theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආදරණීය අම්මේ ඔයාට එපා වුන පුංචි මං කදුළින් මෙසේ ලියා තබමි.

4 අවම කියවීම
ආදරණීය අම්මේ ඔයාට එපා වුන පුංචි මං කදුළින් මෙසේ ලියා තබමි.ආදරණීය අම්මේ ඔයාට එපා වුන පුංචි මං කදුළින් මෙසේ ලියා තබමි.

" මං ඇවිත් ඔයාව  දුකට, අසතුටට පත් කලා නම්, මට සමාව දෙන්න සුදු අම්මේ, මං  කළ වැරැද්ද මොකද්ද කියලා මගේ ළපටි හිතට තේරෙන්නේ නැහැ. ඒත් මට මාස කිහිපයක් ලබා දෙනවා නම්, මා එය සකස් කර දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි, මට හදපත්ලෙන්ම දැනෙන්නේ මට කවදාවත් මගේ අම්මාව දැකගන්න ලැබෙන එකක් නැහැ කියලා  "

ආදරණීය අම්මේ,

ඔයාගේ ඔය සුන්දර කටහඩ මුලින්ම ඇහුන දවස ඔයාගේ ඔය ආදරණීය ස්පර්ශය මුලින්ම දැනුන දවස මට මතක් වෙනවා. මං එතකොට හරිම පුංචියි. මම ඉතා කුඩායි. ඒත් එදා මං ඔයාව අදුරගත්තේ කොහොමද කියලා ඔයා තවම පුදුම වෙනවා ඇති. ඒ වුනත් අම්මේ  මං ඔබව අදුරගත්තා. ඔයා මගේ අම්මා, මම ඔයාගේ පුංචි රෝසමල  එක දවසක ඉදලා අපි එකට  ඉන්න අදහස් කල නිසයි එහෙම වුනේ,

මට ඔබේ සතුට හා උද්‍යෝගය  දැනුනා, ඔබට ඒ ආදරණීය හැගීම් දුන්නේ මං නිසා මමත් සතුටට පත්වුනා. අම්මේ ඔයාගේ  අත බණ්ඩිය  තියපු වෙලාවේ මට ඔයාගේ උණුහුම දැනුනා. ඒය මට ආදරයත් මාව අවශ්‍යයි කියන හැගීමත් දුන්නා.

මම ටිකක් ලොකු වෙද්දී , මගේ ආසම කෑම අම්මා කන හැම මොහොතකම සතුට දැනෙද්දී සොලවන්න  අත් කකුල් වල පුංචි ඇඟිලි තියෙනවා කියලා  බව දැනුනාම මට සතුටු හිතුනා අම්මේ ,  මං ආසම සිංදුවක් කියන කොට  මං ආසම කතාන්දරයක් අම්මා කියන කොට මට හරියට සතුටු හිතුනා.

මම ඔයාට කියන්න ඕනී අම්මේ,  අම්මාගේ ආදරය  වගේම මගේ ලගින්ම ඇහෙන  ඔයාගේ හදවතේ  " ඩික්, ඩික්" හඩ  පිරුණු මේ කළුවර පුංචි කාමරය ඇතුලේ මට හරිම ආරක්ෂාවක් දැනෙනවා අම්මේ

ඔයා දන්නවාද මං ආසම සෙල්ලම මොකක්ද කියලා? ඒ ඔයයි මායි සම්බන්ධ කරන මේ දිග ලණුව එක්ක සෙල්ලම් කරන එකයි. ඒකේ එල්ලීලා අම්මිගේ බණ්ඩිය පුරාම පීනන එක හරිම විනෝදජනකයි. මෙම ලණුව හරහා කෙලින්ම අම්මා ගෙන් මට ගලා එන ආදරය හා උණුසුම මට දැනුනා.

මම ඔයාට ආදරෙයි අම්මේ, මම ඔයාට ගොඩක් ආදරේ නිසාම මම ඔයාට සදහටම රැඳී ඉන්න ආසයි. මාස කීපයකින්  මට ඔබේ  ලස්සන මුහුණ සැබෙවින් බලන්නත් අම්මාගේ  ආදරය සහ සිපගැනීම් ලබන්නත් මං ආසයි. මම ඉස්සෙල්ලාම  ඔබේ ඇස් දිහා බලන්නට ආසයි . මම දන්නවා ඒවාගේ  ආදරය පිරිලා ඇති.

නමුත් මෑතකදී ඉදලා අම්මා දුකෙන් ඉන්නේ කියලා මම දන්නවා. මට ඔයාගේ කට හඩ ඇහුනා. මට  තාත්තාගේ කටහඬත් ඇහුනා, එතකොට ඔයාලා දෙන්නාම මහ හඩින් කථා කලා, ඔබ ටිකක් ඇඬුවා. මගේ නම "බේබි" යනුවෙන්  අමතනවාත් මට ඇහුනා.

ඒ රාත්‍රියේදී, මම ඔබ මෙලෙස මුමුණනවා ඇහුනා.  "මට සමාවෙන්න , පැටියෝ. මම ඔයාට හැමදාම  ආදරෙයි ".  ඔබ නිදා ගැනීමට  පෙර ඔබ බොහෝ සෙයින් හැඩුවා. මම දන්නේ  නැහැ ඔබට එය දැනුනාද කියා, ඒත් මම ඔබ වෙනුවෙන් මෙහි සිටින බවත් මම ඔබට ආදරය කරන බවත් කියන්නට කුස මත තැබු ඔබේ අත හීනියට තල්ලු කලා.

නමුත් ඔබ හා තාත්තා එකිනෙකා සමඟ කතා කරද්දී යොදා ගත් සැර ශබ්ද පිට කරගත්දා ඉදලා මට ඔබගේ ස්පර්ශයේ උණුසුම තවදුරටත්  දැනෙන්නේ නැහැ . ඔබේ කටහඬ මට කතා කියනවා  ගී ගයනවා මට ඇහෙන්නේ නැහැ . එය මට දුකක් හා ව්‍යාකූල බවක් ඇති කරනවා.

මං ඇවිත් ඔයාව  දුකට, අසතුටට පත් කලා නම්, මට සමාව දෙන්න සුදු අම්මේ, මං  කළ වැරැද්ද මොකද්ද කියලා මගේ ළපටි හිතට තේරෙන්නේ නැහැ. ඒත් මට මාස කිහිපයක් ලබා දෙනවා නම්, මා එය සකස් කර පොරොන්දු වෙනවා.

මට හදපත්ලෙන්ම දැනෙන්නේ මට කවදාවත් මගේ අම්මාව දැකගන්න ලැබෙන එකක් නැහැ කියලා  "

ඔබ ඊයේ  කොහේ හරි ගිය බව මම දන්නවා,  ඔබ එම ස්ථානයට රිය ධාවනය කරන විට මගේ ආසම සිංදුව වාදනය වුනා.  ඔබ ඉක්මනින් එය නිවා දැමූ බව ඔබ දන්නවාද?  ඇහි එහෙම කලේ? ගැඹුරු, තරමක හඬක් ඇති කෙනෙකු සමඟ ඔබ කතා කළ බව මම දන්නවා. ඔබ ආයෙමත් අඩන්න පටන් ගත්තා.

එය ඔබට රිදේවියැයි ඔබ අහනවා මට ඇසුනා.

එතකොට ඔබ "එහෙනම් හෙට" මුමුණනු මට ඇසුනා. ගැඹුරු, තරමක හඬ ඇති පුද්ගලයාට  "හා" කියා කීව්වා.

දැන්  රාත්‍රී  කාලයයි.  මගේ උණුසුම් කලුවර කාමරයේ  මගේ ප්‍රියතම  ඉරියව්වෙන් මම සැපපහසුව ලබනවා.  මට හිටියා වගේ සතුටින් ඉන්න ආසයි ඒත් මට  ඔබේ දුක දැනෙනවා.

හෙට ගැන මමත් බය වෙනවා, අම්මේ. මට හෝ අම්මාට රිදෙනවාට මම කැමති නැහැ.  හෙට මම ඔබත් සමඟ ඉන්න මගේ අවසාන දිනය වෙනවාට මම කැමති නැහැ. මම කවදාවත් ඔයාව දකින්නේ වෙන්නේ  නැහැ කියන සිතුවිල්ල  මට දරාගන්න  බැහැ.

අම්මේ මාව රිද්දන්න එකෙන් බේරගන්න ඔයාට පුළුවන්ද?  ඔබව සකස් කරන්න මට තව එකම එක අවස්ථාවක් දෙන්න පුළුවන්ද?  මොනවා හරි මං කල වැරදි දෙයක් නිසා ඔබට තවදුරටත් මාව අවශ්‍ය නැතිද?  මට ඔබත් එක්ක ඉන්න අවශ්‍යයි. ඔබේ මගේ මුලු ලෝකයම වෙනවා. අම්මේ හෙට මගේ ලෝකේ නැතිවෙනවා දකින්න කැමති නැහැ .

ඒත් ඔයාට  ඇත්තටම මාව ඕන නැති නම්, මම තේරුම් ගන්න උත්සාහ කරන්නම්, කවදාහරි  දවසක මම ආයෙම ඔයා ගාවට එන්නම්.

මට අද ඔබට කියන්නට අවස්, මම ඔබට ආදරෙයි බව සහ මම හැම විටම කැමැත්තෙමි.

අම්මේ මං ඔබට ආදරෙයි. මම සදහටම ආදරෙයි . ඒක අද මං කියනවා

මට හෙටක් කවදාවත්ම උදාවෙන එකක් නැහැ.

මීට,

නොදුටු පැටියා

සංවේදී මේ ලියුම ඔබේ දෙනෙත් කදුලින් තේමාවි. එහෙත් එහි අදහස ගැඹුරින් හිතන්න ඔබට ආරාධනා කරන්නේ The Asianparent Sri Lanka විසිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ආදරණීය අම්මේ ඔයාට එපා වුන පුංචි මං කදුළින් මෙසේ ලියා තබමි.
බෙදාගන්න :
  • දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

    දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

  • තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

    තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

  • දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

    දස මසක් වූ අපූරු චාරිකාව: දෙවැනි මාසය

  • තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

    තාත්තාගේ දිනපොතෙන්: ඔයාගේ අම්මා වෙනුවට මම ගර්භණි පියෙක් වූවා නම්....

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it