක් වන අතර සමහර විට විවාහක යුවළයන් එකිනෙකා අගය කිරීම අමතක කරනවා. 

ඔවුන් අගය නොකරනවාමැයි කියනවා නොවේ, නමුත් සමහර විට මිනිසුන් දිනපතා මෙසේ අගය කිරීම අසීරු වෙනවා.

මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම මඟින් ඔබේ සහකරු අගය කරන දේ පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන අතර එය දිගටම කරගෙන යාමට ඔබව දිරිමත් කරනවා. 

එය ඔබට හොඳ හැඟීමක් ඇති කරාවි.

ඔබේ සහකරු තේරුම් ගැනීම යනු ඔබව ඔවුන්ගේ කෝණයෙන් දැකීමයි

8. විවාහය තුළ තේරුම් ගැනීම : අපි අපේ ජීවිත සැලසුම් කරන්නේ කොහොමද?

නැණවත් බිරිඳක්

 ඔබ විවාහක නම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. එක් ප්‍රශ්නයක් විසඳන විට තවත් එකක් මතු වෙනවා. 

ඔබ කොපමණ කාලයක් එකට සිටියද ගැටුම් දිගටම පවතිනවා. නමුත් සමහර විට දේවල් අතපසු වී ඇති අතර නිවසේ පුංචි රණ්ඩු නිසා සරල දේ අතර ගැටුම් ඇති වේ.

ඇත්ත වශයෙන්ම, එයට සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හෝ බිඳ දැමීමට පුළුවන්. මෙය මහලු වියේදී පවා පවතින්නක් බව ඔබ එකවරම විශ්වාස නොකරාවි.

ඒ නිසා ඉඳහිට සැලසුම් ගැන කතා කරන්න. ඔබ යමක් නොකරන නිසා හෝ  ඔබ එය නොදැන සිටි නිසා ඔබේ සහකරු හෝ සහකාරිය අමනාපය ඇති කර ගැනීමට ඔබට අවශ්‍ය නැහැ නේද?

9. විවාහය තුළ තේරුම් ගැනීම තුළ තේරූම්ට: නිරෝගීව සිටීමට අප කළ යුත්තේ කුමක්ද?

 ඔබ එකට සිටින තාක් කල්, මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු ආකාරය ගැන ඔබ සිතීමට පටන් ගත යුතුයි.

වයස යනු නොවැළැක්විය හැකි සෞඛ්‍ය ගැටලු සමූහයක් ගෙන එන්නකි. ඒ නිසා මේ දේවල් ගැන මුලින් කතා කිරීම හොඳය.

රෝගී වීම ගැන කතා කරන්න. සුව කිරීම ගැන කතා කරන්න. ඔබ එකිනෙකාට සහයෝගය දක්වන ආකාරය ගැන කතා කරන්න.

එය ඔබගේ බිය ගැන එකිනෙකා විවෘතව  හදවතින්ම කරන කතාබහක් වේවි.

ඉතින් මව්වරුනි, පියවරුනි මෙම පුශ්න 9 ඔබට ඔබේ සහකාරු හෝ සහකාරිය හොදින් තේරූම් ගන්න උපකාරී වේවි කියලා අපි හිතනවා.

විවාහය තුල වෙනස් වීම් වෙනවා. මිනිස්සු වෙනවා. ලොව වෙනස් නොවන එකම දෙය වෙනස්වීම පමණක්ම නිසා නිතර ප්‍රශ්න ඇසීමෙන් ඔබගේ සහකරුගේ වත්මන් තත්වය තේරූම් ගන්න.

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

කතන්දර ලිපි